ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට බැර කරමින් ආණ්ඩුව ඊයේ ආර්ථිකමය වශයෙන් බරපතල තීරණයක් ගත්තා.
 
කාණ්ඩ 11 කට අයිති භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී 100% ක ආන්තික මුදල් තැන්පතුවක් ගන්න නියම කළා. 
 
ඒ කියන්නේ භාණ්ඩ ගෙන්නන්න ඉස්සෙල්ලා ඒවාට අවශ්‍ය මුළු මුදලම එකවර බැංකුවට දෙන්න ඕනි. ඒක කරන්න වෙන්නෙත් ඩොලර්වලින්. ඊට පස්සේ තමයි බැංකුව ණයවර ලිපි නිකුත් කරන්නේ.
 
අද තියන ඩොලර් හිගයත් එක්ක බලද්දී මේ තීරණය නිසා මේ භාණ්ඩ ආනයනය 100% ක්ම නතර වෙනවා. ඒක නිසාම දැනට වෙළඳ පොළේ තියෙන මේ භාණ්ඩවල මිල ක්ෂණිකව ඉහළ යනවා.
 
කොහොම උනත් ආණ්ඩුව මේ තීරණයෙන් බලාපොරොත්තු වෙන්නේ රටින් පිටතට ඩොලර් යන එක සීමා කරන්න.
 
2019 අවුරුද්දේ ඔය භාණ්ඩ ආනයනයට ඩොලර් මිලියන 1058 ගිහින් තිබුණා. 2020 දී ඩොලර් මිලියන 871 ක්. මේ අවුරුද්දේ ඩොලර් මිලියන 753 ක් දැනටමත් ගිහිල්ලා.
 
කොහොම උනත් දැන් ආණ්ඩුවට තමන් දුප්පත් කියන යථාර්ථය පිලිගන්න වෙලා. 
 
 
මීට පස්සේ ජොන්ස්ටන්ලට, නාමල්ලට අපට ඕනි තරම් සල්ලි තියනවා කියලා පොර ටෝක් දෙන්න බෑ. තවදුරටත් එහෙම කියනවා නං ඒ කියන්නේ එයාලා ලග තියෙන සල්ලි ගැන මිසක් රටේ තියෙන සල්ලි ගැන නෙවෙයි.
 
 
මහ බැංකුව නිකුත් කරපු නිවේදනයට අනුව බලද්දී නං මේ සියලුම භාණ්ඩ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. ඒ අර්ථයෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ උනාට සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යන්න මේවා අනිවාර්යෙන්ම අවශ්‍ය භාණ්ඩ.
 
මොකද දැන් මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ ගල් යුගයේ නෙවෙයි. කැලේ කොලේ තියන දෙයක් කාලා ගල්ලෙන්වල ඉන්නවා නෙවෙයි. 
 
අපේ රටේ අන්තිම පීඩිතයා ගත්තත් මේ භාණ්ඩවලින් කොටසක් හරි පාරිභෝජනය කරනවා. 
 
අවුරුදු ගානක් තිස්සේ මේ රටේ විකාශනය උන මැද පන්තියක් ඉන්නවා. නාගරික සීමාවල විශාල ජනගහනයක් ජීවත් වෙනවා. ඒ අය හුරු වෙච්චි ජීවිතයක් තියනවා.
 
අනික මේ භාණ්ඩවලින් තමයි මිනිස්සු යන්තමින් හරි ජීවිතය වින්දේ. ඒක නිසා මේ තීරණය අපේ රටේ මැද පන්තියට තදින් දැනෙන එකක්.
 
ඊයේ සමාජ ජාල ඇතුළේ ආණ්ඩුව ජොක් කරපු විදහෙන් ඒක හොඳට තේරෙනවා. 
 
මැද පන්තියේ ඉහළ, පහළ, මැද කොටස්වලට මේ තීරණය තදින් දැනෙන එක වළක්වන්න බෑ.
 
ගෝඨාභය ජනාධිපති විදිහට පත්වෙලා දැන් අවුරුදු දෙකකට වැඩි. ඒ අවුරුදු දෙක පුරාම ආණ්ඩු බලය තිබුණේ එයාලා අතේ. 
 
ගෝඨාභය බලයට පත්වෙලා වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා අපට  Covid වසංගතට මුහුණ දෙන්න සිද්ධවුණා. ඒ අර්ථයෙන් හිතුවොත් ආණ්ඩුව හා Covid වයසින් ගොඩක් දුරට සමානයි.
 
