ආරංචි විදියට කොවිඩ් ලෙඩ්ඩු ප්‍රයිවට් හොස්පිට්ල්වලිනුත් කෙළින්ම භාර ගන්නෙ නෑ.
 
 
වේයිටින් ලිස්ට් එකකට වෙලා ඉන්න වෙනවලු.
 
ඒ කියන්නෙ පුළුවන් තරම් සල්ලි පොදි ගහපු සල්ලි කාරයන්ගේ කාසිත් මේ වෙලාවේ අවලංගු කාසි බවට පත් වෙනවා.
 
ඒකෙන් නම් ගුල්ලන්ටවත් හොඳ කලක් යයි කියමුකෝ.
 
දන්න ආයතනයක දන්න කියන ළමයෙක්ට ඒ අස්සෙ මෙන්න මෙහෙම දේකට මූණ දෙන්න සිද්ධ වුණා. 
 
ඒ ළමයාව ඒ ආයතනයේ ඉහළ නිලධාරිනියක් හතරෙන් පස්සෙ වැඩකට නවත්තගන්නවා.
 
දැන් ඒ ළමයා කොහොමද යන්නෙ. නිලධාරිනිය අහනවා 
 
ඔයත් යන්නෙ අපි යන පැත්තටනේ. අපේ ට්‍රාන්ස්පෝට් එකෙන් ඔයාව දාන්නම්. 
 
එහෙම කියපු නිලධාරිනිය ඒ ට්‍රාන්ස්පෝට් එකේම යන තවත් ඉහළ නිලධාරියකුට කතා කරනවා.
 
හෙලෝ..අද අපේ වාහනේ තුන් දෙනයි නේ...අපි මෙයාව දගෙන යමු ඒ පැත්තටමනේ යන්නෙ.
 
ආ අද ඔයත් නැද්ද? එහෙනම් අපි දෙන්නනේ...
 
ඔන්න ඔහොම දෙන්නගේ කෝල් එක යන අතරේ පස්සෙ නිලධාරිනිය ටිකක් හඬ බාල කරලා ආ එහෙම ද එහෙනම් කමක් නෑ කියලා ෆොන් එක තියනවා.
 
සංවාදෙ බාගෙට වගේ  ඇහුණ ළමයාට තේරෙනවා අනිත් පැත්තෙන් කතා කළ නිලධාරියා එයා දාගෙන යනවට අකමැති වුණු බව.
 
අර ඉහළ නිලධාරිනිය දැන් ටිකක් අපහසුවෙන්. 
 
ඇයට ඇත්තටම ඕන වුණේ අර ළමයාව අරගෙන යන්න. 
 
ඇයව අපහසුතාවට පත් කරන්න අකමැති ළමයා කියනවා නෑ මං යන්නම් කමක් නෑ කියලා.
 
නෑ ඔයාව ගෙනියන්න තිබුණා.ඒත් මේ කොවිඩ් ප්‍රශ්ණෙනෙ.
 
ආ ඔව් එහෙම අරන් යන එක හරි නෑ මට වුණත් කන්ටෑක්ස් තියෙන්න පුළුවන් නොදැන. කියන්න බෑ නේ කමක් නෑ මට යන්න පුළුවන් ළමයා නිහතමානීව උත්තර දෙනවා.
 
ආයතනවල ඉහළ නිලධාරීන් බොහොමයකට වැඩට එන්න පහසුකම් දීලා තියෙනවා.
 
පහළ නිලධාරීන් බහුතරය එන්නෙ බස්වල කෝච්චිවල තෙරපිලා.
 
ඉතින් අර වාහනයක් නිකන් ගියත් දාගෙන යන්න අමාරුයි. 
 
මොකද ඒ අයට අර බස් කෝච්චිවල තෙරපිලා එන අයගෙන් කොවිඩ් එන්න පුළුවන්.
 
ඒ අය ආරක්ෂා වෙන්න ඕන.
 
මොකද  එයාලගේ ජීවිත සෑහෙන්න වටිනවා.
 
මං දන්න ළමයා උපාධිධාරීනියක්.
 
ඉහළ නිලධාරීන් ඕන නම් මේ ළමයට වඩා එක විභාගයක් පාස් වෙලා ඇති.
 
එතකොට එයාලට වඩා මේ ළමයාගේ ජීවිතේ වටිනකම අඩු වෙන්නෙ කොතනින් ද? 
 
අර එක විභාගේ පාස් නොවුණා හෝ ඒ ළමයට ඕන නිසා ඒක නොකළ නිසා ද?
 
මට තේරෙන්නෙ නෑ. එක ළඟ වාහනේ වාඩිවෙලා ගියොත් කොවිඩ් එනවා. 
 
ෆයිල් උස්සන් ලියුම් උස්සන් දවසෙම මේ නිලධාරීන් ළඟට දුවගෙන යනකොට කොවිඩ් එන්නෙ නැද්ද?
 
මිනිස්සු හරි පුදුමයි.
 
අවුරුද්දක් ඇතුළත ලක්ෂ තිහකට වඩා මිනිස්සු දුම්‍ රොඩු විතරක් වෙද්දිත් ජීවිතේ අනියතයි, මරණයට නිලතල නම්බු නාම අදාළම නෑ කියන එක තාමත් නොතේරෙන හැටි.
 
ඒ අස්සෙම දැක්කා ඉන්දියාවේ එක මනුස්සයෙක් එයාගේ වාහනේ විකුණලා මිනිස්සුන්ට ඔක්සිජන් අරන් දෙනවා.
 
තවත් සල්ලිකාරයෝ කීප දෙනෙක්ම එයාලගේ වාහන තාවකාලික රෝහල් බවට පත් කරලා.
 
මිනිස්සු ඒවා ඇතුළේ වැටිලා ඔක්සිජන් ටැංකිවල එල්ලිලා හුස්ම ගන්නවා.
 
හුස්ම කොච්චර වටිනව ද?
 
අනිත් අතට හුස්ම ටික යන ඩිංගට නේ මේ සේරම පොදි ගහන්නෙ.
 
කමක් නෑ අපි නොමැරෙන ගාණට ඉමු.
 
කොහොමත් ළඟදිම පණ යන එකනේ.
 
 
 

 

 

 


 

THE LEADER TV
 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස් මෙන්න - විධිමත් පරීක්ෂණයක් කරන්න

 

 

කොරෝනා අලුත් බෙහෙත කරාපිටි දොස්තරගේ ගරානාවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්