ස්වර්ණවාහිනියේ ටෝක් ෂෝ එකකට ඇවිත් විජිත හේරත් මරු පැහැදිළිකිරීමක් කරනවා ගුරුවරුන්ගෙ ඔන්ලයින් ස්ට්‍රයික් එක ගැන. විජිත කියන විදියට:
 
? කොරෝනාවලට ඉස්කෝල වැහුවට පස්සෙ ඔන්ලයින් උගන්නන එක ගුරුවරු ස්වේච්ඡාවෙන් පටන්ගත්ත දෙයක්. ඔන්ලයින් අධ්‍යාපනයක් ගැන රජයෙන් මුකුත් කරල නෑ. තමතමන්ට පුළුවන් විදියට හොයාගත්ත ෆෝන්, ලැප්ටොප්, ඩේටාවලින් තමයි දැන් අවුරුද්දක් විතර තිස්සෙ ගුරුවරු ඔන්ලයින් උගන්නන්නෙ.
 
 
? ඔය අතරෙ ආණ්ඩුවෙන් ගේනවා “අධ්‍යාපනය විකුණණ” කොතලාවල පනත. ඒකට විරුද්ධව උදේඝෝෂණේ කරන්න ගිහින් ස්ටාලින් ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වෙනවා.
 
 
? ඔය විදිය තමන්ගෙ සංගම් නායකයො අත්අඩංගුවට ගත්ත එකට විරුද්ධ ව තමයි ගුරුවරු ස්ට්‍රයික් කරන්නෙ. (ස්ට්‍රයික් එකයි ඔන්ලයින් උගන්නන් එකයි අතර සම්බන්ධයක් නෑ. ඉස්කෝල තිබුණු කාලෙක නම් සාමාන්‍ය විදියට ඔය ස්ට්‍රයික් එක කරන්න ඉඩතිබුණා)
 
 547777 
 
වෙන වෙන ම ගත්තම ඔය කිසිම දෙයක අවුලක් නෑ. ස්වේච්චාවෙන් කියන්නෙ ඉතිං ස්වේච්ඡාවෙන් නෙ. ස්වේච්ඡාවෙන් කරන්න පටන්ගත්ත දෙයක් කරන්න බෑ වගේ නම් ස්වෙච්ඡාවෙන් ම ඒක නවත්තන්න පුළුවන්. ආණ්ඩුවට හෝ කාට හෝ බෑනේ උඹලා ඕක දිගට ම “ස්වෙච්ඡාවෙන්” කරගෙන පලයං කියල බලකරන්න. 
 
තමන්ගෙ වෘත්තියට අදාළ නැති වුණත් ඕන මගුලක් ගැන උදේඝෝෂණේ කරන්න ඕන කෙනකුට අයිතියක් තියෙනවා. 
 
කොහොමත් ලංකාවේ වෛද්‍ය සංගම්, ශිෂ්‍ය සංගම් එහෙම වැඩි හරියක් උද්ඝෝෂණේ කරන්නෙ තමන්ට අදාළ නැති දේවල් සම්බන්ධ ව වෙච්ච එකේ ගුරුවරුන්ගෙ වෘත්තීය සමිතිත් තමන්ගෙ වෘත්තියට අදාළ නැති කාරණා ගැන උද්ඝෝෂණේ කළා කියල ඉතිං මුකුත් කියන්න බෑ. 
 
ස්ට්‍රයික් කරන එකත් ඉතිං වෘත්තීය අයිතියක් නෙ. ඒකටත්  මුකුත් කියන්න  බෑ.
 
  
අවුල තියෙන්නෙ මේ ටික ඔක්කොම එකට අනලා පත අට එකට හින්ඳලා ජෙප්පො දෙන ගුලිය නිසා. මේ ආණ්ඩුවේ තක්කඩිකම් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අසාධ්‍ය මට්‍ටමේ බයියො ඇරෙන්න අනිත් හැමෝම වගේ පිළිගන්නව නෙ ඒක. 
  
හැබැයි ඒකෙන් ජෙප්පන්ගෙ තක්කඩිකම් තනුක වෙන්නෙ නෑ.
 
කවුරු හරි මොකක් හරි දේයක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කරනව නම් හොඳයි නෙ. ඉතිං ආණ්ඩුවෙන් කිසි දෙයක් නොකර ඉද්දි තමන්ගෙ අතින් කයිට් කරගෙන ස්වෙච්ඡාවෙන් වැඩකරන්න ගුරුවරු තීරණය කළා නම් ඒක හොඳයි. 
 
