ගුරු විදුහල්පති වැටුප් සටන තවමත් අවසන් නෑ. ආණ්ඩුව හා වෘත්තීය සමිති තවමත් දෙපැත්තට බෝලය පාස්කර ගනිමින් ඉන්නවා.
 
රටේ රාළ දිගටම ගුරු විදුහල්පති වැටුප් සටන ගැන කතා කරපු කෙනෙක්. ඒක නිසා රටේ රාළටත් මේ ප්‍රශ්නය ගැන දිගටම කතා කරන්න වෙනවා.
 
ගුරු විදුහල්පති වැටුප් සටනට ආණ්ඩුව දුන්න විසදුම රටේ රාළ පළවෙනි මොහොතේම ප්‍රතික්ෂේප කළා. රටේ රාළ ඒක දකින්නේ සමස්ථ ගුරු සංහතියටම කරපු නින්දාවක් විදිහට.
 
කොහොම උනත් ආණ්ඩුව දුන්න විසදුම තවමත් එහෙමම තියනවා. පෙරේදා රමේෂ්ගේ කතාවෙන් ඒක පැහැදිලියි.
 
රමේෂ් කියන්නේ ආණ්ඩුවේ පවතින මුදල් තත්වය සළකා ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම සිද්ධ වෙන්නේ වාර කීපයකින් කියලා. අඩුම ගානේ තව අවුරුදු තුනකින්.
 
ඒ කියන්න කියන්නේ ප්‍රශ්නය විසදෙන්නේ 2024 අය වැයෙන්. 2022 අයවැය යෝජනා ඉදිරිපත් වෙනතුරු සැප්තැම්බර්, ඔක්තොම්බර් මාසවලට 5000 බැගින් අන්තර් කාලීන දීමනාවක් දෙනවා. ඒක පඩියට එකතු කරනවා කිව්වා. 
 
  
හැබැයි මේ හැම ප්‍රකාශයකම තහනම් වචනය සුබෝධනී කමිටු වාර්තාව. ආණ්ඩුව ඒ ගැන ප්‍රතිපත්තිමය එකඟතාවයකට එන්න සූදානමක් ඇත්තේම නෑ. ඒ බව දැන් හොදටම පැහැදිලියි. ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රශ්නය පදනමෙන් අල්ලන්නේ නෑ. ආණ්ඩුව ප්‍රශ්නය මුලින් අල්ලනේ නැතිව අල්ලන්න හදන්නේ උඩින්. ඒ වගේම ඒ යෝජනාවෙන් අවුරුද්දක ගුරු විදුහල්පති වැටුප් විදිහට වැඩි වෙන්නේ බොහොම සොච්චම් මුදලක්. ඒ වැඩිවීමට අනුව ගුරුවරයෙකුට දවසකට වැටෙන්නේ රුපියල් 39 ක්, විදුහල්පතිවරයෙකුට නම් රුපියල් 100 ක් කියලා පෙරේදා ස්ටාලින් කිව්වා. 
 
 
කොහොම උනත් මේ සටන දිහා දේශපාලනිකව බැලුවොත් සටන ආරම්භයේ තිබුණු තලයට වඩා දැන් ලොකු වෙනසක් වෙලා තියනවා .
 
දේශපාලනයෙන් තොර කිසිදෙයක් නෑ කියන එක රටේ රාළත් පිලිගන්න සංකල්පයක්. ඒ කියන්නේ මේ හැම දෙයක්ම දේශපාලනිකයි. හැබැයි වෘත්තීය අරගලයකට තියෙන්න ඕනි දේශපාලනයක් තියනවා. කොහොම උනත් හැම වෘත්තීය අරගලයකම චූදිතයා වෙන්නේ පාලන අධිකාරිය. ගුරු විදුහල්පති ප්‍රශ්නයේ නම් ආණ්ඩුව.
 
එතකොට ආණ්ඩුව මැදිහත් වෙන්නේ දේශපාලනිකව තමයි. හැබැයි මෙතනදී වෘත්තීය සමිති වග බලා ගන්න ඕනි තමන්ගේ සටන දේශපාලන සටනක් නොකර වෘත්තියමය සටනක් කරගන්න. ජයග්‍රහණය තියෙන්නේ ඒ සටන පෙන්වන වෘත්තීයම ස්වභාවය මත. 
 
