සාමාන්‍යයෙන් මිනිස්සු විවිධ හේතු මත බොරු කියනවා. 
 
 
කාටවත් ලොකු හානියක් නැත්නම් අපිත් ඒවා අමතක කරලා දානවා. 
 
දේශපාලකයෝ කොහොමත් ඇත්ත, තමුන්ගේ ඕඩියන්ස් එකට ගැලපෙන විදියට ට්විස්ට් කරලා කියනවා. 
 
එකම ඇත්ත කරුණක් විවිධ දේශපාලන කණ්ඩායම් වලට විවිධ අර්ථකතන දීලා ඒ ඒ අයගේ ඕඩියන්ස් වලට ආසා හිතෙන විදියට පෙන්වන්න පුළුවන්. 
 
ඊළගට තියෙනවා ‘අමුලික බොරු’ කියලා ජාතියක්. 
 
මේවා කියන්නේ චේතාන්විතව, අනිකාව රවට්ටලා අයුතු ප්‍රයෝජනයක් ගන්න. නැත්නම් කාටහරි කෙලවන්න. දේශපාලනයේදී මේ ‘පච’ හරිම අන්තරාදායක වෙන්නේ අන්න ඒ ‘චේතනාව’ නිසා.
 

Nalin Bandara

නලින් බණ්ඩාර කියන සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයා කියපුවම ‘ආණ්ඩුවේ ඉහල පිරිසක් එක අතකට ඩොලර් 75 ගානේ ගෙවල කොරෝනා ඉන්ජෙක්ෂන් දෙකක් ගහගෙන ඉන්නේ’ කියලා මම පුටුවෙන් නැගිටලා හිනාවුනා. 
 
හැබැයි ඊටපස්සේ සමාජ මාධ්‍යවල ඒක පැතිරෙන හැටි, ඒක දැක්කා වගේ තව සෙට් එකක් කතාකරන හැටි, ඒ පක්ෂයේ නායකයෝ ඒක ඇත්ත වගේ හැගවෙන ආකාරයට ප්‍රකාශ දමන හැටි, මේ කතාව ඇත්තද අහලා යාලුවෝ මැසේජ් එවන හැටි දැක්කම, හිනාවුන මට ඇඩුනා. 
 
‘බොරුව ඔප්පු කරන්න සාක්ෂි අවශ්‍ය නෑ’ හැබැයි ඒ බොරුව - බොරුවක් කියල කියන්න අපිට පුදුම මහන්සියක් වෙන්න වෙනවා.
 
නාමල්ට රත්තරන් අශ්වයෝ ඉන්නවා කියල රන්ජන් කීවම, චමල් රාජපක්ෂට ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තියනවා කියල සුජීව කීවම, යෝශිතට හෙලිකොප්ටර් තියනවා කියල හරීන් කීවම, මහින්ද රාජපක්ෂ ලෝකේ ලොකුම ධනවතෙක් කියල රාජිත කීවම, ගෝඨාභයට මිනිමොරු ඉන්නවා කියල මුජබු කීවම, අපි හිනාවෙවී හිටපු නිසා අන්තිමට ‘පච’ දේශපාලන ව්‍යාපෘතිය 2015 ආණ්ඩුවකුත් හදලා, බෝම්බත් පුපුරෝලා, අද ඒ කොමිසමටත් ඇවිත් ‘පට්ට පච’ කෙලිනවා. 
 
ඒ නිසා මේ මොහෙතේ විපක්ෂයේ මුදල් ගෙවා නඩත්තු කරගෙන යන ‘ද්වේශසහගත - පච සන්නිවේදන වැඩපිළිවෙල’ ගැන ටිකක් සොයා බලමු.
 
 
ක්‍රෝධය සහ ද්වේශය පැතිරවීම:
 
ලොක්කන්ට සැප උබලට තමා මුකුත් නැත්තේ’ කියන ද්වේශසහගත මතය දේශපාලනිකව හොදින් වැඩකරනවා. 
 
දැන් නලින් බණ්ඩාර ‘ලොක්කෝ ඉන්ජෙක්ෂන් ගහනවා උබලට නෑ’ වගේ කතාවක් කියන්නේ ඒකයි. 
 
එතකොට මිනිස්සු හිතනවා අපි විතරයි මේ පරිප්පුව කන්නේ කියලා.
 
