ඉන්දියාව හා අපි අතර තියෙන සම්බන්ධය අවුරුදු දහස් ගානක් පැරණි එකක්. ඉන්දියාවෙන් අපට හොඳ වගේම නරක දේවලුත් ලැබිලා තියනවා. රටේ රාළ
නං කියන්නේ ඉන්දියාවෙන් අපට හම්බවෙච්ච හොඳ දේවල්වලට වඩා නරක දේවල් වැඩී කියලා. 
 
ඉතිහාසය පුරාම ඉන්දියාව අපි සම්බන්ධව අනුගමනය කරලා තියෙන්නේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක්.
 
රාවන්ගේ ලංකාපුරය ආක්‍රමණය කිරීම, යක්කයන්ගේ යක් හෙලය පැහැර ගැනීම හා ඉතිහාසය පුරාම චෝල අධිරාජ්‍යයෙන් එල්ල උන ආක්‍රමණය ඒවාට හොඳම උදාහරණ.
 
15 වෙනි ශත වර්ෂයෙන් පස්සේ මේ ආක්‍රමණ බොහෝ දුරට අඩු උනා. අඩු උනා නෙවෙයි නැත්තටම නැති උනා. ඒකට හේතුව ඉන්දියාවට හා අපිට බටහිර ජාතීන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්න සිදුවීම. අන්තිමට අපි දෙගොල්ලන්ටම සුද්දන්ට යටත් වෙන්න සිද්ධ වුණා.
 
කොහොම උනත් සුද්දන්ට විරුද්ධව ඉන්දියාවේ අඛණ්ඩ නිදහස් අරගලයක් පැවතුණා. ඒකේ ප්‍රතිථලයක් විදිහට 1947 දී ඉන්දියාව සුද්දාගෙන් නිදහස දිනා ගත්තා. අපිට වගේ සුද්දට දුක හිතිලා දුන්න නිදහසක් නෙවෙයි ඉන්දියාවේ තියෙන්නේ. 
 
සුද්දගෙන් පාලන බලය දිනා ගත්ත ඉන්දියාවේ ධනපති පංතිය ඉන්දියාව ශක්තිමත් රාජ්‍යයක් විදිහට ගොඩනගන්න පදනම දැම්මා. ඊට පස්සේ ඉන්දියාවේ බලයට පත් හැම ආණ්ඩුවක්ම ඒ පදනම මත ඉදින් ඉන්දියාව ගොඩනැගුවා. 
 
අද නිදහස දිනාගෙන අවුරුදු 74 කට පස්සේ ඉන්දියාව ලෝකයේ දැවැන්තයෙක්. අපිට නිදහස හම්බවෙලා අවුරුදු 73 කට පස්සේ අපි ලෝකයේ ඉන්න දැවැන්ත ණය බරක් සහිත හිගන්නෙක්.
 
ඉන්දියාවේ මේ නැගීසිටීම විසින් ඉන්දියානු අභිලාෂයන් තව තවත් පළල් උනා. ආසියාවේ බලවතා වීමේ සිහිනය ඒ සමගම ඉන්දියාවේ ප්‍රමුඛ උවමනාවක් බවට පත්වුණා. 
 
ඉන්දියාවේ මේ වේගවත් නැගිටීම විසින් එහෙම උවමනාවක් ඇතිවීම ඇත්තටම පුදුමයක් නෙවෙයි. ඒ ගමන යන්න ඉන්දියාව ඉස්සෙල්ලාම තමන්ගේ බලය පැතිරෙව්වේ තමන්ගේ අසල්වැසි රටවලට. ඒ කියන්නේ සාක් කලාපයට. ඒකේ ගොදුරු බවට අද මුළු දකුණු ආසියාවම පත් වෙලා ඉවරයි. 
 
දේශපාලන, ආර්ථික, සංස්කෘතික ආක්‍රමණයකට අද අපි ගොදුරු වෙලා. ඊට අමතරව බලහත්කාරය පාවිචිකරමින් කරපු යුදමය ආක්‍රමණත් නැතිවාම නෙවෙයි. කොහොම උනත් ඉන්දියාවේ මේ ව්‍යාප්තවාදී සංකල්පය හා ක්‍රියාකාරකම් ගැන නිවැරදීම අනාවරණ කළේ රෝහණ විජේවීර සහෝදරයා. 
 