ඒ සටනේ ඉන්න අයට විවිධ දේශපාලන මත තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒත් වෘත්තීය අරගලයකදී ඒවා කැපී පේන්න බෑ. ඒ දේශපාලන මත ඉස්මතු වෙලා පේන්න බෑ. ඉස්මතු වෙන්න ඕනි වෘත්තීය අයිතිවාසිකම සම්බන්ධ ප්‍රශ්නය විතරයි. 
 
teachers pro 
වෘත්තිය අරගලයක් කොහොමත් රතු පාටයි තමයි. ඒ රතුපාට හම්බ වෙන්නේ සටන්කාමී අර්ථයෙන්. ඒ අර්ථයෙන් සටන රතුපාට කළාට කමක් නෑ. හැබැයි දේශපාලන අර්ථයෙන් සටන රතුපාට කරන එක වැරදී. එහෙම උනොත් අර වැඩේ වෙලා ආණ්ඩුවට අරගලය තලලා පොඩි කරලා දාන්න ලේසි.
 
 
හැබැයි ගුරු විදුහල්පති වැටුප් සටන ආරම්භයේදී මේ වෘත්තීයම තත්වය තිබුණේ නෑ. ගුරු විදුහල්පති වෘත්තීය සමිති පිටිපස්සේ තිබුණු දේශපාලනය පිටතට පේන්න පටන් ගත්තා. 
 
ආණ්ඩුව කළේ ගුරු විදුහල්පති වැටුප් සටන 3 % නේ සටනක් විදිහට බ්‍රැන්ඩි කරපු එක. ඒක රටේ රාළ මුලදීම කිව්වා. එතකොට වෙන්නේ 3% ට කිසිම සම්බන්ධයක් නැති ගුරුවරුන්ටත් අවිඥනිකව 3% වෙනුවෙන් පෙනී ඉන්න සිද්ධ වෙනවා. ඒක ආණ්ඩුවත් හොඳයි, 3 % ටත් හොඳයි. හොඳ නැත්තේ ගුරුවරු කරන සටනට.
 
එදා ඕක රටේ රාළ කියනකොට සමහරු රටේ රාළටත් පිප්පුවා. ඒක ගුරු විදුහල්පතිවරුන්ගේ වරදක් නෙවෙයි. වෘත්තීය සමිති පිටුපස තියන දේශපාලනයේ වරදක්. හැබැයි ඒ දේශපාලනය වෙනුවෙන් පාවිච්චිවීම නම් බරපතල වරදක්. 
 
කොහොම උනත් අද වෙනකොට ඒ දේශපාලන ස්වභාවය සැළකිය යුතු විදිහට යට කරගන්න ගුරු විදුහල්පති වෘත්තීය අරගලය සමත්වෙලා තියනවා. අද වෙනකොට ඒ සටනට එයාලා සැළකිය යුතු වෘත්තීයමය හැඩයක් එකතු කරගෙන තියනවා. ඒක හොඳ දෙයක්. වැරදි වගේම හොඳත් කියන්න ඕනිනේ. ඒත් ඒක දිගටම පවත්වාගෙන යන්න ඕනි.
 
ගුරු විදුහල්පති සටනට අවශ්‍ය සද්භාවය හම්බ වෙන්නේ ඒ වෘත්තීයම ස්වභාවය ඇතුළේ. ගුරු විදුහල්පති සටන ආරම්භයේ ඒ සද්භාවය තිබුණේ නෑ. ආණ්ඩුව පැත්තේ කොහොමත් සද්භාවය නෑ. 
 
ඒත් ආණ්ඩුව පත් කරපු ඇමති අනු කමිටුවේ හැසිරීම විසින් ගුරු විදුහල්පති සටනට යම් සද්භාවයක් ආරෝපණය කරලා තියනවා. ගුරු විදුහල්පතිවරු ඒකට නං ස්තූතිවන්ත වෙන්න ඕනි විමල් වීරවංශට. 
 