 
හැබැයි ඔය “ස්වෙච්ඡා සේවය” ගැන මේ වගේ අත්දැකීමකුත් අපට තියෙනවා:
 
 
ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ හිටියා “ස්වෙච්ඡා ගුරුවරු” කියල ජාතියක්. ගුරුපත්වීමක් ගන්න සුදුසුකම් නැති හෝ මොකක් හරි හේතුවක් නිසා පත්වීමක් නොලැබුණු උන් “ස්වේච්ඡාවෙන්” ඉස්කෝලවලට ඇවිත් උගන්නවා. හැබැයි අපි දන්න විදියට නම්  ඒ කවුරුත් ළමයි ගැන මහා පතළ කරුණාව නිසා ස්වෙච්ඡාවෙන් උගන්නපු උන් නෙවෙයි. 
 
ඒ කාලෙ සිස්ටම් එකක් තිබුණා (දැනුත් තියෙනවද දන්නෑ) ඔහොම ස්වෙච්ඡාවෙන් ටික කාලයක් වැඩකළාම (වැඩකළාම කියන්නෙ ඉස්කෝලෙට ඇවිත් පොත අස්සන් කළාම. මුන්ට සුදුසුකමක් නැති නිසා ප්‍රින්සිපල්ලා සීරියස් කියල හිතපු විෂයන් උගන්නන්න මුං ව දැම්මෙ නෑ ගොඩක් වෙලාවට) කොහෙ හරි පුරප්පාඩුවක් ආපු ගමන් ඒකට රිංගගන්න අවස්ථාව ලැබෙනවා ස්ථිර ගුරුවරු විදියට. 
 
ඉහළ ඉඳන් පහළටම හොරු ඉන්න ලංකාවේ ඔය ‍වගේ “පොඩි පොඩි” හොර වැඩ කරන එක කොහොමත් අපේ සංස්කෘතියෙන් එන දෙයක් නෙ. 
  
හරි, දැන් ආපහු ස්වේච්ඡාවෙන් ඔන්ලයින් උගන්නන එකට ආවොත්, එහෙම ස්වෙච්ඡාවෙන් උගන්නන්න පටන්ගත්ත අය තමන්ට ෆොන්, ලැප්ටොප්, ඩේටා හොයාගන්න පුළුවන් නිසා නෙ එහෙම කරන්න ඇත්තෙ. එහෙම නැතුව ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ උබලගෙ අතින් වියදම් කරල ඕක කරපං කියන්නෙ. 
 
ආණ්ඩුවේ නෙවෙයි, ප්‍රයිවට් කොම්පැනියක වුණත්, අදාළ පහසුකම් ආයතනයෙන් සපයන්නෙ නැත්නම්, පත්වීමේ ලිපියෙ තියෙන කොන්දේසිවලට පිටින් ගිහින් වැඩකරන්න කියල කියන්න බෑ කියල සාමාන්‍ය සාක්ෂරතාවයක් තියෙන මිනිහෙකුට තේරෙනව නෙ. 
 
ඉතිං කාට හරි ‍ඒ පහසුකම් නැතිනම් හෝ තමන්ගෙ පෞද්ගලික උපකරණ ඒකට පාවිච්චි කරන්න කැමති නැතිනම්, ආණ්ඩුවෙන් ඉස්කෝල අරිනකල් මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්න අයිතිය තියෙනවා. එහෙම තියෙන අයටත් අවුරුද්දකට විතර පස්සෙ දැන් ඇති කියල හිතෙනව නම් ඒක නවත්තලා දාන්න සම්පූර්ණ අයිතිය තියෙනවා.  
 
කාටවත් බලකරන්න බෑ නෙ “ස්වෙච්ඡාවෙන්” වැඩකරන්න කියලා. එහෙම කරන එකෙන් ළමයින්ට පාඩුවක් වෙනව නම් ඒක ඒ ළමයි සහ දෙමව්පියෝ ආණ්ඩුවත් එක්ක බලාගන්න ඕන. මොකද දෙමව්පියන්ටත් පුළුවන් නෙ උද්ඝෝෂණ කරන්න. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ඕන නෑනෙ.
 
 456465555
(අසාධාරණ ලෙස නිරෝදායනය යැවූ ස්ටාලින් සහෝදරයා ඇතුළු පිරිස එළියට දාන තුරු අපි වැඩවර්ජනේ”)
 
  
අර කලින් කීවා වගේ තමන්ගෙ වෘත්තීය ඉල්ලීම් හෝ වෙන මොනව හරි ඉල්ලීම් මුල්කරගෙන උද්ඝෝෂණ, ස්ට්‍රයික් කරන්නත් ඕන කෙනකුට අයිතිය තියෙනව නෙ. 
 
