මංගලත් යන්න ගිහින්. 
 
රටේ රාළ මේ ලෑස්ති වෙන්නේ මංගල ගැන ගුණ කථනයක් කරන්න නෙවෙයි. ඒවා ඔය හැම පැත්තෙන්ම ඇහෙනවා.
 
ඒත් ඇත්ත ඇති සැටියෙන් කතා කරන්න ඕනි වෙලාවක් ඇවිත්.
 
ආය අපට කවදාවත් මංගල හම්බ වෙන්නේ නෑ.ඒක නිසා අවසන් මොහොතේ හරි ඇත්ත මංගල කවුද  කියලා දැනගන්න එක හොඳයි.
 
මේක ටිකක් න්‍යායික දේශපාලන විග්‍රහයක්. ඒක නිසා තේරුම් ගන්න ටිකක් හිතන්න වෙනවා.
 
සුද්දා තමයි අපේ රටට ධනවාදය ගෙනත් දුන්නේ. ඒත් බලහත්කාරයෙන්. 
 
පිටින් ගෙනත් පටවපු නිසාම සුද්දගේ රටේ තියන ධනවාදයට වඩා අපේ රටේ ධනවාදය ගොඩක් දුර්වලයි. බෙළහීනයි.
 
මොකද අපේ ධනවාදය උපත ලැබුවේ ලක් අම්මාගේ ගර්භාෂය ඇතුළේ නෙවෙයි.ඒක නිසාම ධනපති ක්‍රමය හා අපි අතර ලොකු ප්‍රතිවිරෝධයක් තියනවා.
 
ඒත් සමාජ සංවර්ධනයට අනුව අපේ රටෙත් වැඩවසම් ලක්ෂණ සහිත ආසියාතික සමාජය බිඳ වැටිලා ධනවාදයට සමාන සමාජ ක්‍රමයක් හැදෙන්න ඕනි.
 
නැත්නම් සමාජ විද්‍යාව බොරු. 
 
හැබැයි ඊට වඩා සුද්දා ඉස්සර වෙලා අපට දුන්න දායාදය තමයි මේ තියෙන ධනවාදය.
 
ඒත් ඒක හරියට නොදුන් ධනවාදයක්.
 
ඒක හින්දා තමයි අපි අදත් සටන් කරන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ ඉල්ලලා.
 
 
 78944549 che 
රෝහණ විජේවීර
 
 
අපේ රටේ ධනවාදය ගැන හරියට තේරුම් ගත් වමේ නායකයෙකු විදිහට රටේ රාළ දැක්කේ රෝහණ විජේවීර සහෝදරයා විතරයි.
 
අනික් වම්මු ගොඩක් ධනවාදය තියා සමාජවාදය ගැනවත් දැනගෙන හිටියේ නෑ.
 
වම්මු සමාජවාදය ගැන නොදන්න නිසා හැම කෙනාම ධනවාදයට කඩේ හිහිල්ලා මැරිලා ගියා.
 
ධනවාදය කියන එක හරියට විග්‍රහ කරගත්ත අපේ රටේ ධනපති නායකයොත් අඩුයි. 
 
ධනවාදය හරියට විග්‍රහ කරගත් නායකයෝ පෝලිමකුත් අපේ රටේ හිටියා.
 
මම එයාලගේ දේශපාලනට එකඟ නෑ. ඒත් මේ සටහනේදී මම ඇත්ත කතා කරන්න ඕනි.
 
නැත්නම් මංගලට සාධාරණය ඉෂ්ඨ කරන්න බලාපොරොත්තුවෙන් ලියන මේ ලියුමෙන් වැඩක් නෑ.
 
 
JR laith gamini 
ජේ.ආර් - ලලිත් -ගාමිණි
 
 
ඒක නිසා අපේ රටේ තිබුණ බෙලහින ධනවාදය ඇතුළේ සම්භාව්‍ය ධනවාදි නායකයෝ කීපදෙනෙක් හිටියා.
 
