G20 අන්තර් ආගමික සංසදය අමතන්න අගමැති මහින්දට ඊයේ අවස්ථාවක් හම්බ උනා. ඒ මහින්ද මේ රටේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
ඇමති විදිහට. 
 
ඉතාලියේ බොලොංඤ්ඤා නුවර තමයි සමුළුව තිබුණේ. තවම ඉවරත් නෑ. 
 
කාලෙකට පස්සේ තමන්ට වැටුණු කොළ එළියට රාජපක්ෂලා සංවේදී වෙන විදිහ දැකලා රටේ රාළට නං දුකත් හිතුනා.
 
මොකද G20 කියන මානසිකත්වය රාජපක්ෂලාගේ වැඩවසම් මනෝභාවයට හොඳ උත්තේජනයක්.
 
ඊළඟට පහුගිය කාලේ දිගටම වැටුනේ රතු එළි හින්දා දැන් රාජපක්ෂලා පුංචි කොළ එළියකට උනත් ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.
 
ඒ වගේම තමයි රාජපක්ෂලා කියන්නේ එක ගලෙන් කුරුල්ලො කීපදෙනෙක් බිම දාන්න හිතන අය. ඒක නිසා මහින්ද මේ ලැබෙන චාන්ස් එක කීයටවත් අහක දාන්න හිතන්නේ නෑ. දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන එන විදිහේ වැඩක් ප්ලෑන් කරනවා.
 
රටේ රාළ හිතන විදිහට ඒක ලොකු ප්ලෑන් එකක්. රටේ රාළට තියෙන පුංචි දේශපාලන දැනුමේ හැටියට එතන මෙහෙම ප්ලෑනක් එකක් වැඩ කරන්න ඕනි.
 
යුරෝපය කියන්නේ දිගටම රාජපක්ෂලට හොඳ තැනක් නෙවෙයි. පහුගිය කාලේ යුරෝපයට පය ගහන්න බැරුව හිටියේ. යුරෝපා සංගමය දිගටම හිටියේ රාජපක්ෂ විරෝධයක.
 
මානව හිමිකම් ප්‍රශ්න, වඟවීමේ ප්‍රශ්න එක්ක එයාලා හැමදාම රාජපක්ෂලත් එකක් හැපුණා. ඒක නිසා රාජපක්ෂලා හිතන්න ඇති මේ අවස්ථාව යුරෝපයට ඇතුල් වෙන දොරක් විදිහට පාවිච්චි කරගන්න.
 
ඒකට ඉතාලි අගමැතිවරයා ඇතුළු රටවල් කීපයක නායකයන් එක්ක හොදහිත වර්ධනය කරගන්න.
 
ඇත්තටම ඒ අවස්ථාව ගැනීම කිසිම වරදක් නෑ. අනික තමයි අදින් ඇරඹෙන ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව එන යෝජනාවට මතවාදී බලපෑමක් කරගන්නත් මේක අවස්ථාවක් කරගන්න. ඒකට ගැලපෙන කතාවකුත් හදාගෙන තමයි යන්න ඇත්තේ.
 
ඉතාලිය කියන්නේ කිතුණු බැතිමතුන්ගේ රටක් කිව්වත් ඒකේ ලොකු වැරැද්දක් නෑ. මොකද සුද්ද වු ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්නෙත් ඉතාලියේ. වතුකානුවේ.
 
ඉතාලියට යන නිසා පාප් වහන්සේ හම්බ වෙන්නත් මහින්දලාගේ ප්ලෑන් එකේ තිබුණා. ඒකේ වරදකුත් නෑ. හැබැයි එතන තිබුණේ හොඳ අරමුණක් නෙවෙයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට දඩුවම් දෙන්න, නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැති මේ ආණ්ඩුව වැඩේ නියමෙට කරනවා කියලා පාප් වහන්සේට කියන්න හදනවා.
 
මේ රටේ කිතුණු සමාජය දවසින් දවස යුක්තිය ඉල්ලද්දී වගේ වගක් නැතිව හිටපු ආණ්ඩුව ගිහින් පාප් වහන්සේට කියන්න හදනවා අපි වැඩේ නියමෙට කරගෙන යනවා කියලා. ඇත්තටම රටේ රාළත් පිලිගන්නවා එතන යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නෑ කියලා. 
 
අගරදගුරුගේ ප්‍රශ්න කිරීම් ඉස්සරහා පහුගිය කාලේ ආණ්ඩුව නිරුත්තර වෙලා හිටියේ. 
 
ඒක නිසා ආණ්ඩුව හිතුවා මහින්දගේ ගමනේදී පාප් වහන්සේ හම්බ වෙලා එතුමාට කරුණු කියලා, එතුමාගේ ආශීර්වාදය ගන්න. ඒ හරහා අගරදගුරුගෙයි කිතුණු ප්‍රජාවෙයි කට වහන්න. අපිට ඕවා වැඩක් නෑ. අපි පාප් වහන්සේටත් ප්‍රශ්නය කියලා තියෙන්නේ. එතුමත් අපේ වැඩේට ආශීර්වාද කලා කියලා කියන්න. 
 
