එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 75 යි. රටේ රාළ එජාප දේශපාලනයට කොහොමවත් එකඟ නෑ. 
ඒත් එජාපයට සුභ උපන් දිනයක් කියන්න ඒකේ බාධාවක් නෑ.
 
අවුරුදු 75 ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. 
 
මිනිස් ජීවිතයක් එක්ක හිතද්දී අවුරුදු 75 ක් කියන්නේ අබල දුබල කාලය. එජාප 75 වෙනි සංවත්සරය වෙනකොට එජාපයත් දේශපාලන වශයෙන් අබල දුබල වෙලා කියලා පිලිගන්න වෙනවා.
 
එජාපය කියන්නේ අවස්ථා ගණනාවකදී අපේ රටේ රාජ්‍ය බලය හොබවපු දේශපාලන පක්ෂයක්. එජාපය කළ වැඩ සම්බන්ධව මේ රටේ සංවාදයක් තියනවා. ඒක හොඳ නරක මිශ්‍ර එකක්.
 
හැබැයි අද රටේ රාළ හදන්නේ ඒවායේ ගුණ, දොස් ගැන කතා කරන්න නෙවෙයි. එජාපයට මඟහැරණ අලුත් සාකච්ඡාවකට ඌන පූර්ණයක් ලබා දෙන්න. 
 
මෙතනදී රටේ රාළ එජාපය කොටස් දෙකකට බෙදනවා. 
 
ඒ 1946 සැප්තැම්බර් 06දා පටන් අරගෙන ජේ.ආර් දක්වා ආපු කාලය. කාල වකවානු විදිහට ගත්තොත් 1946 - 1977 කාලය. ඊළග පරිච්ඡේදය ජේ.ආර්ගෙන් පස්සේ අද දක්වා කාලය.
 
1946 - 1977 කාලය ඇතුළේ එජාපයට නායකත්වය දුන්නේ ඩී.එස්.ඩඩ්ලි, ජෝන් කොතලාවල. මෙතනදී 1970 වෙනකෙට එජාපයේ නායකයා ජේ.ආර්. රටේ රාළ ඒකත් දන්නවා. ඒත් මෙතනදී සළකලා තියෙන්නේ ජේ.ආර් ජනාධිපති උනාට පස්සේ කාලසීමාව. 
 
පැහැදිලිම ඩී.එස්, ඩඩ්ලි, කොතලාවලගේ කාලය වෙනකොට අපේ රටේ තිබුණේ ඒකාධිකාරී ධනවාදය. ඒ කියන්නේ ධනවාදයට පවත්වාගෙන යන්නේ රජය මැදිහත් වෙලා.
 
 
DS 2021 ts 1
                   ඇත්තටම ඩී.එස්, ඩඩ්ලි, ජොන්ලා කියන්නේ දේශපාලනයේ මහත්වරු. 
 
 
 
ඊළඟට සුද්දා අපට ඊනියා නිදහස දුන්නට පස්සේ අපේ රටේ පිහිටවන පළවෙනි ආණ්ඩුව එජාපය ආණ්ඩුවක්.
 
එයාලට අනුව නිදහස් ලංකාවේ පළවෙනි අගමැති මහා මාන්නය ඩී.එස් සේනානායක. ඇත්තටම ඩී.එස්, ඩඩ්ලි, ජොන්ලා කියන්නේ දේශපාලනයේ මහත්වරු. බොහොම වැදගත් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරපු අය.
 
දේශපාලනයට එනකොට තිබුණ කිසිම දෙයක් දේශපාලන ඉවර කරනකොට ඒ මිනිස්සු ළඟ තිබුණේ නෑ. පක්ෂ දේශපාලනයක් කළත් ඒ මිනිස්සු රටට මුල් තැන දීලා තිබුණා .දූෂණ චෝදනා තිබුණේම නෑ.
 
ඒ වගේම සැළකිය යුතු අධිරාජ්‍ය විරෝධයක් ඒ මිනිස්සුන් ළග තිබුණා. ඒක ඇත්ත අධිරාජ්‍ය විරෝධයක්. අද ඉන්න බොරු දේශප්‍රේමී ළග තියන ලාභ දේශප්‍රේමයට වඩා ඒ ගොඩක් වටිනවා.
 