සම්භාව්‍ය කියන්නේ ධනවාදයට සාධාරණය ඉෂ්ඨ කරපු අය. අපට හෙම නෙවෙයි.
 
ඒ තමයි ජේ.ආර්, ලලිත්, ගාමිණි, එයාලා අද ජීවතුන් අතර නෑ. 
 
ජීවතුන් අතර ඉන්නේ චන්ද්‍රිකා, රනිල්, කරූ වගේ චරිත විතරයි. ඒ චරිත එක්ක සමානව තියන්න පුළුවන් එකම චරිතය තමයි මංගල. 
 
  
ඇත්තටම මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ධනවාදය රැක ගන්න ලොකුම සේවය කළේ කවුද කියලා ඇහූවොත් බය නැතිව කියන්න මංගල සමරවීර කියලා. ඒක අපට අනුව වැරදි වෙන්න පුළුවන්. ඒත් මංගලට අනුව හරි. මොකද මංගල පිලිගත් දර්ශණය ඒක. මංගල කියන්නේ හොඳ ධනේශ්වර Product එකක්.
 
 
ධනවාදය කඩා වැටෙන්න නියමිත හැම වෙලාවෙම මංගල තමයි ඉදිරියට ඇවිත් තමන්ගේ ක්‍රමය රැක ගත්තේ. 
 
ජේ.ආර් ගෙන් ගිලිහුණු ධනවාදයේ කිරුළ ඊළඟට ගියේ ප්‍රේමදාසට. ලලිත්, ගාමිණීලාට නෙවෙයි.
 
ප්‍රේමදාස කියන්නේ ප්‍රාථමික ධනවාදියෙක්. වැඩවසම් චරිතයක්. හැබැයි ප්‍රේමදාස අතර මගින් මැරුණා. 
 
ඒ වෙනකොට ඇත්තටම ධනවාදය ගෙනියන්න සමත් නායකයෙක් එජාපය ඇතුළේවත්, ශ්‍රීලනිපය ඇතුළේවත් හිටියේ නෑ.
 
ගාමිණී හිටියත් එයා එජාපයෙන් එලියට ගිහින් ආපහු ඇවිත් හිටියේ. 
 
ඇත්තටම ලොකු රිත්තකයක් තිබුණා. එජාපය ඇතුළේ රනිල් හිටියත් ලොකු චරිතයක් උනේ නෑ. රනිල් චරිතයක් වෙන්නේ ලලිත්, ගාමිණී, ප්‍රේමදාස මැරුණට පස්සේ.
 
Janayugaya Web Image Ranil Wickramasinghe 1 
රනිල් වික්‍රමසිංහ 
 
 
ජේ.ආර් රනිල් හදුනාගෙන ඉන්න ඇති. ඒත් රටේ රනිල්ට වඩා ඉදිරියෙන් අනිත් අය හිටියා. 
 
එහෙමත් නැත්තම් රනිල්ටත් සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි නිසා රනිල් කියන්නේ ලොකුවට හදුනා නොගත් චරිතයක් ඒ වෙනකොට.
 
ඒ වෙලාවේ මංගලලා තමයි ඉදිරියට ඇවිත් ඒරොප්පේ හිටිය චන්ද්‍රිකා විහාර මහ දේවියට අන්දගෙන ගෙනාවේ. 
 
 
මංගල චන්ද්‍රිකාගේ අවුරුදු 12 හම එයත් එක්ක හිටියා. ඊට පස්සේ මංගලගේ ජීවිතයේ ධනවාදයට කරපු ලොකුම වැරැද්ද මංගල අතින් සිද්ධවුණා.ඒ තමයි ධනවාදය අර්ථයෙන් ගත්තොත් චන්ද්‍රිකාගෙන් පස්සේ ධනවාදය ගෙනියන්න හොදම සුදුස්සා බවට පත්වෙලා හිටිය රනිල් වෙනුවට මහින්ද බලයට ගෙන ඒම. චන්ද්‍රිකා මහින්දට කැමැත්තෙන් හිටියේ නෑ. චන්ද්‍රිකා ආශීර්වාද කළේ රනිල්ට.
 
