ටිමති සම්මාන උළෙල බලන්න කිංබානට්තුමාත් ගියා.
කිංබානට්තුමාට ඉස්සරහ පේළියේ වාඩිවෙලා හිටියේ තනුහසුයි, ඩෙව්මියි.
දෙන්නම සම්මාන අරගෙනම යන්න ඇඳගෙන ඇවිල්ලා හිටියේ.
ශාලාවේ ලයිට් නිවුනා.
ඔන්න සම්මාන දෙන්න පටන් ගත්තා.
" හොඳම සහාය නළුවා ....කළණ ගුණසේකර .....".
" කවුද අනේ ඒ...? ඇහැව්වෙත් අදමයි.."
ඩෙව්මි කිව්වා.
" ඒකනේ...මං හිතුවේ අපේ බබියා හරි මයිනා හරි හොඳම සහාය නළුවා කියලායි...."
තනුහස් කිව්වා.
" මීළඟට හොඳම සහාය නිළියට හිමි සම්මානය ....චාන්දනී සෙනෙවිරත්න ..."
" ඒයියා ....මේ කොහේ ඉන්න නිළියොද අනේ...? අනීෂා ආන්ටිටනේ ඒක යන්න ඕන ..."
ඩෙව්මිව පුටුවෙන් නැගිටුනා.
" ෂිහ්...! මට නං මාර අප්සෙට් ..."
තනුහස් ඔලුව කසන්න ගත්තා.
" හොදම නළුවා ... රොෂාන් රවීන්ද්‍ර ..."
" මේ බලන්න අයියෝ අපි වගෙ සීනියර්ලා ඉද්දි නවක නළුවෝ පුම්බන හැටි..."
ඩෙව්මිට හොඳටම තරහා ගිහින්.
" හොඳම නිළිය සමනලී ෆොන්සේකා ...."
" ඇක්ටිං කියන්නේ පාර අයිනේ කාර් එක නවත්තලා මල් කඩන එකටයි, කෙල්ලෙන්ගේ ජංගි හෝදන එකටයි කියලා මේකේ විනිශ්චය මංඩලේ එවුන් දන්නේ නැතුව ඇති ..."
තනුහස්ට ඌරු ජුවල් ගිහින්.
" හොඳම තිර රචනය- නාමල් ජයසිංහ ..."
" මේක නං මහ විකාරයක් ... හොඳම තිර රචනෙ දෙන්න ඕන අපේ සැමන් ගුදිරිබුදි අයියටනේ..."
ඩෙව්මි පුපුරනවා.
" සැමන් අයියා ස්ක්‍රිප්ට් එකක් නැතුව නාට්‍යය ලියන එකම ඇති හොඳම තිර රචනයට හිමි සම්මානෙ දෙන්න ..."
තනුහස් ඒක අනුමත කළා.
" දැන් බලන්න අනීෂා ආන්ටිට බබා හමිබුවෙන්න ආවම බඩට කොට්ටයක් තියලා ෂූට් කරලා කැන්සර් එකක් හදලා රට යවනවා දෙයක් හිතලා ලියන්න පුලුවන් අපේ සැමන් අයියට ඇරෙන්න වෙන කාටද..., ? "
ඩෙව්මි තාම කියවනවා.
" අනික සැමන් අයියා අපේ නාට්‍යවල චරිත අතුරුදන් කරන හැටියට සැප්තැම්බර් වල ජිනිවාවලට උනත් ගෙනියන්න පුලුවන් ...එහෙම රිස්ක් එකක් අරන් ලියන මිනිහෙකුට සම්මානයක් දෙන්න බැරි නං වැඩක්ද ..."
තනුහස්ට ෆුල් මංඥං...!
" ඔය ටිලංගයා රාජපක්ෂලාට පන්දම් අල්ලන්න නාමල් නම තිබ්බ හින්දා ඔය සම්මානෙ දෙන්න ඇති ... අපි යං අනේ...! "
ඩබලම යන්න නැගිට්ටා!
(කිං බානට් )
THE LEADER TV
තානාපතිවරු දෙන්නෙකුගේ නම් රිජෙක්ට්! මිලින්දට මොකද වෙන්නේ ?
රාජපක්ෂ පවුල ඉන්දීය සමාගමක් මිලට අරන්!