ගෝඨාභය - මහින්ද - බැසිල් ආණ්ඩුව කියන්නේ කිසිම ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක්.
 
ඒකට හේතුව ඒ ආණ්ඩුව බලයට ගෙනාපු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කිසිම ප්‍රතිපත්තිමය වැඩපිලිවෙලක් වටේ ගොඩනැගුණු සන්ධානයක් නොවීම. එක පවුලකට බලය ගැනීම වෙනුවෙන් තවත් කණ්ඩායමක කඩේ යෑම පමණයි එතනදී සිදුවුනේ.
 
එහෙම කොන්දේසි විරහිතව කඩේ ගිය චරිත තුනක් තමයි වාසු, විමල්, ගම්මන්පිල කියන්නේ. ඇත්තටම රාජපක්ෂ පවුලේ බල උවමනාවට දේශප්‍රේමීත්වය තවරා Hall Sale වික්කේ එයාලා.
 
හැබැයි අද වන විට රාජපක්ෂවරු ජනතාව ඉදිරියේ මේ තුන් කට්ටුවම නිරුවත් කරලා ඉවරයි. තමන් නිරුවත් වෙලා කියලා තවමත් මෙයාලට දැනෙන්නේ නෑ. ඒක නිසා ඒ ඔයාලා හෙලුමෙන් කියලා පෙන්වාදීම රටේ රාළගේ යුතුකමක්.
 
 
ඒක වෙන්නේ මෙහෙම. 
 
පහුගිය 17 වෙනිදා කෙලවරපිටිය යුගදනව් බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස්වලින් රජයට අයිති 40% ක කොටස් හා ස්වභාවික ද්‍රව වායු සැපයීමට අදාළ ගිවිසුමක් ආණ්ඩුව ඇමරිකානු සමාගමක් එක්ක අත්සන් කළා. 
 
ඒකට අදාළව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා කියන්නේ සැප්තැම්බර් 06 වෙනිදා. ඒත් එක කරලා තියෙන්නේ අවසන් මොහොතේ. කිසිම ඇමති කෙනෙකුට පිටපතක් දීලා නෑ. බැසිල් අතේ විතරයි පිටපත තිබිලා තියෙන්නේ.
 
ඒ වෙලාවේ මේ සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කරන්න ඕනි කියලා වාසු, විමල්, ගම්මන්පිල තුන් කට්ටුවම කියලා තියනවා. කොහොම හරි පත්‍රිකාව කැබිනට් එකේ සම්මත උන බව සටහන් වෙලා තියනවා. ඊට පස්සේ බැසිල් ගෝඨාභයට පොරොන්දු වෙලා තියනවා ඒ ගැන තුන් බෑයන්ව දැනුවත් කරන.
 
ඒ අනුව පසුගිය 17 වෙනිදා තුන් බෑයෝ ගෙන්නලා බැසිල් දැනුවත් කිරීමක් කරලා තියනවා. හැබැයි අන්තිමට තුන් කට්ටුව ගිවිසුමට අදාළ එයාලගේ සංශෝධන ඉදිරිපත් කරලා තියනවා. ඒවා ගිවිසුමට ඇතුළ් කරන්න බැසිල් එකඟවෙලත් තියනවා. 
 
හැබැයි එදාම රෑ 12.06 ඇමෙරිකාවෙන් ආපු සුද්දෙක් එක්ක ගිවිසුම අත්සන් කරලා. රෑ දෙක වෙනකොට සුද්දා යන්නත් ගිහිල්ලා. ඊට පැය කීපයකට පස්සේ ජනාධිපතිත් ඇමරිකා ගිහිල්ලා. වාසු,විමල්,ගම්මන්පිලගේ යෝජනාව තුට්ටුවකට ගණන් අරන් නෑ.
 
 
ඈත්තටම මේක දේශපාලන නිරුවත් කිරීමක් නෙවෙයිද? දැන් ඉතින් තුට්ටුවටත් පහළට වැටුණු වාසු,විමල්, ගම්මන්පිලලා තුට්ටුව බේරගන්න කරන සටන්  මේ දවස්වල අපට පේනවා. 
 
 
හැබැයි රටේ රාළට කියන්න ඕනි ඒක නෙවෙයි. මේක යට තියෙන විනාශයේ කතාව. ඒක බොහොම භයානක එකක්. ඒ වගේම මේක දියුණු සැළස්මක් අනුව ක්‍රියාත්මක වෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. 
 
