කොරෝනා පළවෙනි රැල්ලෙදි හොඳටම කරපු රටට මොකද වුණේ කියලා හැමෝම කල්පනා කරනවා.
 
 
 
ග්‍රාම සංවර්ධන සමිතියේ කට්ටිය මීටරයක් දුරින් රැස්වෙලා මේ ගැන සාකච්ඡා කරනවා.
 
 
" මතකද මුල්ම රැල්ල ආපු වෙලාවේ කොරෝනාව පාලනය කරපු හොඳම රටවල් 10 අතරට අපේ රට පත්වුණා...."
පංසලේ ලොකු හාමුදුරුවෝ කිව්වා. 
 
" දැන් අපේ නායකයින්ට හරි කෙලින් තීන්දු තීරණ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ... 
 
 
කොරෝනා මුල්ම ‍රැල්ලෙදි මාස්ක් වැඩක් නෑ කියලා සෞඛ්‍ය ඇමැතිනියම කිව්වා ...
 
දැන් මාස්ක් නැත්තං කූඩුවේ කියලා පොලිසිය කියනවා ..."
එහෙම කිව්වේ ලොකු ඉස්කෝලේ මහත්තයා.
 
 
" බලහං පුතේ, දැන් මිනී අළුවත් ගඟේ පාකරන්න දෙන්නේ නෑ...
එහෙව් එකේ අපේ දේශපාලන උත්තමයෝ අර මොකක්ද මුට්ටි වගයක් ගඟේ පා කළානෙ... 
 
 
අන්තිමට මුට්ටි ගඟේ ගියා...ගඟට උඩින් කොරෝනා ගියා...
අනේ මෙහෙමත් මොට්ටපාලලා රජ කරන රටක්..."
සෙලෙස්තිනා උපාසිකා මාතාව අදහස් දැක්කුවේ එහෙමයි.
 
 
" පස්සේ මොකෝ කළේ...? 
ධම්මික පැණියක් පස්සේ දිව්වා... 
දැන් කරාපිටියේ කැප්සූල් එක පස්සේ දුවනවා..."
කඩේ මුදලාලිත් අදහස් පළ කළා.
 
 
" යේක බොඩිය පුච්චනවද...වළලනවද කියලා තීරණය කරන්න මාස කීයක් ගත්තද අප්පා..."
සයිබු නානා කිව්වේ එහෙමයි.
 
 
" මිනුවන්ගොඩ මාස් පොකුර ආවා...
මාලු කඩේ පොකුර ආවා.... 
උඩයංගගේ යුක්‍රේන් පොකුර , එතකොට ඉන්දියන් පොකුර අඬගහලා ගෙන්න ගත්තා ...
සිද්ධ වෙන දේවල් දැක්කම ‍හිටංගේ යහපාලනේම තමයි දැන් නම් මතක් වෙන්නෙ ... '
ඉස්කෝල හාමිනේ කිව්වා. 
 
 
" දැන් ලෙඩ්ඩුන් වෙනුවෙන් ඇදන් දහස් ගණන්වලින් මධ්‍යස්ථාන හදනවා... 
අවුරුද්දට කලින් දුර දිග බලලා හරි තීරණයක් ගත්තා නම් සමහර  විට ලෙඩ්ඩු හැදෙන එක අඩු කරගන්න  තිබ්බා..."
නර්ස් නෝනා වැඩට යන්න නැගිට්ටා.
 
 
" මං හිතන්නේ සර්ට ‍රට වහන්න බය ඇති...."
මේ සේරම අහන් හිටපු කිංබානට්තුමා අන්තිමට කිව්වා.
 
 
" ඒ ඇයි...? "
ලොකු හාමුදුරුවෝ  පුදුමෙන් වගෙ ඇහුවා. 
 
" ලොකුගේ අරී කියලා ....! "
 
 
( උපුටා ගැනීම - King Barnet FB පිටුවෙන්...)
 

 

 


 

 

THE LEADER TV 

 
 

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්