 
ඇත්තටම මහින්ද හැදුවේ ගිහින් පාප් වහන්සේවත් අන්දන්න. මොකද මහින්දලා කියන්නේ අන්දන්න පිකාශෝලා. ඒත් රාජපක්ෂලාට කිතුණු පල්ලිය අන්දන්න නං කාලයක් යයි. මොකද ඒක ජාත්‍යන්තර ප්‍රපංචයක්.
 
 
 
බළලා මල්ලෙන් එළියට පැනීමක්  !
 
 
8f0728b3 a8d94619 d45152a0 2b669018 c6d09db3 757d5daa kamal gunaratne 1 850x460 acf cropped 850x460 acf cropped 850x460 acf cropped 850x460 acf cropped 850x460 acf cropped 
විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න
 
 
මෙතනදී තවත් දෙයක් සිද්ධ උනා. ඒ තමයි මේ සංවාදය මැද්දට කමල් ගුණරත්න අලුත් මාතෘකාවක් එක්ක කඩා පැන්නා. රටේ රාළට නං හිතෙන්නේ ඒක සැළසුම් සහගතව කරපු කඩා පැනීමක් කියලා. කමල් ගුණරත්න කියනවා පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ වැඩක් කියලා කියන කුමන්ත්‍රණයක් තියනවා, ඒක බොරුවක් කියලා.
 
කවුරුත් අහපු නැති ප්‍රශ්නයකට කමල් ගුණරත්න උත්තරයක් දෙනවා. ඇත්තටම ඒක එතනට අදාළ කතාවක් නෙවෙයි. යුක්තිය ඉල්ලන මිනිස්සුන්ගෙන් කමල් ගුණරත්න ඇවිත් අහනවා ඕක කළේ ගෝඨාභය කියලා කවුරු හරි කිව්වොත් ඒක පිලිගන්න එපා කියලා. මාර හතර බීරි කතාවක් ඒක.
 
හිටපු නීතිපති කිව්ව කුමන්ත්‍රණ කතාව ගැනත් ප්‍රශ්න කරනවා කියව්වා. ඇත්තටම රටේ රාළට නං හිතෙන්නේ ඒක බළලා මල්ලෙන් එළියට පැනීමක්.
 
  
කමල් ගුණරත්නගේ ඒ කතාවෙන් ජනාධිපති ගෝඨාභය ගැන බරපතල සැකයක් සමාජයට කාන්දු වුණා. එයාලා හැදුවේ මේ  ප්‍රශ්නය ආයෙත් පීක් එකට ගෙනත් පාප් වහන්සේ ළග තියලා ප්‍රශ්නය අවසන් කරන්න. කිතුනු බෙල්ට් එක තමන්ගේ පැත්තට නමාගන්න. නැත්නම් විරෝධය අඩු කරගන්න.
 
 
හැබැයි අගරදගුරු හිමියන් මේක හරියටම තේරුම් ගත්තා. එතුමා හරියටම පොයින්ට් එක ඇල්ලුවා. එතුමා කෙලින්ම කිව්වා මහින්ද යන්නේ පාප් වහන්සේ අන්දන්න කියලා. ඒක හරි බාල වැඩක් කියලා. මෙහේ ප්‍රශ්නය යට ගහන්න හදන ගමන් ජාත්‍යන්තරයට ගිහින් බොරු කියන්න හදනවා කියලා. එහෙම උනොත් අපිත් ජාත්‍යන්තරට යනවා. ගිහින් බළමු කවුද දිනන්නේ කියලත් අභියෝග කළා. 
 
වතිකානුවට විතරක් නෙවෙයි, ජිනීවාවලට යන්න උනත් ලෑස්ති කියලා අගරදගුරු අනතුරු ඇගෙව්වා. අගරදගුරුගේ ඒ කතාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රචාරයකුත් හම්බ වුණා. 
 
ඇත්තටම ඒ කතාවෙන් පස්සේ මහින්දලාට තමන්ගේ සැලසුමෙන් හතරෙන් තුනක් අකුලන්න සිද්ධවුණා. පාප් වහන්සේ හම්බ වෙන්නේ නෑ කියලා අගමැති කාර්යාලයෙන් දිගට හරහට නිවේදන, පැහැදිලි කිරීමි කළා. 
 
 
ඒ වෙලාවේ අර මහින්දලාගේ 'වොයිස්කට් බලකායේ' හාමුදුරුවරු කීපදෙනෙක් එළියට බැහැලා මහින්දගේ ගමන රාජ්‍ය තාන්ත්‍රික එකක්, අගරදගුරුට ඒකට ඇගිලි ගහන්න බෑ කියලා වැඩේ ආයෙත් මහින්දට ඕනි Track  එකට දාලා දෙන්න හැදුනවත් ඒක වැඩ කළේ නෑ. ආපු සමාජ විරෝධය ඉස්සරහා Voice Cut බලකායත් පල්ලම් බැස්සා.
 
 
ඔය තත්වය යටතේ තමයි මහින්ද ඉතාලි ගියේ. ගියේම පරාද වෙලා. කොහොම හරි ගොඩදාගන්නවා කියලා ජී.එල්ලුත් අරගෙන ගියා. මොකද ජී.එල්ට යුරෝපය කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි. 
 