ඒ වගේම එදා තිබුණ තත්වය ඇතුළේ එයාලා රට ගොඩනගන්න මහන්සි උනා. දේශීය චින්තනයක් ඒ මිනිස්සු ළග තිබුණා. දේශීය ආර්ථිකයක් ගැන හිතුවා. ඒ වෙනකොට දෙවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා ලෝකය තිබුණේ බරපතල ආර්ථික අර්බුදයක. ඒක නිසාම තමයි සුද්දට රට දාලා යන්න වුණේ. ඒක වෙනම කතාවක්.
 
 
 
හැබැයි ඩී.එස්ලා සුද්දා දුන්න වෙළඳ වැවිලි ආර්ථිකයත් ඉදිරියට ගෙනියන ගමන් අපේ වියලි කලාපය ඉලක්ක කරගෙන කෘෂිකර්මාන්තය පටන් ගත්තා. ගොවි ඡනපද හැදුවා. වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කළා. අපේ රටේ ඒ වෙනකොට හිටිය ලොකුම ශ්‍රම බලකාය තමයි සුද්දා ගෙනත් පදිංචි කළ වතුකරයේ දෙමළ ජනතාව. ඩී.එස් පුරවැසි පනත හරහා එයාලට පුරවැසිභාවය අරන් දෙන්න මැදිහත් වුණා. 
 
 
 ජාතිවාදය එයාලා ළග තිබුණේ නෑ...
 
 
ඒ වගේම එදා තිබුණ ලෝක තත්වයන් එක්ක ලෝකය එක්ක ගනුදෙනු කරන්න එයාලා පෙළබෙමින් හිටියා. ධනවාදී රටවලට විතරක් නෙවෙයි ඒ මිත්‍රත්ව හස්තය සමාජවාදී කදවුරටත් එයාලා දික් කරමින් හිටියා.
 
පෝලන්තය, රුමේනියාව, චෙකොස්ලෝවැකියාව වගේ රටවල් ඊට හොඳම උදාහරණ.
 
ඊළඟට සුදු විරෝධය සැළකිය යුතු විදිහට එයාලා තුළ තිබුණත් ජාතිවාදය එයාලා ළග තිබුණේ නෑ. එකට හොඳ උදාහරණය තමයි එජාපය ආරම්භ කළදා ඩී.එස් කරන කතාව. එතනදී ඩී.එස් ජාතික සමගියේ වැදගත්කම ගැන කතා කරනවා.
 
ඒ වගේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍ය සංකල්පයට, ජී.ජී පොන්නම්බලම්ගේ 50 ට 50 හ සංකල්පයට ඩී.එස්, ඩඩ්ලි. ජොන්ලා තදින් පහර දුන්නා. 
 
ඇත්තටම රටේ රාළගේ මේ කෙටි විග්‍රහයෙන් ඔයාලටත් තේරෙනවා ඇති එයාලා කොච්චර සුන්දර මිනිස්සුද කියලා. ඒක නිසා දේශපාලනය වශයෙන් විරුද්ධ පාර්ශවයේ පවා ගෞරවයට ඒ මිනිස්සු ලක්වුණා. ඇත්තටම ඒක මහා දැවැන්ත නායකත්ව පෞරුෂයක්.
 
 
 
JR Jayewardene
            ජේ.ආර්. : ධනවාදී අර්ථයෙන් ලංකාවේ පහළ උන අති විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා 
 
 
ඒත් අවාසනාව ඒ පන්නයේ නායකත්ව පෞරුෂයන් ඊට පස්සේ එජාපය තුළ ගොඩනැගුනේ නෑ. ඊළඟට ජේ.ආර් ගෙන් පස්සේ යුගය.ජේ.ආර් ලංකාවේ දේශපාලනයේ කේන්ද්‍රීය චරිතයක්. 
 
ලංකාව ගෝලීය ධනවාදයට හැඩගැස්වීම වෙනුවෙන් ජේ.ආර් රට තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් කළා. විවෘත ආර්ථිකය මේ රටට හදුන්වා දුන්නේ ජේ.ආර්.
 
