''අවසානයේ ජයවීරට සිතුණේ ගෝටාට වැරදුණත් පී.බී. ජයසුන්දරට වැරදුණොත් රටම අනාථ බවය. ඒ නිසා ජයවීර පී. බී. ජයසුන්දරට යෝධබල යෝධ වීර්යය ප්‍රාර්ථනා කළේය.''
 
 
[දේශපාලන නවකතාවකි. නම් ගම් සියල්ල මනහ්කල්පිතය.]
 
 
‘අපි ගෝටාගෙ වැරදි ඉවසනවා. ඒත් අපි අනුර දිසානායකගෙ වැරදි ඉවසුවෙ නෑ. 
 
ඒත් එහෙම කරපු එක හරි නෑ කියලා අපිට දැන් හිතෙනවා. අපිට කවුරුත් මනුස්සයො කියලා හිතන්න බැරිවුණා.
 
‘ජේවීපී එක අතිනුත් වැරදි වෙන්න පුළුවන්. දැන් අපිට එහෙම හිතෙන්නෙ ගෝටා අතිනුත් වැරදි වෙන නිසා.’
 
‘සජිත්ට වුණත් බැරි දේවල් තියෙන්න පුළුවන්. දැන් අපිට එහෙම හිතෙන්නෙ ගෝටටත් බැරි දේවල් තියෙනවා වගේ පේන නිසා’
 
‘ඉස්සර අපි ජේවීපී එකේ පොඩි වරදකට වුණත් සමාව දුන්නෙ නෑ. ඒත් දැන් සමාව දෙන්න හිතෙනවා. මොකද අපිට ගෝටා අතින් වෙන වැරදිවලටත් සමාව දෙන්න වෙලා තියෙනවා.’
 
 
‘ඉස්සර අපි ජේවීපී එකේ පොඩි වරදකට වුණත් සමාව දුන්නෙ නෑ. ඒත් දැන් සමාව දෙන්න හිතෙනවා. මොකද අපිට ගෝටා අතින් වෙන වැරදිවලටත් සමාව දෙන්න වෙලා තියෙනවා.’
‘ජේවීපී එකෙ නායකයොත් මනුස්සයො කියලා අපට හිතුණේ නෑ. ඒත් දැන් අපට හිතෙනවා ජේවීපී එකේ නායකයොත් ගෝටා වගේ ම මනුස්සයෝ කියලා. ඒ අය අතිනුත් ගෝටා අතින් වගේම වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් කියලා’
 
‘අපිට අනුර දිසානායක මනුස්සයෙක් කියලා හිතුණේ නෑ. ඒත් දැන් අපිට තේරෙනවා අනුර දිසානායක කියන්නෙත් මනුස්සයෙක්. එයා අතිනුත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් කියලා’
 
‘අපි තමන්ගෙ වැරදිවලට සමාව දෙනවා. අනුන්ගෙ වැරදිවලට සමාව දුන්නෙ නෑ. ඒක වැරදියි කියලා දැන් අපිට හිතෙනවා. 
 
අපිට ජේවීපී එකේ පොඩි වැරැද්දක්වත් පේන්න බැරි වුණා. සජිත්ගේ පොඩි වැරැද්දක් වුණත් මහමෙරක් ව‌ගේ පෙණුනා. රනිල්ගෙ කිසිම හොඳක් දැක්කෙ නෑ. එහෙම වුණේ ඒවා මහා වැරදි වීම නිසා ම නෙමෙයි. අපි ඒ තරම් තදින් ගෝටාගේ පැත්තෙ හිටපු නිසා. 
 
 
''අපිට ජේවීපී එකේ පොඩි වැරැද්දක්වත් පේන්න බැරි වුණා. සජිත්ගේ පොඩි වැරැද්දක් වුණත් මහමෙරක් ව‌ගේ පෙණුනා. රනිල්ගෙ කිසිම හොඳක් දැක්කෙ නෑ. එහෙම වුණේ ඒවා මහා වැරදි වීම නිසා ම නෙමෙයි. අපි ඒ තරම් තදින් ගෝටාගේ පැත්තෙ හිටපු නිසා. ''
 