  
වසංගත ආරම්භයේදීම Covid ලෝකයට පැහැදිලි පණිවිඩයක් දුන්නා. ඒ තමයි උඹලගේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිල්ලා කියලා. ලෝකය දිහා කට ඇරගෙන බලා ඉන්නේ නැතිව තමන්ගේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගනිල්ලා කියලා.
 
 
මොකද Covid කියන්නේ ලෝකය හුදකලා කරපු කෙනෙක්. රටවල් විදිහට විතරක් නෙවෙයි පවුල් විදිහටම මිනිස්සු හුදකලා කළා.
 
ඒත් මේ තත්වය මේ ආණ්ඩුව තේරුම් ගත්තේම නෑ. පරණ පම්පෝරිම ගගහ හිටියා. මුලදී ජනතාව මුලා කරන්න ලොකු බොරු මවලා පෙන්නුවා.  දේශීය ආර්ථිකයක් හදනවා කිව්වා, ICU Bed එක, ලේ පරීක්‍ෂා කරන්න ගන්න slide එක, ගොඩක් බෙහෙත් වර්ග රට ඇතුළේම හදනවා කිව්වා.
 
Covid ආරම්භයේ ඉඳන් අද දක්වාම මේ තත්වයට අදාළ කරගන්න පුලුවන් නව නිපැයුම් කීයක් නම් අපේ රටේ බිහිවුණාද? ඇත්තටම ඒවා ජනාධිපති, අගමැති, ඇමතිලා පුම්බන TV Programවලට විතරයක් සීමාවුණා.  ඒ ඔක්කොම ඡන්ද ගන්නකම් කරපු රැවටිලි විතරයි.
 
ඡන්දෙ ගත්තට පස්සේ දේශීය ආර්ථිකෙත් නෑ. නව නිපැයුනුත් නෑ. ආයෙත් ලෝක වෙළඳ පොළ දිහා ඉස්සර වගේ බාලා ඉන්න සටන් ගත්තා. ඒවා ගෙනත් මේ රටේ ජනතාව මත පටවන්න තමන්ගේ ගජමිතුරන්ගෙන් සමාගම් වළල්ලක් හදාගත්තා. උන්ට හිතූ හිතූ විදිහට මිනිස්සු හූරගෙන කන්න හැම අවස්ථාවක්ම දුන්නා.
 
දැන් ඒකේ අස්වැන්න එන්න සටන් අරන්. Covid වලට ගැලපෙන විදිහට අපේ ආර්ථික කළමණාකරණය කර ගන්න මේ ආණ්ඩුවට ඕනි තරම් කල් තිබ්බා.
 
ඇත්තටම මේ අවුරුදු දෙක රටේ රාළ අතේ මේ රට තිබුණා නම් මේ අභියෝගය ලස්සනට ජයග්‍රහණය කරනවා. තවමත් ආණ්ඩුව මේ තත්වය තේරුම් අරගෙන නෑ.
 
ඇත්තටම මේ තත්වය තේරුම් ගන්න මොළ හතක් ඕනි නෑ. එකක් තිබුනහම හොදටම ඇති. ඒකත් නැති එකනේ ප්‍රශ්නේ.
 
 
මීට ඉස්සෙල්ලා ලිපියකින් රටේ රාළ කියලා ඇති දැන් ආණ්ඩුව අතින් සියල්ල ගිලිහිලා තියෙන්නේ කියලා. එයාලා අතේ දැන් තියෙන්න මර්ධන යන්ත්‍රණය විතරයි.
 
 
ඊයේ පෙරේදා අර ශෙහාන් සේමසිංහ කියනවා මේ අවුරුද්ද අවසානය වෙනකොට ආර්ථිකයේ නව පුනරාගමනයක් ඇති වෙනවා කියලා. 2022 කියන්නේ ආර්ථික සමෘද්ධියේ අවුරුද්ද කියලා. 
 
ඔන්න දැන් ආර්ථික පුනරාගමනය සිද්ධ වෙන්න පටන් අරන්. ඉස්සෙල්ලා සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම තහනම් කරන්න වුනා. ඒත් මෙයාලා සැප වාහන ගේන්න මාර ට්‍රයි එකක් දුන්නා. ජනතා විරෝධය ඉස්සරහා ඒවා අකුල ගන්න සිද්ධ වුණා.
 
