ආච්චිගේ කටේ දත් නැත. දත් නැති කටට ගල් හැපෙන්නේ නැත. 
එබැවින් ආච්චිට හාල් ගරා පලක් නැත. 
 
ආච්චිට හාල් නොගරන හාල්පාරුවෝ ද සිටිති.
 
ඉස්සරනම් හාල්පාරුවා මුලාදෑනි කෙනෙකි. 
 
කුඹුරු වල අස්වැන්න බෙදා දුන්නේ වෙල්විදානේ යටතේ සිටි මොහුය. 
 
මේ කාලයේ හාල්පාරුවෝ නම් රස්තියාදුකාරයෝ ය. 
 
නව පරපුරේ භාෂාවෙන් කියනවා නම් හාල් කෑලිය.  
 
එහෙත් තොග වෙළඳපොලේ හාල් කෑල්ලක් කියන්න හාල් ගෝනියකට ය.  
 
වෙසක් කාලයේ ගෝනි එළුවා දැක නැත්තම් හෝ අඩුම තරමේ අසා නැත්තම් ගෝනි බිල්ලෙකු රැගෙන යා යුතුය. 
 
 “ගාල්ලට කරදර” තුන් තේරවිල්ලට අනුව ගාල්ල නම් “ගෝල්” ය. කරදර නම් “හානි” ය.
 
 එ නිසා ගොල් හානි, හාල් ගෝනි යනුවෙන් තේරවිල්ල විසඳිය හැකි විය. 
 
අපේ වැඩිහිටියෝ හඳෙන් හාල් කෑමට ඡන්දය දී හාල් පෝලීමේ සිටි බව අසා ඇත.
 
 හාල් දණ්ඩා යනු සර්පයෙකි. 
 
සර්පයා රිංගන්නේ නැති ගුබ්බෑයමක් නැත. 
 
රොඩී කුලයේ මිනිස්සුන්ගේ වාසස්ථානය ගුබ්බෑයම විය.
 
 රොඩී කුලය මෙරට කුල සම්ප්‍රදාය අනුව අඩු කුලයට අයිතිය. 
 
සමාජ ජාලා වල අඩුකුලේ පරහැත්ත යනුවෙන් කියන්නේ මොවුන්ට විය යුතුය.
 
“සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා” යන ගීතය කීවේ මොහිදින් බෙග් ය. 
 
 

 
 එම ගීතය 1974 ඉන්දියාවේ තිරගත වු කොරා කාගස් චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයු  “මෙරා ජීවන් කොරා කාගස්” හින්දි ගීතයේ තනුවට අනුව ගැයුන සිංහල  ගීතයක් වුවද එකල බුද්ධිමය දේපල පිළිබඳව නීතියක් සම්මත වී නොතිබූ නිසා හෝ එය ඉන්දියාවේ ගීතයක් බැවින් ඔහු වසලයෙකු ලෙස හංවඩු ගැසුනේ නැත. 
 
 

(කිෂෝර් කුමාර් සජීව ප්‍රසංගයක මෙම ගීය ගයන අයුරු දැක්වෙන දුලබ වීඩියෝවක්)

 
 
වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කළේ වසල සූත්‍රයේදී ය. 
 
පැරණි ඉන්දියානු කුල ක්‍රමයට අනුව වසලයන් යනු පහත් යැයි සම්මත රැකියාවන් කළ පිරිසකි.
 
සක්කිලි යනුවෙන් හඳුන්වන්නේ ඔවුන්ය.
 
සක්කිලි යනු ද්‍රවිඩ කුලයකට අයත් ජනකොටසකි. 
 
මොවුන්ගේ සම්භවය දකුණු ඉන්දියාවෙන් පැමිණි බව කිව හැක්කේ තමිල්නාඩු ප්‍රාන්තය තුල තවම සක්කිලි නම් අඩුකුලේ  ජනකොටසක් සිටින බැවිනි. 
 
සක්කිලියන් සමහර තැන්වල දී පක්කලියන් විය. 
 
” නිකම් පක්කලි සර්විස් කරන්න එපා” යැයි කතාවට කියන්නේ අනුන්ට නොමිලේ වැඩ කර දෙන විට ය. 
 
නොමිලේ දෙනවා නිකං දිමයි. 
 
නිකං දෙනවා නම් අපිට දෙමළ පත්තරේ වුවද කමක් නැත. 
 
පජාත වැඩක් කර කුජීත වු විට ගැසුවේ  කැලෑ පත්තර ය. 
 
පජාත කිරීම යනු ජාතිය පහත් කොට අපහාස කිරීමයි.
 
ඔබට අපහාස කිරීමට අවශ්‍ය කාන්තාවකගේ ඇඳුමට නම් වහන්තරාව යැයි කිව හැකිය. 
 
මෙරට එක් මහාචාර්යවරයෙකු එය හඳුන්වන්නේ හූචක්කුව නමිනි.  
 
හූචක්කුවක් ඇඳගෙන ඉන්න මල හෝන්තුව යනුවෙන් විශේෂණ පදයක්ද ඔබට අවශ්‍ය නම් එකතු කළ හැක.
 
මල පනින්නේ කේන්ති ගිය විට ය. 
 