ඉතිං ස්ටාලින්ව අත්අඩංගුවට ගත්ත එකට විරුද්ධ ව ස්ට්‍රයික් කරනව නම් පැහැදිළි ව ඒක කියලා ස්ට්‍රයික් කරන්න පුළුවන් නෙ: “අසාධාරණ ලෙස නිරෝදායනය යැවූ ස්ටාලින් සහෝදරයා ඇතුළු පිරිස එළියට දාන තුරු අපි වැඩවර්ජනේ” කියලා.
 
හැබැයි මුන් දන්නවා ස්ටාලින්ව එළියට දාන්න කියල උ‍ද්ඝෝෂණේ කළාට ලොකු පන්ච් එකක් එන්නෙ නෑ කියල. ඉතිං පටන්ගන්නවා “ස්වෙච්ඡාවෙන්” ඔන්ලයින් උගන්නන එකේ දුක ගැන කවි ගී ලියන්න. 
 
තමන්ගේ අතින් විදයම් කරලා ඔන්ලයින් උගන්නනවට අමතර ව තමන්ගෙ වියදමින් ළමයින්ට ඩේටා කාඩ් අනංමනං අරංදුන්න ගුරුවරු ගැනත් එහෙන් මෙහෙන් ඇහෙනව නෙ. එහෙම කාට හරි උදව්කරන එක නරක දෙයක් විදියට හිතන්නෙ නෑනෙ මොළේ තියෙන කවුරුවත්. 
 
ඒ වුණාට “අඤී අපට පඩිය මෙච්චරයි, සුදුකම් අච්චරයි; එමෙ තියාගෙන කන්නෙ අඳින්නෙ ඤැතුව කැප වෙලා මේවා කරන්නෙ” කියකියා “හොඳ හිතින්” දුන්න දේ ගැන කුල කියකියා ඇවිදින එක කැතයි නෙ. 
 
අර දුප්පත් මිනිස්සුන්ට හාල් පරිප්පු ටිකක් බෙදලා ෆොටෝ ගහලා ෆේස්බුක් දාන උන් තව හොඳයි එහෙම බැලුවම. 
 
ආණ්ඩුවේ ඉන්න උන්ටත් ඉතිං මොළේ නැති නිසා ‍උගෙ රෝස මල ති‍යෙන තැන ඌ නටාගන්නෙ නැතුව ඇවිත් මුංගෙ මගුලෙ පැටලෙනවා (සමහර විට ඒක දැනදැන ම කරන දෙයක් වෙන්නත් පුළුවන් ආණ්ඩුවේ අනිත් ෆේලියර්ස් ටික වහගන්න). 
  
ලංකාවේ ‍ගොඩක් උන්ට තියෙන, බෝවුණොත් හොඳකරන්න බැරි ලෙඩක් නෙ විරුවො වෙන ලෙඩේ. ආණ්ඩුවත් ඕක හොඳට ම දන්න නිසා ද ඒ කාලයක් ගම්වල කොල්ලන්ව යුද්දෙට දක්කන්න ඕන පාවිච්ච කළා. ඊට පස්සෙ දොස්තරලව අන්ඳන්න. දැන් නම් මේකප් දාන උන්ටත් විරුවෝ කියනව නෙ.
 
පඩියක් අරන් රස්සාවක් කරන එක මහලොකු වීරකමක් නෙවෙයි; තමන් ඒ රස්සාව කරලා කන්න අඳින්න දෙන ගෙදර උන්ට ඇරෙන්න. තමන්ට හම්බවෙන පඩිය අරන්, තමන්ට පැවරිලා තියෙන රාජකාරිය හරියට කළා නම් හොඳට ම ඇති. 
 
ඒත් ලංකාවේ වැඩියෙන් ඉන්නෙ තමන්ගෙ රාජකාරිය ඇරෙන්න අනිත් හැම මගුල ම කරන දෙවිවරුන්ට, විරුවන්ට අඳින්න බලාගෙන ඉන්න හීනමාන කාරයො ටිකක් නෙ. 
 
බහුතරය ඒ වගේ උන් ඉන්නකල් ඉතිං ආණ්ඩුවටයි ජෙප්පන්ටයි‍ දෙගොල්ලන්ට ම කරදරයක් නැතුව තමන්ගෙ ප්‍රොජෙක්ට් ටික කරගන ඉන්න පුළුවන්.
 
 
Chandana P(චන්දන ප්‍රසන්න )
දේශපාලන හා සමාජ විශ්ලේෂක 

 
 
THE LEADER TV
 

රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට 

 

අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්