කිංබානට්තුමා කිච පීරිස්වත් ඇද ගෙන පාරට බැස්සා.
 
 
" මේ නිරෝධායන ඇඳිරි නීතිය අස්සේ කොහේද යන්නේ ...? "
කිච පීරිස් ඇහුවා. 
 
" වරෙං බං යන්න ෂැංග්‍රිලා එක පැත්තේ...."
 
එහෙම කියලා ඩබලම ගිහින් නැවතුනේ ෂැංග්‍රිලා එකේ 1005 වෙනි කාමරේ ගාව.
 
" මෙතන මොකක්ද වෙන්නෙ ...? "
කිච පීරිස්ට තාම ටියුබ් .
 
" අද තමයි ප්‍රින්ස් චන්දි- මෝල් ගේ  හැපි බර්ත්ඩේ එක ..."
කිංබානට්තුමා රහස එළියට දැම්මා.
 
ටික වෙලාවක් ගියා.
 
මුලින්ම රෝසි නෝනා ඇවිත් විෂ් කළා.
 
ඊට පස්සේ වැල නොකැඩී කට්ටිය එන්න ගත්තා. 
 
" මේ පාර චන්දි- මෝල් ගේ හැපි බර්ත්ඩේ තේමාව මොකක්ද දන්නේ නෑ..."
කිච පීරිස් කල්පනා කළා.
 
" ලැජ්ජා නැතිකම කොරෝනාවටත් වඩා ලොකුයි කියන තේමාවට තමයි මේ
සැරේ පොර හැපි බර්ත්ඩේ එක ගන්නේ ..."
 
කිංබානට්තුමා ඒ ප්‍රශ්නයත් විසඳුවා.
 
" කවුද අර පුෂ්ප මාලාවක් වගෙ එන්නේ...? "
 
" ඒ පුස්පි- කා නේ....මිසිස් ඉල්ලං කා.... අර ගලවලා ආපහු දාපු එක ..."
 
කිංබානට්තුමා අඳුනගත්තා බඩ්ඩ.
 
" එතකොට අර එන තෝරම්බල් කරත්තේ...?"
 
" ඒ පියු- මේ හං - ස - මහල් නේ...."
 
" අම්මට සිරි ඇත්ත නේන්නං... ඒත් මුළු රටටම නිරෝධායන ඇඳිරි නීතිය දාලා තියෙද්දි පුස්පි - කාලා, හං - ස - මහල් ලා  මේවට එන්නේ කොහොමද ...? "
 
කිච පීරිස් නන්නපෝල්.
 
" ඇයි බං... අත්‍යවශ්‍ය සේවාවලට එන්න පුලුවන්නෙ...! "
 
කිංබානට්තුමා කිංඩි හිනාවක් දාලා කිව්වා.
 
 
 
(කිං බානට්) 
 
(King Barnet ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 


 

THE LEADER TV 
 
 
එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !
 

 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්