කිංබානට්තුමා මිසිස් ශ්‍රී ලංකා තරගේ බලන්න ගියා.
 
ඔන්න තරගේ වටෙන් වටේ ගිහිල්ල අන්තිම වටේටත් ආවා.
 
 
පුෂ්පිකා මිසිස් ශ්‍රී ලංකා කියලා වේදිකාවෙන් කියනවා ඇහුනා.
 
 
පුෂ්පිකාට ක්‍රවුන් එකත් දැම්මට පස්සේ ඩබලක් ස්ටේජ් එකට  නැග්ගා.
 
 
" පුෂ්පිකා ඩිවෝස් වෙලා... ඒ හින්දා මේක දෙන්න බෑ...!"
ස්ටේජ් එකට නැගපු ඩබලෙන් එකියක් කිව්වා.
 
 
ඊට පස්සේ ෆුල් ඩම් එක දාලා පුෂ්පිකා ගේ ඔලුවට දාලා තිබ්බ ක්‍රවුන් එක අදින්න ගත්තා.
 
 
" කවුද බං මුං දෙන්නා...? හරියටම හැටේ වත්තේ ගෑනු දෙන්නෙක් වගේ..."
කිංබානට්තුමා හොල්මං ද පෝල් වෙලා ගිහින් ළඟ හිටපු මෑන්ස් ගෙන් ඇහුවා. 
 
 
" ඔය එක්කෙනෙක් විවාහක ලෝක රූ රැජිණ ..."
ඒ මෑන්ස් කිව්වා. 
 
 
" රූ රැජිණලා වීම කෙසේ වෙතත් විවාහක බව නම් හැසිරීමෙන් පේනවා ...මුංගෙ ගෙවල්වල මිනිස්සු කොහොම පණ බේරගෙන ඉන්නවාද මංදා...."
 
කිංබානට්තුමා ෆුල් අඤ්ඤකොරොස්.
 
 
හරියටම වැඩේ ගෑනු රෙස්ලිං මැච් එකක් වගේ.
 
 
" ඔටුන්නත් දැම්මට පස්සෙද ඩිවෝස් කියලා දන්නේ ...?"
කාටත් ප්‍රශ්නයක් .
 
" අපරාදේ පුෂ්පිකා වෙනුවට පියුමි හංසමාලියි විවාහක රූ රැජිණ තරගෙට එන්න තිබුනේ ..."
කිංබානට්තුමාට නිකංම කියවුනා.
 
" ඇයි එහෙම කියන්නේ ...?”
 
හැමෝම කිංබානට්තුමා දිහාට හැරුණා.
 
" එහෙම උනා නං කැරොලයිනුයි, චූලයි තාම පියුමි හංසමාලිගෙන් ගුටි කනවා....!"
 
 
(කිංබානට්)
 
cd62a7ff b05f 4276 8423 b19ea2ec6905 

 

 


 

THE LEADER TV
 
 

සීතා - දමිත හුටපටේ...!

 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්