මංගල සමරවීර හෝ චම්පික රණවක හිටපු අමාත්‍යවරුන් දේශපාලනික වශයෙන් වෙනස්වී ඇතැයි
තමාට නොපෙනෙන බවත්, කෙසේවුවද දෙකට බෙදී කෙල ගන්නා දෙගොල්ලටම එකට වැඩ කිරීමට ඉතාම ඉක්මනින් සිදුවන බවත් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.
 
චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී '43 වන සේනාංකය නමින් අලුත් දේශපාලන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමත්, මංගල පක්ෂ දේශපාලනයෙන් ඉවත්වීමෙන් පසු පළමුවරට පසුගිය ඉරිදා (20) 'මාතර සමාජය' අමතමින් කළ අන්දොලනාත්ම ප්‍රකාශවලින් අනතුරුවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් ආරම්භවී ඇත.
 
ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.
 
''ලොකු බුකි ප්‍රහාර, හා ප්‍රතිප්‍රහාර. ඒත් ඒ දෙදෙනා - චම්පිකවත්, මංගලවත් - වෙනස්වී ඇතැයි මට නොපෙනේ. සිංහල සමාජයේ විකල්ප නායකයෙකු පේන තෙක් මානයේවත් නැත. 
 
මේ දෙදෙනාගේම හොඳ නරක තිබුණත්, දෙදෙනාම අතිශය ප්‍රතිපත්ති විරහිත දේශපාලනඥයින් වේ. 
 
මුසාවාද සංස්කෘතියකට මුහුණ දීමට මුසාවාද සංස්කෘතියේම දෙදෙනෙකු වන මේ මිතුරන් දෙදෙනාට හැකිවේ දැයි සැක සහිතය. 
 
පෙර වැරදි පැත්තකින් තිබ්බත් කොවිඩ් වසංගතයත් සමඟ ඇතිවී ඇති නව දේශපාලනය ගැන, ඊට මුහුණ දියයුතු ආකාරය හෝ ආකාර ගැනවත් මේ දෙදෙනාගේම කන්ද උඩ දේශණා දෙකේදී සංයුක්ත ලෙස කිසි දෙයක් කිය වුනේ නැත. 
 
''පෙර වැරදි පැත්තකින් තිබ්බත් කොවිඩ් වසංගතයත් සමඟ ඇතිවී ඇති නව දේශපාලනය ගැන, ඊට මුහුණ දියයුතු ආකාරය හෝ ආකාර ගැනවත් මේ දෙදෙනාගේම කන්ද උඩ දේශණා දෙකේදී සංයුක්ත ලෙස කිසි දෙයක් කිය වුනේ නැත. ''
 
මංගල නම් පක්‍ෂ / මැතිවරණ දේශපාලනයට නොඑන බව දැනටමත් කියා ඇත. ඒත් චම්පික වැඩ කරන්නේ රාජ්‍ය බලය ලබාගැනීමටය. වැඩ අධික නිසා ජනේලෙන්  -ක දීමට වෙලාවක් නැත. 
 
ඒත් යමක් කිව හැක, ඒ දෙකට බෙදී කෙල ගන්නා දෙගොල්ලටම එකට වැඩ කිරීමට ඉතාම ඉක්මනින් සිදුවන බවය.''
 
(උපුටා ගැනීම අවසන්)
 
 
 'ගෝත්‍රවාදියා' කියා ලේබල් අලවලා !
 
AnuruddaP ''අපට පහර දෙන්නවුන්ට අකමැත්තෙන් නමුත් පෙරලා පහර දෙන්නට අපට සිදුවේ.''
-ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය 
 
මේ අතර මංගල සමරවීර කුලවාදියකු යයි ඊයේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබු චම්පික රණවකගේ සමීපතමයකු වන ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසුරිය අද දිනයේ දීර්ග ප්‍රකාශයක් කරමින් මෙවැනි සටහනක් පළකර තිබේ.
 
''මංගල සමරවීර ගැන ඊයේ මා ලියූ සටහනට මාගේ මිතුරන් දෙකොටසක් නොසතුටු වී ඇත.
 
පළමු කණ්ඩායම විපක්ෂයේ අප සියල්ලෝ එක්සත්ව සිටිය යුතු මොහොතේ අපේ කෙනෙකුටම පහර දීම වැරදි යැයි සිතන පිරිසයි.
 
දෙවැන්න මංගල යනු නූතන, නවීන දේශපාලන නායකයෙකු යැයි සිතන ඒ නිසාම ඔහුට පහර දීම අයහපත් වැඩකියි සිතන කණ්ඩායමයි.
 
