මේ ගීතය ගුවන්විදුලි සේවාවන් හි ප්‍රචාරණය කිරීම පසු ගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් වසංගතය හිස එසවීමත් සමග තහනමට ලක් වූ වග ඔබ මෙතෙක් නොදන්නවා ඇත. 
 
 
මක් නිසාද යත් ලංකාව තුළ ලාංකිකයන්ට පනවා ඇති සංචරණ නීති උල්ලංඝණය කිරීමට එය රැකුල් දෙන බැවිනි.
 
 
එසේම මෙම ගීතය ලෝකයේ වෙනත් රටවල ගුවන්විදුලි සේවාවන්හි නිතර වාදනය වන ඉතාම ජනප්‍රිය තනුවක් වී ඇති බවත් ඔබ නොදන්නවාට ද සැක නැත. 
 
 
ඔබ අජිත් රෝහණගේ පිංතූරෙට සිංදු කෑලි අමුණපු පොස්ට් තලු මර මර රසවිඳින අතරේ දේශිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන යෑම සඳහා පිරිසක් නිදිවරා වෙහෙස මහන්සි වී ඇත.
 
 
ලංකාවට පණ සේ ආදරය කරන බැවින්ම දියුණු රටකට හොරෙන් පැන වීසා නැතුව ජීවත් වන මිතුරකු අප සැමට හිඳී. ජර්මනියේ දී හොරා පොලිස් සෙල්ලම වෘත්තියක් විදියට කරන එවන් මිතුරෙක්ගෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණි.
 
 
“මොනවද මිනිහෝ මේ කරන ලැජ්ජ නැති වැඩ”
 
 
මිත්‍රයා දුරකථනයෙන් මට දෙසාබාන්නට විය. මා ද ලැජ්ජ නැති වැඩ නිතර කරන බැවින් ඔහු පවසන්නෙ මොන එක ගැනදැයි එකවර නිශ්චය කර ගත නොහැකි විය.
 
 
“යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලක්ෂණ සිරි ලංකාවේ’ සිංදුව රේඩියෝ එකේ ප්ලේ කරන්නෙ උඹලට රට ජාතිය ගැන කිසිම කැක්කුමක් නැද්ද?”
 
 
මිතුරාගේ චෝදනාවෙන් මම අන්දුන් කුන්දුන් වීමි. මේ ගීතය තහනම් කිරීම හෝ වාදනය කිරීම සම්බන්දයෙන් මගේ කිසිම මැදිහත් වීමක් නැතත් ඒ බව ඔහුට පැවසීම පලක් නැති බව පමණක් වටහා ගත්තෙමි. ඔහු සිටියේ එතරම් සිත් තැවුලකිනි.
 
 
“ජර්මනියෙ දැන් හැම විනාඩි දහයකට සැරයක්ම ඔය සිංදුව රේඩියෝ එකේ යනවා”
 
 
එවර නම් මගේ කටත් ඇරැණි. ජර්මනියේ මා දන්නා හඳුනන එකම ජීවියා ඔහුම පමණක් බැව් ද මම නොකීවෙමි.
 
 
“යුක්රේන්වල මේ සිංදුව ප්ලේ වෙන්නෙ දැන් මාස තුනක ඉඳන්ලු”
 
 
යුක්රේනය යුරෝපයේ දුප්පත්ම රට වග පමණක් දනිමියැයි, ඔහුට පවසා පලක් නැත.
 
 
“උඹලා මේ සිංදුව දාලා මෙච්චර වටින බඩුවක් මෙච්චර ලාබ විදියට විකුණන එක ගැන රටට ආදරය කරන විදේශ ගත ලාංකිකයො විදියට අපිට පුදුම ලැජ්ජාවක් තියෙන්නෙ”
 
 
ජීවිතේට ‘බඩුවක්’ විකුණා නැති නිසා එල්ලවන මේ අභූත චෝදනා අතරේ ‘බඩුව’ කුමක් දැයි, අසා දැන ගැනීමේ නොතිත් ආශාව මසිත්හි පහළ විය.
 
 
“මොකක්ද දැන් ඔය සිංදුව කියලා විකුණන බඩුව”
 
 
මම බැණුම් අහන්නට බයෙන් මිරිකී මිතුරාගෙන් ඇසුවෙමි.
 
 
“වෙන මොකක් ද යකෝ ලංකාව. ලංකාව. එන්න එන්න ලාබයි ලාබයි කියන්නෙ”
 
 
එවර නම් මිතුරා සමග මට අසූහාරදාහට නැග්ගේය. 
 
 
මගේ ජාතිමාමක හැගීම් ගිණිදළු සේ බුර බුරා ඉහළ නැග්ගේය. 
 
