ෆයිසර් එන්නත ගහගන්න එක මට තිබ්බ ෆැන්ටසි එකක් කියල කියන්න පුළුවන්.
ඒ කියන්නේ ඒක සුපිරිම එන්නතද නැද්ද කියල නිශ්චිත සහතිකයක් නැතුව උනත් ඒකම ගහගන්න උණක් මට තිබ්බා.
 
 ඇත්තටම ගත්තොත් චීන එන්නත මේ තියන වේරියන්ට් එකට වඩාත් හොඳ වෙන්නත් පුළුවන්. වෙනත් එකක් ඊටත් හොඳ වෙන්නත් පුළුවන්. 
 
සංඛ්‍යාන විද්‍යාවෙන් මොකක් කිව්වත් ෆයිසර් කියන්නේ ලෝකෙ තියන ෆැන්ටසි එකක්. 
 
නමුත් ඒක මට ගන්න බැරි වුණා. මොකද සාමාන්‍ය පිළිවෙල ඇතුලේ මට ලැබුණේ සයිනෝෆාම්. ෆැන්ටසි කුඩු කරගෙන යථාර්තයට මුහුණ දුන්නා.
 
තවත් මිළියන ගණනක් ඒ යථාර්තයට ම මුහුණ දුන්නා. 
 
එන්නත් අසමානතාව ලෝකේ පුරාම මිනිස්සු අත්වින්දා. 
 
එහෙම යථාර්තයට මුහුණ දෙන්න බැරි වෙච්ච අය වැටෙන් පැන්නා. වංගු ගැහුවා. මොනවා මොනවා හරි කරලා ගහ ගත්තා. බැරි අයට මොනවා උනාද දන්නේ නැහැ. 
 
කොහොමත් ඒ එන්නත ගෙන්වීම, බෙදා හැරීම සහ එන්නත්කරණය ගැන ලංකා ආණ්ඩුව මේ වෙලාවේ දක්වන 'සුවිශේෂ බව' නිසාම හොඳ උනත් නැතත් ඒක දැන් මිනිස්සුන්ගේ හිත්වල අධිනිශ්චය වෙලා තියෙන්නේ. 
 
ඒක නිසා තවත් ඒ ෆැන්ටසි එක අප් වෙනවා. 
 
හැබැයි මම හිතුවා ඒ සුවිශේෂකරණය ඇතුළේ හොඳම දේ ළමයින් ට දෙයි කියල. නමුත් එහෙම එකක් උනෙත් නැහැ. ළමයින්ට දැන් වෙනත් වැක්සින් උනත් ගහනවා ලෝකේ පුරා. 
 
ඒක නෙවෙයි කාරණේ. හොඳම එක අරක කියල හිතපු ඔබේ ෆැන්ටසි එකට මොකද උණේ කියල මොහොතක් හිතන්න. 
 
ලෝකෙ හොඳම වැක්සින් එක ඒක නම්, ඔයාලට ඕනිත් ඒක ගහගන්න නම් වැට පැනල වැඩක් නැහැ. එතකොට තවත් අය වෙනත් විදියට වැට පනී. 
 
එතකොට මොකද කරන්නේ? තමන්ගේ ෆැන්ටසි එකට අවංක වෙන්න. ෆැන්ටසිය අත අරින්න එපා. ඔයාලට ෆයිසර් එක නම් ඕනි අද ඉඳන් දේශපාලනය කරන්න.
 
 හොඳ රටක් හදාගමු හොඳම එන්නත විතරක් ගහන. 
 
නැත්නම් හොඳම දේ හම්බන්තොටට යයි...
 
 
Mahesh 2021
 
(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

 

 

 


 

 

THE LEADER TV 
 
 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2
 
 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්