ආණ්ඩුවේ ලේක් හවුස් පත්තරවලට සුනිල් පෙරේරාගේ මරණය පුවතක් නොවෙන බව පෙනෙන්නට ඇතැයි
බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇත.
‘දිනමිණ' අද (07) ඇතුළු පිටුවක අගමැතිගේ ශෝක ප්‍රකාශය පළවන්නේ පින්තූරයක් හෝ නැතුවය. තවත් ඇතුලත පිටුවක ඇපෙන් ගැලවෙන්නට වාගේ තීරු දෙකක කුඩා ලියවිල්ලකි.
'ලංකාදීප' මුද්‍රිත පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය සමග සුනිල්ගේ වර්ණ පින්තූරයක් සහිත ප්රවෘත්තියයි. 2 පිටුවේ ඔහු ගැන දීර්ග ලිපියකි. පත්‍රය සමග සුනිල්ගේ වර්ණ ඡායාරූපයක් නොමිලේ බෙදා දී ඇත.
මුද්‍රිත 'අරුණ' මුල් පිටුවේ ප්‍රවෘත්තිය ද 3 පිටුවේ ඡායාරූපයක් සහිත දිග විස්තරයක් ද වේ.
'දිවයින', 'අද', 'මව්බිම', ' සිලෝ ටුඩේ' ඊ පත්තර හැම එකකම මුල් පිටුවේ හා ප්‍රවෘත්තිය. ඡායාරූපය.
දේශපාලන මතවාදය කුමක් වුවත්, රටම ආදරය කළ කලාකරුවකුට ආණ්ඩුවේ පත්තර සැලකූ ආකාරය ලජ්ජා සහගතය. අමානුෂිකය.
ඔවුන් ලංකාදීපයෙන් ඉගෙන ගත යුතු යයි ගීත රස විඳින රසිකයෙක් සමාජ මාධ්‍ය තුළ සටහනක් පළකර තිබිණ.
සමාජ මාධ්‍ය ජාලා සියල්ලෙහිම, විෂේශයෙන්ම තරුණ තරුණීයන් දස දහස් ගනනින් සුනිල්ගේ රුව සහිත සෝක ප්‍රකාශ පෝස්ටු පළ කලේ ඊයේ (06) උදේ සිටය.
ආණ්ඩුවේ පත්තර මෙසේ හැසිරෙන්නේ ප්‍රකට ජනමාධ්‍යවේදියකු වූ ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිව සිටින මොහොතකදීය.
කෙසේවුවද සුනිල් පෙරේරාගේ වියෝව සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළකර තිබුනේ මෙසේය.
ආණ්ඩුවේ පුවත්පත්වල මෙම හැසිරීම බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව ඇති අතර මංගලගේ හා සුනිල්ගේ මරණවලින් පසු සමාජ තුළ සමාජ නිදහස හා ලිබරල් ගුණාංග සම්බන්ධයෙන් ඉස්මතුවූ මතවාදයට ආණ්ඩුව බියවී ඇද්දැයි ඔවුන් විමසා තිබේ.
වැදගත් යැයි කියාගන්නා ජනමාධ්‍යය දැවැන්තයින්ගේ මෙම පසුගාමී හැසිරීමට වඩා, “ෆේස්බුක්-ටික්ටොක් මානසිකත්වය” නමින් හංවඩු ගැසූ සමාජ මාධ්‍යයවල නිදහස් චින්තනය සහ මානුෂීය බව පැහැදිලිව පෙන්නුම් කළ අවස්ථාවක් බව බොහෝ සමාජ මාධ්‍යය පරිශීලකයින්ගේ අදහසයි.
THE LEADER TV
කබ්රාල් වෙනුවට යෝෂිත පාර්ලිමේන්තුවට!
ස'ගෙ කඩුවට බය වූ වාසු ආපසු හැරෙයි!