අපට පහර දෙන්නවුන්ට අකමැත්තෙන් නමුත් පෙරලා පහර දෙන්නට අපට සිදුවේ.
 
 
 ''පටන් ගත්තේ අප නොව මංගලලා ....''
 
පළමු කණ්ඩායමට කිවයුත්තේ මෙය පටන් ගත්තේ අප නොව මංගලලා බවයි. 
 
ටිකකලක පටන්ම ඔහුගේ වෙබ් අඩවි කිහිපයකින් චම්පිකව ඉලක්ක කර අවර ගණයේ පහර දීම් කෙරෙනු අපි නිරීක්ෂණය කළෙමු. 
 
නමුත් නිහඬවම සිටියෙමු. 
 
එසේම මංගල සිය හිතවතුන් යොදාගෙන චම්පික යනු සිංහල බෞද්ධ ගෝත්‍රවාදියෙකුය යන අදහස නිර්මාණය කරන්නට උත්සාහ කරනු අපි දුටුවෙමු.
 
 නමුත් තවදුරටත් නිහඬවම සිටියෙමු. 
 
අවසානයේ ඔහුම වැඩට බැස්සේය. 
 
අප කරන්නේ දේශපාලනයකි.
 
 අපට පහර දෙන්නවුන්ට අකමැත්තෙන් නමුත් පෙරලා පහර දෙන්නට අපට සිදුවේ. 
 
අපේ ඉලක්කය රාජපක්ෂලාට මුහුණ දීමයි. 
 
එසේම මේ රට තාර්කික දේශපාලන, ආර්ථික සහ සමාජ සංවර්ධනයකට යොමු කිරීම සඳහා වූ සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. 
 
හරිනම් ඊට සහාය දියයුතු මංගල, මේ පැත්තේ සිටම අපට හූ කියන විට, අපේ සමාජ ආමන්ත්‍රණයට එය බාධාවකි. 
 
ඉතින් ඔහුට නිහඬවෙන්නැයි කෑ ගසා කියන්නට අපට සිදුවිය. 
 
අවාසනාවට මෙන් අපේ ඒ හඬද, අප විසින් වලක්වන්නට ගිය ඝෝෂාවේම කොටසක් වී ඇතැයි දැන් වැටහෙයි. ඒ ගැන සමාවෙන්න.
 
''ඉතින් ඔහුට නිහඬවෙන්නැයි කෑ ගසා කියන්නට අපට සිදුවිය. අවාසනාවට මෙන් අපේ ඒ හඬද, අප විසින් වලක්වන්නට ගිය ඝෝෂාවේම කොටසක් වී ඇතැයි දැන් වැටහෙයි. ඒ ගැන සමාවෙන්න.''
 
දෙවන කණ්ඩායම මංගල දියුණු හා නූතන දේශපාලනඥයකු යැයි සිතන පිරිසයි. 
 
ඒ ගැන වැඩි දුර නොලියන්නේ, එයද යළිත් ඔහු ගැන කරන විවේචනයක්ම වීමට ඉඩ ඇති නිසාය. 
 
නමුත් මට අනුව නම් ඔහු කිසිදු අයුරකින් දියුණු දේශපාලනඥයෙකු නොවේ.
 
 ඔහු හුදෙක්ම දේශපාලන මූලෝපායිකයෙකු පමණකි.
 
 ඔහු තම ප්‍රතිපත්තියට අවංක නැත. 
 
ඔහු සමලිංගිකයෙකුව සිටිත්දීත්, එසේම සමලිංගික අයිතිවාසිකම් ගැන පෙනී සිටිත්දීත් රනිල් වික්‍රමසිංහට විරුද්ධව "රනිල්ට බෑ" කැම්පේන් එක නිර්මාණය කළේය. 
 
ලංකාවේ ප්‍රථම වතාවට සමලිංගිකත්වය යන්න දේශපාලනය තුළ "බැරිකමක්" ලෙස අර්ථ දැක්වූයේ එමගිනි. 
 
එසේම ටවුන්හෝල් එක ලඟ උද්ඝෝෂණයේදී මාධ්‍යවේදීන්ට මැරයන් ලවා දරුණු ලෙස පහර දීම, කුප්‍රකට වයඹ ඡන්දයේදී එහි ප්‍රධානතම නායකයෙකු වීම, රනිල්ට එරෙහිව ගිය පාගමනට මහින්දගේ ආණ්ඩුවේද අනුග්‍රහය ඇතිව කුරුඳුපොලු ප්‍රහාරය එල්ල කිරීම ආදිය පෙන්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් ඔහු ප්‍රකාශ කරන දෙයක් විනා පිළිපදින දෙයක් නොවන බවයි. 
 
