විල්සන් කරූ ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000 ලබා ගැනීමට ගොස් අකරතැබ්බයක් වී ඇති බව දැන් කවුරුත් දන්නේය. 
 කරූ එවෙලේ මුඛ ආවරණයක් පැළඳ දාලා සිටියේ නැතය. 
 
පැළඳ එන්නැයි කියූ පොලිස් නිලධාරියාට පහර දීමට ඔහු උත්සාහකොට ඇත. 
 
ප්‍රවෘත්තිය ඒ වගේය. 
 
කරූව අත්අඩංගුවට අරන් උසාවි දාලා දැන් ඇප මත නිදහස් කරලාය. 
 
මේ කරූලගේ කතන්දරේය.
 
 කරූලා ඒකාලේ චිත්‍රපටිවල අම්බානක ගුටිකෑවේය. 
 
ඒවාට සල්ලිද ලැබුණේය. 
 
ඒත් දැන් කරූ අසරණය. 
 
ආණ්ඩුවෙන් ලැබෙන රුපියල් 5000 එයාට හුඟක් වටින්නේය. 
 
දැන් චිත්‍රපටිවල ගුටි කන්නේ අලුත් කොල්ලෝය. 
 
කරූලා දැන් ගුටි කන්නේ 5000 පෝළිම්වලය. 
 
ඇත්තටම කතන්දර මීට වඩා බරපතලය. 
 
චිත්‍රපටි නළුවෙක් ප්‍රසිද්ධියේ අත්අඩංගුවට ගැනීම නිව්ස්වලට හොඳය. 
 
නමුත් මේ දෙන ආදර්ශය කර්මාන්තයට විතරක් නෙමේ මුලු රටටම අප්සෙට්ය. 
 
අප්‍රේල් මාසයේදී රන්ජන් රාමනායක පාරේදී (හෝ සැලසුම්සහගතව) කරූ හම්බවී යම් මුදලක් අතමිට මොලවා ආ වීඩියෝව මේ තරම්ම නොවුණත් යම් තරමකට මිනිස්සු කරූ ගැන ආයෙමත් කතා කරන්න තරම් උණුසුම් එකක් වුණේය. 
 
රන්ජන් එවෙලේ කරූ රඟපෑ (ගුටිකෑ) චිත්‍රපටි කීපයක්ද මතක් කරමින් තාම ෆිට් එකේ ඉන්නව නේද අසා ඕනම දෙයක් තිබ්බොත් කියන්න බුදු සරණයි කියා දර්ශනයෙන් ඈත් වෙලා ගියේය. 
 
එතැන් පටන් හෝ කරූ ගැන හොයන්න පටන් ගත්තා නම් කරූට ආයිමත් 5000 පෝළිම්වල ඉන්න වෙන්නේ නැත. 
 
මාස්ක් එකක් ගන්නවත් කරූට සල්ලි නෑ කියල කියන්න තරම් අපේ කටවල් ඇරෙන්නේද නැත. 
 
ඒ වෙනුවට කරූ ආයිමත් දුෂ්ටයා වෙලාය.
 
වසංගත සමයක ඒකෙන් ආරක්ෂා වෙන්න කිසිම කාලෙකටත් වඩා ආරක්ෂණ විධික්‍රම හොයාගත්ත සහ ඒවා කරන්න කියල බල කරන සහ ආයාචනා කරන කාලයක් ආයෙමත් එන්නේ නැතය. 
 
ඒත් සමහරවිට අපිට තව අවුරුදු ගාණක් යනකන්වත් මාස්ක් දාන්න වෙයි කියල හිතන්නවත් අපි බයය. 
 
කරූව නිව්ස් එකක් වන්නේ මේ මාස්ක් එක නිසාය. 
 
ඇත්තටම මාස්ක් දාන්නෙ නැති, මාස්ක් නැතුව කඩේට පිළට යන කරූලා තව කොච්චර ඉන්නවාදැයි අපිට හිතා ගන්නත් බැරිය. 
 
අපේ ජනාධිපතිතුමා කීවේ කොරෝනා පළවෙනි පාරට ඒ උතුමන්ලා මැදිහත් වෙලා හොඳට පාලනය කලා කියලාය.
 
 දැන් මේ දෙවනි පාර රටට කෙලවා ඇත්තේ කරූලා අපි වගේ අයය. 
 
මේකෙ වගකීම සම්පූර්ණයෙන්ම ගත යුත්තේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ය. 
 
KN95 මාස්ක් එකක් ඇතුළෙන් ඒ ආපු වචන ටික ප්ලේන්ටියක් බොන ගමන් අහන් හිටපු අපිට අපි ගැනම දුක හිතුණේය. 
 
ඒ වෙලාවෙ කඩේ හිටිය හෝද හෝදා දාන දාන මාස්ක් දාපු "සාමාන්‍ය මිනිස්සු" ගොඩක් බිම බලා ගත්තේය. 
 
දෙවනි පාර මෙහෙම දෙයක් වෙන්න පුළුවන් බව පොඩි ළමයා පවා දැනගෙන හිටියත් අපි ඒ ගැන තැකුවේම නැත. 
 
මාස්ක් මොකටද? හැදෙනවනම් හැදිච්ච දෙන්. 
 
ඒ සමහර අය රෝගෙත් එක්ක ජීවත් වෙමු කියන එක තේරෙම් ගත්ත විදිහය.
 
