බලශක්ති ඇමති ගම්මන්පිලට අනුව ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය දැන් අයිති ඉන්දියාවට. 
 
1987 ජේ.ආර් රජීව් එක්ක ගහපු ඉන්දු ලංකා ගිවිසුමෙනුයි, 2003 මිලින්ද මොරගොඩ ලංකා IOC එකත් එක්ක ගහපු බදු ගිවිසුමෙනුයි ඒක දැන් ඉන්දියාවට සදාකාලිකව අයිති දේපලක්. ඒක තමයි ගම්මන්පිලගේ තර්කය.
 
 
 
ගම්මන්පිලගේ ඒ කතාවෙන් එක දෙයක් බොහෝම පැහැදිලියි. දැන් අපේ මව්බිම ගිලගන්න ක්‍රියාත්මක වෙන ඉන්දු  - ඇමරිකන් ඒකාබද්ධ මෙහෙයුම තවත් වේගවත් වෙලා කියලා. ඒ මෙහෙයුම ඇතුළේ ස්ථාන ගත කරලා ඉන්න ඇමරිකානු පුරවැසියෝ වගේම ඉන්දියානුවන් ඔත්තුකාරයොත් දැන් හොඳට පැහැදිලිව පේනවා.
 
රටේ රාළ මෙතනදී ගම්මන්පිල හදුන්වන්නේ ඉන්දියානු ඔත්තුකරුවෙක් විදිහට. ඒක සැර වැඩිනම් ඉන්දියානු ඒජන්තයෙක් කියලා දාගත්තත් කමක් නෑ.
 
ඔක්කොටෝම ඉස්සෙල්ලා ඉන්දියානු රුපියල් ඉස්සරහා අපට බුරන මුර බල්ලා ගැටගහලා ඉන්න ඕනි. ඒකට 1987 ඉන්දු - ලංකා ගිවිසුම ගැනයි 2003 මිලින්දගේ තෙල් ගිවිසුම ගැනයි කතා කරන්න වෙනවා.
 
රටේ රාළ මේ පහළින් සටහන් කරලා තියෙන්නේ ඉන්දු  - ලංකා ගිවිසුමේ ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි සංකීරණය ගැන සටහන් වෙන වගන්ති දෙක..
 
 
 
" ඉන්දියාවෙහි යහපතට අහිතකර වන අන්දමට ත්‍රීකුණාමලය හෝ ලංකාවෙහි අන්කිසි වරායක් කිසිදු රටක යුද කටයුතුවලට ප්‍රයෝජනය සදහා ලබා නොදෙනු ඇත"
 " ත්‍රිකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමුහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම සදහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතරවු හවුල් ව්‍යාපාරයෙක් වශයෙන් ක්‍රියාත්මක කරෙනු ඇත " 
 
 
 
රටේ රාළ මෙතනදී ගම්මන්පිලගෙන් අහන පළවෙනි ප්‍රශ්නයට නිවැරදි උත්තරයක් ඕනි. මේ වගන්තිය දෙක ඇතුළේ සදාකාලිකව ඉන්දියාවට තෙල් ටැංකි සංකීරණය පැවරූ බව සෘජුව හරි වක්‍රව හරි ඇගවිමක් කරලා තියනවා නම් පෙන්නන්න.
 
ගම්මන්පිල ඔය කියන්නේ කවදාවත් ඉන්දියාවවත් නොකියන කතාවක්. හැබැයි ගම්මන්පිලගේ මේ නිවට කතාවෙන් පස්සේ ඉන්දියාව එහෙම කියයිද දන්නේ නෑ. ඔය වගේ කතාවක් කියන්න පුළුවන් නිවට පාහර තුට්ටු දෙකේ පාවාදෙන්නෙකුට විතරයි.
 
