කිංබානට්තුමා සුරා බඩු කොමසාරිස්ව හම්බවෙන්න ගියා.
" අපි හිතුවේ මේ ආණ්ඩුව ජනහිතකාමී නෑ කියලයි.."
කිංබානට්තුමා කතාව පටන් ගත්තා.
" සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් නෙ... ආණ්ඩුව ජනතාව ගැන දිවා රෑ හිතනවා...."
සුරා බඩු කොමසාරිස් පැහැදිලි කෙරුවා.
" ඒක ඇත්ත ...මිනිස්සු බොරුවට කෑගැහුවා තෙල් මිල වැඩි කළා කියලා .... දැන් බලනකොට තෙල් ටික ඔන්ලයින් ගෙදරටම ගේන්න කටයුතු සූදානම් කරලනෙ...."
" අන්න මිස්ටර්ට තේරුම් ගියා..."
සුරා බඩු කොමසාරිස් කිව්වා.
" අර ජී. ඇල්. ට ඔන්ලයින් අධ්‍යාපනය හරියටම කරගන්න බැරි වුණාට මට හොඳටම ෂුවර් මේක නං හරියටම කරනවා...."
" දැන් බලන්න මිස්ටර් මේ රටේ මිනිස්සු හාල් නැග්ගත් චුරු චුරුව.... පරිප්පු නැග්ගත් චුරු චුරුව....සීනි නැග්ගත් චුරු චුරුව.....පිටි නැග්ගත් චුරු චුරුව....ඒත් අරක්කු නැග්ගට කවදාවත් එක වචනයක් කියනවද...අන්න ඒ නොසැලෙන ගුණයට අපි සලකන්න ඕන...."
සුරා බඩු කොමසාරිස් දිගටම කියාගෙන ගියා.
" දැන් කොහොමද අපි ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ ...? "
කිංබානට්තුමා ඇහුවා.
" හරිම ලේසියි ...ෆොරින් බඩු නං ඉස්සෙල්ලා F ගහන්න ඕන ...
විස්කි නම් F හිස් තැනක් 1 ද,
බ්‍රැන්ඩි නම් F හිස් තැනක් 2 ද,
වොඩ්කා නම් F හිස් තැනක් 3 ද ගහලා
SMS කරන්න තියෙන්නේ ...හරි සිම්පල් ...."
" ෂා මරු...! එතකොට ලෝකල් බඩු ගන්නවා නං...? "
" ලෝකල් බඩු ඕන නං ඉස්සෙල්ලාම L ගහන්න ඕන ....
ගල් නම් නම් L හිස් තැනක් 1ද,
පොල් නම් L හිස් තැනක් 2 ද,
බියර් නම් L හිස් තැනක් 3 ද ගහලා
SMS කරන්න ...පැයෙන් බඩු ගෙදරට ...."
සුරා බඩු කොමසාරිස් සිස්ටම් එක විස්තර කෙරුවා.
" එතකොට කසිප්පු ඕඩර් කරනවා නං...? "
කිංබානට්තුමා වැදගත් ප්‍රශ්නයක් දැම්මා.
" මෙහෙමයි මිස්ටර් දැනට අපි සිස්ටම් එකට කසිප්පු අප්ලෝඩ් කරලා නෑ...මොකද ගං වතුර හින්දා සප්ලයි ප්‍රොබ්ලම් එකක් තියෙනවා ... යථා කාලෙදි ඒ ගැනත් සලකා බලනවා...."
" තව අපේ වැලිව් ඇඩඩ් සර්විස් එකක් තියෙනවා ...
වයිෆ් ඇහැරිලා නං # ගහලා ☠️ සංකේතය එවන්න ...
එතකොට අපි පාර ළඟට බඩු ගෙනැල්ලා කෝල් කරනවා....
වයිෆ් බුදි නං # ගහලා
සංකේතය එවන්න ....දොරකඩටම බඩු ගේනවා...."
සුරා බඩු කොමසාරිස් තිතට විස්තරේ දුන්නා.
" එතකොට බයිට් එහෙම ඕන නං...? "
අන්තිමට කිංබානට්තුමා ඇහුවා.
" සිම්පල් ...බයිට් එකට බයියෙක් ඕන නං B ගහන්න ...
ටොයියෙක් ඕන නං T ගහන්න ...
ජෙප්පෙක් ඕන නං J ගහන්න ...! "
(King Barnet)
( මෙය King Barnet FB පිටුවේ අද උදැසන පලවූවකි. - මේ වනවිට මුදල් අමාත්‍යංශයේ ඔන්ලයින් මත්පැන් යෝජනාව රිවස්වී තිබේ. ඊට අවසර නොදෙන බව යුධ හමුදාපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී ඇත. )
THE LEADER TV
ස'ට එරෙහිව: ජූලි කැරැල්ලක්!
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?