එසේ මල පන්නා ගෙන තුන් හතර දෙනකුට මැරිලා වැටෙන්න ගැසීමට සැරසුන ඇමති කෙනෙකු මෑතකදී දුටුවා මතකය. 
 
මැරිලා නම් මළ ය. 
 
මළගිය අයගේ ගෙදර මළ ගෙදරය. 
 
මළගිය ඇත්තෝ ලිව්වේ එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. 
 
මළ ගෙදරට ඉලවු ගෙදර කියා කීවේ ඉස්සරය. 
 
මළගෙවල් හතක් හත්ඉලව්ව විය. 
 
කිසිවෙකු නොමළ ගෙයකින් අබ සොයා ගැනීමට ගියේ කිසා ගෝතමිය යි. 
 
ඇයට නොමළ ගෙයකින් අබ සොයා ගැනීමට නොහැකි වුවද අබ සරණයි! වුයේ නැත. 
 
අබ යනු කෑම පිසීමේදී ගන්නා කුඩා ඇට විශේෂකි.
 
එක්තරා කාලයක ඇට අටක් කන්නට ඡන්දය දුන් අපේ ඇතත්තන්ට පසුව සිදුවුයේ පතඅට එකට සිඳුවා බොන්නට ය. 
 
පතඅට එකට හිඳ බොන්නේ කසාය ය. 
 
කසාය තිත්ත බව තිත්ත ඇත්තකි. 
 
පැත්ත ගියත් ඇත්ත කතා කළ යුතු ය. 
 
නැති නම් පටි රෝල්ය. 
 
පටි රෝල් වෙන්නේ පට්ටන්දරය දිග හැරි විටය. 
 
පට්ට  අන්දරය සන්ධි වී පට්ටන්දරය විය. 
 
මෙකල පට්ට යනුවෙන් භාවිත වෙන්නේ සුපිරි දේ වලටය.
 
පට්ට ආතල්, පට්ට සිරා, පට්ට කෑල්ල යනුවෙන්ද සුපිරි වැඩිවු විට පට්ට චාටර් ද යනුවෙන් හඳුන්වයි. 
 
ඉස්සර පට්ට යැයි බනින්නට, අප්‍රසාදය පළ කිරීමට හෝ අධික බව පෙන්වීමට අවශ්‍ය වූ විටය. 
 
පට්ට බැල්ලී, පට්ට පඳුරී, පට්ට ඇඹුල්, පට්ට ලුණු රහයි. 
 
මම ඒකිගේ පට්ට ඇරියා, ඌ  ඒ ඇඳුම පට්ට ගගහා අඳිනවා වැනි දේ පැවසුයේ එබැවින් ය. 
 
පට්ට වැඩ කළ පිරිමි උන් පරට්ට වූ අතර කාන්තාව පරට්ටී විය. 
 
පරයා යනු ජාතිය පාවා දෙන්නන්ය. 
 
පරංගීන්ටද පරයා යැයි කියනු ලැබේ. 
 
පරගැති පරංගි පරයෝ මෙකළද සුළභය. 
 
පරගැති නැති හෙළ ගති ඇති විරුවෝ දුලභ ය.
 
 හෙළුවෙන් වනමු දැයි (සිංහලෙන් කතා කරමු) ඇසු කොලුවන් සමග කිපී විදුහල්පති වරයාට පැමිණිලි කළ ගුරුතුමියට විදුහල්පතිවරයා  “හෙළුව වැණීමට රිසි නොවේනම් අප දෙදෙන තෙල පෙනෙන අඹ ගස යටට ගොස් රිසි සේ හෙළුවෙන් වණමු” යැයි පවසා ඇත. 
 
ගුරුතුමියට කරුමයක මහත යැයි සිතෙන්නට ඇත. 
 
කරුමක්කාරයෝ චිත්‍රපටයේ එන “රා රා රා බොන්ඩියේ..තුංමන්සලේ හන්දියේ” ගීතය ප්‍රසිද්ධ ගීතයකි. 
 
 
 

 
බොන්ඩි යනු බොහෝ බැඳීම් ඇති තැනැත්තිය යන්න විය හැකිය. 
 
ඉංග්‍රීසියෙන් bond කියන්නේ ද බැඳීමටය. 
 
එහෙත් දැන් bond යැයි ඇසුණ විට අපගේ ඔලුවට එන්නේ බැඳුම්කරය.
 
මේවා කියවා ඔලුව නරක් වේ දැයි නොදනී. 
 
එසේ වුව හොත් නවනිංගිරාව මට ය. කප්පරක් බැනුම් ය. 
 
මේ වැනි බඩකඩුත්තු ලිපි වහකදුරු වෙනු ඇත. 
 
නසරානියෝ පස්පඩංගුවේ බනිනු ඇත. 
 
මොන ගිනිවිජ්ජුම්බරයක් වේ දැයි නොදනී. 
 
ඉන් පසු මකබෑවිලා යන්න යැයි ඕසරේ බනිනා දහදුරා කාඩයන්ගෙන් වහං වීමට මොන දහංගැටයක් හෝ දැමිය යුතුය. 
 
නැතිනම් සීයාට පොල් ගෑවා මෙන් නොව ආච්චිට හාල් ගැරුවා වාගේ ද වනු ඇත.
 
 
(සොනාල ගුණවර්ධන -gammiris.lk)
 
 
 
 
##############

The Leader TV  

 

තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි 

 

විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්