මේ වගන්ති දෙකෙන් එකක් පැහැදිලියි. ඒ ඉන්දියාව ත්‍රිකුණාමල වරාය ගැන දක්වන උනන්දුව ගැන. ඇත්තටම ඉන්දු  - පැසිපික් කාලාපයේ යුදමය මර්මස්ථානය තමයි ත්‍රිකුණාමල වරාය. ඒක අන්සතු වෙනවට ඉන්දියාව දිවිහිමියෙන් අකමැතියි.
 
ඒ විතරක් නෙවෙයි ලංකාවේ කිසිම වරායක් ඒ වෙනුවෙන් යොදවන්නේ නෑ කියලා පොරොන්දුවක් අරන් තියනවා. ඒ කියන්නේ අපේ හැම වරායක්ම යුදමය වශයෙන් වැදගත්. 
 
ඊළඟට තෙල් ටැංකි සංකීරණය ප්‍රතිසංස්කරණය කරලා ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදිහට ඉදිරියට ක්‍රියාත්මක කරන්න කැමැත්ත අරගෙනත් තියනවා. 
 
හැබැයි ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය එහෙම ඒකාබද්ධ ව්‍යාපාරයක් විදිහට සංවර්ධන කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඉන්දියාව නෙවෙයි ලංකාව. නැත්තං ඔහොමම තියෙන්න අරිනවද කියලා තීරණය කරන්නෙත් ලංකාව.
 
එහෙම ඉන්දියාවට ඒවා සදාකාලිකව පවරලා නම් ඉන්දියාව ඒ වැඩේ මෙලහටම කරලා ඉවරයි. එහෙනං ඉන්දියාව ඔතෙන්ට මෙලහටත් ගොඩ බැහැලා. එහෙනම් ඉන්දියාව ඔතෙන්ට ගොඩබහින්නේ යුද්දෙ කාලේ. ඉන්දියාවේ දේපලකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි කියන තර්කය දාලා.
 
ඉන්දියාවට ගම්මන්පිල කියන විදිහට ඕක සදාකාලිකව අයිති නං ඔතෙන්ට ඉන්දියාව ගොඩබැහැලා ගොඩක් කල්.
 
අපි තෙල් ටැංකි සංකීරණය හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරනවා නම් පමණක් ඉන්දියාව එක්ක ඒ වැඩේ කරන්න අපි ගිවිසුමකින් පොරොන්දු වෙලා තියනවා. 
 
දැන් ගම්මන්පිල කියන විදිහට මේ රටේ වරායන් සේරම අයිතිත් ඉන්දියාවට. ඇයි එක වගන්තියක තියනවා ත්‍රිකුණාමල හෝ ලංකාවේ වෙනත් කිසිම වරායක් ඉන්දියාවට අහිතකර ලෙස වෙනත් රටක යුද කටයුත්තක් දෙන්නේ නෑ කියලා. 
 
ඒක නං ඊයේ ජනාධිපතිත් අර ඉන්දීය විදේශ ලේකම්ට කිව්වා. ඉන්දියාවට අහිතකර වෙන කිසි දෙයක් ලංකාව කරන්නේ නෑ කියලා. ගම්මන්පිල හිතන්නේ එහෙම කිව්වම මේ රට අයිති ඉන්දියාවට කියලා. 
 
 
ඇත්තටම රටේ රාළ කියන්නේ අපට එහෙමත් නැත්තං ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඒ තෙල් ටැංකි පරිහරණය කරන්න කිසිම නීතිමය බාධාවක් ඉන්දු ලංකා ගිවිසුමේ කොතනකවත් නෑ. ඒක කරගන්න හොඳ කොන්දක් තියෙන රාජ තාන්ත්‍රිකයෙක් අපිට නැති එකයි තියෙන එකම ප්‍රශ්නේ.
 
 
ඉන්දියාව උනත් එහෙම අත්පත් කර ගැනීමේ අදහසක හිටියත් තමන්ගේ දේපලක් ලෙස සලකලා ඒ අත්පත් කරගැනීම කරන්නේ නැත්තේ එහෙම අයිතියක් ඉන්දියාවටයි නැති හින්දා.
 