 
බය කිරීම:
 
යුද්ධයෙන් පීඩා විදපු රටක් විදියට අපි පොඩි දේටත් බයයි. 
 
ඒකයි හැම වෙලේම කියන්නේ ‘මිලිටරි පාලනයක් එනවා’, ලොක්කා හැම එකටම හමුදාවේ අය දානවා කියලා කිසිම පදනමක් නැති අප්‍රිකාවේ රටක් වගේ තත්වයක් මවන්න හදන්නේ. 
 
ඒ එක්කම යුද්දේ කාලේ මැරිච්ච අයගේ පෝස්ටර් ආයෙත් ෂෙයා කරනවා වගේ මානව හිමිකම් ප්‍රශ්නයක් තියෙන විත්තියක් මවනවා. 
 
කොරෝනා පාලනයට හමුදාව දායක වුන විදියට මිනිස්සු අවංකවම ප්‍රශංසා කලත් ඒ අයට යටින් කමෙන්ට් කරලා මඩ ගහනවා ‘හමුදාව රට අල්ලගත්තම උබලට තේරෙයි’ වගේ කතා හදලා.
 
 
විහිලුවට ගැනීම:
 
not today
විපක්ෂය දිගටම පාවිච්චි කරන්නේ එයාල සිරිසේන ජනාධිපතිවරයාට කරපු ‘විහිලුවකට ගැනීමේ’ ක්‍රමවේදය. 
 
ගෝඨාභය ආණ්ඩුවේ ප්‍රධානම ලක්ෂණයක් තමා විනය, ඝෘජු බව, පාතාලය මර්ධනය, කෙලින් වැඩකිරීම වගේ දේවල්. 
 
මේකට ගහන්න විපක්ෂය දිගටම පාවිච්චි කරන්නේ එයාල සිරිසේන ජනාධිපතිවරයාට කරපු ‘විහිලුවකට ගැනීමේ’ ක්‍රමවේදය. 
 
ගෝඨාභය ජනාධිපතිවරයා සහ තීරණ විහිලුවකට ගනිමින් නිර්මාණය කරපු පොස්ට් දාස් ගාණක් සමාජ මාධ්‍යවලට මුදාහරියාට මිනිස්සු ශෙයා නොකරපු නිසා ඒක යට ගියා.
 
 
 
බොරු ගොතා සමාජගත කිරීම:
 
රන්ජන් රාමනායක හෝ රාජිත බොරු කීම ගැන නෙමෙයි මම මේ කතාකරන්නේ. 
 
හර්ෂ වොක්ස්වැගන් ගේනවා කියපු එකත් නෙමෙයි. 
 
දැන දැනම සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කොරෝනා ගැන ප්‍රශ්න කරන විදිය. 
 
ඔහු කඩ පිලේ කිවිය යුතු බොරු පාර්ලිමේන්තුවේදී කියනවා. 
 
හරින් ප්‍රනාන්දු වුනත් ෆේස්බුක් එකේ දාන, දේශපාලන සාකච්චාවල කියන බොහොමයක් දේවල් බොරු බව එයා දන්නවා කියල මම දන්නවා. 
 
හැබැයි චේතාන්විතව බොරු කියන්නේ එහෙම බොරු කියලා 2015 ආණ්ඩුව පෙරලන්න පුළුවන් වුන බව එයාල දන්නා නිසයි.
 
 
 ව්‍යකුලතා මැවීම:
 
හැමදේම හරියට යන වෙලාවක පොඩි අලකලංචියක් වුනත් ඇති. 
 
විපක්ෂය කොරෝනා දෙවැනි රැල්ල ප්‍රයෝජනයට ගත්තෙත් එහෙමයි. 
 
ඇන්ටිජෙන් ටෙස්ට් එක ගැන හරීන් විසින් මවල නලීන් විසින් ඇදගෙන ඇවිත් සජිත් විසින් රෙජිස්ටර් කරන්න හදන්නෙත් මේ ව්‍යකුලත්වයමයි. 
 
''ඇන්ටිජෙන් ටෙස්ට් එක ගැන හරීන් විසින් මවල නලීන් විසින් ඇදගෙන ඇවිත් සජිත් විසින් රෙජිස්ටර් කරන්න හදන්නෙත් මේ ව්‍යකුලත්වයමයි. ''
 
මහාචර්ය චන්න ජයසුමන ඇවිත් පැහැදිලිකලත් අඳ ගොළු බිහිරන් වගේ එකම දේ කියන්නේ ඒ නිසයි. 
 
