ICCPR Act එක යටතේ චෝදනා ලැබ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට 'අධිකරණ බලයක්' (Jurisdiction) නැති නිසා ඔහුගේ ඇප අයදුම්පත මහාධිකරණය වෙත යොමුවෙන තෙක් කල් බලන්නට වුනා.

ජූනි 26 වෙනිදා එය මහාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥයා තමන් කෙටිකතාව කියවා නොමැති නිසා එය කියවා විශ්ලේෂණය කර කරුණු දැක්වීමට කල් ඉල්ලා සිටියා.

කියවීමට විනාඩි දහයක් වත් ගත නොවන අදාළ කෙටිකතාව සාමාජ ජාල වලද සංසරණය වුනු ඉතා කෙටි එකක්. නඩුවට අදාළ ලිපි ගොනු වල එය අනිවාර්යයෙන්ම තිබිය යුතු නිසා රජයේ නීතිඥයාට එය හමු නොවන්නට හේතුවක් ද නැහැ.

එසේ නොවුනත් නැවත විභාගය සඳහා අගෝස්තු 05 වෙනිදා තරම් ඈත දිනයක් ඉල්ලීම සහ එතරම් කාලයක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට ඉඩ දීම සාධාරණීකරණය කරන්නේ කොහොමද කියන එක මගේ සාමාන්‍ය නීති දැනුමට නොවැටහෙන එකක්.

අනෙක චූදිතයෙකුට ඇප දීම නොදීම තීරණය කිරීමට චෝදනාවේ (කෙටිකතාවේ) අන්තර්ගතය අදාළ වන්නේ කෙසේද යන්නත් මට වැටහෙන්නේ නැහැ. මා දන්නා තරමින් විත්තිකරුවෙකුට ඇප දීමට හෝ නොදීමට සලකා බැලෙනුයේ ඔහු එළියේ සිටීම චෝදනාවට අදාළ පරීක්ෂණ කටයුතු ( Investigations ) වලට කෙසේ බලපානු ඇද්ද යන කාරණායි.

'දෙරණ' ට 'අස්ගිරිය' ට පායන සඳ පොල්ගහවෙලට නොපායන්නේ මොකද මංදා......?

(අශෝක හඳගම ගේ FB පිටුවෙන් උපුටා ගැනිණ )

Cartoon from Praja.lk

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්