අපේ රටට විධායක ජනාධිපතිධූරය හදුන්වා දුන්නේ ජේ.ආර්.ඒ දක්වා තිබුණ ඒකාධිකාරී ධනවාදී ලක්ෂණ පුපුරවා හරිමින් ජේ.ආර් අලුත් ධනවාදී ප්‍රතිසංස්කරණ අපේ දේශපාලන දේහයට ඇතුළ් කලා.
 
ජේ.ආර් පටවපු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයත් එක්ක අපි දැන් අවුරුදු 43 ක් ඉදිරියට ඇවිත් තියනවා.
 
ජේ.ආර්ගේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව අපේ රටේ බලපතල සංවාදයක් තියනවා. ඒකත් වෙනම කතාවක්. ඒක ගැන සාකච්ඡාවක් වෙන දවසක කරමු.
 
රටේ රාළට ඒ ගැන තියෙන්නේ ජේ.ආර්ට විරුද්ධ අදහක්. හැබැයි ධනවාදී අර්ථයෙන් ලංකාවේ පහළ උන අති විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයා ජේ.ආර්.
 
රටේ රාළට තවමත් ජේ.ආර් ගැන නොවිසදුන එක ප්‍රශ්නයක් තියනවා. ඒක මතු වෙන්නේ ජේ.ආර්,  ඩී.එස්ලත් එකක් සමපාත කරන්න යනකොට.
 
ඒ තමයි ජේ.ආර් වැඩිය ආදරය කළේ රටටද, පක්ෂයටද කියන එක.
 
 රටේ රාළගේ විග්‍රහයට අනුව ජේ.ආර් රටට වඩා එජාපයට ආදරය කළා. 
 
ජේ.ආර් ගත්ත මහා ආන්දෝලනාත්මක තිරණ රට වෙනුවෙන් ගත්ත ඒවාද කියන එක තවමත් ප්‍රශ්නාර්ථයක්?
 
 
ජේ.ආර් විවෘත ආර්ථිකය, විධායක ජනාධිපතිධූරය, සමානුපාතික ඡන්ද ක්‍රමය නිර්මාණය කළේ එජාපය වෙනුවෙන්. එජාපය හැමදාම බලයේ තැබීම වෙනුවෙන්. ඒ වගේම ජේ.ආර්ගේ දේශපාලන ඉතිහාසය ඇතුලේ ඇතිවූ මහා කළු පැල්ලම් නිර්මාණය උනෙත් රටට වඩා එජාපය ගැන හිතීමෙන් වෙන්නත් පුළුවන්.
 
 
 
ඒවා අතර 
 
# කළු ජූලිය.
 
#  යාපනය පුස්තකාලයට ගිනි තැබීම. 
 
# සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම. 
 
# 83 කළු ජූලියට මුවාවී ජවිපෙ තහනම් කිරීම.
 
# 1987 ඉන්දු ලංකා ගිවිසුම.
 
 
මේ ක්‍රියාමාර්ග නිසා අද භෞතිකව ජේ.ආර් නැතත් තවමත් දේශපාලනිකව ජේ.ආර් අපි අතර ඉන්නවා. ඇත්තටම ජේ.ආර් තරම් එජාපය ශක්තිමත් කරපු නායකයෙක් නැතිව ඇති.
 
ගෝලීය ධවාදයට ගැලපෙන නායකයන් ගොඩක් හැදුනේ ජේ.ආර්ගේ සෙවනේ. එදා ජේ.ආර් එජාපය ඇතුළේ මහා දැවැන්ත නායකත්ව පෞරුෂයන් ගනනාවක් ගොඩනැගුවා. ලලිත්, ගාමිණි, රනිල් ඒ අතරින් කැපී පෙනෙනවා.
 
ඒ වගේම ජේ.ආර් ප්‍රේමදාස වැනි ස්ව චින්තනවාදීන්ටත් ඉඩ දුන්නා. ඊට අමතරව ඩී.බී, ගාමිණී ජයසූරිය, දොස්තර රංජිත් අතපත්තු වගේ රටේ රාළ තවමත් ගරු කරන දේශපාලන මහත්වරුත් හිටියා.
 