ඊයේ මහින්ද සමුළුව අමතන අතරතුරේ තවත් විශේෂ සිද්ධියක් වුණා. ඉතාලියේ බොලොංඤ්ඤා නගරයේ දැවැන්ත උද්ඝෝෂණක් පැවැත්වුණා. එංගලන්තය. ජර්මනිය. ප්‍රංශය. නෝර්වේ, ස්විට්සර්ලන්තය ඇතුළු යුරොපා රටවල ඉන්න මිනිස්සු එතනට ඇවිත් හිටියා. ඔක්කොම යුරෝපයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ.
 
 
 
එයලා ඇඳගෙන හිටියේ කළු ඇදුම්. වටේට කළු කොඩි ගහලා.අ තේ කළු කොඩි, සටන්පාඨ පුවරු, සමහරුන්ගේ අතේ ජාතික කොඩි. හැම දෙනාම එක හඩින් මහිදින්දට විරෝධය දැක්වනවා. 
 
එතන හිටිය අයගේ කතාවලින් තේරුනේ එයාලා බහුතරයක් සර් බලයට ගෙන්න මහන්සි වෙච්චි අය. සර් වෙනුවෙන් ඡන්දය දෙන්න අතින් වියදම් කරගෙන ආපු අය. කතා කරපු ගොඩ දෙනෙක් සර් ඇතුළු ආණ්ඩුව පතුරු ඇරියා.
 
සමහරු සර්ට මිනීමරුවා කිව්වා, පාස්කු ප්‍රහාරයේ සාක්ෂි හරියට විභාග කරන්නේ නෑ කිව්වා. හරියට පරීක්ෂණ කරපු ශානී හිරේ දැම්මා කිව්වා. පාස්කු කොමිෂන් වාර්තාවේ කොළ කඩලා කිව්වා. ඒවා හැංගුවේ ඇයි ඇහුවා. ඒ කතාවලට උද්ඝෝෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර තිබුණා. හැමෝම එක හඩින් යුක්තිය ඉල්ලුවා. මහින්දගෙන් යුක්තිය ඉල්ලුවා. සර්ගෙන් යුක්තිය ඉල්ලුවා. ආණ්ඩුවෙන් යුක්තිය ඉල්ලුවා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ට යුක්තිය ඉල්ලුවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ මිනීමරුවන්ට දඩුවම් දෙන්න බල කළා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න බල කලා.
 
 
ඇත්තටම ලංකාවේ හිටිය රටේ රාළත් හදවතින්ම ඒ මිනිස්සුන්ගේ සටනත් එක්ක එකතු වෙලා හිටියේ. එහෙම එකතු උන ලක්ෂ ගානක් ලංකාවේ මිනිස්සු ඉන්න ඇති. අන්තිමට මහින්ද ලෝකයට කියන්න ගිය සමගියේ, එකමුතුකමේ කතාව යටගිල්ලා ඉතාලියේ බොලොංඤ්ඤා නගරයෙන් නැගුණු යුක්තිය ඉල්ලන මිනිසුන්ගේ හඩ උඩට ආවා. 
 
උඩට ආවා විතරක් නෙවෙයි ඒක ලෝකය පුරා රැව්පිළිරැව් දුන්නා. ඊයේ පටන් ගත්ත සටන ලන්ඩන්නය, පැරීසිය, බර්ලිනය, මිලානෝ ඇතුළු යුරෝපය පුරා ගෙනියන්න සපත කරලා කට්ටිය විසිරි ගියා. වතිකානුවෙන් එහාට ජීනිවා දක්වාම සටන ගෙනියන බවටත් සපත කළා.
 
ඇත්තටම ගොඩක් දේවල් අරන් එන්න ඉතාලි ගිය මහින්දට හිස් අතින් එන්න වෙලා. මොකද මහින්ද ලංකාවට එන්න ඉස්සෙල්ලා විරෝධයත් ලංකාවට ඇවිල්ලා. මහින්දලා කරන්න හදපු ඉතාලි කුරුමානම වැරදුනේ එහෙමයි.
 
අද ලෝකයේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුව විසින් අරගලයන් ඒක රාශි කරලා. එකම සටන් පාඨයට ලෝකය පුරා සටන් ඇවිළෙනවා.
 
ඊයේ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ රාජපක්ෂලාගේ වැඩවසම් චින්තනය කුඩුපට්ටම් කළා. දැන් ඉතින් මහින්දට තියෙන්නේ සීතල වතුර වීදුරුවක් බීලා ලංකාවට එන්න. 
 
එන ගමන් ඕනි නම් මැඩම්ට කියලා මෙත්මල් පිපිදේවා....සිත් තුළ මෙත්මල් පිපිදේවා ...කියන සින්දුව අහ අහා  එන්න පුළුවන්.
 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
මීට
රටේ රාළ
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
දැන් ආණ්ඩුවට කවුද ඉන්නේ ?
 
 
අගමැති මහින්ද රටවිරු උදහසට! ගේමක් ද?
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්