කෙළවරපිටිය යුගදනව් බලාගාරයයේ බැසිල්ගේ භූමිකාව දැන් ඉවරයි. ඒ තමයි මේ කතාවේ පළවෙනි පියවර. රටේ රාළට අනුව නම් ඒ තමයි පළවෙනි
පවාදීමේ පියවර. බැසිල් ඒ කොටස හරියටම කළා.
 
කාලවෙලාවල් ප්‍රශ්නයක් කරගත්තේ නෑ. ඒ අනුව යුගදනව් බලාගාරයේ ආණ්ඩුව සතු කොටස්වලින් 40% හා යුගදනව් බලාගාරයට අවුරුදු 15 ක් LNG සැපයීමේ පුර්ණ බලය ඇමරිකාවේ New Fortress Energy සමාගමට හිමි. 
 
මේ ගිවිසුම දැන් අත්සන් කරලා අවසන් බව සමාගමේ දත්ත පරීක්‍ෂාවෙන් තේරෙනවා.
 
කොහොම උනත් ගිවිසුමේ වැඩ කටයුතු තවමත් අවසන් නැති බව රටේ රාළත් පිලිගන්නවා. දැන් තියෙන්නේ දෙපැත්තේම Home Work. මේකේ මුදල් හුවමාරු කිරීම තවම සිද්ධවෙලා නෑ. ඒවටත් ගිවිසුම් ඇති. ඒකටත් තව මාස එකහමාරක් විතර යයි. ඊට පස්සේ වැඩ පටන් ගනී.
 
  
තව මාස දහයකින්, පහලොවකින් බලාගාරය LNG වලින් Function වෙන්න පටන්ගනී. කොහොම හරි ගනුදෙනුව සිද්ධ උන්නේ ඩොලර් මිලියන 250 කට.ඒ තමයි රටට හම්බවෙන ටික. අතයට ගනුදෙනුව කීයද කියලා තවම
හරියට පැහැදිලි නෑ.
 
 
මේකේ දෙවෙනි පියවර අයිති වුනේ විමල්ට. ඒ කියන්නේ දෙවෙනි පාවාදීම. මේ ගිවිසුමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ සැප්තැම්බර් 06 වෙනිදා. එදා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් බැසිල් කැබිනට් එකට කරලා තියනවා. 
 
ඒක SM ගේ කතාවෙන් වගේම ප්‍රසන්නගේ කතාවෙන් පැහැදිලියි. ඒ දෙන්නාම බොරු කිව්වත් වාසුට බොරු කියන්න ඕනි නෑ. වාසු Hard Talk එකේදී පිලිගන්නවා ගිවිසුම අත්සන් කරන බව දැනගෙන හිටියා කියලා. විමල්ලා කැබිනට් එකේදී ඉල්ලලා තියෙන්නේ ඒ පිලිබඳව වැඩි පැහැදිලි කිරීමක්.
 
ගිවිසුම අත්සන් කරන්න එතනදී අනුමැතිය දීලා තියනවා. ඒක තහවුරු වෙනවා විමල් ගිවිසුම ගැන රටට කියන කතාවෙන්. විමල් කියන්නේ මේක දෙන්නේ ඇමරිකාවට නෙවෙයි ඇමරිකන් සමාගමකට, යුගදනව් බලාගාරයේ රාජ්‍ය භාණ්ඩාගාරය සතු කොටස්වලින් 40% ක් විතරයි දෙන්නේ. ඒක විකිණීමක් නෙවෙයි කියලත් කියනවා.
 
ඊට පස්සේ විමල්ලට ඒ සම්බන්ධව දැනුවත් කිරීම හම්බ වෙන්නේ 17 වෙනිදා. එදා බැසිල් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ හා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිළධාරින් එතන හිටලා තියනවා.
 
 
විමල්ලා සංශෝධනය ඉදිරිපත් කළා කියනවා. හැබැයි මොනවද සංශෝධන කියලා පැහැදිලි නෑ. හැබැයි එදාම රෑ ගිවිසුම අත්සන් කරනවා. එතකොට මේ ගිවිසුම ප්‍රශ්න ගත එකක් නම් විමල්ලා ඒ බව දැනගෙන සැප්තැම්බර් 06 සිට ගිවිසුම අත්සන් කරනකම් හිටලා තියනවා. රටේ රාළ කියන දෙවෙනි පාවාදීම ඒක.
 
 
හැබැයි මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ රට ඇතුළෙන් ඒකට ලොකු විරෝධයට මතුවෙන්න පටන් ගන්නවා. විමල්ලාට දේශපාලන ස්ථාවරයක් නැතිකම විසින් හරි හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන අරගෙන පොරක් විමට විමල්ට තියෙන උවමනාව විසින් හරි ඒ ජනතා විරෝධය නියෝජනය කරන්න විමල්ලාටත් ඕනි වෙනවා. 
 
