ගොම්මන්පිල මහත්තයා මාර අවුලේ ඉන්නේ.
 
 
 
කිංබානට්තුමා ගොම්මන්පිල මහත්තයා බලන්න ගියා.
 
 
ගොම්මන්පිල මහත්තයා හිටියේ ඩීසලුයි භූමිතෙලුයි කවලම් කරන්න වගෙ.
 
 
" මොකෝ මේ හරියට පැට්‍රල් දීලා භූමිතෙල් ගත්තා වගෙ..."
කිංබානට්තුමා ඇහුවා. 
 
 
" බලන්නකෝ සෞඛ්‍ය ඇමති වැක්සීන් දීලා ස්කෝර් කරනවා...
කෘෂිකර්ම ඇමැති කාබනික පොහොරවලින් ස්කෝර් කරනවා...."
ගොම්මන්පිල මහත්තයා කියාගෙන යනවා. 
 
" සමහර ඇමැතිවරු මොඩ්ල්ලට ඇඳුම් සප්ලයි කරලා නිවුස් එකේ ඉන්නවා ...
තව සමහර ඇමැතියන්ට නැව් ගිලුණත් පබ්ලිසිටි ...."
ගොම්මන්පිල මහත්තයා ඔක්ටේන් 95 බාගයක් දාගත්තා.
 
 
" ඉතින් ඔබතුමාට තියෙන ප්‍රශ්නෙ මොකක්ද ...? "
කිංබානට්තුමා ෂේප් පිට ඇහුවා. 
 
 
" හැම එකාම පබ්ලිසිටි ගන්නවා... මට විතරයි ආපු දවසෙ ඉඳන් මුකුත්ම කරගන්න බැරි වුණේ...."
ගොම්මන්පිල මහත්තයා ඔක්ටේන් 95 එකෙන් තව 50 ක් දාගත්තා.
 
 
" ඉතින් විපක්ෂේ ඉන්න කොට ඔබතුමා රම්පෙට පොරි හැලෙන්න අයිඩියාස් දුන්නේ ...බල - ශක්තිය ළඟ තියෙන වෙලාවේ ජනතාවට දැනෙන දෙයක් කරන්න පුලුවන් නෙ..."
කිංබානට්තුමා කිව්වා. 
 
 
" ජනතාවට දැනෙන දෙයක් නේද ...?  රායිටෝ දෙන්නං...! "
 
 
එහෙම කියලා ගොම්මන්පිල මහත්තයා සරමත් කැහැපට ගහගෙන ෆැක්ස් එකක් යැව්වා.
 
 
"  ඔන්න සතියක් මං ගැන නිවුස් ගහන්න ජනතාවට දැනෙන්න නියම වැඩක් කළා...බලන්නකො ගොම්මන් වැටුනාම..."
ගොම්මන්පිල මහත්තයා ෆුල් සැටේ.
 
 
" මොකක්ද කළේ...? "
 
 
" මං ගොම්මන් යාමයේ සිට ඉන්ධන මිල වැඩි කළා....දැන් පලයව්කෝ මහින්ද මහත්තයායි, සෙට් එකයි බයිසිකල්වලින් කවුන්සිල්....."
 
 
එහෙම කියපු ගොම්මන්පිල මහත්තයා තව ඔක්ටේන් කාලක් ඕඩර් කළා.
 
 
(King Barnet ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 

THE LEADER TV 
 
 

 

වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?

 

 

 

"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !


 
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image