මේ ඉන්දියානු බලහත්කාරයට අපි ගොදුරු උන එක ප්‍රධාන අවස්ථාවක් තමයි 1987 අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම. ගිවිසුම අත්සන් කළේ ජේ.ආර් හා රජීව් ගාන්ධි. ඇත්තටම ජේ.ආර් බය කරලා අත්සන් කරපු ගිවිසුමක් ඒක. අපේ ගුවන් සීමා උළ්ලංගණය කරලා. උතුරට බලහත්කාරයෙන් ඇවිත් පරිප්පු එහෙම දාලා ගියා මතක ඇති.
 
image 24f9671334
 
ඉන්දියානු බලහත්කාරයට අපි ගොදුරු උන එක ප්‍රධාන අවස්ථාවක් තමයි 1987 අත්සන් කළ ඉන්දු - ලංකා ගිවිසුම. 
 
 
ඒ බලහත්කාරයට යටත් උන ජේ.ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා. ඉන්දු ලංකා ගිවිසුමෙන් කළේ එතෙක් අමුම අමු ඒකීය රාජ්‍යයක් විදිහට තිබුණ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලවත් ෆෙඩරල් ලක්ෂණයක් බලහත්කාරයෙන් ඇතුළු කිරීම. ඒ තමයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
 
ඒ සංශෝධනයත් එකක් දෙමළ ජනතාව කරමින් හිටිය අරගලයේ පදනම බවට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත් උනා. අදත් දෙමළ ජනතාව ඉල්ලන්නේ 13 නෙන් එහාට ගිය බලය බෙදීමක්. ඒක වෙනම කතාවක්. හැබැයි රටේ රාළ මේ කියන්නේ ඊට වෙනස් කතාවක්.
 
එදා ඉන්දු ලංකා ගිවිසුමේ අඩංගු උන කාරණයක් ගැන. ඒ තමයි ත්‍රිකුණාමල වරයා හා එකට අල්ලලා තියෙන තෙල් ටැංකි සංකීර්ණය ගැන ජේ.ආර් හා රජීව් අතර ඇතිවුණු එකඟතාව. ඒවා සම්බන්ධ කිසිම ගනුදෙනුවක් ඉන්දියාව හැර වෙන රටක් එක්ක නොකරන්න බවට ජේ.ආර් රජීව්ට ගිවිසුම් ප්‍රකාරව පොරොන්දු වුණා.
 
ඒ එකඟතාවය ලබාගැනීමෙන් ඔයාලට තේරෙනවා ඇති ඉන්දියාවට ත්‍රිකුණාමලය කොච්චර වැදගත් තැනක්ද කියලා.ඉන්දියාවට නෙවෙයි ලෝකයේ බලය වෙනුවෙන් පොරබදන ඕනිම බලවතෙකුට ත්‍රිකුණාමල වරාය කියන්නේ නැතිවම බැරි තැනක්.
 
ඒ වැගත්කම නිසාම තමයි පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ සුද්දා ත්‍රිකුණාමල වරායට අල්ලලාම ඔය තෙල් ටැංකි සංකීරණය හදන්න ඇත්තේ. 
 
කොහොම හරි අපි ඉන්දු ලංකා ගිවිසුම පිලිගන්න තාක් ජේ.ආර් හා රජිව් අතර ඇතිවුණු ඒ එකගතාවයත් පිලිගන්න වෙනවා. ඒක නිසා තෙල් ටැංකි සංකීර්ණයේ මතුවෙන ඕනෑම ප්‍රශ්නයකට අත දාන්න ඉන්දියාව අවස්ථාව හදාගෙන තියෙන්නේ.
 
ඊයේ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයේ සංචාරය කළ ඉන්දීය විදේශ ලේකම් ඒක ලස්සනට පෙන්නුවා. 
 
dfsfdsf
 
ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි බලන්න ගිහින් !
 
 
දැනට ලංකා IOC එකට බදුදීලා තියෙන තෙල් ටැංකි 16 තියෙන්නේ පහල තෙල් ටැංකි සංකීරණයේ. විදේශ ලේකම් පහල තෙල් ටැංකි සංකීරණයෙන් ඇතුළ්වෙලා එළියට ආවේ ඉහළ තෙල් ටැංකි සංකීරණයෙන්. ඒකෙන් එයා පෙන්නුවා මම ආවේ IOC එක බලන්න නෙවෙයි සමස්ථ තෙල් ටැංකි සංකීරණයම බලන්න කියලා.
 
