රටේ රාළ දිගටම ආණ්ඩුව ඇතුළේ නිර්මාණය වෙලා තියන ඉරිතැලීම් ගැන කතා කළා. ප්‍රකාශිත වගේම අප්‍රකාශිත ඉරිතැලීම් ගැනත් කිව්වා. අද රටේ රාළට
හිතුනා සමගි ජනබලවේගය ගැන විවෘතව කතා කරන්න. ඒකටත් හේතුවකුත් තියනවා.
 
සමගි ජන බලවේගය ඇතුළේ අභ්‍යන්තර අර්බුදයක් ගැන ඊයේ හේෂා කතා කළා. ඇත්තටම ඊට ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා තමයි රටේ රාළ සජබේ අර්බුදයක් නිර්මාණය වීමට ඇති හැකියාව ගැන කතා කළේ.
 
මේ තත්වය ඇති වෙන්න බලපාන හේතු ගොඩක් තියනවා. සජබය නිර්මාණය උන විදිහ පවා ඒකට බලපානවා. ඇත්තටම සජබය නිර්මාණය උනේ සම්මත විදිහකට නෙවෙයි. අසම්මත විදිහකට. 
 
රටේ රාළ දිගටම කිව්වේ නිවැරදී විකල්පයක් නැතිව මහ පක්ෂ කඩලා දාන එක වැරදී. ඒක බරපතල දේශපාලන අපරාධයක් කියලා. ඒකෙන් නිර්මාණය වෙන්න පුළුවන් දේශපාලනය වශයෙන් විකෘති තත්වයක්. 
 
රටේ රාළ කියන්නේ සජිත්ට එක්සත් ජාතික පක්ෂය කඩලා දාන්න කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නෑ. සජිතුයි, රනිලුයි අතර ගැටුමක් තිබුණ බව ඇත්ත. ඇත්තටම ඒ කාලේ වෙනකොට රනිල් එක්ක ගැටුමක නොහිටියේ කවුද?හැබැයි ඒක තමන්ගේ පක්ෂය කඩන තැනට ගෙනියන එක සාධාරණද?
 
karu jayasuriya 
සජිත්ට ඒ කාරණයේදී දේශපාලනය ඉගෙන ගන්න ඕනි රනිල්ගෙන් නෙවෙයි කරූගෙන්..
 
 
සජිත්ට ඒ කාරණයේදී දේශපාලනය ඉගෙන ගන්න ඕනි රනිල්ගෙන් නෙවෙයි කරූගෙන්. කරූ තමන්ව ගොඩනගපු පක්ෂය දෙකඩ කරනවාට වඩා දේශපාලනයෙන් සමු අරගෙන ගෙදර යන එක හොඳයි කියලා තීරණය කළා. 
 
ඇත්තටම කරූ කියන්නේ සජිත්ට වඩා එජාපයට අවංක උන කෙනෙයෙක්. සජිත් එජාපය කඩාගෙන යන්න බලපාපු එකම හේතුව පෞද්ගලික බල උවමනාව විතරමයි.
 
රටේ රාළට ඊට වඩා කියන්න දෙයක් ඇත්තේම නෑ. ඒක සමාන වෙන්නේ ශ්‍රීලනිපය කඩලා පොදුජන පෙරමුණ හැදුව රාජපක්ෂලාගේ බල උවමනාවට විතරයි. 
 
කොහොම උනත් එජාපය දෙකඩ කරලා, රනිල් පරාද කරලා සජිත් දිනා ගත්ත දෙයක් අද නෑ. ඒක නිසා සජබය අද මේ තත්වයට පත් කිරීමේ ප්‍රධාන වග උත්තරකරුවා වෙන්නේ සජිත්.
 
රටේ රාළ දිගටම සජිත්ගේ දේශපාලනය අනුමත කරපු කෙනෙක් නෙවෙයි. රනිල්ගෙත් එහෙමයි. සජිත්ගේ නෙවෙයි සජිත්ගේ තාත්තාගේ දේශපාලනයත් රටේ රාළ අනුමත කළේ නෑ. 
 
හැබැයි සජිත්ට සාපේක්ෂව බලද්දී සජිත්ගේ තාත්තට යම් දේශපාලන දැක්මක් තිබුණ බව දැන් පිලිගන්න වෙනවා.
 
ඇත්තටම මෙතනදී සජබේ ඉන්න රටේ රාළගේ යාළුවෝ තරහ වෙයිද දන්නේ නෑ. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කතා කරන්න ඕනි. සජබය කියන්නේ ඇත්තටම දේශපාලන සන්ධානයක්. ඒ සන්ධානය ඇතුළේ විවිධ හැඩයේ දේශපාලනය බලවේග ඉන්නවා. විවිධ චරිත ඉන්නවා. ඒක නිසා එතන සංකීර්ණකමක් තියන බව ඇත්ත. 
 
ඒත් විවිධත්වය කියන්නේ බොහෝම වැදගත් සාධකයක්. එයාලා අතර එක මතයක් නැති වෙන්න පුළුවන්. හැබැයි නායකයා දක්ෂ වෙන්න ඕනි තමන්ගේ මතවාදය සන්ධානය තුළ ජයග්‍රහණය කරවන්න. ඒකට තමයි සන්ධානයක් ඇතුළේ හොඳ දේශපාලන සංවාදයක් තියෙන්න ඕනි. 
 
