පොඩි කාලෙ මොකක් හරි ගැන වාදයක් අතරෙ මම අපේ අම්මගෙන් ඇහුවා සුනිල් පෙරේරගෙ ආගම මොකක්ද කියල. 
 
මට හරියට මතක නෑ මොකක් ගැන කතාකරද්දි ද ඕක ඇදිල ආවෙ කියල, සමහර විට මම අර සුනිල් පෙරේරා දානව වගේ තඩි මාලයක් හරි මොකක් හරි ඉල්ලලා රණ්ඩුකරද්දි වෙන්නත් පුළුවන්. මට වයස අවුරුදු 8-9ක් විතර ඇති. 
 
අම්ම⁣ට ඒ දවස්වල ඉඳන් ම සුනිල් පෙරේරාව පෙන්නන්න බෑ. අම්මා කිවේ "ඕකුන්ට ආගමක්, ජාතියක් ජම්මයක් නෑ" කියලා. 
 
එතකල් හැම මිනිහෙකුටම ආගමක් තියෙනව කියල හිතාගෙන හිටපු මට මාර ආතල් එකක් ගියා ඒක ඇහුවම: ආගමක් (සහ "ජාතියක් ජම්මයක්") නැති මිනිස්සු කියන්නෙ මේ වගේ "සොමි" මිනිස්සු නම් ("සොමිය" සහ "ජොලිය" තමයි ඒ කාලෙ අපට තිබුණ ලොකුම කැරළිකාර වචන දෙක), ඒක මරු නෙ වගේ අයිඩියා එකක් තමයි මට ආවේ.
 
රූකාන්ත සහ ජිප්සීස් කියන්නෙ මගේ ජීවිතේ පළවෙනි පොප් හීරෝ ලා. රූකාන්තගේ වොයිස් එක සහ සිංදුවලට ලව් කරද්දි ජිප්සීස්ලගෙ මම ලව් කළේ ඇටිටියුඩ් එකට.
 
අපේ බාප්පා ළඟ තිබුණ කැසට් කීපයෙන් ඒ දවස්වල මම වැඩියෙන් ම ඇහුවේ ලුණුදෙහි කැසට් එක වෙන්න ඕන. ටික දවසකින් බාප්පා හන්දියෙ කඩෙන් ලුණුදෙහි පැකට් එකක් ගෙනාවම තමයි මම දැනගත්තේ ලුණුදෙහි කියල කෑමක් තියෙනව කියල. මට ඒ කාලෙ තේරුණේ නම් බාප්පලත් ලුණුදෙහි ගැන දැනගත්තේ ලුණුදෙහි කැසට් එකෙන් කියලා.
 
මටත් ජිප්සීස්ලගෙ කැසට් එකක් ඕන කියල සෑහෙන වළියක් දාලා තමයි අපේ තාත්තා මට ඔජායේ කැසට් එක ගෙනත්දුන්නෙ. අර දැන් කාලෙ ෆාමසිවලින් කොන්ඩම් ගන්න යන සමහර උන් කොන්ඩම් එක ඉල්ලන්න ලැජ්ජාවට තව වෙන මොනව හරිත් ගන්නව වගේ තාත්තත් ජිප්සීස්ලගෙ කැසට් එක විතරක් ඉල්ලන්න ලැජ්ජාවට ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ කැසට් එකකුත් ගෙනත් තිබ්බා ඒකත් එක්ක.
 
සිංදු හතරේ ජිප්සීස් කැසට් එන්නෙ සාමාන්‍ය කැසට් වගේ ප්ලාස්ටික් කවරෙක නෙවෙයි; සිගරැට් පෙට්ටියක් වගේ කාඩ්බෝඩ් පෙට්ටියක. සිගරැට් පැකට් එකේ වගේ ම වෝනිං එකකුත් ගහලා තියෙනවා "ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන" කියලා.
 
ඔජායේ කැසට් එකේ නම් අග සුනිල් පෙරේරාගෙ පොඩි ස්පීච් එකකුත් තිබුණා, කැසට් එකේ ඉඩ ඉතුරුවෙලා තිබුණ නිසා. ඒකෙ පියල් රට ඉඳන් ආපු එක ගැනයි සිංදු ගැනයි පොඩි විස්තරයක් කියල කතාව ඉවරකරන්නෙ "මම සුනිල් අයියා" කියල හයියෙන් හිනාවෙලා. 
 
ඒක තමයි අවුරුදු 8-9 වයසෙ දි, අපේ අම්මලා තාත්තලගෙ පරම්පරාවෙ "ප්‍රබුද්ධයන්ට" විරුද්ධ කවුන්ටර් කල්චරල් කැරැල්ලට මාව බඳවගත්ත පොලිටිකල් ස්පීච් එක. 
 
 
Rest in peace legend. 
See you on the other side!
 
 
 
53870810 10156211245403527 3710183275034050560 nචන්දන ප්‍රසන්න 
නිදහස් ලේඛක 
 
(Chandana Prasanna ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 

THE LEADER TV 
 
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි! 
 
 
ඩොක්ටර් නිසා ස'ගෙ නිවුන්හැල්ලත් ෆේල්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්