හන්දියේ කාක බෝ ගහ උඩ එකම එක කරච්චලයකි. එකම විලාපයකි..
අනේ අපි කළ වරද මොකක් ද? තටු ගළවලා එල්ලන්න ඇයි අපිව හදල ද? විඩින් විඩේ එසේ අඳෝනා මතු වෙද්දී  ඔක්කොම එකට කච කච ගාමින් විලාප දුන්නේය. ඒ අතර සිටි ධීර වීර හාදයෙක් ඉදිරියට පැමිණ සියලුදෙනා නිශ්ශබ්ද කළේය.
 
 
සහෝදරවරුනි,
 
දෙපා සතුන් අතර නරකම සතාගෙන් අපට එල්ල වී ඇති මාරාන්තික තර්ජනය පිළිබඳ පත්තරවලින් ටීවීවලින් වෙබ් වලින් දුටු ඔබලා මෙසේ භිතියට පත් වීම පිළිබඳ මා පුදුම වෙන්නේ නෑ. දැනටමත් මේ පුවත එෆ්බී එකෙන් දැක ඊට ප්‍රතිචාර දැක්වු අපගේ සහෝදරවරුන් කිහිප දෙනෙක්ම අසත්‍ය ප්‍රචාරය  කිරීමේ පදනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තියෙනවා. ඒ නිසා මේ අප සියලු දෙනාම සිහියෙන් කටයුතු කළ යුතු වේලාවක්.
 
අපේ මව්වරු අද භීතියට පත් වෙලා. එළියට යන දරුවෝ ගෙදරට එනකල් ෂුවර්  නෑ.  අම්මලා තාත්තලා ළමයින්ට කෑම හොයන්න යන්නෙ වෙන වෙනම. මොකද එකට ගිහින් දෙන්නගෙම තටු ගැළවුණොත් දරුවන්ට යන කල දසාවක් නෑ.
 
අපගේ සමේ පැහැය උපතින්ම කළුයි සහෝදරවරුනි. එය අපේ වරදක් ද? හමේ වර්ණය නිසාම අපි එදා ඉඳන් කොන් වුණ ජාතියක්.
 
අපේ උත්තරීතර වංශයේ බොහෝ දෙනෙකුට ලැබෙන සැප සම්පත් වගේම ආකර්ශණය, ආදරය අපිට කිසිම දිනක ලැබුණේ නැහැ. 
 
අපේ හත්මුතු පරම්පරාවේ මුත්තෙක් මී මුත්තෙක්වත් බර්ඩ්ස් පාක් වල සූ වල ලස්සනට ෂෝ එකට තිව්වෙ නෑ..
 
කොටින්ම අපි අපේ ලස්සන පෙන්නලා කාලා ඇඳලා නෑ. අපි හම්බ කළොත් අපි කෑවා. 
 
අපි ඒක කළේ මේ තටු දෙකෙන්. පුළුවන් තරම් තටු ගහලා ගහලා ගහලා ගිහින් ස්ව උත්සහයෙන් කෑම හොයාගෙන තමයි අපි ජීවත් වුණේ. 
 
එහෙම බලද්දි දෙපා සතා තියා එක බල්ලෙකුටවත් ණය ජාතියක් නෙවෙයි අපි.
 
 සමහරු අඬනවා සීගිරියට ගිහින් නෑ, ලැම්බෝගිනි පැදලා නෑ කියලා. අපි අඩු තරමේ සල්ලි දීලා ටිකට් එකක් අරගෙන දරුවෙක් එක්ක බර්ඩ් පාක් එකකට, සූ එකකට ගිහින් නෑ..
 
එහෙම බලද්දි  වැඩියෙන්ම පෑගුණු ජාතිය අපි.  ඉතිහාසෙ අපි තරම් පෑගුණු ජාතියක් තවත් නැතුව ඇති. 
 
එහෙව් අපිව තට්ටෙන් එල්ලන්න කතා කරනවා.
 
මට දැන් ටිකකට කලිනුත් කෝල් එකක් ආවා. දෙතුන් දෙනෙක් එවන්න ද අහනවා තට්ටකින් එල්ලලා යන්න. මොකෝ එහෙම අහන්න මගේ තටු හදලා මේවා උස්මහත් කළේ උන් ද?
 
මිනිහගේ ජරාව කාලා කාල අපි මිනිහට කළේ මිලක් නියම කරන්න බැරි සේවයක්. 
 
අපි ඒ සේවය කළේ මේ තටු දෙකෙන් මිසක් V8 වලින් ප්‍රාඩෝ වලින් ගිනින් නෙවෙයි. 
 
අපි නොකන්න මිනිහා කියන සතාට මේ වෙද්දි ඉන්න වෙන්නෙ කුණුගොඩවල් උඩ පය තියාගෙන. උදව්වක් විදියට කුණුටික කද්දිත් අපි එළව ගත්ත වෙනස් කම් කළ වාර අනන්තයි. අප්‍රමාණයි.
 
 ඉඳලා හිටලා හරි අපිව  මතක් වුණේ සන්ක්වික් එකක් ලෙමන් පෆ් එකක් අරන් ගෙදට්ට නෑයෙක් ගොඩවුණොත් විතරයි. 
 
