කලු සුද්දෝ. 1815 සිට 1948 සහ 1972 දක්වා ඉංග්‍රීසි ආණ්ඩුවට සහ කිරීටයට ගැතිකම් කරපු සිංහල රටේ ගැත්තෝ හැදින්වුණේ “කලු සුද්දෝ” කියලා. 
 
 
උන් තමයි සිංහලෙන් කතා කරමින් දේශප්‍රේමී ලීලාවෙන් රෙද්ද බැණියම් වේට්ටි ඇදගන වේදිකාවලට නැගලා හැන්දෑවට ටොප් හැට් ටේල් කෝට් දාගන සුද්දෝ එක්ක වයින් - විස්කි බිබී රටට වින කළේ.
 
උන්ට ගතමනාව හම්බුණා. නම්බු නාම හම්බුණා. පරම්පරා පිටින් ගොඩ යන්න ධනය බලය පිළිගැනීම විතරක් නෙවෙයි නානාවිධ වරප්‍රසාද හුගාක්.
 
2019 න් පස්සේ දැන් ඉන්නේ “කලු චීන්නු ”. 
 
ඒත් අර විදිහමයි. සිංහලෙන් කතා කරමින් දේශප්‍රේමී ලීලාවෙන් රෙද්ද බැණියම් අත්කොට කමිස ඇදගන වේදිකාවලට නැගලා දේශප්‍රේමය ගැන බෙරිහං දීලා, හැන්දෑවට චීන බ්‍රේකර්ලාගේ ගෙවල්වල නූඩ්ල්ස් - ටෝෆු කකා යුවාන් දාහේ දෙදාහේ ඉදං කොමිෂන්වලට රට විකුණනවා. 
 
ලොකු උන්ට කුට්ටි පිටින් සල්ලි දේපල. පොඩි උන්ට ටුවර් තෑගි බෝග. දන්නේම නැතුව කලු චීන්නු විසින්, කලු සුද්දෝ රටට කරපු හානියට වඩා හානියක් කරමින් යනවා.
 
 
BAHARATHA(භාරත තෙන්නකෝන්)
නිදහස් මාධ්‍යවේදී 
සමාජ මාධ්‍ය ක්‍රියාකාරික 
(ප්‍රංශය)
 
 
(Bharatha Prabhâshana Thennakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)   

 

 


 

THE LEADER TV 
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?
 

 
 
ජොනී - සුදර්ශනී ගැටුමෙන් ඉටුකමේ අර්බුදය එළියට...
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image