 
ඇත්තටම ඒ වෙලාවේ රනිල්ට දිනන්න හැකියාව තිබ්බා. එදා රනිල් මහින්දට පැරදුනේ ඡන්ද එක් ලක්ෂ හැත්තෑ දහස් ගානකින්. 
 
එදා මහින්ද දිනෙව්වේ මංගල කිව්වොත් ඒකේ ලොකු වැරැද්දක් නෑ.
 
ඒ කියන්නේ මහ මොළකරු. ඇත්තටම රනිල් පැරැද්දුවේ මංගල. 
 
රනිල්ට උතුරේ ඡන්ද ටික නැති කළේ එල්.ටී.ටී.ඊ එක. නැත්නම් එදා රනිල් දිනුම්. 
 
ඒවත් දේශපාලන ඩීල් තමයි.
 
රනිල් ඒක ගැන නිතරම කියනවා. දකුණේ මහින්දට අවශ්‍ය ඡන්ද ටික ගන්න ජවිපෙ හා මහින්ද අතර කපුකම කළේ මංගල.
 
 
Mangala mahinda 2 
 
මංගල එදා චන්ද්‍රිකාට, රනිල්ට විරුද්ධව ඒ සටනට බැස්සා. මංගල කරපු ඒ වරද නිවැරදි කරන්න මංගලට බැරිවුණා. ධනවාදයේ අර්ථයෙන් හිතුවොත් අද ඒ වරද නිවැරදි නොකර මංගල නික්ම ගිහින්. ඇත්තටම මොකක්ද මහින්දලා බලයට ගෙනත් මංගල ධනවාදයට කරපු වරද? ඒ තමයි ලංකාවේ ධනවාදයේ කිරුළ චන්ද්‍රිකාගෙන් ගලවලා දුන්නේ වැඩවසම් චින්තනයයක් සහිත පාලනයකට. අද ඒක හොදටම ඔප්පු වෙලා
 
 
දියුණු ධනේශ්වර ලක්ෂණ රටට එන්නේ නෑ. 
 
මතක ඇති මහින්ද 2010 වෙනකොට හිටියේ වැඩවසම් රජෙක් වගේ.මහින්ද තමන්ට බලය අරන් දුන්න හැම කෙනාටම ගැහුවා මංගලට, ශ්‍රීපතිට, ජවිපෙට, මෛත්‍රීට මේ හැම කෙනාටම ගැහුවා. ගහලා මහින්ද වෙනම ගමනක් ගියා.
 
ඒක තමයි පවුල්වාදයේ ගමන. ඇවෑමෙන් මල්ලි, ඊළඟ මල්ලි, පුතා රජවීමේ ගමන. 
 
 
සම්භාව්‍ය ධනවාදය ඇතුළේ පවුල්වාදය පිලිකුල් සහගත එකක්. එතකොට ඔයාලට හිතෙයි මහින්ද මේ ගෙනියන්නේ ධනවාදය නෙවෙයිද කියලා? වැඩවසම් ක්‍රමයද කියලා? නෑ මේ ධනවාදය තමයි. හැබැයි මහින්දලාගේ චින්තනය තවමත් වැඩවසම්.
 
 
මංගල, රනිල්ලා, චන්ද්‍රිකාලා ධනවාදය මෙහෙයවූයේ වැඩවසම් චින්තනයක ඉදන් නෙවෙයි. එයාලා ක්‍රමයෙන් ධනවාදි වගේම මනසිනුත් ධනවාදී.
 
ඒක වැඩවසම් මනසට වඩා දියුණු එකක්. 
 
කොහොම උනත් මංගල තව දෙයක් ධනවාදයට කලා.
 
2000 වසර වෙනකොට ආයෙත් ලෝකය පුරා වාමවාදී රැල්ලක් පටන් අරන් තිබුණා. ලංකාවෙත් ජවිපෙ බලවත් වෙමින් තිබුණා.
 
