"පසුගිය සතිය හෝ දින දහයක් ඇතුළත සිදුවූ සිත් රිදවන සිද්ධීන් මාගේ විශ්‍රාම ගැනීම සති හයකින් ඉක්මනින් කළා"
" මේ දුෂ්කරතා මැද වඩාත් යහපත් ප්‍රතිථල වෙනුවෙන් කළ යුතු ප්‍රතිසංස්කරණ හා වෙනස්කම් ගැන සිතමින් මානසික පීඩනයෙන් ගත කළ දින ගණන බොහෝයි "
ඒ සංවේදී ප්‍රකාශය කරන්නේ තමන්ගේ වැටුප් විෂමතාවය වෙනුවෙන් සටන් කරන ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් නෙවෙයි.
තමන්ගේ පඩිපතෙන් භාගයක් කපයි කියලා බයෙන් ඉන්න රාජ්‍ය සේවකයෙකුත් නෙවෙයි.
අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති හදන ඉහළ ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපතිවරයා. මහාචාර්ය W.D ලක්ෂ්මන්.
ආර්ථික විද්‍යාව සම්බන්ධව ලෝකය පිලිගත් මහාචාර්යවරයෙක්.
ඇත්තටම එතුමාගේ මේ ප්‍රකාශය ඇතුළේ අපේ රටේ රාජ්‍ය සේවයේ ඉහළ සිට පහළ දක්වාම ඉන්න හැම කෙනාටම බරපතල විදිහට හිතන්න කාරණා ගොඩක් තියනවා.
ඒත් ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා රටේ රාළට කරන්න ලොකු වැඩක් තියනවා.
ඒ එතුමාට කරන්න හැදුව බරපතල අසාධාරණයක් ඔප්පු කරලා රටට පෙන්නන එක.
පහුගිය දවස්වල ඉතා සූක්ෂමව Plant කරපු නිව්ස් එකක් තමයි මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකු අධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පුටුවක් බලාගෙන කියලා. IMF එකේ විකල්ප විධායක අධ්‍යක්ෂක ධූරයක් වෙනුවෙන් කියලා.
ඒක ගැන ඊයේ මහාචාර්ය ලක්ෂ්මනුත් කතා කළා. එතුමාගේ ඊයේ කතාවෙන් පැහැදිලි වෙන්නේ ඒ තනතුර ලැබෙන්නේ මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පස්සේ.
ඒත් එහෙම එකක් වෙනුවෙන් ඉල්ලා අස්වීම මෙතන වෙන්නේ නෑ.
ඒක සංවිධානාත්මකව ගහපු මඩක්.
මහාචාර්ය ලක්ෂ්මන් ඒකට ලස්සනට උත්තර දුන්නා. තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක. මතවාදයන් ඒක්ක ඒ තනතුරට නොගැලපෙන බව එතුමා කිව්වා.
ඒ නිසා ඒක කොච්චර ලොකු වරප්‍රසාදයක් උනත් බාර ගන්නේ නෑ කියලත් කිව්වා.
ඇත්තටම මේක මහ බැංකු අධිපතිකමට කෙළ හලන කෙනෙක්ගේ බාල වැඩක් වෙන්න ඕනි.
තමන්ට තනතුර ගන්න ඕනි උනාම අනෙකාට පීඩනයක් දීලා ඉල්ලලා විශ්‍රාම ගන්වන ගමන් ඒ මනුස්සයාගේ චරිතයත් ඝාතනය කරනවා. ඒක නිසා රටේ රාළගේ වගකීමක් තමයි ඒ චෝදනාවෙන් මහාචාර්ය ලක්ෂ්මන් නිදොස් කොට නිදහස් කිරීම.
ඊයේ මහාචාර්ය ලක්ෂ්මන් කරපු කතාවෙන් එක දෙයක් පැහැදිලියි. ඒ තමයි මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න ඕනිම කෙනෙක් දේශපාලනඥයාට ඕනි වෙන්නේ තමන්ගේ වැඩේ කරගන්නකං විතරයි. ඒ වෙනුවෙන් නොවදිනා වැදුම් වැඳලා ඉහළ තනතුරුවලට ගන්න නිළධාරින් එයාලට අවශ්‍ය විදිහට වැඩ කරන්නේ නැත්තනම් ගෙදර යවන විදිහ තමයි මහාචාර්ය ලක්ෂ්මන් හරහා පෙන්නුවේ.
මුළු ජීවිත කාලයම රට වෙනුවෙන් වැඩකරලා තෘප්තිමත්ව විශ්‍රාම යන්න අද එයාට බෑ. ඒ වෙනුවෙන් එයාට තියෙන්නේ කළකිරීමක් විතරයි.
ඇත්තම මහාචාර්ය ලක්ෂ්මන් අවංක රාජ්‍ය සේවකයෙක් බව එයාගේ කතාවෙන් බැලූ බැල්මට පේනවා. ඒකට හොදම උදාහරණය තමයි, 2019 දෙසැම්බර් 24 වෙනිදා මහ බැංකු අධිපතිකමට පත්වුණ දවසේ පටන් තමන් ගත්ත හැම තීරණයක්ම ගත්තේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව බව පැවසීම. ඒවායේ වගකීම බාරගැනීම.
හරිනේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන මිනිස්සු මෙයාලට වහ කදුරු වගේ. ඒ වගේම පහුගිය දින දහය ඇතුළේ එතුමාට එල්ලවුණු බරපතල පීඩනය ගැන එතුමා විවෘතව කතා කළා. ඒ කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න එතුමා බැරි වෙන්නේ පහුගිය කෙටි කාලය ඇතුළත බව පැහැදිලියි.