 බංකු, සුපර් මාර්කට් වගේම අනිත් තැන්වලත් තිබ්බ වතුර කරාම එක පාරටම පේන්නේ නැතුව ගියේය.
 
 උණ බලන්නත් එහෙමටම උණක් නැතිවිය. 
 
කරූලා අපිට අවධානම සම්පූර්ණයෙන්ම අමතක වුණේය. 
 
ඇත්තටම අපි හිතුවේ ඒක ඉවරයි කියාය. 
 
අපි මාස්ක් දාන එක නැවැත්තුවේය. 
 
හෝද හෝද දාන එකත් නැවැත්තුවේය. 
 
කරූලා ඇවිත් අපිට ආයිමත් මේක මතක් කරන්නේය. 
 
ඇත්තටම මිනිස්සු මාස්ක් එක දාන්නේ බයිසිකලේ යද්දි හෙල්මට් එකක් දාන අරමුණෙන්මය. 
 
ඒ කියන්නේ හෙල්මට් එකක් දැම්මේ නැත්තන් පොලීසියෙන් නවත්වා කරදර වෙන නිසා කෝකටත් හෙල්මට් එකක් දාන් යනවාය. 
 
හරි මාස්ක් එකක් හරි විදිහට දාන එකේ වැදගත්කම සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න කියල දෙනවට වඩා වැඩියෙන් විනීලා, පොල් කරූලා, වස්‍තිලා සහ පිස්සු කන්නලා යූටියුබ් එකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේය. 
 
හෑන්ඩ් වොෂ් ප්‍රමෝට් කරන්න ලෝචිලා ටික්ටොක්වල මාර ගේමක් දෙන්නේය. 
 
අපේ උන් ඒ එකක්වත් තඹයකට ගනන් ගන්නේ නැත. 
 
කොටින්ම නිරෝධායන පනත සහ නීති ගැන සරලව මිනිස්සුන්ට කියල දෙන්න තරම් මේ රට නිහතමානී නැතය.
 
 සිද්ධ වන්නේ කරූලා වගේ සිස්ටම් එකේ අතුරු නිෂ්පාදන සම්බන්ධයෙන් බ්‍රේකින් නිව්ස් නිර්මාණය වීමය. 
 
මාස්ක් එක දැන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩයක් වෙලා තියෙන බව දැන දැනත් ඒ වෙනුවෙන් අර ජාතිකද මොකද්ද තලයේ ප්‍රමෝෂන් වැඩසටහනක්වත් නැතය.
 
 අඩුවට මාස්ක් ගන්නට තියෙන්නේ ෆේස්බුක් එකේ විතරය. 
 
ආරක්ෂිත මාස්ක් අඩු මිළට දෙන්න තරම් ක්‍රමවේදයක් සකස් වෙලාද නැත. 
 
මාස්ක් එක සංස්කෘතියක් වෙලා නැතය. 
 
එය දේශපාලනික වී ඇත. 
 
අජිත් කුමාරසිරි එක පාරක් කිව්ව වගේ දේශපාලනයෙන් රටවල් හදන්න බැරිය. 
 
සංස්කෘතියෙන් පුළුවනිය. 
 
කරූලාට 5000 ගන්නට ආණ්ඩුවේ පෝළිම් ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙන එක මේ සංස්කෘතියේ වැරද්දක්ය. 
 
දේශපාලනිකව ඒක නිවැරදි කරන්න ගියාම හත් පොලේ ගාගන්නවාය. 
 
ලංකාවෙ කලා සංගම් කෝ? 
 
හරිනම් වෙන්න තිබ්බේ කරූගේ ගෙදරටම 5000 ගිහින් දෙන එක නේද? 
 
වගේ සිතුවිලි පහළ වෙන්නේ මේ නිසාය. 
 
කලා සංගම්වලින් සහ කලාකරුවො ඉලෙක්ෂන් කාලෙට මේවා කියන්නේ නැතය. 
 
ඒ වෙනුවට එයාලා අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් ඔක්කොම දාලා කඩවල්වල පදිංචි වන්නේය. 
 
ඊට පස්සේ අනේ අපේ කරූ අයියා කොච්චර ගුටි කාලා තියෙනවද? ඇයි අපේ කරූ අයියට මෙහෙම උනේ කියලා පෝස්ට් දමනවාය.
 
 මයික් කැමරා උස්සන් කරූ අයියාව හොයාගෙන යන්නට තාම පටන් ගත්තේ නැත. 
 
මාස්ක් නොදාපු කරූ අපහසුතාවයට පත් වුණේය. 
 
හෙට අපිට එහෙම වෙන්න හැකිය. 
 
අල්ලන්න හිටියේ බැංකු හොරුය. 
 
ඇල්ලුවේ විල්සන් කරූය වගේ එකක් අපිට කියන්නට බැරිය. 
 
ඒ වෙනුවට මාස්ක් දාන සමාජයක් හදාගත යුතුය. 
 
මාස්ක් දැම්මෙ නැත්තන් පොලීසි උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙනවා කියල හිතන්න නරකය. 
 
මාස්ක් දැම්මෙ නැත්තන් අපි ලෙඩ වෙනවා. 
 
අපි අනිත් අයත් අවධානමේ දානවා කියල හිතන තැනට පත්වෙන්න ඕනෑය. 
 
එතකොට අපිටත් ඔය කියන රෙස්පෙක්ට් එක ලැබෙන්නේය.
  
 
dfgdf(Asanka Senadeera ගේ ෆේස්බුක් පිටුවෙන්.)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්