සංචරණ සීමා දැම්මට පස්සේ විපක්ෂේ මොනවා කියයිද කියලා බලන්න කිංබානට්තුමාට හිතුණා.
 
 
 
ලොක්ඩවුන් කරපු හන්දියකදී කිංබානට්තුමාට PHI සංගමේ ලොක්කා හෙවත් ලොක්ඩවුන් රෝහණ මාට්ටු වුණා. 
 
 
ලොක්ඩවුන් රෝහණ තඩි ඉබ්බෝ සෙට් එකක් ළග තියාගෙන ඔයිල් දාලා සර්විස් කර කර ඉන්නවා.
 
 
" මොකෝ මේ ඉබ්බෝ සෙට් එකකුත් අතේ තියන්...? "
කිංබානට්තුමා ඉබ්බෙක් උඩ වාඩි වෙන ගමන් ඇහූවා.
 
 
" ලොක්ඩවුන් කරන්න ...! "
ලොක්ඩවුන් රෝහණ කිව්වා. 
 
 
" ලොක්ඩවුන් කරන්න ඕන කියලා කවුරු හරි ඩොක්ටර් කෙනෙක් කිව්වද...? "
කිංබානට්තුමා හෙමීට ඇහුවා. 
 
 
" ඔව්, මට ඩොක්ටර් රාජිත කිව්වා...."
 
 
"වෙන කවුරුවත් ඖෂධවේදියෙක් එහෙම 
කිව්වද...? "
 
" කොවිඩ් රෝගින්ට ප්ලැකැනිල් අනුමත කරපු පාමසිස්ට් සජිත් පුතානෝත් කිව්වා...."
 
 
" මේක රට ලොක්ඩවුන් කරලා බේරගන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි ..."
කිංබානට්තුමා ලොක්ඩවුන් රෝහණට කිව්වා. 
 
 
" මොකද බැරි..? ඔය අනිත් රටවල් 
කළේ...! "
පොර කිව්වා.
 
 
" අනික් රටවල් කළාට ගෝඨාභය සර් මුළු රටම ලොක්ඩවුන් කරන්නේ නැත්තේ හේතුවක් ඇතුව..."
කිංබානට්තුමා පැහැදිලි කරන්න පටන් ගත්තා. 
 
 
" මොකක්ද ඒ හේතුව ...? "
 
 
" ලොක්ඩවුන් කළා කියලා මේ රටේ අයියලාත් එක්ක කොරෝනාව මර්දනය කරන්න බෑ..."
 
 
" ඇයි බැරි...? "
 
ලොක්ඩවුන් රෝහණ ලොක් තද කරන ගමන් ඇහුවා. 
 
" යකෝ මේක ලංකාව ...! එක්ටැම්  ගේක හිරකරපු උන්මාද චිත්‍රාත් බඩ කරපු පොරවල්  හිටපු රටක් මේක ...! "
 
 
ඒක අහපු ගමන් ලොක්ඩවුන් රෝහණ ඩොක්ටර් රාජිතවයි, පාමසිස්ට් සජිත්වයි හොයාගෙන දිව්වා.
 
 
( King Barnet FB පිටුවෙන්..)

 

 

 


 

 

 THE LEADER TV 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්