අපිට අනුරගෙ කිසිම හොඳක් පෙණුණෙ නෑ. ඒ අනුරගෙ කිසිම හොඳක් නොතිබුණ නිසා නෙමෙයි අපි ගෝටාගෙ පැත්තෙ නිසා. අපට ගෝටාගෙ කිසිම වැරැද්දක් නොපෙණුන නිසා. පෙණුනෙ ගෝටාගෙ හොඳ පමණක් නිසා’
 
‘ඒත් අපිට අද ගෝටාගෙ වැරදි පේනවා. අපි ඒවට සමාව දෙනවා. එතකොට අපට හිතෙනවා අනුර දිසානායකගෙ වැරදිවලට අපි සමාව නොදුන්න එක වරදක් කියලා. සජිත්ගෙ වැරදිවලට අපි සමාව නොදුන්න එක වරදක් කියලා. මෛත්‍රීගෙ වැරදිවලට අපි සමාව නොදුන්න එක වරදක් කියලා. 
 
අපි ඇපේ පැත්තෙ වැරදිවලට සමාව දෙනවා. ඒත් අනිත් පැත්තෙ වැරදිවලට සමාව දෙන්නෙ නෑ. ඒක වැරදියි කියලා අපට දැන් හිතෙනවා’
 
‘අපි ගෝටාගෙ වැරදි ඉවසනවා. ඒත් අපි අනුර දිසානායකගෙ වැරදි ඉවසුවෙ නෑ. ඒත් එහෙම කරපු එක හරි නෑ කියලා අපිට දැන් හිතෙනවා. අපිට කවුරුත් මනුස්සයො කියලා හිතන්න බැරිවුණා. අපිට රනිල් මනුස්සයෙක් කියලා හිතන්න බැරිවුණා. මෛත්‍රී මනුස්සයෙක් කියලා හිතුණෙ ම නෑ. අපට හිතුණෙ මෛත්‍රී විකටයෙක් කියලා. 
 
 
 

52 Maithripala Sirisena.jpg.image.300.176 මෛත්‍රී මනුස්සයෙක් කියලා හිතුණෙ ම නෑ. අපට හිතුණෙ මෛත්‍රී විකටයෙක් කියලා..

 
ඒත් එහෙම කරපු එක එච්චර හරි නෑ වගේ දැන් අපිට දැනෙනවා. අපි ගෝටා මනුස්සයෙක් කියලා හිතනවා. එයා අතිනුත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒවාට සමාව දෙනවා. ඉවසනවා. ඒවා ඉවසාගෙන ගෝටාව ගොඩ දාන්න හිතනවා. ගෝටා කොහොම හරි ගොඩයයි කියලා හිතනවා. ප්‍රාර්ථනා කරනවා. ගෝටා ගැන නරකක් හිතීමෙන් වළකිනවා. හරි යයි කියලා හිතනවා. අපිට අනිත් අය ගැනත් ඒ විදිහට හිතන්න තිබුණා. ඒත් අපි හිතුවෙ නෑ’
 
‘අපි හිතුවෙ වැරදි වෙන්නෙ අනුර දිසානායක, සජිත්, මෛත්‍රී, රනිල් අතින් විතරයි කියලා. ගෝටා අතින් වුණත් වෙන්න පුළුවන් කියලා අපට දැන් හිතන්න වෙලා තියෙනවා. එතකොට අපට හිතෙනවා අනුරලා, රනිල්ලා, සජිත්ලා. මෛත්‍රීලා ගැන ඒ කාලෙ ඒ විදිහට හිතපු විදිහ වැරදියි කියලා’
 
‘කිසිම ටීම් එකක් නැතිව මෛත්‍රී ගේමක් ගැහුවා කියලා හිතෙනවා. ටීම් එකක් තියාගෙනත් ගෝටාට අද කොච්චර අමාරු වෙලා ද කියලා හිතෙනවා. 
 
 
‘කිසිම ටීම් එකක් නැතිව මෛත්‍රී ගේමක් ගැහුවා කියලා හිතෙනවා. ටීම් එකක් තියාගෙනත් ගෝටාට අද කොච්චර අමාරු වෙලා ද කියලා හිතෙනවා.' 
 
පොල් එකසිය දහයට යනකොට ඒ කාලෙ නම් අපට ඉතාම පහසුවෙන් රනිල්ගෙ සජිත්ගෙ වැරැද්ද දකින්න පුළුවන්කම තිබුණා. ඒත් අද පොල් එකසිය දහය වෙනකොට ඒක ගෝටාගෙ වැරැද්දක් කියලා අපට හිතාගන්න අමාරුවක් තියෙනවා. එහෙම පහසුවෙන් නිගමනයකට එන්න අපට අමාරුයි. 
 
