(එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග Dailymirror මාධ්‍යවේදී ඊශ්වරන් කළ සම්මුඛ සාකච්ජාව සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිට ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක්.)
මේ ඉන්ටර්විව් එක හරි හොඳට කරල තියෙනව ඊශ්වරන්. "On Fire with Easwaran Rutnam" කියල තිබ්බට එහෙම ඉන්ටර්විව් එකක් නෙමෙයි මේක. කූල් ඉන්ටර්වීව් එකක්.
ඒත් එක තැනකදි ඊශ්වරන් රනිල්ගෙන් අහනව පෝට් සිටි කොමිසමට විදේශිකයින්ව දාන්න පුලුවන් කියන එක ගැන රනිල්ගෙ මතය.
රනිල් කියනව මොකටද විදේශිකයො, ඒ ගොල්ලන්ට මොනවද ගේන්න පුලුවන්, රට අතහැරල ගිය ශ්‍රී ලාංකිකයො නම් කමක් නැහැ, කියල.
එතකොට ඊශ්වරන් කියනව, ඒ අයට දැනුම ගේන්න පුලුවන් නේද කියල.
එතකොට රනිල් කියනව එහෙම නම් අපිට විදේශිකයො ඕනෙ නම් උපදේශකයින් කර ගන්න පුලුවන්, නමුත් මේ කොමිසමේ අයට තීරණ ගන්න වෙනව, ඉතිං ඒ අය තමා වගකියන්න ඕනෙ අය, ආණ්ඩුවට උත්තර බඳින්න ඕන අය ඒ ගොල්ල. ඒ නිසා [ මේ ආණ්ඩුව] පැහැදිලි කරන්න ඕනෙ ඇයි ඒ ගොල්ලන්ට ෆොරිනර්ස්ල ඕනෙ කියල.
ඊශ්වරන් රනිල්ව කොන්ෆ්‍රන්ට් කරේ නැහැ ඉතිහාසයත් එක්ක.

කාලෙකට පස්සෙ ආයෙමත් රනිල් ඒ තනතුර දුන්නෙත් විදේශිකයෙකුට, අර්ජුන මහේන්ද්‍රන්ට. එයා ලංකාවෙ උපන්, ඒ මහ බැංකුවෙත් වැඩ කරපු පස්සෙ රට අතහැරල ගිහින් සිංගප්පූරු ජාතිකයෙක් වෙච්ච කෙනෙක්.
රනිල් පැහැදිලි කරේ නැහැ ඇයි එයාව ඕනෙ කියල ප්‍රශ්ණ කරපු වෙලාවෙ. එකම දෙයයි කියල තියෙන්නෙ "I want him" කියන එක විතරයි.

මම කියන්නෙ ඊශ්වරන් මේක අස්සෙ බොන්ඩ් ගැන අහන්න තිබ්බ කියල නෙමෙයි. ජෝන් ගැනයි අර්ජුන ගැනයි අහන්න තිබ්බ - විදේශිකයින් මර්මස්ථානවලට පත් කිරීමේ අතීත උදාහරණ.
රනිල් අර්ජුන ගන්න කොට රටට පැහැදිලි කිරීමක් කරාද කියල අහන්න තිබ්බ කියන එක.
නිකන් "රට අතහැරල ගිය ශ්‍රී ලාංකිකයින් නම් කමක් නැහැ" කියල රනිල් නමල ගැහැව්වෙ අර්ජුන පත්කිරීම ජස්ටිෆයි කරන්න කියල ඊශ්වර්න්ට තේරෙන්න තිබ්බ!
ඒ හැරුනම රනිල්ගෙ පැහැදිලි කිරීම් අහන්න වටිනව. හොඳට පැහැදිලි කරනව පෝට් සිටි කතාව. ලෝක ප්‍රවණතාව ආදී තව මේකට අදාල දේ. සංකල්ප ආදිය.
ඒ වගේම ඊශ්වරනුත් පෙන්නුව කොහොමද කූල් ඉන්ටර්විව් එකක් කරන්නෙ කියල. ඒකත් එක මාදිලයක්.
වෙල්ඩන්!
(උපුටා ගැනීම අවසන්)
පහත දැක්වෙන්නේ උවිඳු ගේ සටහනට පුවත්පත් මණ්ඩල සභාපති, බැසිල්වාදී මහින්ද පතිරණ පළකර ඇති ප්‍රතිචාරයයි.
THE LEADER TV
රුසියානු Mi-171 හෙලිකොප්ටර් 4ක් මිළදී ගැනීමට යයි - එකක මිළ ඇ. ඩොලර් මිලියන 18ක්
එංගලන්ත ප්‍රභේදය කියන්නේ අලුත් ප්‍රභේදයක් නොවේ - රවී කුමුදේශ්