Image@Once Upon A Time in Hollywood
 
කැපිටල් මහාරාජා අධිපති රාජා මහේන්ද්‍රන් මහත්තයා කොරෝනා නිසා මියගිහිල්ලා. එක්තරා විදියකට ඒ ගැන මගේ ශෝකය මෙහෙම සනිටුහන් කරන්නම්. ඒත් මට එතුමා ගැන කවියක් ලියන්න බැරි සිරස විසින් හඳුන්වා දුන්න සංස්කෘතිය එක්ක මම සෑහෙන පමණකට එකඟ නැති නිසා. 
 
මම ජනප්‍රිය පොදුජන සංස්කෘතික ලක්ෂණ සම්පුර්ණයෙන් බැහැර කරන කෙනෙක් නොවුනත් සිරස කළේ එතෙක් පැවති ගුවන් විදුලියට (සහ පසුව රූපවාහිනියට) අභියෝගයක් නම් ඒ අභියෝගය ඇතුලේ ශේෂ කරපු දේවල් එක්ක තමයි අද රට මේ තියන තැන තියෙන්නේ.  
 
අභියෝගයක් කල යුත්තේ අභියෝග කළ යුතු නිසාම නෙවෙයි. අලුත් යමක් නිපදවන්නත් එක්කයි. සිරස නිපදවපු 'අලුත් දෙය' එහෙම සමාජය තව අදියරක් කරා ගෙනගියාද කියන ප්‍රශ්නය මට තියනවා. 
 
කවුරු හරි කියල තිබ්බ සිරස තමයි පොල්කොට වේදිකා අයින් කරල යකඩ වේදිකා හැදුවේ කියල. නමුත් යකඩ වේදිකා හැදුව කියල සමාජය පිම්මක් ඉදිරියට පැන්නේ නැහැ. තිබ්බ දේවල් ම හයිපර් රියල් (hyper-real) උණා මිසක්. 
 
සමාජයක් ඉස්සරහට යනවා කියන්නේ පොල්කොට යකඩ වීම ගැන විතරක් කතාවක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු කතාවක්. 
 
 e7bd3e46883201.5868efbf96dd4
 
 
මහාරාජා ල විසින් හඳුන්වා දුන්න සිරස සංස්කෘතිය තමයි අද අධිපති සංස්කෘතිය. හෙජමොනිය. අද හැමෝම කරන්නේ පොඩි පොඩි වෙනස් කම් එක්ක ඒකම ප්‍රමෝට් කරන එක. ඉනුත් විශේෂයෙන් හිස්ටරික ඉන්දියානු ජනප්‍රිය සංස්කෘතිය. 
 
 
ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රකාශකයින් ඕනිනම් කියයි එයාල දුන්නේ මිනිස්සුන්ට අවශ්‍ය දේ කියල. නමුත් මිනිස්සුන්ට ඕනි මොකක්ද? මනෝවිශ්ලේෂණයේ පාඩම නම් මිනිස්සුන්ට ඕනි දේ මිනිස්සුත් දන්නෙත් නැති කම. ඒ වෙලාවේ ඒක ජර්මනිය දැනගෙන හිටියෙත් නැහැ. 
 
ඒ විදියට එහෙමනම් මිනිස්සුන්ගේ ආශාවේ ගොදුරක් වෙන්න ඕනි නැහැ. එහෙම වීම විශාල ගැටළුවක්. සිරගත වීමක්. 
 
දරුවෙක් තමන්ගේ මව සහ පියා දිහා බලනවා. දරුවා බලන්නේ මෙයාල මේ කරන අරගලය මොකක් ද කියල. මම නිසාද මේ අය මේ තරම් වද වේවි දඟලන්නේ..මෙයාල මෙතරම් වද වෙන්න මම කවුද? ඒක තමයි දරුවාගේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයේ දරුවා පැටලෙන කොටම එයා මව්පියන්ගේ ආශාවේ පැටලෙනවා. 
 
සිරස කලේ මිනිස්සුන්ගේ ආශාවේ පැටලිලා සෑහෙන පමණ සල්ලි හම්බු කරපු එක. ජනප්‍රිය වුන එක. නමුත් නූතන බව කියන්නේ ඒකට නෙවෙයි. 
 
මිනිස්සුන්ගේ ආශාවෙන් ඔබ්බට සිරස පරිකල්පනය කළේ නැහැ. ඒක අදටත් එහෙමයි. අනික් අයටත් මේක අදාලයි. 
සිරස ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඉන්නවා කියන එක මින් නිශේධනය වෙන්නේ නැහැ. 
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 
 
 
මෛත්‍රී - සජිත් රහස් කතා ! - බුද්ධි අංශ කියයි
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්