ඕක දිගටම විමල්ලා කරපු හිරිකිත සෙල්ලමක්. සමහරවිට සටන පාවා දෙන්න වෙන්නත් පුළුවන්. රටේ රාළ නං ඒකට කියන්නේ ජන මතය මංකොල්ල කෑම කියලා. ඒක නිසා විමල්ලත් ඒ විරෝධය නියෝජනය කරන්න පටන් ගන්නවා. 
 
වහාම විමල්ගේ අර දේශපාලන අහිගුණ්ඨික පක්ෂ දහය කැඳවනවා. මේ පාර ඒකට දයාසිරිත් ආවා. ඇවිත් තීරණයක් ගන්නවා මේ ගිවිසුම වැරදී මේක ආපිට හරවන්න ඕනි කියලා. ඒකට ජනාධිපති එකක් සාකච්ඡාවක් ගමු කියලා ලිපියකුත් අත්සන් කරනවා. ඒ වගේම අනෙක් දේශපාලන පක්ෂ නායකයොත් හමුවෙමු කියලා එකඟතාවයකටත් එනවා.
 
ඒ තිරණය ගැන වාසු එළියට ඇවිත් කියනවා. ඔය කොලකෑලිවලට සීමා වෙච්චි ගිවිසුම් ජනමතය ඉස්සර පරාජය කරනවා කියලා. දයාසිරි කියනවා තමන්ගේ පක්ෂයේ සහය ඊට දෙන්නේ නෑ කියලා. හැබැයි කැබිනට් එකේ ඉන්න ශ්‍රීලනිප ඇමතිවරු දෙන්නා කටක් අරින්නේ නෑ. බස්සෝ වගේ. 
 
ඒ තීරණයට අනුව එයාලා මෛත්‍රී හම්බ වෙනවා. අගමැති මහින්ද හම්බ වෙනවා. අගමැති හම්බ වෙන තැන බැසිල් ඉන්නවා. සාගර කාරියවසම් කියන්නේ එතනදීත් කවුරුවත් විරුද්ධ උනේ නෑ. කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලුවා කියලා. ඒ කරුණු පැහැදිලි කිරීම කළාට පස්සේ කවුරුත් එකඟ උනා කියලා.
 
 
හැබැයි විමල් එළියට ඇවිත් කිව්වේ අගමැතිතුමා නම් මධ්‍යස්ථව හිටියා කියලා. එතනදි විමල් කියන විදිහට එතන මත දෙකක් තිබිලා තියනවා. මත දෙකක් නැත්තං අගමැති මධ්‍යස්ථ වෙන්නේ මොකටද? එතකොට විමල්ට අනුව නම් සාගර කියන්නේ බොරු. 
 
 
ජනාධිපතිතුමා ආවහම මේ සම්බන්ධව සාකච්ඡාවක් ඉල්ලන බව විමල් එතනදීත් කියනවා. ඒ එක්කම විමල්ගේ Facebook බලකාය විමල් මේ ගිවිසුමට විරුද්ධ බව කියමින් Campain එකක් පටන් ගන්නවා. ඒක ඇතුළේ ආයෙත් බැසිල්ට කුඩු වෙන්න ගහනවා.
 
හැබැයි දැන් විමල් ආයෙත් Tone එක වෙනස් කරලා. දැන් විමල් කියනවා " යුගදනව් බලාගාරයේ Management Power එක ඇමරිකන් සමාගමට යන්නේ නැත්තං කමක් නෑ. දිගු කාලයක් එක දිගටම LNG සැපයිම ඇමරිකාන් සමාගමකට යනවා නම් ඒක ගැනයි අපි සංවේදී උනේ කියලා.
 
කොහොමත් තව අවුරුදු 15 කින් යුගදනව් එක විදුලිබල මණ්ඩලයට අයිති වෙනවා. විදුලිබල මණ්ඩලයේ සභාපතිට අනුව ඒකේ කිසි අප්සෙට් එකක් නෑ " කියලා. විදුලිබල මණ්ඩලයේ සභාපති ගැන කීපපාරක් කියනවා. 
 
රටේ රාළ මෙතනදී විමල්ගෙන් අහනවා දැන් ඔයා දේශපාලනය ඉගෙන ගන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන්ද කියලා? ඔයාගේ දැන් දේශපාලන ගුරුවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිද? ඇයි හිටපු න්‍යායාචාර්යතුමාට මොකද උනේ. 
 
ඒක නිසා රටේ රාළට හිතුනා මේක ඇමරිකානු සමාගම් සතු වෙන හැටි විමල්ට කියා දෙන්න. ඒත් ඉතින් ඒකට විමල් ඉස්සෙල්ලා ගිවිසුම කියවන්න ඕනි. ඔක්කොම නැතත් ඒකට රටේ රාළ උදාහරණ දෙක තුනක් දෙන්නම්.
 