ඊළඟ ප්‍රශ්නය එහෙම අයිතියක් තියනවා නම් ඇයි ඉන්දියාව 2003 අපිත් එක්ක තෙල් ටැංකි සම්බන්ධව බදු ගිවිසුමක් අත්සන් කරන්නේ. ඒක තාවකාලික බදු ගිවිසුමක්. සදාකාලික ඒවට කවුද තාවකාලික බදු ගිවිසුම් අත්සන් කරන්නේ.
 
ඇයි ගම්මන්පිලගේ ටිකිරි මොළේට ඒක තේරෙන්නේ නැත්තේ. 
 
ඒ ගිවිසුමේ හැටියට ඔය හැම ටැංකියකටම ඉන්දියාව අපට වාර්ෂික බද්ධක් ගෙවන්න ඕනි. ඒක අත්සන් කළේ 2002 රනිල්ගේ ආණ්ඩුවේ ආර්ථික හා ප්‍රතිපත්ති සැළසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති මිලින්ද මොරගොඩ. ඒක කලේ එයාලාගේ බටහිර හා ඉන්දියන් ගැති ප්‍රතිපත්තිය හින්දා තමයි. නැතිව මේ රටට ආදරේට නෙවෙයි. 
 
හැබැයි එදා මහින්ද විපක්ෂයේ ඉදින් කෑගැසුවේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීම වැරදී කියලා. එයා බලය ගත්ත ගමන් ඒවා නැවත පවරා ගන්නවා කියලා. හැබැයි 2005 ඉදන් 2015 වෙනකම් මහින්ද මේ රටේ ජනාධිපති. හැබැයි ඒවා පවරා ගත්තේ නෑ. ඒවට තවත් පහසුකම් දුන්නා.
 
1547098809 Need Presidential powers that can control PM Vasudeva B 
 
ඒ කාලේ මිලින්දගේ ගිවිසුමට විරැද්ධව වාසු තනියෙන් නඩු කියලා මිලින්ද ඉන්දියාවට දීලා තිබුණු රක්ෂණ සමාගම ඇතුළු ඔය තෙල් ගිවිසුමට අදාල ගොඩක් දේවල් නැවත ආණ්ඩුවට ලබා ගත්තා. රටේ රාළ අදත් ඒ ගැන වාසුට ගරු කරනවා.
 
 
හැබැයි ඒ අරන් දුන්න දේවල්වලින් රක්ෂණ සමාගම විතරක් ආණ්ඩුවට අරන් අනිත් සේරම මහින්ද ජොන් කීල්ස් එකටයි IOC එකටයි දුන්නා. ත්‍රිකුණාමලයේ පහළ තෙල් ගබඩා සංකීර්ණයේ මිලින්ද දුන්න තෙල් ටැංකි 16 ට අමතරව විශාල ගබඩා හදන්න බංකරින් කරන්න ඉඩ දුන්නේ මහින්ද? ගම්මන්පිලත් ඒ ආණ්ඩුවේ හිටියා.
 
ඊට පස්සේ 2017 යහපාලනය යටතේ ආයෙත් අර්ජුන රණතුංග බලශක්ති ඇමති විදිහට තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට 99 අවුරුදු බදු දෙන්න හැදුවා. ඒකට වරාය වෘත්තීය සමිති විරුද්ධ වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා. ඒ නඩුව තවමත් ඇහෙනවා.
 
මේ තත්වයන්වලින් එක දෙයක් පැහැදිළියි අපේ රටේ ආපු නිවට පාලකයන් යටත් කරලා ඉන්දියාව කටයුතු කරලා තියනවා. එයාලට එක එක දොළපිදේනි වරදාන වරප්‍රසාද දීලා තියනවා. 
 