අද ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාකරන්න වෙලා තියෙන්නේ රටේ රාළට. හැමදාම ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන රටට කියපු අය අද හැංගිලා. රටේ රාළ ඒ වගකීම බොහෝම කැමැත්තෙන් බාර ගන්නවා. මොකද මව්බිම හැර රටේ රාළට රකින්න වෙන වස්තුවක් නෑ. 
 
ඇත්තටම ඉස්සෙල්ලාම කියන්න ඕනි මේක යැංකි ආණ්ඩුවක්. මේ ආණ්ඩුවේ ඇත්ත නම USA - ගෝඨාභය - බැසිල් ආණ්ඩුව. 
 
විමල්ලා වගේ මේක බැසිල්ගේ වැඩක් කියන මෝඩ තර්කයේ රටේ රාළ කවදාවත් හිටියේ නෑ. මේක ඇත්තටම ඇමරිකාව ගෝඨාභය හා බැසිල් පාවිච්චි කරගනිමින් කරන වැඩක්. 
 
ඇත්තටම රටේ රාළට මතක් වෙන්නේ පහුගිය ජනාධිපතිවලණයේදී කිසිවෙකුට ඡන්දය දෙන්නේ නෑ කියලා රටේ රාළ මුහුණ පොතේ දාපු ලිපිය. ඒකෙදී රටේ රාළ කිව්වා ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධව ප්‍රශ්නය රටේ රාළට නං තවමත් ඉතිරිවෙලා තියනවා කියලා. 
 
ඇත්තටම ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය රට ඉස්සරහා හරියටම නිරවුල් උනේ නෑ. දැන් ඒ සැකය බරපතල විදිහට වර්ධනයට වෙලා. මේක ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවයි ගෝඨාභයයි ගහපු ගේමක්ද කියන සැකය තියනවා. 
 
ආසියාවේ බලය ලබාගැනීමට අත්‍යවශ්‍ය මර්මස්ථානයේ බලය එහෙම කුමන්ත්‍රණයකින් ගන්න පුළුවන් නම් ඇමරිකාව ඒ ගැන දෙපාරක් හිතන්නේ නෑ.
 
බලය ගත්තට පස්සේ ගෝඨාභයගේ හැසිරීමෙන් ඒක තහවුරු වෙනවා. MCC ගිවිසුම ගැන ගෝඨාභය අනුගමනය කළේ උදාසීන ප්‍රතිපත්තියක්. ඒක රටම දැක්කා. ගිවිසුම කොතනකදීවත් අපේ පැත්තෙන් අහෝසි කළේ නෑ. ඒකට කමිටු දම දමා කල් ඇද්දා.
 
MCC ගහන පියවරට එකපාරට ගෝඨාභයට යන්න බෑ. එකක් MCC එකට රටේ තිබුණ විරෝධය. අනික ආරම්භයේදී ගෝඨාභය ගැන රටේ හැදිලා තිබුණ චිත්‍රය. පට්ට දේශප්‍රේමීයෙක් විදිහට තමයි ඒ වෙනකොට රට ගෝඨාභය දකිමින් හිටියේ. අනික ගෝඨාභය ආවා විතරයි.
 
ඒක නිසා එදා ගෝඨාභය අඩියක් පස්සට ගත්තා. රටේ රාළ හිතන්නේ ඒක වෙන්නෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවබෝධයෙන් කියලා. 
 
ඊළඟට ගෝඨාභය කළේ තමන්ට ස්වාධීනව එතැනට යන්න ඕනි බලය ගොඩනගා ගැනීම. ඒකට තමයි ගෝඨාභයට 20 ඕනි වෙන්නේ. 20 ඇතුළේ තිබුණ අත්තනෝමතික බලය ඕනි වෙන්නේ. ඒකට තමයි ගෝඨාභය බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න ඕනි මාර්ගය 20 හරහා විවෘත කරගන්නේ. හැබැයි විමල්ලා මේ රට මුලා කළේ 20 කියන්නේ බැසිල්ගේ වැඩක් කියලා.
 
 
රටේ රාළ එදා කිව්වා වගේ අදත් කියනවා 20 කියන්නේ ගෝඨාභයගේ වැඩක්. ඒ වගේම බැසිල් ගෙන ඒමත් ගෝඨාභයගේ වැඩක්. මේ දෙකම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩක්. 
 