මේ ගිවිසුමට අනුව එයාලා ගේන LNG වලින් 70% ක් අපි මිලදී ගන්න ඕනි. ඒක ඕනිම තත්වයක් යටතේ අපි කරන්න ඕනි දෙයක්. අපේ රටේ මූල්‍ය තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ අපි පත්වෙලා තියෙන මූල්‍ය අර්බුදය කවුරුත් දන්නවා. 
 
විමල්ට පුද්ගලයෙක් විදිහට එහෙම තත්වයක නැති වුණාට අපි රටක් විදිහට ඒ තත්වයට මුහුණ දීලා ඉන්නේ. ඒ වගේ තත්වයකදී අපට ගෙවන්න සල්ලි නෑ. එතනදී තමයි සමාගම කේවල කරන්නේ. එතනදී තමයි හිලව්වට අනිත් කොටස් 20% ත් ඉල්ලන්නේ. ඒක දෙනවා ඇර අපට වෙන උත්තරයක් නෑ.
 
ඊළඟට දැන් මෙතන New fortress energy සමාගමට 40 % යි,ආණ්ඩුවට 20 % යි, විදුලිබල මණ්ඩලය ඇතුළු කණ්ඩායම්වලට කොටස් 40 %යි විදිහට තියෙන්නේ. මෙතනදී බහුතරය හැදෙන්නේ රජයේ කොටස් 20% කාටද Back කරන්නේ කියන එකට අනුව.
 
ඔයාලා හිතනවද ඒක විදුලිබල මණ්ඩලට සපෝට් කරයි කියලා. එහෙම නම් ඉතින් බැසිල් ඇමරිකන් පුරවැසියෙක් උනත් බෝධිසත්වයෙක් වෙන්න ඕනි. 
 basil rajapaksa 1
 
මේවා සියල්ල මෙතනින් එහාට සිද්ධ වෙන්නේ බැසිල්ට ඕනි විදිහට. ඒ කියන්නේ ඇමරිකානු උපායමාර්ගයට අනුව.
 
 
ඊළඟට මෙතන LNG Stock කරන්න දැවැන්ත Stock Tank එකක් හදනවා. ඒකට LNG පුරවන්න හා බෙදා හරින්න නළ පද්ධතියක් හදනවා. ඒකෙන් තමයි එයාලා අපේ රටේ LNG ඒකාධිකාරිය අල්ලන්නේ. ඒකට ඕනි තවත් එක කැබිනට් පත්‍රිකාවක් විතරයි. ඉතින් ඔය විදිහට තමයි අපේ රටේ බලශක්ති ඒකාධිකාරිය ඇමරිකාවට යන්නේ.
 
මෙතනදී රටේ රාළගේ භූමිකාව තමයි මේ නිවට පාවාදීම රටට හෙලිකරන එක හා පාවා දෙන්නන් නිරුවත් කිරීම. ඒකට සම්බන්ධ ඇමරිකන් පුරවැසියන්ගේ හා නිවට ශ්‍රී ලංකිකයන්ගේ භූමිකාව රටට පෙන්වීම. රටේ රාළ මේ දවස්ටිකේ දිගටම ඒක කළා. දෙන්නටම රිදිලා තියෙන විදිහට රටේ රාළවත් LNG වලට ගනීද දන්නෙ නෑ. සමහරවිට දැන් දෙගොල්ලොම එකතුවෙලා රටේ රාළ CIA කාරයෙක් කරයි. ඒවට බය නං රටේ රාළ මේ වැඩේට අතගහන්නේ නෑ.
 
කොහොම හරි මේකේ අවසන් ජවනිකාව බලන්න වෙන්නේ ජනාධිපති ඇවිත් විමල්ලාට සාකච්ඡාවක් දුන්නට පස්සේ. රටේ රාළ එදා කිව්වා ඒ සාකච්ඡාවට ගිහින් ඇවිත් විමල් මාධ්‍යට කියන ටිකත්. දැන් එදා වගේ විමල්ලා ඉස්සරහා සංවේදී වෙන්න ගෝඨාභය කෙනෙක් එතන නෑ. දැන් එතන ඉන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් අතින් ගත්ත අත්තනෝමතික පාලකයෙක්.
 
ඒක නිසා දැන් විමල්ලාට තියෙන්නේ දෙන විසදුම පිලි අරගෙන, එතුමාට හා බැසිල්තුමාට වැද සමාවගෙන නැවතත් වලව්ව පිලිකන්නට යෑම පමණයි.
 
හැබැයි රටේ රාළලාට නිහඩව ඉන්න බෑ. ජීවතුන් අතර හිටියොත් හෙට දවසේ කෙළවරපිටිය බලාගාරය ඇතුළු අපේ රටේ ජාතික සම්පත් රැකගන්න ජාතික සටනක් පටන් ගන්න ඕනි. 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.ජයවේවා.
 
මීට 
රටේ රාළ
 
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 

 
 
 
THE LEADER TV 
 
මහින්දට රජකමක් හදලා දෙන්න !
 
 
මහමොළකරු අතුරුදහන් ලිස්ට් එකේ ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්