පහුගිය දවස්වල රටේ රාළ දිගටම කිව්වේ අපි මුහුණ දීලා තියෙන බරපතල ඉන්දීය, චීන, ඇමරිකානු මැදිහත් වීම් ගැන. චීනය තනියෙමත් ඉන්දියාව,
ඇමරිකාවට ඒකාබද්ධවත් වෙන වෙනමත් කරන මැදිහත්වීම ගැන.
 
අද රටේ රාළ හිතුවේ මේ තත්වයන් වර්ධනය වෙන්න පුළුවන් උපරිම සීමාව මොකද්ද? ඒක වෙන්නේ කොහොමද කියලා කතා කරන්න.
 
මේ මැදිහත්වීම්වල උපරිමය WW III තමයි. ඒ කියන්නේ තුන්වන ලෝක යුද්ධය. ඇත්තටම තුන්වන ලෝක යුද්ධය කියන්නේ නියතයක්. ඒකේ පාර්ශව දෙක වෙන්නේ චීන කදවුර හා ඇමරිකන් කදවුර. යුද්ධය ඇවිලෙන්නේ ආසියාව පදනම් කරගෙන. ඒකත් නියතයක්. 
 
5d6bcde6cde20 656 
 
රටේ රාළට කියන්න බැරි පළවෙනි වෙඩිල්ල පත්තු වෙන්නේ කොතැනින්ද කියලා විතරයි. ඒක ගොඩක් වෙලාවට උතුරු, දකුණු කොරියා දේශසීමාවකින් වෙන්න පුළුවන්. ඉන්දු - චීන දේශසීමාවකින් වෙන්නත් පුළුවන්. 2020 සටන් ඇවිලිලුණ ලදාක්වල ගල්වාන් නිම්නයේ වෙන්නත් පුළුවන්. ඇෆ්ගනිස්ථානයේ තැනක වෙන්නත් පුළුවන්. නැත්තං පෝට් සිටියේ චීන බේස් එකට ගහලා වෙන්නත් පුළුවන්. 
 
ඇත්තටම මේ අවධානම දැන් බරපතල විදිහට ඉහළ ගිහින්. ඇමරිකාව ප්‍රමුඛ බටහිරට ඕනි කොහොම හරි චීනය යුද්ධයකට පටල ගන්න. එහෙමත් නැත්නම් චීනය වෙන රටක් එකක් යුද්දෙකට පටලන්න.
 
 සමහරවිට හිමාලය පැත්තෙන් තියෙන කිලෝ මීටර් 3440 ක් දිග ඉන්දු - චීන දේශසීමාව මුල්කරගෙන වෙන්නත් පුළුවන්. චීනය තවත් ශක්තිමත් වෙන්න ඉස්සෙල්ලා එයාලට ඒ වැඩේ කරගන්න ඕනි.
 
 
ඇයි ඇමරිකාවට චීනට ගහන්න ඕනි. මුළු ලෝකෙම හූරගෙන කාපු බටහිර හුරා කෑමට තවමත් හරියටම විවෘත නූන තැන තමයි ආසියාව. ඒත් අරාබිය එයාලා අල්ලලා ඉවරයි. ඒ උනාට තවමත් එයාලට අල්ලන්න බැරි උන මහ ලොකු සම්පත් ටිකක්, මහා ලොකු වෙළද පොලක් ආසියාවේ තියනවා. ඒක මංකොල්ල කන්න එනකොට එයාලට තවත් මංකොල්ල කාරයෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඒ තමයි ඉන්දියාව හා චීනය.
 
 
බටහිරට මේ දෙන්නත් එක්ක එකවර හැපෙන්න බැරි නිසා එක මංකොල්ල කාරයෙක් එක්ක තාවකාලික ගිවිසුමක් ගහ ගන්නවා. ඒ ඉන්දියාවත් එක්ක. හැබැයි පස්සේ ඌටත් ගහයි. 
 
ඒක නිසා මේ තියෙන්නේ මංකොල්ලකාරයින්, මංකොල්ලකාරයින් අතර සටනක්. එකෙක් රතු කොඩිය දාගෙන මංකොල්ල කනවා. අනික් උන් යැංකි කොඩියයි, ඉන්දියාවේ ධර්මචක්‍රයයි දාගෙන මංකොල්ල කනවා. 
 
ඒ වෙනුවෙන් එක වෙලාවක බලහත්කාරය යොදා ගන්නවා, ණය උගුල්, ජාතින් අතර ප්‍රශ්න පාව්ච්චි කරගන්නවා. 
  