ඒ නිසා එතුමාට කරන්න පුළුවන් එකම දේ එතුමා කරලා තියනවා. ඒ තමයි තමන්ගේ විශ්‍රාම ගැනීම සති හයකින් ඉක්මනින් කිරීම.
රටේ රාළත් ඔය තත්වය දැක්කා. මහ බැංකු අධිපති ධූරයට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ආයෙත් එනවා කියලා සාකච්ඡා ඇතිවුණේ මේ ළගදී. මුලදී කබ්රාල් එනවද නැද්ද කියලා කෙලින් කිව්වේ නෑ. බොරුවට හොරගල් අහුල අහුල හිටියා.
ඊයේ මහාචාර්ය ලක්ෂ්මන් 14 වෙනිදා ඉල්ලලා විශ්‍රාම යන බව නිවේදනය කළාට පස්සේ තමයි මිනිහා හරියට වචනයක් කිව්වේ. ජනාධිපතිගේ ඉල්ලීම මත ආය මහ බැංකුවට එනවා කියලා.
ඒ වගේම ඒ තනතුර වෙනුවෙන් කැබිනට් බලතල තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටියා කියලත් එයා පිලිගත්ත.
අජිත් නිවාඩ් කබ්රාල්
එහෙනම් මහාචාර්ය ලක්ෂ්මන් කියන මේ කතාව පිටිපස්සේ ඉන්නේ කබ්රාල් කියලා කාටහරි උපකල්පනය කරන්න පුළුවන්.
මොකද කබ්රාල්ගේ මහ බැංකු අධිපතිකම ඇතුළේ තියෙන්නේ අපකීර්තිමත් ඉතිහාසයක්. දැන් ඉතාමත් පැහැදිලි අඟහරුවාදා විශ්‍රාම යන මහාචාර්ය ලක්ෂ්මන් වෙනුවට බදාදා කබ්රාල් දිව්රුම් දෙනවා කියලා.
කොහොම උනත් මහාචාර්ය ලක්ෂ්මන් කියන්නේ කොන්ද පණ තියෙන මහාචාර්යවරයෙක්. පහුගිය කාලේ අපි නිතර කතා කරපු මහාචාර්යවරුන්ට වඩා ගොඩාක් වෙනස්.
පහුගිය කාලේ අපට නිතර කතා කරන්න උනේ මහාචාර්ය ජී.එල් පීරිස් ගැන. මහාචාර්ය චන්න ජයසුමන ගැන. ඒ වගේම අර පොහොට්ටුවේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ගැන.
ඒක නිසා මහාචාර්ය පදවියක ගෞරවය කියන්නේ මොකක්ද කියලා මහාචාර්ය ලක්ෂ්මන් ඊයේ රටටම නිහතමානීව පෙන්නුවා. රටේ රාළ ඒ ගැන එතුමාට හැමදාම ගරු කරනවා.
මෙතනදී මහාචාර්ය ලක්ෂ්මන් දුක හිතෙනම කතාව කියන්නේ අන්තිමට. එතුමා ඉගෙන ගන්න කාලෙත් අපේ රට ඌන සංවර්ධිත රටක්ලු. අද එතුමා 80 වන වියට එළඹිලා විශ්‍රාම යනකොටත් මේ රට ඌන සංවර්ධිත රටක්ලු. ඒ තත්වය වෙනස් කරන්න අඛණ්ඩ ප්‍රතිපත්තිමය වැඩපිලිවෙලක්, කැපකිරීමක් කරන්න අපේ සමාජය හා දේශපාලන පක්ෂ සූදානම් නැතිලු. ඒ බව මේ දෙවසරකට ආසන්න කාලය ඇතුළේ එතුමා ලබපු අද්දැකීම්වලින් පැහැදිලි වෙනවලු.
එතුමාගේ කතාව අහපු රටේ රාළට ඒ කතාව ඇතුළේ තවත් ගොඩක් කතා හැංගිලා තියන බව පේනවා. අද මේ රටේ ආර්ථිකය සම්බන්ධව තීරණ ගන්නේ රටට ඕනි විදිහට නෙවෙයි. එක පවුලකට ඕනි විදිහට කියලා තමයි එතුමත් ඔය නොකියා කියන්නේ.
ඒ වෙනුවෙන් ලක්ෂමන් ගෙදර යවා කබ්රාල් ගෙන ඒක අපට මහ ලොකු දෙයක් උනාට සර්ලට ඒක හරිම සුළු දෙයක්. ඒ කින්නේ මෙයාලා සැළසුම් සහගත ආර්ථික මංකොල්ලයකට තමයි මේ සුදානම් වෙන්නේ. ඒක පහසු කරගැනීම වෙනුවෙන් අවශ්‍ය පුද්ගලයින් අවශ්‍ය තැන්වල ස්ථානගත කිරීම තමයි මේ කරන්නේ.
ඒක සරළ නෑ. ජාත්‍යන්තර වශයෙන් එන මහා මංකොල්ලයකට ජාතික වශයෙන් පහසුකම් හැදීමක් මේක. ඇත්තටම අත යට ගනුදෙනු වෙනුවෙන් මාතෘ භූමිය පවාදීමක්.
රටේ රාළව අරන් ගිහින් පෙති ගැහුවත් ඒ ඇත්ත කියන්න ඕනි. කොහොම උනත් ලබන 14 වෙනිදා මහ බැංකු අධිපතිධූරයෙන් විශ්‍රාම යන මහාචාර්ය W.D ලක්ෂ්මන්ට රටේ රාළ සුභ විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා. වෙලාවක හම්බ වෙමු.
එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි. ජයවේවා.
මිට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
THE LEADER TV
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද?
රජ තුන්කට්ටුවේ හමුවෙන් පසු ඉතාලි ගිය අගමැති