රජයේ සේවකයන්ගේ පඩියෙන් භාගයක් කපාගන්න ඕන බවට කියූ කතාවට කවුරුත් මේ වෙලාවේ බනින්නේ ආණ්ඩුවට.

ඒක කරන්න ආවොත් "දෙන්නේ පයින්" වගේ කතාත් ඇහෙනවා.

ඒත් ආණ්ඩුව පැත්තෙන් එහෙම ඉල්ලීමක් එන්නේ නිකන්ම වෙන්න බැහැ. එකක් මේ අවස්ථාවේ බොහෝ සේවකයන් කිසිදු රාජකාරියක් නොකර වැටුප් ලැබීම. අනෙක රාජ්‍ය සේවයේ ප්‍රමාණවත් වැඩකොටසක් රාජකාරියක් නොකර වැටුප් ගැනීමේ සදාතනික ප්‍රශ්නය.

 

ආණ්ඩුව පැත්තෙන් එහෙම ඉල්ලීමක් එන්නේ නිකන්ම වෙන්න බැහැ. එකක් මේ අවස්ථාවේ බොහෝ සේවකයන් කිසිදු රාජකාරියක් නොකර වැටුප් ලැබීම. අනෙක රාජ්‍ය සේවයේ ප්‍රමාණවත් වැඩකොටසක් රාජකාරියක් නොකර වැටුප් ගැනීමේ සදාතනික ප්‍රශ්නය.

 


රාජ්‍ය සේවකයන් මේ දෙකටම ඍජු වැරදිකරුවන් නම් නොවෙයි. ඒත් රාජ්‍ය ආදායමෙන් සැලකිය යුතු කොටසක් රජයේ වැටුප් ගෙවන්න වෙන්කරන්නම වෙනවා. ඒ නිසාම මේ වෙලාවේ අදාළ ඉල්ලීම් කරන අයත් ආණ්ඩුවත් හිතන්න ඕන දේවල් තිබෙනවා.

 

01 රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයෙත් අකාර්යක්ෂමතා තිබේ නම් වැඩකරන පරිදි වැටුප් ගෙවන ක්‍රමයකට ගිහින් තිබුණා නම් මෙය එතරම් බරපතල කාරණයක් නොවන්න තිබුණා.

අපේ රටවල මිනිස්සු කියන්නේ "දියුණු රටවල්වලට නම් මොකද? ඔවුන්ට තියෙනවනේ". ඇත්තටම ඔවුන්ට තියෙන්නේ හෝ දියුණු වෙලා තියෙන්නේ එදත් අදත් එක වගේම වැඩකරන නිසා. යුරෝපය, ජපානය හෝ දකුණු කොරියාවේ ඉන්න මේ මොහොතෙත් වැඩකරන අපේ මිනිස්සු මේක හොඳට දන්නවා. වැඩකරන පැය ගණනට ගෙවීමෙන් මේක වෙන්නේ. රැකියාවක් තිබූ පමණින් වැටුප් ලැබෙන්නේ නැහැ.

 

"දියුණු රටවල්වලට නම් මොකද? ඔවුන්ට තියෙනවනේ". ඇත්තටම ඔවුන්ට තියෙන්නේ හෝ දියුණු වෙලා තියෙන්නේ එදත් අදත් එක වගේම වැඩකරන නිසා. යුරෝපය, ජපානය හෝ දකුණු කොරියාවේ ඉන්න මේ මොහොතෙත් වැඩකරන අපේ මිනිස්සු මේක හොඳට දන්නවා. වැඩකරන පැය ගණනට ගෙවීමෙන් මේක වෙන්නේ. රැකියාවක් තිබූ පමණින් වැටුප් ලැබෙන්නේ නැහැ.



මේ වගේ ක්‍රමයකින් ආයතන ප්‍රධානියාට හෝ අංශභාර ප්‍රධානියාට නිසි ලෙස වැඩ කොටස කරවාගන්න හැකියාවත් ලැබෙනවා. එසේම සේවකයාටද ඒ පැයෙහි වටිනාකම දැනෙනවා. මේ වෙලාවේ වුණත් එහෙම ක්‍රමයක් තිබුණා නම් සේවකයන් කොටස් වශයෙන් කැඳවා වැටුප යම් සීමාවක තැබීමේ සාධාරණ ක්‍රමවේදයක් හදන්න තිබුණා.

 

02 අනෙක දේශපාලන තීන්දු මත රාජ්‍ය සේවය පුරවා ආණ්ඩුව දැන් ඔවුන්ගෙන් පඩි භාගේ ඉල්ලීමත් විහිළුවක්. ලංකාවේ එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක පමණක් 200-300 ක් උපාධිධාරීන් පුරවා තිබෙනවා. ඔවුන් ගන්න වැටුපට වැඩකරනවාද? ඒක ඌන සේවා නියුක්තියක්.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද නොමිලේ ලබාදී ඵලරහිත රැකියාවක් දුන් විට ඒක බරක්ම තමයි. රජය ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට දැරූ පිරිවැය හෝ එමගින් පියවෙන්නේ ‍යැයි හිතන්න බැහැ. මගේ අදහස නම් උපාධිධාරියෙකුට තමන් ලද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෘතගුණ දැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ රජයේ එවැනි ලිපිකරු රැකියාවකට නොයා සිටීමයි.