 
චිනාගේ ගොඩක් බලහත්කාරය අඩුයි. ඌ කරන්නේ දූෂිත පාලකයන් අල්ලගෙන එයාලට පගාව දෙන එක. සැප දෙන එක. අපේ රට දිහා බැලුවම ඒක තේරුම් ගන්න පුළුවන්.
 
 
චීනයේ මේ මැදිහත් වීම නවත්තන්න බටහිරට ඕනි. නැත්නම් තව තවත් චීනය ලෝකය පුරා අතු ඉති විහිදෙව්වට පස්සේ ඒක කරන්න අමාරුයි. ඒක නිසා අමාරු උනත් මේක තමයි චීනයට ගහන්න හොදම වෙලාව.
 
ඇමරිකාවේ මේ උගුල යම් ප්‍රමාණයකට චීන තේරුම් අරන් තියනවා. චීනා තවමත් කරන්නේ සටන මඟ හැර යෑම. හැබැයි චීනාත් මගහරිමින් මේ කරන්නේ යුද්ධයට සුදානම් වීම. චීනටත් මේ යුද්ධය ඕනි. හැබැයි දැන්ම නෙවෙයි. තව අවුරුදු 20 කට විතර පස්සේ.
 
මොකද චීනා දන්නවා තමන් තවමත් ඉන්නේ අවාසිදායක තැනක කියලා. චීනයට යුදමය වශයෙන් මැදිහත් වෙන්න පුළුවන් බේස් ලෝකේ නෑ. එත් ඇමරිකාව ඒ පහසුකම ඕනිවටත් වැඩිය තියනවා. ආසියාවේ චීන අවධානම් කලාපය සැලකුවත් ඒ කලාපයේ ඇමරිකන් බේස් ගොඩක් තියනවා.
 
දියාගෝ ගාසියාවේ, දකුණු කොරියාවේ, පිලිපීනයේ, ජපානයේ වගේ තැන්වල ඇමරිකාව පැලපදියම් වෙලා ඉන්නේ. කොහොම උනත් ඇෆගන්වලින් ඇමරිකාව යන්න වීම චීනයට වෙච්චි ලොකු වාසියක්.
 
ඇමරිකාව තමන්ගේ ඓතිහාසික හතුරන් තුන්දෙනා වෙන චීනය, රුසියාව, ඉරානය මැද පවත්වාගෙන ගිය උපායමාර්ගිකව වැදගත් තැනක් තමයි ඇෆ්ගනිස්ථානය කියන්නේ. හැබැයි ඇමරිකාවට එතනින් යන්න උනා. ඇත්තටම යන්න උනා නෙවෙයි දාලා දුවන්න වුණා.
 
 
හැබැයි චීනයට එහෙම තමන්ගේ තැන් කියලා එකක් නෑ. තියෙන එකම තැන තමයි රාජපක්ෂලා සින්නක්කර දුන්න පෝට් සිටියේ හෙක්ටයාර් 27 ක කොටස. චීනය ඒක පණ වගේ පරිස්සම් කරයි. කොයි වෙලේ හරි ඇතිවෙන ප්‍රශ්නයකදී චීනය ඔතෙන්ට තමන්ගේ හමුදාව එවන එක නතර කරන්න බෑ. 
 
 
අනික තමයි ආසියාවේ චීනයටද ලොකු ප්‍රතිවිරෝධයක් තියනවා. ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, වියට්නාමය, තායිවානය වගේ නැගෙනහිර ආසියාවේ රටවල් ගොඩක් චීනයට විරුද්ධයි. චීනයට හිතවතෙකුට කියලා ඉන්නේ පකිස්ථානය, උතුරු කොරියාව, රුසියාව විතරයි.
 
හැබැයි එයාලටත් මේ වගේ ප්‍රශ්නයකදී චීනයට විවෘතවම උදව් කරන්න අවශ්‍ය තත්වයක් හැදෙන්නේ නෑ. සමහර විට උතුරු කොරියාවේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අනිත් රටවල් චීනයට සෘජුව උදව් කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතන්න බෑ.
 
හැබැයි චීන විරෝධී කදවුර චීනයට ගහන්න කොන්දේසි විරහිතව ඉදිරියට එනවා. අනික තමයි ඔයාලා මේ පාර එක්සත් ජාතීන්ගේ සමුළුව දිහා හොදට බලා හිටියා නම් මේක හොදට තේරෙනවා. එක්සත් ජාතීන්ගේ සමුළුවට සමාන්තරව නොනිල වශයෙන් යටින් තිබුනේ චීන විරෝධය උත්සන්න කිරීමේ Program එකක්.
 
quad summit GettyImages 1231667331 
 
විශේෂයෙන්ම ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් තිබුන "කූඩ්ස්" රාජ්‍ය නායක සමුළුව. ඒ කියන්නේ ඉන්දු පැසිපික් කලාපයේ චීන විරෝධී දැවැන්තයන් හතර දෙනාගේ එකතුව. ඇමරිකාව, ඉන්දියාව, ජපානය, ඕස්ට්‍රේලියාව.එයාලගේ සාකච්ඡාවල පදනම උනේ චීනය. ලෝක සාමයට චීනය කරන බලපෑමට මුහුණ දෙන විදිහ.
 