හැබැයි ඒ මොනවා කළත් ඉන්දියාව එක්ක දන්නවා. ඒ තමයි ඉන්දියාවට 2003 පවරලා තියෙන බදු ගිවිසුම නීත්‍යානුකුල නෑ කියලා. ඇත්තටම ඒක අනීතිකයි. ඒක නීත්‍යානුකූල කරගැනීම හා තවත් අවුරුදු ගානකට දික්කර ගැනීම තමයි දැන් ඉන්දියාවේ අරමුණ.ඒකට තමයි මේ ඔක්කොම සෙල්ලම් දාන්නේ.
 
 දැන් ඒ මෙහෙයුම දියත් කරන්නේ ඉන්දියන් ඇමරිකානු ඒකාබද්ධ මෙහෙයුමක් විදිහට.
 
මේ ගොං තක්කඩි ආණ්ඩුව ඒ උගුලට පය තියලා ඉවරයි. ඩොලර් වෙනුවෙන් ඕනිම තුට්ටු දෙකේ වැඩක් කරන ආණ්ඩුවක් මේක. ඒකට ඕනි කරන ගොං මං පිලලා මේ ආණ්ඩුවේ ඕනි තරම් ඉන්නවා. එයාලට ඕනි කොමිස් විතරයි. කොමිස් කුට්යයි බ්‍රෝකර් ගාස්තුවයි එනවා නං අම්මා උනත් විකුණන්න මෙයාලා ලෑස්ති.
 
 
ඒක නිසා ගම්මන්පිල මේ කරන්නේ පුද්ගලයෙක් විදිහට ඉතිහාසයේ කරන්න පුළුවන් ලොකුම ද්‍රෝහීකමක්. ගම්මන්පිල මේ දෙන්නේ ඉන්දියාවට ඕනි ආයුධ. ඉන්දියාවට ඕනි නීති තර්ක. එදා ඉන්දියන් විදේශ ඇමතිට IOC යට හැර අපේ ඉහළ තෙල් ගබඩා සංකීර්ණය බලන්න යන්න බෑ ආණ්ඩුවේ අවසරයක් නැතිව. 
 
 
ගම්මන්පිලලා නිවටයෝ වගේ ඒකට අවසර දීලා රට ඉස්සරහා දේශප්‍රේමී ටෝක් දෙනවා.
 
දැන් ගම්මන්පිල කියන්නේ ඉන්දියාවට දීලා තියෙන තෙල් ටැංකි ටික ආපහු ගන්න එයා මේ දවස්වල ට්‍රයි කරනවාලු. ඕකේ අන්තිම තර්කය තමයි දීලා තියෙන 100 යෙන් මම ටිකක් ගත්තා කියන එක. ඇත්ත කතාව ගම්මන්පිලලා හදන්නේ අපේ ඇස්වහලා ඉහළ ටැංකි සංකීරණයේ තියෙන තෙල් ටැංකි 85 න් තවත් කොටසක් ඉන්දියාවට දෙන්න.
 
ඒක නිසා රටේ රාළ අවසාන වශයෙන් ගම්මන්පිලට කියන්නේ ඔයාට ඕවා ආමුතුවෙන් ගන්න දෙයක් නෑ. ඕවා අපේ. ප්‍රශ්නයක් තියනවා නං තියෙන්නේ පහල තෙල් ටැංකි සංකීරණයේ මිලින්ද බදු දුන්න තෙල් ටැංකි 16 ට විතරයි. ඒකත් ලංකාට වාසිදායක විදිහට කළමණාකරණය කරන්න පුළුවන්. 
 
ඔයා හදන්නේ ගන්න විදිහට දීලා දාන්න. ඒක කරන්න ඔයාට මේ රටේ මිනිස්සු ඉඩ දෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.
 
හරි බලාගමු ගම්මන්පිල.
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි.
 
ජයවේවා.
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
 
 

THE LEADER TV 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
විමල්ට හොඳ වැඩේ 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්