 

විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද නොමිලේ ලබාදී ඵලරහිත රැකියාවක් දුන් විට ඒක බරක්ම තමයි. රජය ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට දැරූ පිරිවැය හෝ එමගින් පියවෙන්නේ ‍යැයි හිතන්න බැහැ. මගේ අදහස නම් උපාධිධාරියෙකුට තමන් ලද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෘතගුණ දැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ රජයේ එවැනි ලිපිකරු රැකියාවකට නොයා සිටීමයි.

 

අමෙරිකාවේ ශ්‍රම වෙළෙඳ පොළ, මානව ප්‍රාග්ධනය ගැන දන්න අපේ ජනාධිපතිතුමත් බලයට ඇවිත් කළේ මොකක්ද? සාමාන්‍ය පෙළ හෝ සමත් නොමැති අයට රජයේ රැකියා දිය යුතු යැයි කියා දේශපාලන අධාරකරුවන් ලක්ෂයක් පමණ බඳවා ගත්තා. ඔවුන් වරාය, ආයෝජන කලාප ආදි නිෂ්පාදන ආර්ථිකයට සම්බන්ධ කරගත යුත්තන්. එහෙත් ඔවුන් රජයේ ආයතනවල කාලය කා දැමීමට බඳවා ගැනුනා. හංදියේ ත්‍රීරෝධ රථයක් හයර් කරන එක මීට වඩා හොඳ වෙන්න පුළුවන්. රාජ්‍ය පරිපාලන සේවයේ කෙතරම් දක්ෂයින් සිටියත් මොවුන්ගෙන් මොනවා කරන්ගන්නද? මොවුන්ගේ ඵලදායිතාව කවරක්ද?

 

03 අනෙක රාජ්‍ය සේවය නූතනයට අනුගතව පවත්වා ගැනීමට නම් දැන් සිස්ටම් සැකසීමයි කළ යුත්තේ. ආයතන මිනිස්සුන්ගෙන් පිරුණ පමණින් වැඩ කෙරෙන්නේ නෑ. භාණ්ඩාගරයට බරක් වීම ඇතුළු ප්‍රශ්න නිර්මාණය වීමයි සිදුවන්නේ. පංගු පේරුවට වැඩකිරීම වගේ දේවල් තවත් උග්‍ර වෙනවා. දියුණු රටවල ලොක්කත් අනෙකාගේ වැඩකරනවා.

04 මේ වෙලාවේ රජයේ සේවක පඩිය ගැන කීවිට සියලු දෙනා 225 ක් ගැන කියවමින් ඉන්නවා. ඒක මේකට අදාළම නැති කතාවක්. ඔවුන්ට ඊට වඩා දේවල් තියෙනවා. නැත්නම් ගන්නවා. මේකෙන් වෙන්නේ සැබෑ ප්‍රශ්නය වැහිලා යන එක විතරයි.

05 මේ වෙලාවේ කවර කතා කීවත් ආණ්ඩුව ඔය පඩි භාගේ කපලා අත පුච්චා ගන්නේ නෑ. 2001-2003 කාලේ රජ්‍ය සේවයට බඳවා නොගැනීමත් රනිල් ආණ්ඩුවට ගෙදර යන්න හේතුවක් වුණා.

06 කවරක් වුණත් කිසිවෙක් තම වැටුපට අත තබනවාට කැමති නෑ. ඒත් තම හෘද සාක්ෂියට අනුව එහෙම දෙයක් දැනෙන අයත් ඇති. මා දුටුවා මහාචාර්ය පැට්‍රික් ‍රත්නායක සහ හිතවත් ආචාර්ය Mohamed Mahees අවස්ථා කිහිපයකදි කියා තිබුණා ඉහළ වැටුප් ගන්න අයගේ වැටුපෙන් භාගයක් ගත්තට කමක් නෑ කියලා.

07 මා නම් හිතන්නේ රජයක් මේ වෙලාවේ හිතන්න ඕන රටට බරක් නොවෙන විදියට රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හැදීම ගැන. දැනට මිලියන 22 කට මිලියන 1 1/2 ක රාජ්‍ය සේවකයන් සිටීම පොඩි ගාණක් නොවෙයි.

 

රජයක් මේ වෙලාවේ හිතන්න ඕන රටට බරක් නොවෙන විදියට රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් හැදීම ගැන. දැනට මිලියන 22 කට මිලියන 1 1/2 ක රාජ්‍ය සේවකයන් සිටීම පොඩි ගාණක් නොවෙයි.

 

MR|මහින්ද රුබසිංහ


 

THE LEADER TV 
 
 
 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
 
ආණ්ඩුව රනිල් අතේ ද? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්