විශේෂයෙන්ම ඔහුගේ මාධ්‍ය කණ්ඩායම ක්‍රියාත්මක වන්නේම මඩ බලකායක් වශයෙනි. ඔහු දේශනා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ සදාචාරයේ ශේෂයක්වත් එම මඩ මෙහෙයුම්වල නැත.
 
''විශේෂයෙන්ම ඔහුගේ මාධ්‍ය කණ්ඩායම ක්‍රියාත්මක වන්නේම මඩ බලකායක් වශයෙනි. ඔහු දේශනා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ සදාචාරයේ ශේෂයක්වත් එම මඩ මෙහෙයුම්වල නැත.''
 
කෙසේවෙතත් මා ඔහු නවීන හෝ දියුණු යැයි නොසලකන්නේ ඒ නිසා නොව වෙනත් කරුණු දෙකක් නිසාය.
 
පළමුවැන්න ඔහු ලිබරල්වාදය එහි අවශ්‍ය ගැඹුරෙන් හා විස්තරාත්මකභාවයෙන් යුතුව ග්‍රහණය කරගෙන නැත. 
 
නිදසුනකට ඔහු ලෞකික රාජ්‍යය යන්න දකින්නේ අතිසරල නිරාගමිකත්වයක් ලෙසය.
 
දෙවැන්න සුළුජන අයිතිවාසිකම් පිළිබඳ සීමාවෙන් ඔබ්බට නවීන රාජ්‍යයක් ගොඩනැගීම පිළිබඳ පුළුල් සංවාදයේ සුළඟවත් ඔහුට නොවැදී තිබීමය. 
 
සුළුජන අයිතිවාසිකම් යනු නවීන රාජ්‍යයක වැදගත් අංගයක් බව සැබෑය. නමුත් එය එහි කුඩා කොටසක් පමණකි. 
 
ආණ්ඩුකරණයේ ඇත්ත අභියෝග බොහෝවිට හමුවන්නේ ඒ සීමාවෙන් ඔබ්බේය. 
 
කිසිදු නිශ්චිත ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් නොමැතිව හුදෙක් මහ ජාතියේ ආවේග ඇවිලවීමෙන් පමණක් බලය ලබා ගත් ගෝඨාභයගේ උපායමාර්ගය සහ සුළුජන දුක්ගැනවිලි මතම බලය ගත යුතු යැයි සිතන මංගල සූත්‍රය අතර වෙනසක් නැත. ඒ දෙකම හිස්‍ ය. 
 
එහෙයින්ම අසාර්ථකත්වය නලලේ කොටා ඇත. ජොගින් පාත් දැමීම සංවර්ධන ආශ්චර්යයක් ලෙස දැකීම සහ සුළුජන අයිතිවාසිකම් වියුක්තව කතා කිරීම නවීනත්වයක් ලෙස දැකීම යන දෙකම එක සමානම මෝඩකම් ය. 
 
මංගල ගැන ලිවීම මෙතැනින් නවතමි. 
 
''එහෙයින්ම අසාර්ථකත්වය නලලේ කොටා ඇත. ජොගින් පාත් දැමීම සංවර්ධන ආශ්චර්යයක් ලෙස දැකීම සහ සුළුජන අයිතිවාසිකම් වියුක්තව කතා කිරීම නවීනත්වයක් ලෙස දැකීම යන දෙකම එක සමානම මෝඩකම් ය. මංගල ගැන ලිවීම මෙතැනින් නවතමි.''
 
ඔහුට සහ ඔහුගේ සගයන්ට එකක් කීමට කැමැත්තෙමි. 
 
ඔබ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නේ නම් කළ යුත්තේ තමන්ගේ විරුද්ධවාදීන්ට සහ තරගකරුවන්ට "ගෝත්‍රවාදියා" වැනි බාල ලේබල් ඇලවීම හෝ තමන්ගේ වෙබ්සයිට් කිහිපය යොදාගෙන මඩගැසීම නොව ඔවුන් හා විවෘත සංවාදයකට එළඹීමයි. 
 
එය දුෂ්කරය. නමුත් ඵලදායීය. පටු දොරටුවෙන් ඇතුල්වන්න.
 
(උපුටා ගැනීම අවසන් )
 
සබැඳි පුවත් :
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්