කිංබානට්තුමා සුමුදු හාර්ඩ්වෙයාර් එක පැත්තේ ගියා.
" කොහොමද සර්...? පෝට් සිටි පනතත් කොවිඩ් එකක් කරගත්තා
නේද ආණ්ඩුව ....? "
සුමුදු හාර්ඩ්වෙයාර් මුදලාලි ඇහුවා.
" ඒකනෙ බං...! වැඩේ කියන්නේ දැන් ඕක සම්මත කරගන්න ආණ්ඩුවට තුනෙන් දෙකත් නෑ..."
කිංබානට්තුමා කිව්වා.
" අප්පද බොල...! දැන් මොකද කරන්නේ සර්...? "
"දැන් ඉතිං ශ්‍රේෂ්ඨාධිකරණය කියන විදියට ඔලුව පාත් කරගෙන වැඩ කරන්න වෙන්නෙ ...! "
" බලන්න සර්... අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කාත් අපේ
ජනාධිපතිතුමාට සැලකුවා...
ඒකට අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ...! "
සුමුදු හාර්ඩ්වෙයාර් එකේ මුදලාලිට ෆුල් අවුල්.
" ඕවා ඔහොම තමයි ...."
කිංබානට්තුමා හාර්ඩ්වෙයාර් තිබ්බ ප්ලාස්ටික් පුටුවට ඇලට් පාරක් ගැහුවා.
" මේවා මේ ආණ්ඩුවේම වැරැදි සර්...
දැන් බලන්න සර්, අධිකරණට දැම්මෙ කවුද ...? අලි බලන මිනිහෙක් නෙ..."
"ඒ කිව්වේ ...? "
කිංබානට්තුමා පුටුවෙන් උඩ ගියා.
" ඔය අලි සබ්‍රි ද කවුද කියලා ..."
" නෑ.. නෑ... අලි සබ්‍රි කියන්නේ අලි බලන මිනිහෙක් නෙවෙයි බං ... ජනාධිපති නීතිඥ කෙනෙක් ..."
" අම්මපා! මං හිතං උන්නේ අර කෝපි කඩේ අලි ජේමිස් වගෙ අලි බලන පොරක් කියලා..."
හාර්ඩ්වෙයාර් පොර කඩේ වහන්න ලෑස්ති වුණා.
" සර්ට මොනවා හරි ගන්න ඕනද..."
පොර කඩේ ලෑලි දාන ගමන් කිංබානට්තුමා ගෙන් ඇහුවා.
" මට හොඳ ටැප් එකක් දියන් බලන්න ..."
" අයියෝ සර් අපි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ටැප් විකුණන්නේ නෑනේ...."
" ඒ මොකෝ බං...? "
කිංබානට්තුමා හොල්මන් ද පෝල් වෙලා.
" ඇයි සර් ආණ්ඩුවේ ලොක්කෝ ටැප් තියෙද්දි අතින් ඇදගෙනමනෙ නාන්නේ...! "
( King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
###############
THE LEADER TV
විමල් යළි කරලියට - ආණ්ඩුවේ බැසිල් විරෝධී පක්ෂ නායකයින් කැඳවයි
යුක්රේනුවන් වෙනුවට රුසියානුවන්: මියගිය අයට වගකියන්නේ බැසිල් ද?