මේ චිත්‍රපටයක ජවනිකාවක් නොවේ. මේ වෙඩින් එකක් වෙනුවෙන් කරන ස්ටෝරි ඇල්බමයක ඡායාරූපයකි. 
 
 යකෝ දැන් මේ තියන හැටියට අර එස්. අයි. ටයිප් ට්‍රැවලින් බෑග් එකක් අරන් යන්නත් බැරි තත්වයක් නේ ලංකාවේ තියෙන්නේ. 
 
මටත් ඔය වගේ බෑග් එකක් තියනවා. ඒක අරන් යන්නත් දැන් බැරි වෙයි ද මේ යන විදියට? 
 
ෆොටෝ එකක් ගන්නත් බැරි වෙයි ඒකත් එක්ක. 
 
ඒ එක්ක ෆොටෝ එකක් දැම්මොත් බෑඩ් ටෙස්ට් (bad taste) කියල කට්ටියගේ උදහසට ලක් වෙයි...
 
මම නම් ඔය ගේස් (gaze) එක ගණන් ගන්නේ නැහැ.
 
වොන් ට්‍රියර් අහන ප්‍රශ්නේ තමයි හිට්ලර් ගැන වුනත් යමෙක් කතා කරන්න ගත්තොත් ඒක සම්පුර්ණයෙන් මර්ධනය කරන්න ඕනිද කියන එක? 
 
ඒක විවාදාසම්පන්න මාතෘකාවක් වුනත් නිකම් හිතන්න යමක් ත්‍රාඩ විදියට මර්ධනය කරන්න ගියොත් එතකොට තව තව ඒ ගැන කුතුහලය සහ ආශාව වර්ධනය වෙන්නේ නැත්ද? 
 
නිකම් බලන්න අර A Dangerous Method (2011) චිත්‍රපටය.
 
 ඒකෙ කාල් යුං ට අර පිස්සු දොස්තර උගන්වන එකම පාඩම තමයි කිසිම දෙයක් මර්ධනය කරන්න එපා කියන එක....
 
 
 A Dangerous Method
 
 
 
ඕනිනම් කියන්න පුළුවන් අර ෆොටෝ ෂූට් එක මාකටින් ඒ නිසා අපි විරුද්ධ වෙන්න ඕනි කියල. 
 
දැන් හැමෝම මාකටින් තමයි...
 
එහෙම නැති ශුද්ධ මුකුත් මෙහෙ නැහැ...මේ ලියන මමත් ඉන්නේ මාකටින් වැඩක තමයි. 
 
මම ඔය මරණය ගැන ලිව්වේ නැත්තේ ඒ වගේ දේවල් වලට අනවශ්‍ය ඉඩක් දෙන්න ඕනි නැති නිසා. 
 
නැත්නම් ඒ වෙලාවේම මට හිතුන දේ තමයි රම්බෝ ටයිප් පොලිස් එස්. අයි. ලට මිනිස්සු බය වෙනවට වඩා ඒ අය ගැන අවිඥාණික ආශාව වැඩි වෙන්න පුළුවන් කියන එක. 
 
ඒ වගේම එස්. අයි. බෑග් වලට තියන ඉල්ලුම වැඩි වෙන්න පුළුවන් කියන එක. 
 
දැන් ඒක හරියාගෙන එනවනේ...
 
තව මේක මතවාදී විදියට මර්ධනය කලොත් මේක තවත් වැඩි වෙයි. 
 
 
WhatsApp Image 2021 03 17 at 11.38.43 AM
 
 
ආශාවට පතුලක් නැහැ කියන්නේ ඒක තමයි. 
 
අපි යමකට ආශා වෙන්නේ ඇයි කියන්න අපිවත් දන්නේ නැහැ....
 
මිනිස් පැවැත්ම අපි හිතනවට වඩා ගොඩක් අඳුරුයි....
 
එහෙම කියන්නෙත් කාල් යුං ම තමයි. 
 
මරණය තියෙන්නෙත් ආශාවෙන් වැඩි ඈතක නෙවෙයි. 
 
 
මිනිස්සු පැවැත්ම ඇතුලේ භයානක ක්‍රම (dangerous methods) අත්හදා බලනවා.
 
 ෆ්‍රොයිඩ් ල, යුං ල, බවර් ල ඔක්කොම එහෙම කළා....
 
එහෙම ගැහැණුත් ලෝකේ ඉඳල තියනවා. 
 
එකම දේ අපි ආසයි බයයි. 
 
යම් ඩේන්ජර් එකක ත්‍රිල් එකක් නැත්තේම නැහැ. 
 
ආක්‍රමණශීලි පියෙක්ගෙන් ලැජ්ජාවට පත් වෙච්ච් ගැහැණියක් සුවපත් වෙන්නත් ඒ වේදනාවම ඉල්ලා සිටිනවා පසු ආවර්තිත ලෙස (retroactively). 
 
ජීවිතේ කියන්නේ අසූචි ගොඩක් (life is shit) කියල ජිජැක් කියන්නේ ඒ නිසා වෙන්න ඇති.  
 
භයානක ඉතිහාසයක් ඔස්සේ රෝගී වෙච්ච් මිනිස්සු සුවපත් වෙන්නෙත් භයානක ක්‍රමවේද ඔස්සේ ම තමයි. 
 
ආශාව මියගිය ලෝකෙක අපිත් ආසයි එයාල වින්ද අපි නොවිඳින අමුතු ආසාව ගැන දැනගන්න...
 
සොරි බ්‍රෝ...
 
 
DSC 0467 e1564602398386
 
(මහේෂ් හපුගොඩ )
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
(උපුටා ගැනීම මහේෂ් හපුගොඩ ගේ FB පිටුවෙන්)
###############

 
 

 

කිව්වේ නම් කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්!
මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?

 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්