කිංබානට්තුමා ධම්මිකව හම්බ වෙන්න ගියා.
 
" ධම්මික මහත්තයාව හම්බුවෙන්න නං මහත්තයාට කාලාන්තරයක් බලං ඉන්න වෙයි..."
එතන හිටපු සිකියුරිටි ලොක්කා කිව්වා. 
 
" ඇයි... ධම්මික මහත්තයා නැද්ද ..."
 
 
" ධම්මික මහත්තයා හිටියට රාහු කාලේ තාම පැන්නේ නෑනේ..."
සිකියුරිටි ලොක්කා එහෙම කියලා බුලත් විටක් හපන්න ගත්තා. 
 
 
කිංබානට්තුමා පැය 2 1/2 ක් විතර කට්ට කාගෙන හිටියා.
ඔන්න එතකොට ඈතින් යාංතමට වගෙ පොරක් මතු වුණා. 
 
 
" අන්න එනවා...! "
කිංබානට්තුමා කෑ ගැහුවා.
 
 
" මහත්තයා කොහොමද හරියටම දැනගත්තේ...? "
 
 
" රතු පාටට ටයි එක දාලා බලන්....
කළු කලිසම ගෙනෙන් ... 
නිල් කමිසය ගෙනෙන් ...
රතු ටයි එක  හොඳයි
මැච්  වෙලා පෙනෙයි....//
පන්සල , පල්ලියේ , කෝවිල හන්දියේ 
බස් නැවතුම්පොළ, පෝලිමේ හැම තැන
මරණෙට, මඟුලට, කොටහළු ගෙදරට
දාලා බලන්...
රතු පාටට ටයි එක දාලා බලන්....
රතු පාටට ටයි එක දාලා බලන්...."
 
කිංබානට්තුමා සිංදුවෙන්ම උත්තර දුන්නා.
 
 
" ආ...මහත්තයත් දන්නවා නේද වෙනස..."
සිකියුරිටි ලොක්කා  කිව්වා. 
 
 
ඔන්න එතකොටම ධම්මික ආවා.
 
" මචං, පොඩි සීන් එකකට ආවේ..."
කිංබානට්තුමා කතාව පටන් ගත්තා. 
 
 
" මොකක්ද වැඩේ...? "
ධම්මික ඇහුවා. 
 
 
" අර දේවි එකේ කෙල්...."
 
 
" දේවි එකේ කෙල්ල කිව්වේ සීතා ද...? "
 
 
" නෑ...නෑ... සීතා ඇරෙන්න අනිත් සේරම කෙල්ලො..."
 
 
" ඉතිං....? "
 
 
" දේවි බාලිකා එකේ කෙල්ලෝ එපාම කියලා මැරෙන්න හදද්දි උඹ බලෙන්ම දෙන්න යන මිලියන 100 න් ICU ඇඳන් ටිකක් අරන් දෙන්න බැරිද...ලොකු පිනක්....
මට නෙවෙයි අර සුදර්ශනීට...."
 
කිංබානට්තුමා පැහැදිලි කරලා දුන්නා.
 
 
" සුදර්ශනී ගෙන් අහපං එතකොට මට කාසල් හොස්පිට්ල් එක තියෙන ඉඩම දෙනවද කියලා ...? "
ධම්මික එහෙම අහලා කාර් එකේ නැගලා රූං ගාලා ඉගිල්ලුනා.
 
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන්)
###############
THE LEADER TV 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්