ආඥ්ඥේ අද උදේ කාක්කත් කිව්වා එනවා කියලා කියන්නෙ උන් එහෙන් එනකොට මෙහෙන් කියන්න අපි ඔරකල් කියලා හිතලද දන්නෙ නෑ. 
 
අවස්ථාවාදී හැතිකරේ. (එහෙම බලයක් තිබුණ නම් අපි කොරෝනාවලින් මැරෙන ගාණ ගෙයින් ගෙට ගිහින් බලලා හරියටම කියනවනේ. කවුරුත් කරනකල් බලන් ඉන්නේ නෑ කියා හන්දියේ බාර් එක අරිනකල් බලන් ඉඳලා බෝතලයක් ගත්තු මිනිහෙක්ගේ ඇඟේ තට්ට හප්පලා බෝතලේ කුඩු වුණු පසු දෙකක් දා ගත්ත එකෙක් කතාවට බාධා කෙරුවේය. කට කට කියා ළඟ හිටිය එකෙක් උගේ කට අත් දෙකෙන්ම තදකර ගත්තේය.) 
 
 
ඩිංගිත්තක් හරි අපි ගැන හොයලා බැලුවා නම් ඒ සෙනෙසුරු ග්‍රහ දෙයි හාමුදුරුවන්ගේ ආනුභාවෙන්. ඒකත් එකෙක්ගේ අතක් පයක් කැඩුණොත් තමයි. අන්න එදාට එළඟි තෙල් බිංදුවක් දාලා බත්ගුලියක් දීලා අපිව රවටනවා. තෙල් ගණන් ඉස්සුවට පස්සේ ඒකත් නෑ.(රැහේ තවත් එකෙක් කතාවට බාධා කර  මිල ඉස්සුවේ එළඟි තෙල්වල නෙවෙයි බොරතෙල්වල කියා කෑගැහුවේය) හරි හරි බං තෙල්වල ගණන් ඉස්සුවේ ඇමති කිව්වට ඇමතිම ද  ඇහුව ධීරවීර පොර කතාව කන්ටිනියු කෙරුවේය.
 
ඉස්සරහට අපි බුරුතු බුරුතු හන්දියක් හන්දියක් ගාණේ තට්ටෙන් එල්ලලා වාරකන් කාලෙට මුන් කොහොමත් ඔහොමයි කියා සාමන්‍යකරණය කරන්නත් බැරි නෑ කියමින් ධීරවීර සහෝදරයා තටු දෙකම පුම්බා පපුවත් ඉස්සරහට දමා සකල දේශවාසී කාක්කනි අවදිවව් කියා අත් දෙකෙන්ම පපුවට ගග ගත්තේය. 
 
විප්ලවය එනවා එනවාමයි.මේ දැන් වෙන්නත් බැරි  නෑ කියා කෑ ගැසුවේය.
 
ඇඟේ මයිල් කෙළින් වී මොරාල් පිට කතාව අසාගෙන උන් අනෙක් සහෝදරයින් ද තටු පුම්බාගෙන පපුව ඉස්සරහට දැමුවේය.
 
ප්‍රහාරක ජෙට් යානා බල ඇණිය වීදුරු කටුවලින් නියපොතු උල් කෙරුවේය.වසුරු බල ඇණිය උගුරට එනකල් එක් රැස් කරගත්තු දහජරාව කා රෙඩි වුණේය.
 
 
 
පසු වදනක්:
 
 
 
ඇල්ෆඩ් හිච්කොක් 1963 වසරේ දී නිර්මාණය කළ The Birds චිත්‍රපටයට පාදක වූයේ කැලිෆෝනියාවේ වැසියන්ට දින කිහිපයක් පුරා එල්ල වුණු හදිසි පැහැදිලි කළ නොහැකි ප්‍රචණ්ඩකාරී පක්ෂි ප්‍රහාර මාලාවක් පිළිබඳවයි. මෙම ස්වභාවික සහ ත්‍රාසජනක ෂානරයේ චිත්‍රපටය ගැන වරක් අදහස් දැක්වූ හිච්කොක් පවසා තිබුණේ මෙම ප්‍රහාරය ස්වභාව ධර්මය සුළුකොට තකන මිනිසුන්ට එරෙහිව කුරුල්ලන් මාර්ගයෙන් තමා විසින් එල්ල කළ පහරක් බවයි. අප එයින් ගත යුතු පාඩම වන්නේ ස්වභාව ධර්මය කිසිවිටකත් සුළු කොට නොතැකිය යුතු බවයි.)
 
 

 
(සුභාෂිනී ගුණරත්න)
Subashini Gunarathna ගේ ෆේස්බුක් පිටුවෙන්..
 
 174108996 5918945361456899 8909124684545762134 n

 

 

 

 

 

 

##########
THE LEADER TV 
විමල් රෙස්ට් කරද්දී ශ්‍රිලනිපයෙන් දිගට හරහට බැසිල්ට ටොකු! 
 
මහින්ද- දුටුගැමුණු, බැසිල්- කාවන්තිස්ස නම්'ස' කවුද? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්