පීතෘත්වය සෙනෙහසේ නාමයෙන් මතු අනාගතයේ දරුවන් වෙනුවෙන් පරිසරය සුරකින්නැයි
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලීමක් කර ඇත.
දැවැන්ත පාරිසරික විනාශයක් සිදුවෙමින් පවතින බවට දිනෙන්දින මාධ්‍ය වාර්තා පලවෙමින් තිබියදී සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය හෙක්ටයාර 11,000 සිට 36,000 ක් දක්වා වර්ධනය කිරීමට මැදිහත්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිබඳව අන් කවරදාටත් වඩා සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වෙමින් තිබේ.
ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඔහුව හඳුන්වා දී ඇත්තේ, සිය ධුර කාලය තුළදී අවම බලය තමන් තුළ තබාගෙන පරිසරය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් ඉතා වැදගත් තීරණ ගණනාවක් ක්‍රියාත්මක කළ නායකයෙකු ලෙසයි.
සිය ධූර කාලය තුළදී වන විනාශය අවම කර ගැනීමටත් වන ඝනත්වය 2% වර්ධනය කර ගැනීමටත් සමත් වු නායකයකු ලෙස ඔහුව ඇඟයීමට ලක්වෙමින් ඇත.
සිංහරාජය ආසන්නයේ වනාන්තරය විනාශ කිරීම සම්බන්ධයෙන් රක්වානේ භාග්‍යා අබේරත්න නම් තරුණිය විසින් පළ කරන ලද අදහසට එරෙහිව ආණ්ඩුවේ බලධාරින් දක්වන ලද ප්‍රතිචාර හා පොලීසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළකර සිටින සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී තරුණ තරුණියන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ භාවිතාව ඉහලින්ම අගයකරමින් සිටිති.
එහිදී, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, තමන්ගෙ නිල වෙබ් අඩවිය තුළට අනවසරෙන් ඇතුළු පාසල් දරුවෙකුට ඔහු ළඟට ගෙන්වා පවුලේ සියලු දෙනාටම තෑගිබෝග ලබාදෙමින් උසස් අධ්‍යාපනයට උදව් උපකාර කළ අයුරු සමාජ මාධ්‍ය තුළ නැවතත් මාතෘකාවක් බවට පත්ව තිබේ.
සැබැවින්ම සිය වෙබ් අඩවියට ඇතුළු වී චේතනාන්විතව අපරාධයක් සිදුකල අදාල පාසල් සිසුවාට ජනාධිපතිවරයකු සලකුණු ආකාරය සහ සංවේදීව පරිසරය පිළිබඳව කතා කළ පාසල් දරුවෙකුට වර්තමානයේ සැලකූ ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ සංසන්දනාත්මකව අදහස් දක්වා ඇත.
මේ අතර පරිසර සංවිධාන රැසක් හිටපු ජනාධිපතිවරයා අගය කරමින් ගෞරව සම්මානයක් ලබාදීමට සුදානමින් සිටින බවට රාවයක්ද පවති.
The Leader TV
ICCPR පනත රටට හානියක්! වහාම වෙනස් කළ යුතුයි. - රොහාන් සමරජීව
කිව්වේ කාබන් නැති පරිසයක්! හදන්නේ ඔක්සිජන් නැති බිමක්! - මේ ආණ්ඩුව කැළයත් එක්ක තරහද?