අද අපේ පාක්ෂිකයන්ම මේ ගැන ප්‍රශ්න කරගන්න තරමට ඒ කැම්පේන් එක විපක්ෂය සාර්ථකව කළා.
 
 
 
සංවිධානාත්මක පහරදීම:
 
මම ආසම එකම පිරිසක් එකම කමෙන්ට් ටිකක් සංවිධානාත්මකව හැමදාම මම ලියන ඒවා යටින් දානවා බලන්න. 
 
මම කවදාවත් ඒවා ඩිලීට් නොකරන්නෙම අනිත් අයටත් කියවල හිනාවෙන්න. 
 
මේ කමෙන්ට්ස් වර්ග දෙකක් තියනවා. 
 
එක පිරිසක් ඉතාම වෛරසහගත ලෙස බනිනවා. 
 
අනෙක් අය ලියල තියෙන එක විහිලුවට ගන්නවා.
 
එකම කණ්ඩායම. 
 
දැන් එයාල මගේ ටොප් ෆෑන්ස්ල වෙලා. 
 
හැබැයි ගොඩාක් අය මේකට බයයි. කලබල වෙනවා.
 
 ලියන එක කතාකරන එක නවත්වනවා. 
 
මේ ලිපිය යටත් ඒ පිරිසම දාන කමෙන්ට්ස් කියවල පරණ ලිපි යටත් බලන්න.
 
 ඒක සංවිධානාත්මක ව්‍යාපෘතියක්. 
 
පටන්ගත්තේ ගිය ආණ්ඩුව කාලේ.
 
 
 
මහා ජනමතයක් ඇති බව සමාජමාධ්‍ය තුල පෙන්වීම:
 
මේ මොහොතේ විපක්ෂයට ඇති මුලිකම හරයාත්මක ප්‍රශ්නය තමා පොළවේ ජනමතයක් සහ මිනිස්සු නැතිකම. 
 
ඒ සදහා සියගණනක් යු ටියුබ් නාලිකා, වෙබ්සයිට් සහ ෆේස්බුක් පිටු හරහා මහා ජනමතයක් ඇති බව, පරිගණක පිටුපසට වී වැටුප් ලබමින් වැඩකරන සුළු පිරිසක් විසින් පෙන්වනවා. 
 
අපේ පොස්ට් යටින් කමෙන්ට් දැමීමට වඩා සංකීර්ණ වැඩක් මේක.
 
 සංවිධානාත්මක කැම්පේන් වැඩක්.
 
මම මේ ලිවේ ඉතාම සුළු කාරනා ටිකක්, සරලම තේරෙන භාෂාවෙන්. 
 
මේ අවබෝධය වැදගත්වෙන්නේ, මේ මොහොතේ අපේ වටපිටාවේ සිද්ධවෙන දේවල් අවබෝධකරගන්න.
 
 දැන් ප්‍රවෘති බලද්දී, ෆේස් බුක් යද්දී ඒ ඒ අය ඒ ඒ දේවල් කියන්නේ මොන උපක්‍රමය ඇතුළෙද කියල තේරුම්ගන්න පුළුවන්. 
 
විපක්ෂයේ දේශපාලන ‘පච’ ව්‍යාපෘතිය අහම්බයක් නෙමේ, සංවිධානාත්මක මුල්‍ය ගණුදෙනුවක්.
 
මංගල සමරවීර වගේ දියුණු සන්නිවේදන ශිල්පින් හිටියනම් මේ වැඩේ මීට වඩා විද්‍යාත්මක සහ ගැබුරු වෙන්න තිබ්බා. 
 
Mangala S
''මංගල සමරවීර වගේ දියුණු සන්නිවේදන ශිල්පින් හිටියනම් මේ වැඩේ මීට වඩා විද්‍යාත්මක සහ ගැබුරු වෙන්න තිබ්බා. ''
 
අපිටත් අභියෝගාත්මක අලුත් වැඩ කරල හැප්පෙන්න තිබ්බා.
 
 මේ නලින් බණ්ඩාරලා, හරින්ලා එක්ක මොනා කරන්නද කියල මටනම් තේරෙන්නේ නෑ.
 
 
milinda R sමිලින්ද රාජපක්ෂ
කොළඹ නාගරික මන්ත්‍රී 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 (මිලින්ද රාජපක්ෂගේ FB පිටුවෙන් ...)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්