අල්ලපු ගෙදර පොඩි එකා කිංබානට්තුමාට සෙට් වුණා.
" අංකල් , ඒ කාලේ සළු වඩන නිළමේ කියලා කෙනෙක් හිටියා නේද? "
පොඩි එකා එකපාරටම ඇහුවා.
" ඔව්..., රජ කාලේ හිටියා නේන්නං සළු වඩන නිළමේ කියලා නිළමේ කෙනෙක් ..."
කිංබානට්තුමා කිව්වා.
" සළු වඩන නිළමේ පත් වෙන්නෙ වැඩිම මනාපෙන් ද...? "
ඒ පාර ඌ අහපි.
"බොට පිස්සුද බං...! සළු වඩන නිළමේ පත් කරන්නේ රජ්ජුරුවෝ..."
කිංබානට්තුමා ඒකට එහෙම කිව්වා.
" එතකොට සළු වඩන නිළමේ ගේ රාජකාරි මොනවද...? "
" රජ්ජුරුවෝ නාන කොට රජ්ජුරුවන්ගේ සළු පිළි දීම තමයි එයාගේ ජොබ් එක ..."
" රජ්ජුරුවන්ගේ ටවල් එක ..? "
"ඔව්.., ඒකත් දෙනවා..."
" රජ්ජුරුවන්ගේ ලංකට් එක ..."
" ඒ කාලේ රජ්ජුරුවෝ ලංකට් ඇන්දේ නෑ නසරානියෝ..."
" තව මොනවද දුන්නේ ...? "
" රජ්ජුරුවෝ නාලා ඉවර වුණාම අඳින සළු පිළි සේරම දීලා ඒවා ඇන්දුවේ සළු වඩන නිළමේ තමයි කොල්ලෝ...."
" එතකොට දේවින්නාන්සේගේ
පෑන්ටියයි, බ්‍රෙසියර් එකයි දුන්නෙත් සළු වඩන නිළමේද...? "
කොලුවා අහපි.
" යකෝ..., සළු වඩන නිළමේ හිටියේ රජ්ජුරුවන්ට සේවය කරන්න මිසක් වටේටම සර්විස් එක දෙන්න නෙවෙයි ..."
කිංබානට්තුමාගේ මළ අතේ.
" එතකොට දැන් සළු වඩන නිළමෙලා නැද්ද අංකල් ...? "
" ගොං හැලපයෝ..., අපි දැන් ඉන්නේ නව සහශ්‍රකයේ ...මේ කාලේ කොහෙද බං සළු වඩන නිළමෙලා....! "
කිංබානට්තුමා තේරුම් කරලා දුන්නා.
" අංකල් බොරු නේද කියන්නේ ...? "
" මොකක්ද මං කිව්ව බොරුව ...? "
" වර්තමානේ සළු වඩන නිළමෙලා නෑ කියලා .. "
" නෑ තමයි ...! "
" ඒ වුණාට අර ඉන්නේ ..."
" කවුද ...? "
" සළු වඩන නිළමේ කෙනෙක් ...! "
" කාටද...? "
" පියුමි ඇන්ටිට...! "
එහෙම කියලා කොලුවා ජංගියත් උස්සන් ඔන්ලයින් ක්ලාස් එකට දිව්වා.
(King Barnet ෆේස්බුක් පිටුවෙන්..)
THE LEADER TV
ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?
තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!