ඔන්න දැන් අර්ධ සුඛෝපභෝගී භාණ්ඩවලටත් ප්‍රශ්නය ඇවිල්ලා. පොඩි ගානක් නෙවෙයි භාණ්ඩ 623 ක්. යට ඇඳුමත් ඒ අතර තියනවා. 
 
ඊළඟට ඔය ප්‍රශ්නය තෙල්වලට එනවා. බෙහෙත්වලට එනවා.ඒ විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් එනවා.
 
ඇත්තටම අද අපි අපේ අත්‍යවශ්‍ය ආහාර ටික නිෂ්පාදනය කර ගන්න බැරි රටක්. ආණ්ඩුව කළේ කෘෂිකර්මාන්තය නගාසිටුවීම නෙවෙයි කෘෂිකර්මාන්තය කඩා වැට්ටවීම. ඒක හොදට පේන්නේ මේ සැරේ මහ කන්නයේ අස්වැන්න අඩුවීමෙන්. 
 
ඒක නිසා අපේ රටේ දැනට ආරම්භ වෙලා තියෙන පෝලිම්වල වැඩිවීමක් මිසක් අඩුවීමක් නං වෙන්නේ නෑ.
 
සලාක ක්‍රමයට බඩුදීම ඉස්සරහදී සුළබ වෙයි. 
 
 
ඒ විතරක් නෙවෙයි මේ යන විදිහට රට ඇතුළේ අර්ධ සාගත තත්වයක් මේ අවුරුද්දේ අවසානයේ ඇතිවෙන්න පුළුවන්. ඒක ලබන අවුරුද්දේ මුල් කාර්තුව වෙනකොට සාගතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දැනටමත් ලෝක කියන්නේ අපි ඉන්නේ අර්ධ සාගත තත්වයක කියලා.
 
ඇත්තටම ලෝකයේ දැන් අපි ගැන කතා කරන මාතෘකා තමයි පෝලිම්, මානව හිමිකම් කඩවීම්. කොරෝනා හතරවෙනි මට්ටම ගැන.
 
ඒක නිසා රටේ රාළට හිතෙන්නේ ලෝකයේ අපි ගැන තියෙන චිත්‍රයට සාපේක්ෂව තමයි සියල්ල සිද්ධ වෙන්නේ කියලා.
වරාය නගරයට ආයෝජකයෝ එන්නෙත්. 1% කේ බද්ධට ආයෝජන එන්නෙත් මේ තත්වයට සාපේක්ෂව.
 
ඊළඟට එන ප්‍රශ්නය තමයි රටේ සාගතයක් ආවත් අත්‍යවශ්‍ය ආහාර ටික පිටින් ගේන්නවත් අපිට ඩොලර් නෑ. කවුරු හරි යමක් පිනට දුන්නොත් තමයි. ඒක නිසා දැන් මේ විවෘත ආර්ථිකය ඇතුළේ අපි නිකම්ම සංවෘත වෙලා තියෙන්නේ.
 
විවෘත ආර්ථිකය මේ රටට හදුන්වා දුන්නේ ජේ.ආර්. 
 
ජේ.ආර්ගෙන් පස්සේ ආපු නායකයෝ කොච්චර මේ රටේ ආර්ථිකය විවෘත කලාද කියනවා නම් දියුණු රටවල කුණු කන්ටේනර් පවා මේ රටට ගෙන්නුවා. 
 
 
ගෝඨාභය ඇවිත් කළේ දේශීය ආර්ථික ශක්තිමත් කරලා විවෘත ආර්ථිකයට අභියෝග කරන එක නෙවෙයි. රටේ යම් තරමකට හරි තිබුණ දේශිය ආර්ථිකය තවත් වට්ටලා විවෘත ආර්ථිකය ඇතුළේම හුදකලාවිම විතරයි. කොහොම හරි ජේ.ආර්ගේ විවෘත ආර්ථිකය ගෝඨාභය සංවෘත ආර්ථිකයක් කළා. හැබයි එතනදී එතුමා දේශප්‍රේමීත්වය අමතක කළේ නෑ. හෙට වෙනකොට අපේ රටේ දේශප්‍රේමීන්ගේ හොඳම පාරිභෝගික භාණ්ඩ බවට අමුඩය පත්වීම වළක්වන්න බෑ. 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
 
මීට
රටේ රාළ.
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 

 


 
THE LEADER TV 
 
විමල්ට එරෙහි විනය පරීක්ෂණයක්! 
 
 
ඒලියන්ත වයිට්ට වෙච්ච දෙයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්