මංගලගේ අකල් මරණයෙන් පාඩමක් උගෙන දැන්වත් හැඟීම් දැනීම් නොදැනෙන තෙක් නොසිට පොදුවේ මෙරට උගතුන්ට
ලේඛකයන්ට කවියන්ට සාහිත්‍යධරයන්ට කලාකරුවන්ට හා දේශපාලකයන්ට ඔවුන් මෙතෙක් කළ හා දැනටත් කරන යම් වටිනා සේවයක් හෝ මෙහෙවරක් වේ නම් ඔවුනට අවමන් නොකොට නිහතමානීව හා කාරුණිකව ඔවුන් අගයා පසසා ඔවුනට නිසි තැන හා හිමි තැන දීමට පමා නොවෙමු!!!
 
ජීවත්ව සිටින තාක් කල් පාට පක්ෂ හා වෘත්තිය අනුව ලේබලයක් ගසා මානව අයිතිවාසිකම් ද නැති කර අහේතුකව සමහරු සිර ගත කොට බෙදා වෙන් කොන් කොට පවතින රජයේ හා සමාජයේ පොදු දේපලක්ව නේක නින්දා අපහාස විඳිමින් ඔවුන්ගේ අතිශය පෞද්ගලික ජීවිතයද අහිමිව පොදු වස්තුවක්ව අවසන සුපුරුදු පරිදි කල් හෝ අකල් මරණයකට පත් වූ සැණින් දවසක් දෙකක් මෙතෙක් නොගැයූ ගුණ ගී ගයා වයා ඉතාම කෲර හා අමානුෂික ලෙස ඔවුන් පුද්ගලික බූදලයක් වන අයුරු ඉතාම ශෝචනීයවේ!
 
ඇමති මංගල හා මා අතර කිසිදු අකාරයක ගනුදෙනුවක් නැති නමුත් ඔහුට බලය හා නිලය ඇති කළ ඔහු විසින් නොමසුරුව රටට දායාද කළ බොහෝ ව්‍යාපෘති අමිල වට්නාකමකින් යුක්ත බව ගැයෙන හා වැයෙන ගුණ ගී කන්දරාවෙන් ඔප්පු වෙයි! 
 
එදා සිට අද දක්වාම අපි සියල්ලෝම පොදුවේ ඒවා භුක්ති විඳිමු! 
 
එහෙත් අපි මෙතෙක් ඔහු නොතකා හැර ඔහුගේ මරණයෙන් පසු නින්දෙන් පිබිදියාක් මෙන් කල ගුණ සලකන්නට පොර කන්නේ එකිනෙකා පරයමිනි!! 
 
පෙර අප විසින් ඔහු බින්දුවට දමා තිබූ නිසාමදෝ අද ඔහුගේ මරණය විසින් අපව බින්දුවට බස්සා ඇත්තේ ඔහු ගැන වචනයක දෙකක හෝ post එකක් නොදැම්මොත් අපට උන් හිටි  තැනුත් නැති වෙන තරමටය! 
 
නාඩි වැටෙන කාලයේ අප විසින් ඔහු පිලිකුල් කොට කොන් කොට අතහැර දමා සිටි අප විසින්ම ඉතාම ඉහල අගයක් ඔහුට දී දැන් ඔහුට ඉතාම ඉහළ අගයක් දී කිරුලු පළඳවන විට ඔහුද හිතාමතාම අප ගාණකට වත් නොගෙන අප වැනි කෙළෙහි ගුණ නොදන්නාවුන් අත හැර අපට රිස්සක් කරන්නට ඉඩ හැර නිහඬවම ඉන්නවා වෙන්නත් පිළිවන!
 
මංගල බෞද්ධ දර්ශනය අනුව නම් මරණයෙන් පසුව ලැබිය හැකි නිවණක් හෝ සමාදානයක් සිකුරටම නැති නිසා සෙස්සන් වාලේ posh විදියට May u attain the supreme bliss of Nirwaana හෝ Rest in Peace කියා මැරුණ ඔබට තවත් සරදම් නොකොට ඔබ නැවත මෙරට නොව ඔබට නිසි තැනක් නිසි පිළිගැනීමක් ගරු සරුවක් ලැබෙන රටක ඉපදේවායි සංවේගයෙන් ප්‍රාර්ථනා කරමි!
 
කුමාරි බන්ඩාර
 
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගණින)

 

 


 

THE LEADER TV 
 
 
ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද? 
 

 
 
මංගල අපි හැමෝගෙමයි ‍ | ක්‍රිෂාන්ත කුරේ 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්