 
ගෝඨාභය බැසිල්ට දොර ඇරලා දීලත් බැසිල්ට සෑහෙන කාලයක් යනකං පාර්ලිමේන්තු එන්න බැරි උනා. ඒ තරම් බැසිල් විරෝධයක් රටේ තිබුණා. හැබැයි බැසිල් පාර්ලිමේන්තු එන්න ඉස්සෙල්ලා මාසයක් ඇමරිකාවේ හිටියා. 
 
බැසිල් ඇමරිකා ගියේ පාර්ලිමේන්තු එන්න ඕනි කියලා නෙවෙයි. බැසිල් ඕනි කියලා කවුරුත් කිවිවේ නෑ. කට්ටිය කිව්වේ බැසිල් පැනලා ගියා කියලා. හැබැයි එනකොට පාර්මේන්තු එන්න ඕනි කරන පරිසරය බැසිල්ට හැදිලා. ඔයාලා හිතනවද මේක ඇමරිකන් මෙහෙයුමක් නෙවෙයි කියලා. 
 
එදා තෙල් මිල කතාව කියලා ගම්මන්පිල බෝලේ උස්සලා දුන්නේ බැසිල්ට ඩෑෂ් එක ගහන්න නෙවෙයිද? ඕක දැනගෙන තමයි රටේ රළ එදා කිව්වේ ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගක් ගේන්න කියලා. විශ්වාසභංයේදී ආණ්ඩුවේ හැසිරීම රටම දැක්කා. බැසිල් ගේන්න හදපු මෙහෙයුමට බෙල්ල තියපු ගම්මන්පිල ආණ්ඩුවෙන්ම බේරගත්තා.
 
බැසිල් මුදල් ඇමති විදිහට පැමිණීම මේ රට යැංකින් සතුවීමේ පෙර නිමිත්තක්. එතන තමයි නව ආරම්භය. 
 
ඒක ගෝඨාභයගේ උවමනාව උනාට ඒක කරගන්න ගෝඨාභයට බෑ. ඒක කරන්න පුළුවන් බැසිල්ට. ඒක නිසා ඇමරිකාවේ උවමනාවට ගෝඨාභය බැසිල් ගේනවා.
 
බැසිල් මුදල් ඇමති වෙනකම් මේ රටේ තිබුණේ මහින්දගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඒ කියන්නේ චීන ගැති ආර්ථික ප්‍රතිපත්තිය. ඒක ඇතුළේ තමයි වාසුලා,විමල්ලා.ගම්මන්පිලලා දේශප්‍රේමීන් වෙලා හිටියේ. ඇත්තටම චීන රතු කොඩියට වශී වෙලා. විමල්ලා වෙළඳපොළ සමාජවාදයේ කියලා තියරි හැදුවේ ඒ වෙනුවෙන්. චීන ආර්ථික ආක්‍රමණය චීන සහයෝගීතාවයක් විදිහට පෙන්නුවේ ඒකයි. 
 
ඒත් මේ චින උපායමාර්ගය ඇතුළේ ඇමරිකන් ඔත්තුකාරයෝ හිටියා. ඒ තමයි බැසිල් හා ගෝඨාභය. චීන පාර බටහිර පැත්තට හරවන්න වෙලාව එනතුරු එයාලා බලා හිටියා. හැබැයි එයාලා ඒක කරන්නේ තවමත් චීන පාරේ යන ගමන්. ඒකේ හැරවුම් ලක්ෂය තමයි බැසිල් මුදල් ඇමතිවීම.
 
බැසිල් මුදල් ඇමති උන ගමන් ඇමරිකානු ක්‍රියාවලිය පටන් ගත්තා. බැසිල් බටහිර තානාපතිවරු හම්බ වෙලා දුන්නේ ඒ සිග්නල් එක. රටේ රාළ එදා ඕක ඔය විදිහටම කිව්වා. දැන් ඒ දේ ඉතාමත් පැහැදිලියි. ඒකට අවශ්‍ය සියලු තත්වයන් ගෝඨාභය හදලා දුන්නා.
 