  
විමල් එකිනෙකට නොගැලපෙන සාහිත්‍යයමය උදාහරණයක් අරගෙන ගුරුවරුන් ශයිලොක්ලා කළා. විමල් එතනදී ගත්තේ බනිසුයි, බෝල්ට් ඇණයි වගේ උදාහරණයක්. ඇත්තටම කිසිම ගැලපීමක් නෑ. කොහොම උනත් ගුරුවරුන්ට ශයිලොක්ලා කීම විමල් කරපු බරපල දේශපාලන වරදක්. ඒක විපාක එයාට ලැබෙයි.
 
 
රටේ රාළ හිතන්නේ විමල් ගුරු සටන දිහා බැලුවේ ජවිපෙ දිහා බලන විදිහට. ඇත්තටම මුලදී ගුරු සටන එහෙම තමයි පෙනුනේ. 
 
කොහොම උනත් ඇමති අනු කමිටුව කළේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එක කියන එක බොහොම පැහැදිලියි. මොකද එයාලා දිගටම උත්සහ කළේ ගුරු සටනේ පදනම යටගහන්න. ඒ කියන්නේ සුබෝධනී කමිටු වාර්තාව හංගන්න.
 
ඇමති අනු කමිටුවේ මේ කූට උත්සාහය නිසා ගුරු විදුහල්පති සටනට යම් සමාජ වටිනාකමක් දෙන්න විමල්ලා සමත් වෙලා තියනවා. ඒ වටිනාකම ගුරුවරුන්ගේ පැත්තෙනුත් හොඳට පාවිච්චි කරගත්තා. ඒක හොඳටම පෙනුනා සමාජ මාධ්‍ය ඔස්සේ විමල්ව අමතලා තිබුණු විදිහෙන්.
 
විමල්ගේ ශයිලොක් කතාව ගුරු සටනේ බැමි තවත් ශක්තිමත් කරලා. කොහොම උනත් සටනක් දිහා පිටින් බලාගෙන ඉන්න දේශපාලන නාඩි වැඩෙන කෙනෙකුට සටනේ සවිඥානික තැන් වගේම අවිඥානික තැන්නුත් හොඳට පේනවා. 
 
සවිඥනිකව කරන සටන් දිනන්න තියන සම්භාවිතාව වැඩී. ඒත් රටේ රාළ කියන්නේ නෑ සවිඥානික හැම සටනක්ම දිනනවා කියලා. හැබැයි පැරදුනත් Damage එක අඩුයි. අවිඥනිකව කරන සටන් අනිවාර්යෙන්ම පරදින්නෙත් නෑ. හැබැයි පරාජයවීමේ සම්භාවිතාව ගොඩක් වැඩී. දිනුවොත් දිනන්නේ වාසනාව මතම විතරයි.
 
හැබැයි වෘත්තීය සටනක් කියන්නේ ලොතරැයි දිනුම් ඇදීමක් නෙවෙයි. ඒකත් මතක තියාගන්න ඕනි. ඒක නිසා දැන් ගුරුවරු බෝලය ආණ්ඩුව පැත්තට පාස් කරලා. බලමු ඊළඟට ආණ්ඩුව කොහොමද සෙල්ලම් කරන්නේ කියලා.
 
  
හැබැයි තවමත් මේ රටේ අහිංසක දුවා දරුවන්ගේ අධ්‍යාපනය නං අතර මඟ නැවතිලා. ඒකට විසදුමක් පේන තෙක් මානයක නෑ. මේ ප්‍රශ්නයයි ඒ ප්‍රශ්නයයි එකිනෙකට සම්බන්ධයි. ඒක නිසා මේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් ඕනි. ඒ ප්‍රශ්නයේදී ආණ්ඩුව හා වාත්තීය සමිති දෙගොල්ලොම වග උත්තරකාරයෝ. ඒ චෝදනාව වැඩි වශයෙන් ආණ්ඩුවටත් අඩු වශයෙන් වෘත්තීය සමිතිවලටත් තියනවා.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
මීට 
රටේ රාළ
 
 
Priyant 2021 1 1(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 
කියවන්න :
 

THE LEADER TV 
 
සැප ගන්න රුසියාවට ගිය අයගෙන් අපුරු යෝජනාවක් ! 
 
 
අන්ධකාරයේ රිදී රේඛාව
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්