ඒක නිසා මේ පාර එක්සත් ජාතීන්ගේ සමුළුවේ උඩ තේමාව මොකක් උනත් යට තිබුණේ චීන විරෝධය ගොඩනැගීම. ඒකට මතවාදීව ගහන්න චීනයට බැරිවුණා. 
 
සමහවිට පුටින්, ජින් පින් හමුවක් තිබුණා නම් තත්වය පොඩ්ඩක් හරි වෙනස් වෙන්න තිබුණා. මොකද ලෝක දේශපාලන වෙනස් කරන එක ප්‍රභල සාධකයක් තමයි පුටින් කියන්නේ. පුටින් එකක් හැපුණ හැමතැනදීම බටහිර ඇණ ගත්තා. රටේ රාළ මේ කතා කරන්නේ රුසියාවේ පුටින් ගැන.
 
ඇත්තටම නැගෙනහිර ආසියාවේ මුහුදු කලාපය සැලකුවොත් ඒකේ වැඩි අයිතිය තියෙන්නේ කූඩ්ස්ලට. ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය නැගෙනහිර ආසියාවේ නාවුක බලයෙන් දෙවෙනි වෙන්නේ චීනයට විතරයි. 
 
දැන් හොඳටම පැහැදිලියි ජෝ බයිටන් ආසියාවට යොදවලා තියන තමන්ගේ නාවික බලය තවත් ශක්තිමත් කරනවා. ඒක ළගදීම 40% සිට 60% ට ගේනවා. ඊළගට චීනය කියන්නේ තවත් රටවල් 14 කට මායිම් වෙන රටක්. මේවායින් ආරක්ෂිත තැන් කීපයක් විතරයි චීනයට තියෙන්නේ.
 
අවසන් සටනකදී ඔය බෝඩර්වලින් ඇමරිකාව චීනයට කඩා වදිනවා. ඒක නිසා ඔයාලට තේරෙනවා ඇති බටහිර දැන් චීනය වටකරගෙන ඉන්නේ කියලා. තව කොච්චර කල් චීනයට යුද්ධය මගහරින්න පුළුවන් වෙයිද කියන්න බෑ. 
 
චීනය මේ කල් ගන්නේ චීනයට වාසි වෙන විදියට ලෝක තත්වය වෙනස් කරගන්න. විශේෂයෙන් ලොකය තුළ වෙළඳ බලය අත්පත් කරගන්න. ඒ වගේ ලෝක තුළ බටහිර කදවුරට විරුද්ධ කඳවුරක් ගොඩ නගාගන්න. එතකන් සටන පමා කරගන්න. ඒක ඉතින් තනියෙම චීනයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක වචනකින් තත්වය වෙනස් වෙන්න පුළුවන්.
  
 
ඉතින් ඔහොම තත්වයක් ඇතුළේ තමයි අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. රාජපක්ෂලා කළේ අහක යන නයි සරම අස්සේ දාගැනීමක්. හැබැයි කනෝ කනෝ කියලා කෑගහන්න වෙන්නේ අපට. 
 
 
උතුරේ යුද්ධයෙන් පස්සේ රටේ රාළට වන්නියේ හිටිය දෙමළ සහෝදරයෙක් හම්බ උනා. එයාගේ එක කකුලක් දනිස්සෙන් පහල පණ නෑ. වෙඩි වැදිලා. එත් එයාට වෙඩි වැදුනේ කාගෙන්ද කියලා එයා දන්නේ නෑ. එයා යුද්ධය මැදට කොටුවුනා. කොටින්ගේ හරි හමුදාවේ උණඩෙකින් හරි එයාට කකුලක් අහිමි උනා. අපටත් වෙන්නේ ඕක.
 
හැංකින් හා මකරුන් අතරට අපි කොටුවෙලා. අන්තිමට අපට වෙන්නේ අපි කෑවේ යැංකින්ගෙන්ද? නැත්නම් මකරුන්ගෙන්ද කියලා හොයා ගන්න බැරි කෑමක් කන්න.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
ජයවේවා.
 
මීට.
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 
 

 
THE LEADER TV 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්