ඒක දීර්ඝකාලීන සැලැස්මක්. බෝන් එගේන් හා පාත්පයින්බර් කාරයෝ ටික ගෝඨාභය වටේට ගැනීම, ජයනාත් කොළඹගේ විදේශ අමාත්‍යාංශ ලේකම් කිරීම, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විදිහට මිලින්ද මොරගොඩ පත් කිරීම. ජී.එල් විදේශ ඇමති කිරීම, මහ බැංකු අධිපති විදිහට කබ්රාල් පත් කිරීම, ඇමරිකන් තානාපති විදිහට මහින්ද සමරසිංහ පත්කිරීම, අපේ රටේ ආර්ථිකය මරමස්ථානවලට බටහිර ගැත්තන් පත්කිරීම හරහා පෙන්නනේ ඒක.
  
 
ඊළඟට මෙච්චර කාලයක් හතුරු පාර්ශ්වයක් ලෙස රාජපක්ෂවරු සැළකු ජීනීවා මානව හිමිකම් කොමිසම, දෙමළ ඩයස්පෝරාව දැන් එයාලා වැලදගෙන ඉවරයි. ළගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යනවා යනවාමයි. 
 
 
ගියපාර රටේ රාළ කිව්වා මහින්ද ඉතාලි ගියේ යුරෝපා සංගමයට ඇතුල්වීමට දොරක් ඇරගන්න කියලා. මහින්දලාගේ ඒ උවමනාව කඩා කප්පල් කළේ යුරෝපා සංගමය නෙවෙයි. යුරෝපයේ ජීවත්වන ශ්‍රී ලාංකීයෝ.
 
දැන් ඉතාම පැහැදිලි සත්‍යයක් අපි ඉදිරියේ තියනවා.ඒක තහවුරු කරන්න දැනට තියෙන අවසන් හොඳ සාක්ෂිය තමයි විමල්ලා,වාසුලා,ගම්මන්පිලලා නිරුවත් කරලා කොළවරපිටිය යුගදනව් බලාගාරය ඇමරිකාවට දීම.
 
ලංකාවේ ස්වභාවික ද්‍රව වායු සැපයීමේ ඒකාධිකාරි ඇමරිකාවට දීම. ඒක නිසා මන්නාරම් ද්‍රෝණියේ ඇති අපේ ගෑස් සම්පතටත් දෙයියන්ගෙම පිහිටයි කියලා රටේ අද කියනවා.
 
මෙතනදී විස්තර නොකියා රටේ රාළ එක පුද්ගලයෙක් Note කරනවා. ඒ උදය ගම්මන්පිල. විස්තර පස්සේ කියන්නම්. දැන් අපි චීන පාරේ යන ගමන් බැසිල් හා ගෝඨාභය විසින් අපි රටක් විදිහට ඇමරිකානු අර්ථික, දේශපාලන උපායමාර්ගය ඇතුළට තල්ලු කරලා ඉවරයි. ඒකට දක්වන චීන ප්‍රතිචාරයත් අපට යථා කාලයේදී දැක ගන්න පුළුවන් වෙයි. 
 
  
ඒ වගේම රටේ රාළ කියපු අනාවැකියක් දැන් බොහෝ දුරට තහවුරුයි. මීළඟ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා බැසිල්. ඇමරිකන් පුරවැසි බැසිල්. සමහරවිට බැසිල් ජනාධිපති උනොත් අපට තුන් වන ලෝක යුද්ධයත් මෙහේදීම බැලීමේ වාසනාව උදාවෙන්නත් බැරි නෑ. ඕක තමයි තත්වය. 
 
 
ඒක නිසා රටේ රාළ ආපහු අර දේශප්‍රේමීන් තුන් දෙනාගේ පැත්තට හැරෙනවා මේ ප්‍රශ්න ටිකත් එක්කම.
 
මහත්වරුනි, මේ ඇවිත් තියෙන්නේ ඇමරිකන් අධිරාජ්‍යයවාදය නෙවෙයිද? මේ කරන්නේ කොටස් වශයෙන් MCC ක්‍රියාත්මක කිරීම නෙවෙයිද? ඔබ පත්කල නායකයා ඇමරිකන් ඔත්තුකරුවෙක් නෙවෙයිද? තවත් රෙද්දක් ඇදගෙන මේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්ද? ඉන්නවා නම් ඉන්නේ මොන හේතුවකටද? රටේ රාළට එපා මේ රටට උත්තර දෙන්න.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 
 
 
 
 
THE LEADER TV 
 
ජාතිකවාදීන්ට අවසන් දැනුම්දීමක්! | The Leader TV
 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 
 
 
බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? | The Leader TV
 
 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? | The Leader TV
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image