87 හා 91 තෙල් ටැංකි නිරීක්‍ෂණය කිරීමෙන් එයා ඒ බව තහවුරු කළා. තෙල් ගබඩා සංකීර්ණයට මැදිහත් වෙන්න එදා ජේ.ආර් දුන්න ලයිසන් එකට අමතරව 2002 දි ජේ.ආර්ගේ බෑනා වෙච්චි රනිල් වික්‍රමසිංහ තවත් ලයිසන් එකක් දුන්නා.
 
ඒ එදා රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන හා ප්‍රතිපත්ති සැළසුම් කිරීමේ ඇමති මිලින්ද මොරගොඩ හරහා. මිලින්ද තමයි තෙල් ටැංකි සංකීරණයේ ටැංකි 16:ක් ඉන්දියාවට බදු දෙමින් අද තියෙන ඉන්දියන් ඔයිල් සමාගමත් එක්ක ගිවිසුම අත්සන් කළේ.
 
ඒකෙන් ඔය තෙල් ටැංකි 16 ට අමතරව අපේ තෙල් බෙදා හැරිමේ තුනෙන් එකක බලයක් IOC එකට ලැබුණා. ඒ ගිවිසුම තමයි ඉන්දියාවට අලුත් කරගන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි ඉන්දියාව මේ හදිසි මැදිහත්වීම කරන්නේ. ඉන්දියාව දන්නවා ඒකට මේක තමයි හොඳ අවස්ථාව. 
 
එදා ඉන්දියාවට ලංකාවේ ඛණිජ තෙල් සැපයිමේ බලයෙන් තුනෙන් එකක් දුන්න මිලින්ද මොරගොඩ තමයි අද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්. එයා පෙරේදා ගිහින් ඉන්දිය බලශක්ති ඇමති හම්බ වෙලා. අපේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් ඉන්දියාව කරන උදව්වලට ස්තුති කරන්න. 
 
ඉන්දියාවේ විදේශ ලේකම් මෙහේ ඇවිත් ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් IOC එකට තවත් කරන්ඩ පුළුවන් මොනවද කියලා කතා කරනවා. ඒ එක්කම එයාලා ජේ.ආර් බය කරලා හදාගත්ත එකඟතාව මතක් කරන්න තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකා යනවා. ඉතින් ගොනා හැරෙන්නේ පැලේ කන්න කියලා අපට තේරෙන්නේ නැත්නම් මොකටද මෙච්චර කල් අපි කරපු දේශපාලනය.
 
හැබැයි මෙතනදී මෙහෙම ප්‍රශ්නයක් තියනවා. ජේ.ආර්ගෙයි, මිලින්ද මොරගොඩගෙයි ගිවිසුම් දෙකට අදාළව අපට තෙල් ටැංකි සංකීරණයේ කරන කිසිම ගනුදෙනුවක් වෙන රටක් එක්ක කරන්න බෑ. එහෙම කරන්න තීරණය කරන්න පුළුවන්. ඒක ලොකු ගැටුමක්. එතකොට ඒක වෙනම ප්‍රශ්නයක්.
 
එහෙම ගනුදෙනුවකට එනවා නම් එන්නේ චීනා විතරයි. හැබැයි එහෙම එකකට ගියොත් එතනින් තමයි තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නේ. ඒක නිසා මෙතනදී ආණ්ඩුව ඉන්නේ අවාසිදායක ස්ථාවරයක. හැබැයි මෙතනදී ආණ්ඩුවට එක වාසියක් තියනවා. ඒ තමයි IOC එකත් එකක් ගහපු ගිවිසුම 2023 දී අවසන් වෙනවා. 
 
ඉන්දියාව මේ උත්සහ කරන්නේ ඒක අහෝසි වෙන්න ඉස්සෙල්ලා නැවත අලුත් කරන්න. ඇත්තටම අපි ඉන්දියන් කාරයෝ නම් අපට මොන තරම් ආඩම්බරයක් හිතෙයිද තමන්ගේ රට ගැන. තමන්ගේ ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගන්න ඉන්දීය රජය දක්වන උත්සායහ ගැන. මෙතනදී අපට නං හොද ගිවිසුම අහෝසි වෙන්න අරින එක.
 