ධනවාදයට උත්තරයක් වම තුළ හැදෙමින් තිබුණා. සෝමවංශ ධනපති කදවුර ආක්‍රමණය කරමින් හිටියා.
 
ඒ ආපු ගමන දිගටම ආවා නම් ලංකාවේ බලය ජවිපෙ අතට ගන්න තිබුනා.  
 
හැබැයි මංගල ඒ අනතුර දැක්කා. ඒ ගමන වලක්වමින් ජවිපෙ හා ධනවාදය අතර අතර මැද සමාදානයකට ඇවිත් මංගලලා ධනවාදය රැකගත්තා.
 
 
JVP March 100103 2 17134 435 
 
ඒ එකඟත්ව හරහා ධනවාදයට අවශ්‍ය විදිහට ජවිපෙ අභයන්තර කලමණාකරණය කරන්න මංගලට පුළුවන් වුණා.
 
තමන්ගෙන් සම්භාව්‍ය ධනවාදයට වුණ වරද නිවැරදි කරන්න මංගල දිගටම සටන් කලා. ඒකට ධෛර්යය ඕනෑවටත් වඩා මංගලට තිබ්බා.
 
මහින්දගේ ධනවාදය නොහොත් පවුල්වාදයෙන් ධනවාදය බේරගැනීමේ සටන මංගල දිගටම කළා 
 
.2015 දී ඒකට මංගලලා තේරුවේ චින්තන දෙකක්. එකත් මෛත්‍රීගේ දේශීය චින්තනය හා රනිල්ගේ ධනේශ්වර චින්තනයේ එකතුවක්. 
 
ජයග්‍රහණය ගේන්න මංගලලාට පුළුවන් උනාට චින්තනමය ගැටුම ඇතුළේ මංගලට ආයෙත් පරාජය බාරගන්න වුණා. 
 
නැවතත් රාජපක්ෂවරු බලයට ඇවිත්. 
 
පහුගිය කාලේ මංගල නැවත තමන්ගේ සටන පටන් අරගෙන ඉදිරියට ආවා. ඒත් කෝවිඩ් ඇවිත් අද මංගල අරන් ගිහින්.
 
  
මංගල කියන්නේ උපක්‍රමශීලි දේශපාලන චරිතයක්ම වගේම විවෘතව අදහස් ප්‍රකාශ කරපු කෙනෙක්.ඒවා ගොඩක් ආන්දොලනාත්මකයි.තවත් වැදගත් කරුණක් මංගල ගැන කිවයුතුයි.ඒ මංගල කවදාවත් ජාතිවාදියෙකු උනේ නෑ. 
 
 
කොහොම උනත් මංගල ලංකාවේ ධනවාදය අස්සේ හිටපු ඇත්ත ධනේශ්වර නායකයෙක්. චින්තනයෙන්ම ධනේශ්වර නායකයෙක්. තමන් විශ්වාස කළ දර්ශණය වෙනුවෙන් දැඩි ලෙස පෙනී හිටපු කෙනෙක් වගේම ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු කෙනෙක්. 
 
මංගලට වගේ දේශපාලන විග්‍රහයක් තියන නායකයන් ලංකාවේ ධනේශ්වර ක්‍රමය ඇතුළේ දැන් විරළයි.
 
රටේ රාළ ධනේශ්වර ක්‍රමයට එකඟ නෑ වගේ මංගලලාගේ දේශපාලනයටත් එකඟ නෑ.
 
ඒත් මංගල ධනේශ්වර දේශපාලනයේ දැවැන්තයෙක් කියන්න රටේ රාළ බය නෑ.
 
මංගල ධනේශ්වර ක්‍රමය ඇතුළේ වීරයෙක්. ඒත් ඒක මගේ ක්‍රමය නෙවෙයි.
 
සුභ ගමන් මංගල ඔබට නිවන් සුව අවබෝධ වේවා.
 
මීට
රටේ රාළ
 
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගැනීමක්)
 

 
The Leader TV
 

ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !

 

 

මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්