ඇත්තටම ජේ.ආර් තමන් පිලිගන්න දර්ශණය බය නැතිව ඉදිරියට ගෙන ගිය නායකයෙක්.ඒ දර්ශණය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් නායකත්ව පරපුරක් බිහිකළ නායකයොක්. එත් අද ඒ නායකත්ව හැඩයේ පෞරුෂයන් එජාපයට ඉතා විරලයි.
 
 
 
Ranil Wickramashinghe4 820x500
                      රනිල් : අවසන් සම්භාව්‍ය ධනවාදී නායකයා 
 
 
ඒ පන්නයේ නායකයන් අද එජාපයට ඉන්නේ රනිල් පමණයි. ඊට සමානව තැබිය හැකි කරූ අද එජාපයේ නෑ. එජාප සම්හවයකින් නොපැමිණියත් ඊට සමාන කළ හැකි මංගල අද එජාපයට නෑ. මංගල ජීවිතයෙනුත් සමු අරගෙන ගිහින්.
 
රටේ රාළ මුලදීම කිව්වේ ඔය කතාව. අවුරුදු 75 කට පස්සේ බලන විට එජාපය වැහැරිලා. අබල දුබල වෙලා. දැවැන්ත නායකත්ව ඌනතාවයකින් පෙළෙන පක්ෂයක් වෙලා. අවසන් සම්භාව්‍ය ධනවාදී නායකයා වන රනිල්ටත් දැන් 75 ට කිට්ටු වෙලා. 
 
ඇත්තටම රටේ රාළ එකඟ උනත් නැතත් ඩී.එස්, ඩඩ්ලි, ජොන් පන්නයේ නායකත්ව පෞරුෂයන් අද එජාපයට නෑ. ඒ වගේම ජේ.ආර් පන්නයේ නායකත්ව පෞරුෂයකුත් රනිල්ගෙන් පස්සේ එජාපයට නෑ. ඒක තමයි එජාපය නොපිලිගන්න තිත්ත ඇත්ත.
 
ඊයේ රනිල් 75 වන සංවස්තරය වෙනුවෙන් කළ කතාවේදී අනාගත එජාප නායකත්වය බාරගන්න තරුණයින්ට ආරාධනා කළා. ඇත්තටම රනිල්ට ඒ ඓතිහාසික වරද තේරිලාද දන්නේ නෑ. කොහොම උනත් රටේ රාළට හිතෙනවා රනිල් දැන් පරක්කු වැඩී කියලා.
 
මේ එක්කම ඔයාලා තර්කයක් ගොඩනගයි එහෙනම් සජබේ වෙන් නොවී හිටියා නම් හරි නේද කියලා. ඔව් සජබේ වෙන් නොවී හිටියා නම් එජාපය ශක්තිමත්. ඒත් මේ නායකත්ව රිත්තකය සජිත්ට සම්පූර්ණ කරන්න බෑ.  ඇත්තටම රටේ රාළ සජිත් එජාපය කැඩුවට විරුද්ධයි. කිසිදු ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් නැතිව නායකත්ව උවමනාව වෙනුවෙන්ම සජිත් පක්ෂය කැඩීම බරපතල දේශපාලන අපරාධයක්.
 
ඊළඟට රනිල් සජිත්ට මොනම තත්වය යටතේවත් නායකත්වය දෙන්න එකඟ වුනේ නෑ. ඇත්තටම පක්ෂයක නායකත්වය චන්ඩිකමින් ගැනීම වැරදී. ඒ උණ සජිත්ගේ තාත්තටත් තිබුණා. ජේ.ආර්ගෙන් පස්සේ නායකත්වය ලලිත් ඇතුලත්මුදලි වගේ කෙනෙකුට ගියා නම් රටේ රාළ එකඟ නූනත් අපේ ඉතිහාසය මීට වඩා පොඩ්ඩක් හරි හොදට ලියවෙන්න තිබුණා.
 
