Colombo Telegraph පටන් අරන් අදට අවුරුදු දහයක්. 

 
හෙට වගේ දවසක තමා ඔපරේෂන් එක පටන් ගත්තෙ. 
 
ආණ්ඩුවල, පෞද්ගලික ආයතනවල, දේශීය හා ජාත්‍යන්තර සංවිධානවල කොතරම් ඉහල නිලතල දරණ/දැරූ මිතුරන් හිටියත් කිසිම වෙළඳ දැන්වීමක් හෝ ආධාරයක් පිටුපස අප ගියේ නැත. 
 
කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් හෝ පුද්ගලයෙකුගෙන් ආධාරයක් අරන් ද නැත. 
 
අනෙකුත් වැඩ අස්සෙ අවුරුදු දහයක් ස්වෙච්ඡාවෙන් ප්‍රධාන සංස්කාරකකමක් කරනව කියන්නෙ ලෙහෙසි වැඩක් නෙමෙයි. අහිමි වූ දේ බොහෝය. ඒ අතරින් වඩාත්ම හිත රිදවන දේ නම් හොඳම මිතුරන්ගේ නරක ක්‍රියාවන් ගැන ලිවීමට සිදුවීමය. 
 
ඒ කිසිවක් මා ලිව්වේ නැත. මා හැම විටම ඒ කටයුත්ත වෙන අයෙකුට පැවරීය. ඒ ලැදියාවන්ගේ ගැටුමක් ඇතිවන නිසාවෙනි. Editor's Burden කියන්නේ එහි එක පැත්තකි. එය මම තනිවම දරා සිටිමි. 
 
අද වෙනත් සංස්කාරකවරියකට පවරා මා විශ්‍රාම ගැනීමට සැලසුම් කර සිටියත්, ඇයට පෞද්ගලික ජීවිතයේ යම් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බැවින් අද දින එය සිදුවන්නේ නැත. එහෙත් ඉතාම නුදුරේ මා මේ වගකීම ඇයට බාරදෙමි. 
 
මේ වසර 10ය තුල Colombo Telegraph ලිපි/කතා මිලියන දෙකහමාරකට වැඩි ප්‍රමාණයක් (26,085) ප්‍රසිද්ධ කර ඇත. තව දහස් ගණනක් ප්‍රතික්‍ෂේප කර ඇත. පාඨක කොමෙන්ට්ස් මිලියනයකට වැඩිය අනුමත කර ඇත.
 
අප හැමදේම ගැන ලිව්වේ හෝ වාර්තා කලේ හෝ නැත. අපි ලිව්වේ ලංකාව තුල ලියන්නට බැරි, වාරණය කරන කරන කතාය. නොමඟ යනවන සුලු වාර්තාකරණයන් නිවැරදි කිරීම්ද අපේ වැඩේ කොටසක් විය. එය ඉදිරියටත් එසේම සිදුවනු ඇත. 
 
ලංකාවෙ කිසිම මාධ්‍යයකට නැති තරම්, හැම ජාතියකටම, වර්ගයකටම, කුලයකටම, ලිංගිකත්වයකටම අයත් ලේඛකයො අපිට ඉන්නව.  
 
ලංකාවට ගිය මාධ්‍ය තත්ත්වය ගැන සොයා බැලීමේ ජාත්‍යාන්තර දූත කණ්ඩායමක් කර්තෘ සංසදයෙන් ලංකාවෙ හොඳම ඔන්ලයින් පබ්ලිකෙෂන් එක කුමක් දැයි ඇසූ විට පිලිතුර ලෙස ලැබී ඇත්තේ Colombo Telegraph යන්නය. ඒ අය එතන ඉන්න ගමන් මට මෙසේජ් කරමින් ඒ බව දැන්වීය.
 
 දූත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගෙන් පසුව ඊමේල් මඟින් එය සනාත කර ගතිමි. වාරණයට හා ස්වයං වාරණයට යටවී සිටින ලංකාවෙ ඉහලම මාධ්‍ය ප්‍රධානීන් උනත් Colombo Telegraph ගැන හිතන්නේ එහෙමය. අපි හැම විටම අපේ ප්‍රමිතිය රැක ගැනීමට උත්සාහ කරමු.
 
Colombo Telegraph මිලදී ගැනීමටත්, එහි කොටස්වලින් 49%ක් ගන්නටත් ලංකාවෙ මාධ්‍ය ධනකුවේරයෝ කීපදෙනෙක් ඉල්ලා සිටියත්, මම මගේ දරුවන් විකුණන්නේ නැති බව ඔවුන්ට කියා ඇත. 
 
මේ වසර දහය තුල මුදලට සේවය කල අයටද, නොමිලේ සේවය කල අයටද මගේ ආදරය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගනිමි. [මුදලට වැඩකල අයද මුලින් දිවා රාත්‍රී වෙහෙසී ස්වෙච්ඡාවෙන් වැඩ කල අයය]. ඔබ සියල්ල නොමැතිව මේ සියල්ල හුදු සිහිනයක් පමණි. 
 
මම බුකියේ ලියන මගේ පිස්සු අදහස් එතනට මා කිසි දිනක වද්දාගත්තේද නැත. ජනමාධ්‍යයේ ස්වාධීනත්වය කියන්නේ තමාගේ අදහස් හා කතාව අතර දුරස්ථභාවයක් පවත්වා ගැනීමය. 
 
මගේ උපන් දිනය මා සමරන්නේ නැතිවාක් මෙන්ම මෙයද මා සමරන්නේ නැත. මෙය මට තවත් එක් දිනක් පමණි.
 
 
Uvindu Kurukulasuriya1උවිඳු කුරුකුලසූරිය 
සංස්කාරක - කලම්බෝ ටෙලිග්‍රාෆ් 
 
(vindu Kurukulasuriya ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට 'ද ලීඩර්' සුබපැතුම් ....

 

 


 

THE LEADER TV 
 

අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?

 

වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්