යොහානි ද සිල්වා ගෙන් පසු ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර තලයේ බැබළ වූ නිරූපමා රාජපක්ෂ නඩේසන් හා තිරුකුමාර් නඩේසන් යුවළට මාගේ ආචාරය...! -කිංබානට්
 
 
BNBNT 
 
 
කිංබානට් එවැනි සටහනක් පළකර ඇත්තේ, රාජපක්ෂ පවුලේ දෙන්නෙක් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයාමේ සිද්ධිය පාදකකර ගනිමිනි.
  
ජනපති, අගමැති ඥාති දියණි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ ධන සම්භාරයක් යොදාගත් බව ලෝකයේ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් හෙළිව තිබේ. 
 
GGG 
 
මෙම සිද්ධියට අදාල පුවත අද මාධ්‍ය හරහා ආන්දෝලනයට ලක්වෙමින් තිබියදී ඊට වහාම ප්‍රතිචාර දක්වා ඇති උග්‍ර බැසිල්වාදියකු වන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.
 
 
 
"මම රාජපක්ෂ පාටියට නෑ." නිරූපමා රාජපක්ෂ 
 
මහින්ද රාජපක්ෂ මහතාගේ බාප්පාගේ දියණියක් වන නිරූපමා රාජපක්ෂ 2015 කලින් දැරී නියෝජ්‍ය ඇමතිකමින් පසු කිසි දිනක ඇය රාජපක්ෂවරු සමග දේශපාලනය කර නැත. ස්වභාවික ඥාතිකම පමණක් තිබී ඇති අතර පසුගිය මහින්ද ආණ්ඩුව ඇයට වැදගැම්මකට නැති නියෝජ්‍ය ඇමතිකමක් පමණක් ලබා දීම මේ තත්වයට හේතු වී ඇති බව වාර්තා වේ. 
 
2015 වසරේ ඇයව ජනාධිපති සිරිසේන විසින් මුල්කිරිගල ශ්‍රිලනිප සංවිධායක ලෙස පත් කළේ ය. ඇගේ ව්‍යාපාරික සැමියා වන තිරුකුමාර් නඩේෂන් හා ඇයගේ නම් පසුගිය දා හෙළි වූ "පැන්ඩෝරා පත්‍ර" හෙවත් නීති විරෝධී මුදල් ගණුදෙනු සටහන්වල මතුව ඇති බව වාර්තා වේ. 
 
HGHGFT
 
 
''පැහැදිලි කිරීම එච්චර හරි මදි'' - Uvindu Kurukulasuriya
  
පුවත්පත් මණ්ඩල සභාපතිගේ සටහනට ප්‍රතිචාර දක්වමින් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබේ. 
 
''පුවත්පත් මණ්ඩලේ සභාපති තුමාගෙ පැහැදිලි කිරීමක් මේ තියෙන්නෙ. ඒක එච්චර හරි මදි. එයා කියන්නෙ 2015න් පස්සෙ නිරුපමා, රාජපක්‍ෂල එක්ක හිටියෙ නැහැ කියල. ඒකෙ ඇත්තක් තියෙනව, ඒ උනාට මේ පැන්ඩෝරා පේපර්ස් වල තියෙන සල්ලි 2011 ඒව! 
ඕනෙ නම් මෙහෙම කියල හෝදන්න බලන්න පතිරණ. මේ පැන්ඩෝරා පේපර්ස් වල නම තිබ්බ පලියට ඒව දූෂිත සල්ලි කියල කියන්න බැහැ කියල. ඒකට පරීක්‍ෂණයක් පවත්වල නිගමනයකට එන්න ඕනෙ.
තව නිවැරදි කිරීමක් ඕනෙ, බාප්පගෙ දියණිය කිව්වම cousin කෙනෙක්, ඒත් ඇත්තටම ඥාති දියණියක් (niece)''
 
 BVNBN
 
 
 
සබැඳි පුවත :
 

 

 


 

THE LEADER TV 
 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
 
චන්ද්‍රිකාව හොයං ගිය පූසී 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්