 
මේ සම්බන්ධයෙන් රජයේ තීරණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට මම තීරණය කළෙමි.
 
 
“අහිංක කෝවිඩ්කාරයො ටිකක් මෙහේ සංචාරය කරන්න ආවම උඔලට මොකක්ද තියෙන අමාරැව? මේ රට කොහොමත් දැන් අපේ නෙමෙයිනෙ. අපි ලෙඩ වුනොත් ඉතිං චීන්නුන්ට තමයි පාඩු.”
 
 
 
“අහිංක කෝවිඩ්කාරයො ටිකක් මෙහේ සංචාරය කරන්න ආවම උඔලට මොකක්ද තියෙන අමාරැව? මේ රට කොහොමත් දැන් අපේ නෙමෙයිනෙ. අපි ලෙඩ වුනොත් ඉතිං චීන්නුන්ට තමයි පාඩු.”
 
මගේ ආවේගය නිසා මිතුරාගේ හඬ මදක් බාල විය.
 
 
“හැබැයි තමන්ගෙම රටේ උන් මාස්ක් දාන්නෙ නැතුව ගියාම අත්අඩංගුවට ගන්න එකයි, පිට රට එවුන් ආවම ඕනම පිස්සුවක් කෙලින්න දෙන එකෙනුයි කිය වෙන්නේ අපේ රටේ උතුම් ආගන්තුක සත්කාරය නේද මචං?”
 
 
මිතුරටත් දැන් ටික ටික තේරීගෙන එයි.
 
 
“මොනවද මේ කියන්නේ? පිටරට එවුන්ට ලංකාවට ඇවිත් සති දෙකක් කොරන්ටින් වෙන්න පිස්සුද?”
 
 
මම ඔහුගේ කීම අනුමත කළෙමි.
 
 
“ඒ වුණාට බලපං මිත්‍රයා යුරෝපයේ රටවල් ඔක්කොම හොම්බෙන් යන්න ලොක් ඩවුන් කරලා. උඹලා ඔහේ සැපට ඉන්නවනෙ රවුම් ගහලා. දැන් ඔය පොඩි ගාණක් හොයන්න ගිහිල්ලා ආපහු රටම වහගන්න වෙන්නෙ”
 
 
මිත්‍රයා කෙඳුරැවේ තවමත් ලංකාවේ වෙසෙන ඔහුගේ පවුලේ අය පිළිබඳව සිතා විය යුතුය.
 
 
 
“ඒක තමයි මනුස්සයෝ මේකේ අරමුණ. ලංකාවේ මිනිස්සු බොහෝම නිදහස් මතදාරී ඈයොනේ. ඔය යුරෝපයෙ වගේ සති මාස ගණන් ගෙයි මුල්ලට වෙලා ඉන්න ඇහැක් උන් නෙමෙයි.
 ලොක්ඩවුන් කරනවා කිව්වොත් ජනතාව ආයුධ අතට ගන්න පවා ඉඩ තියෙනවා. ඒවුණාට හෙමීන් සැරේ කෝවිඩ් එක්ක ටුවරිස්ට්ලා අවම උන් යන යන තැන ඉන්න ලංකාවේ එවුන්ව නිරෝධායනය කරනවා. 
ටික දවසක් යනකොට ලංකාවම නිරෝධානයේ. 
එතකොට ඇති තරම් සංචාරකයොන්ට ඇවිත් කැමති තැනක රවුම් ගහලා සල්ලි පෙට්ටියට දාලා යන්න පුලුවන්.
 අපි ඔක්කොම ගෙවල්වල කොරන්ටීන් හින්දා ලංකාවෙන් කෝවිඩ් තුරන් වෙනවා. 
සංචාරකයො හින්දා වැටිලා තියෙන ආර්ථිකයත් කෙලින් වෙනවා.”
 
 
මිතුරා සත්‍ය අවබෝධ කර ගත්තේය.
 
 
“මචං එක පංතියේ හිටියට උඔට ආණ්ඩුවෙ උපදේශකයෙක් වෙන්න තරම් මොළයක් තියෙනවා කියලා මම දැන ගත්තේ අදනෙ” මිතුරා පැවසුවේ ඔලොක්කුවට නොවේයැයි හැඟීමක්ද උපණි.
 
 
“ලල් ලල් ලලල්ලා තුන් සිංහලේ” මම කෙඳුරැවෙමි.
 
 
 
(සුරත් ද මැල්  - gammiris.lk)
 
 
 
 
 
###################
රටට හොරෙන් කොරෝනා එන්නත විදගත් රාජපක්ෂවරයා ?
 

යුක්‍රේන නාඩගම - ආණ්ඩුවේ ‘ට්‍රයල්’ එකට බයිට් වෙන ජනතාව

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්