අවසානයේදී එජාප අර්බුදයට රනිල් ගෙනාපු යෝජනාව හරි කියලා දැන් ඔප්පු වෙමින් තියනවා. ඒ තමයි එජාප නායකත්වය කරූට දෙන්න. ඒ යෝජනා එදා සජිත් පිලිගත්තා නම් අද විපක්ෂයට මෙච්චර Damage එකක් වෙන්නේ නෑ.
 
 ඇත්තටම එජාපය ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකයන් විදිහට හිටියේ රනිල්, කරූ, මංගල විතරයි. සජිත්ට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ඒ ෂොට් එක සජබෙන් වැදුනේ නැත්නම් ඉතින් රටේ රාළ කියන්නේ බොරු..
 
 
 
බරපතලම ඓතිහාසික දේශපාලන වැරැද්ද !
 

colbup dft dft 113105907407 4296179 13052016 fun cmy
 
දැන් රටේ රාළ එජාප කඳුළු කතාවේ අවසන් පරිච්ඡේදය ලියන්න හදන්නේ. ඒ එජාපය අතින් උන බරපතලම ඓතිහාසික දේශපාලන වැරැද්ද ගැන. 
 
එජාපය තමයි අපේ රටේ පළවෙනි හා ශක්තිමත් ධනේශ්වර පක්ෂය. සුද්දාගෙන් පස්සේ රාජ්‍ය බලය මාරු වුයේ එජාපය අතට. සුද්දා අපට ධනවාදය දුන්නේ උගේ සූරාකෑමේ සීමාව දක්වා විතරයි. ඒ සූරාගෙන කෑම පවත්වගෙන යෑමේ උවමනාවට බාධාවෙන කිසිදු දියුණු ධනපති ලක්ෂණක් සුද්දා අපට දුන්නේ නෑ.
 
 
 
අපිට තනි ආර්ථිකයක්, එක නීතියක්, එක කොඩියක් දුන්න සුද්දා අපට එක භාෂාවක් දුන්නේ නෑ. සුද්දට තිබ්බා මේ රටේ හැම කෙනාටම ඉංග්‍රීසි උගන්නන්න. ඒත් සුද්දා අපට ඉංග්‍රීසි දුන්නේ බෙදලා. සුද්දා අපේ රටේ භාෂා ප්‍රශ්නයක් ඉතිරි කළා. ඒ වගේම සුද්දා එංගලන්තෙදී ඉංග්‍රීසි කියලා තනි ජාතියක් හදා ගත්තා වගේ අපට ශ්‍රී ලාංකික කියලා තනි ජාතියක් හදලා දුන්නේ නෑ. අපට සුද්දා ජාතික සමගිය දුන්නේ නෑ. අපට සුද්දා දුන්නේ ජාතීන් අතර අසමගිය. ඒක නිසා සුද්දා අපිව දාලා ගියාට ඌ ගියේ අපිව වලකට ඇදලා දාලා. ඒ වලෙන් ගොඩ එන්න එජාපය උපක්‍රම තේරුවේ නෑ.
 
 
එජාපය කළේ තව තවත් ගැඹුරට වල කෑපීම විතරයි. මේ සියල්ල අල්ලලා දියුණු ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් කරන්න එජාපයට බැරිවුණා. ඒක නිසා මම සිංහල කියන. මම දෙමළ කියන, මම මුස්ලිම් කියන, බර්ගර්, මැලේ කියන, ඒ වෙනුවෙන් මරාගන්න උන් අද අපට ඉතිරි වෙලා.
 
මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කෙලින් හිටගෙන කියන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ මිනිහෙක් තවමත් අපට නෑ. මේ වරද දැන හෝ නොදැන එජාපය අතින් සිද්ධවුණා. ඒක ඇත්ත එජාපය හෘද සාක්ෂියට ප්‍රතික්ෂේප කරන්න බෑ.
 
රටේ රාළගේ එජාප මිතුරන් තරහා වෙන එකක් නෑ ඇත්ත කතා කළාට.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
මීට
රටේ රාළ
 
 Priyant 2021 1
 
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
THE LEADER TV 
 
ස' පත්කළ මිලින්දට ඉන්දියාවෙන් බාල්දියක් ! 
 
 
මොණරවිල අලුත් පාරක් සොයයි! | මොණරවිලගේ ලියමන 2 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්