හැබැයි ඒ වගේ තීරණයක් ගන්න මේ ආණ්ඩුවට වගේ බලශක්ති ඇමති ගම්මන්පිලට කොන්දක් තියෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.
 
ඒක ඊයේ විදේශ ඇමති ජී.එල් පීරිස්ගේ කතාවෙන් හොදට තේරෙනවා. මේ ගිවිසුම අහෝසි කරනවාද නැද්ද කියලා සාකච්ඡා කරනවා කියලා එයා කියන්නේ නෑ. එයා කියන කතාවේ ගිවිසුම සම්බන්ධව සාකච්ඡාව කරනවා කියනවා. ඒක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා සළකා බලමින් ඉන්නවා කියනවා. ගිවිසුම අහෝසි වෙන්න දෙනවා කියන්නේ තහනම් වචනය.
 
ඒ කියන්නේ මේ ගිවිසුම අනිවාර්යෙන් Continue කරනවා. ඒක ඉර හද වගේ ෂුවර්. හැබැයි එතනදීත් ගිවිසුම අහෝසි වෙන්ඩ දීලා ආණ්ඩුව කේවල් කිරීමකට යනවා නං ඒත් ආණ්ඩුවට මීට වඩා වාසී. හැබැයි මේ ආණ්ඩුව එහෙම කරන්නේ නෑ. ඒක දෙන්ඩ ඕනි විදිහට පනත් සම්මත කරමිනුයි ඉන්නේ.
 
මොකද මේ වෙලාවේ මෙයාලා බලන්නේ රට පැත්තෙන් නෙවෙයි. භාණ්ඩාගාරයට ඩොලර් ටිකක් ගැනීම හා අතයට ලොකු ගනුදෙනුවක් ගැනීම ගැන විතරයි. ඒක ඉන්දියාව දන්නවා. ඔන්න බලන්න හෙට අනිද්දාට තවත් ඩොලර් මිලියන 500 ක විතර දොළ පිදේනියක් දෙනවා.
 
මෙතන තවත් භයානක ප්‍රශ්නයක් තියනවා. ඉන්දියාවේ මේ හැසිරීම චීනය කුපිත කරවන එකක්. ඉන්දියාව මේ කරන්නේ රාජපක්ෂලට මුවා වෙලා රාජපක්ෂලාගේ අත මෙහෙයවමින් චීනයට ටොකු ඇණීම. 
 
ඇත්තටම දැන් රාජපක්ෂලා කියන්නේ නියම රූකඩ. ඒක ඔප්පු වෙන්නේ ඉන්දීය පාලක පක්ෂයේ ප්‍රභල නායකයෙක් වන සුබ්‍රමනියම් සාමි තියපු ටිවිටර් පණිවිඩයකින්. එයා කියනවා එයාට මහින්දගේ පවුලේ අය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්න ඇරයුමක් ලැබුණා කියලා. ඒකට බොහෝම සන්තෝසෙන් සහභාගී වෙනවා කියලත් කියනවා. ඒකෙන් පස්සේ ලංකා ඉහළ ආරක්ෂක ප්‍රධානීන්ට දේශනයකුත් පවත්වනවාලු. 
 
ඊ ළගට එයා කියනවා රාජපක්ෂ රජය චීනයට නැඹුරු වෙනවා කීයන්නේ බොරු කතාවක්. එහෙම නැඹුරු උනේ ගිය රජය කියලා. ඒකෙන් එයා කරන්න හදන්නේ බොහෝ උපක්‍රමශීලි දේශපාලන වැඩක්. එයා දැන් චීනයට සිග්නල් එකක් දෙනවා දැන් රාජපක්ෂලා ඉන්නේ අපේ සාක්කුවේ කියලා. 
 
ඔය කරන්නේ දේශපාලන චැලේන්ජ් එකක්. දැන් අපට බලා ඉන්න තියෙන්නේ චීනය ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. කොටින්ම ඊළඟට චීනය පැත්තෙන් රාජපක්ෂ රූකඩය නටවන්නේ කොහොමද කියලා. ටිකක් විපරමින් බලා ඉන්න.
 
තෙල් ටැංකි ගනුදෙනුව හා ලංකාවේ භූ දේශපාලන ගැන කතා කරන්න හම්බ වෙමු.
 
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 
 
 
 

THE LEADER TV 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්