කවුද අකමැති පිස්තෝලයක් දබර ඇඟිල්ලේ කරකවා කරකවා Basic Instinct එකේ වගේ කෙල්ලක් ඩ්‍රයිව් කරන කළුපාට කාර් එකක නැගල විදුළි වේගයෙන්
නගරය හොල්ලගෙන යන සීන් එකක කතා නායකයා වෙන්න? 
 
පිස්තෝලේ වෙනුවට සමුරායි කඩුවක් උනත් කමක් නැහැ. මෙහෙම විපරීත ෆැන්ටසි එකක් අපි හැමෝම තුළ නලියනවා. ඒක තමයි ඇත්ත. 
 
වැඩිමනත් ප්‍රමෝදයක් ගන්න ඕනිනම් කාගේ හරි ඔළුවට පිස්තෝලේ එල්ල කරන්නත් පුළුවන්. ඒක එල්ල කරන්නේ නිකම් මුස්ලිම් මිනිහෙක් හරි දෙමළෙක් දිහාවට නම් ඒ ප්‍රමෝදය තවත් වැඩි කර ගන්නත් පුළුවන්. 
 
අපි ෆිල්ම් බලන්නේ අපි ඇතුලේ තියන මේ විපරීත ෆැන්ටසි එක සිනමා තිරය ඇතුලේ හරි දිගහැරෙනවා බලන්න. ඇක්ෂන් නළුවෝ එච්චර නැගල යන්නේ මේ නිසා. ඒක හොලිවුඩ් එකේ ප්‍රශ්නයකට වඩා අපේ ප්‍රශ්නයක්. 
 
ඒ වගේම ඒ සියළු දේ කරලා උදේ වෙරි හිඳිලා බලනකොට කිසිදෙයක් වෙලා නැතුව වගේ ඊයේ හිටිය විදියටම ආයෙත් වැඩ පටන් ගන්න පුළුවන් නම් පට්ට නේද? 
 
'සියළු දේ උල්ලංඝනය කරන්න' (unconstrained transgression) කියන සුපිරි අහමේ නියෝගය පිළිපැදලා ඒත් අවුලක් වෙන්නේ නැතුව හෙට දවසෙත් ඒ විනෝදයම ගන්න පුළුවන් ඊටත් වඩා විනෝදයක් කොයින්ද? 
 
ඒකට නම් ගොඩක් පිං කරලා ඉපදෙන්න ඕනි. අපි වගේ ජහමනයාට එහෙම කරන්න බැහැ. කුදලාගෙන අරන් යනවා. 
 
ඒ වගේ එළිපිට මිනී මරන්න, දුෂණය කරන්න, ගෙවල් බිඳින්න, හොරකම් කරන්න වගේ විපරීත ප්‍රමෝදයක් එළිපිට රඟ දක්වන්න ඕනි නම් එක්කෝ ඒ වගේ විපරීත ආශාවල් සඳහා ඉඩදෙන ඉවසන සුළු ස්වාමියෙක් සොයා ගන්න වෙනවා. 
 
නැත්නම් ඔය කැලේ ඉන්න මංකොල්ල නඩයකට සෙට් වෙන්න වෙනවා. සින්න සින ආසෙයි විතරක් නෙවෙයි ලොකු ලොකු ආශාවක් උනත් එහෙම ස්වාමියෙක් ඉවසගෙන ඉන්නවා. 
 
ඔබ ව්‍යඝ්‍රා පෙත්තක් ළඟ තියා ගන්න ඕනි ඔබට සෙක්ස් කරන්න ඕනි නිසාම නෙවෙයි. ඔබට ඕනෑම වෙලාවක සෙක්ස් කරන්න පුළුවන් නිසා! ඒක තමයි සුපිරි අහමේ නියෝගය...
 
 
 
Basic Instinct ෆිල්ම් එක මතක් වෙන්න Sharon Stone ගේ ෆොටෝ එකක් දැම්මා.
 
 
Mahesh Hapugoda(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 

THE LEADER TV 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්