ඒත් ඒ කාලෙ අපි ඉතාම පහසුවෙන් නිගමනයකට ආවා. ඒත් දැන් නිගමනවලට එන්න ඉතා ම අමාරුයි. හාල් මිල ඉහළ යනකොට ඒකෙ වැරදිකාරයා මෛත්‍රී කියලා කියපු පහසුවෙන් ම අද හාල් මිලට අපට ගෝටා වගඋත්තරකාරයෙක් කරන්න හිතෙන්නෙ නෑ. 
 
අනුර දිසානායකලට රනිල්ලට දොස් නගපු තරම් පහසුවෙන් අපිට ගෝටාට දොස් කියන්න හිතෙන්නෙ නෑ. ඇත්තටම…ඇත්තටම අපට දැනටත් හිතෙනවා, දැනටත් දන්නවා, අනුරලාට වඩා ගෝටා හොඳයි කියලා. ඒත් එක්කම හිතෙනවා අපි ඒ කාලෙ අනුරලා මෛත්‍රීලා ගැන හිතපු විදිහ වැරදියි කියලා.
 
 අපි ගෝටා අද ඉවසුවාට ඒ කාලෙ අනුරලාව ඉවසුවෙ නෑ. අද ඉවසන්නෙත් නෑ. මේ පුරුද්දට මට මටම ටොක්කක් ඇනගන්න හිතෙනවා. ඇයි අපිට කවුරුත් මිනිස්සු කියලා හිතන්න බැරි. එහෙම නැතිව ජීවත්වෙන්න පුළුවන් ද?’
 
‘මං මීට පස්සෙ ගෝටාගෙ වැරදි හොයන්න යන්නෙ නෑ. ඒ වගේ ම ඉස්සර වගේ ඕනෑවට වඩා අනුරගෙ සජිත්ගෙ මෛත්‍රීගෙ වැරදි හොයන්න යන්නෙත් නෑ. කවුරු අතින් වුණත් වැරදි වෙන්න පුළුවන්. කවුරු වුණත් මනුස්සයො’
 
 
‘මං මීට පස්සෙ ගෝටාගෙ වැරදි හොයන්න යන්නෙ නෑ. ඒ වගේ ම ඉස්සර වගේ ඕනෑවට වඩා අනුරගෙ සජිත්ගෙ මෛත්‍රීගෙ වැරදි හොයන්න යන්නෙත් නෑ. කවුරු අතින් වුණත් වැරදි වෙන්න පුළුවන්. කවුරු වුණත් මනුස්සයො’
හිතන්න හිතන්න, හිතන්න වෙන, ප්‍රශ්නයකට තමන් මැදි වී සිටින බව ජයවීරට දැණිනි.
 
 ඔහු සිටියේ උදෑසන කොට්ටය මත හිසතබාගෙන ම නින්දත් නොනින්දත් අතර හැබෑවට වඩා කල්පනාවට බර ලෝකයකය. තමා කල්පනා කළ මේ සියල්ල තමා හිස තබාගෙන සිටින කොට්ටය ද කල්පනා කළේ යැයි ජයවීරට සිතිණි. 
 
යමෙකු කල්පනා කරන්නට කරන්නට ඔහුගේ මස්තිෂ්කයේ රැළි ගතිය වැඩි වෙනවා යැයි රැළි වැඩිවෙනවා යැයි ජයවීර අසා ඇත. 
 
මේ කල්පනා නිසා කොට්ටය ඇතුළේ ඇති පුළුන් ද මස්තිෂ්කයේ රැළි මෙන් ම රැළි ගැසී ඇති අයුරක් ජයවීරගේ මසැස නොව මනස ඉදිරියේ මැවිණි. 
 
අවසානයේ ජයවීරට සිතුණේ ගෝටාට වැරදුණත් පී.බී. ජයසුන්දරට වැරදුණොත් රටම අනාථ බවය. ඒ නිසා ජයවීර පී. බී. ජයසුන්දරට යෝධබල යෝධ වීර්යය ප්‍රාර්ථනා කළේය.
 
(gammiris.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්