ඕකට හොදම උදාහරණය තමයි මේ ආණ්ඩුව. අද මේ ආණ්ඩුව ඇතුළේ දේශපාලන සංවාදයක් නෑ. රාජපක්ෂලා ආණ්ඩුව ගෙනියන්න හදන්නේ තමන්ගේ ඇගේ හයියෙන්. ඇත්තටම එහෙම දේශපාලන සංවාදයක් සජබේ ඇතුළෙත් නෑ. එතනදී නං සජිතුයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි එක සමානයි.
 
 
ඇත්තටම ජනාධිපති ගෝඨාභයටත් නිශ්චිත උපායමාර්ගික දේශපාලන දැක්මක් නෑ. එහෙම එකක් තියනවා නං එක රටක් එක නීතියක් වෙනුවෙන් පිහිටවපු ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ට දෙයිද? ඒක වෙනම කතාවක්. හැබැයි මෙතනදී රටේ රාළට කියන්න ඕනි සජිත්ටත් නිශ්චිත දේශපාලන මතයක් නං නෑ කියන එක. 
 
 
සජිත් පුද්ගලයෙක් විදිහට ගොඩක් මහන්සි වෙන බව රටේ රාළත් පිලිගන්නවා. හැබැයි Vision එකක් නැතිව ඇග මහන්සි කරලා විතරක් වැඩක් නෑ කියලා සජිත්ට තේරෙන්නේ නෑ වගේම ඒක කියා දෙන්න කෙනෙකුත් නෑ.
 
මෙතනදී සමගි ජන බලවේගය ඇතුළේ සජිත්ගේ නායකත්වය අසාර්ථක වෙන්න බලපාන ප්‍රධාන හේතුව කීපයක් රටේ රාළ දකිනවා. සරලව කිව්වොත් දේශපාලන මතවාදයක් නැතිකම එකක්, වැරදි දේශපාලන කළමනාකරණය තමයි අනික, ඒ වගේම තමන් ගැන තියෙන අධිතක්සේරුව හා අනවශ්‍ය උන්නතිකාමය තවත් ප්‍රධාන හේතුවක්. 
 
ඇත්තටම දේශපාලනයේදී සජිත් බොහෝ වෙලාවට අල්ලන්න කැමති ආර්ථික සටන් පාඨ බව පේනවා. යම් තරමකට ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨයත් අල්ලනවා. හැබැයි ලංකාවේ භූ දේශපාලනයත් එක්ක ගැටගැහුණ සටන් පාඨ අල්ලන්න සජිත් බයයි. නැත්තං කම්මැලී. ඒවා ඉස්සරහා හොරගල් අහුලන බව පේනවා.
 
 පහුගිය කාලේ සජිත් දිගටම චීන විරෝධයක් නියෝජනය කල බව කවුරුත් දන්නවා. සජිත් ලංකාව ඇතුළේ චීන කොළනියක් ගැන කතා කලා. හැබැයි මේ මොහොතේ අපට වැඩිම දේශපාලන බලපෑම එන්නේ ඉන්දියාවෙන්. චීන කොළනියට වගේම ඉන්දියන් ප්‍රාන්තයක් වීමටත් කොන්දේසි විරහිතව විරැද්ධව වෙන්න ඕනි. 
 
 
සජිත් මේ මොහොතේ රටට කරන අත්තනෝමතික ඉන්දියානු මැදිහත් වීම් ගැන කතා කරන්නේ නෑ. ඒකෙන් සජිතුත් රාජපක්ෂලා වගේම ඉන්දියන් රූකඩයක් බව පේනවා. ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය විසින් ඇති කරලා තියන තත්වය ඇත්තටම සජිත්ට තේරෙන්නේ නෑ. එතනදී තමයි රටේ රාළ කියන්නේ සජිත්ගේ තාත්තා සජිත්ට වඩා ඉස්සරහින් හිටියා කියලා. 
 
 
ඇත්තටම සජිත් හිතනවා ඇති ඉන්දියාව තරහා කර ගැනීම තමන්ගේ දේශපාලන ඉළක්කයට බාධාවක් කියලා. රටේ රාළ කියන්නේ ඉන්දියාව තරහා කරගන්න නෙවෙයි. හැබැයි තමන්ගේ මව්බිම පැත්තේ හරියට හිටගෙන ඉන්දියාවට කෙලින් මූණ දෙන්න කියලා. 
 
අනිත් කාරනය තමයි සජිත් සජබය ඇතුළේ පෙන්වන පරිපාලන දුර්වලතාවය. සජිත් සජබය ඇතුළේ තියෙන අවිවලින් ප්‍රයෝජන ගන්නේ නෑ. සජිත් හිතාගෙන ඉන්නේ සජබෙට තියන එකම අවිය සජිත් විතරයි කියලා. 
 
රටේ රාළ නං කියන්නේ සජිත් කියන්නේ T - 56 ක් හරි Ak - 47 එකක් හරි නෙවෙයි. ටිකක් වැඩි දියුණු කළ ගල්කටස් එකක් කියලා. ඔය වර්ග තුනේම ක්‍රියාකාරීත්වය රටේ රාළ හොදට දන්න නිසයි ඒ උදාහරණය ගත්තේ.
 
හැබැයි සජබ අවි ගබඩාවේ පාව්ච්චි කරනවා නං හොඳ බඩු ගොඩක් තියනවා. සජිත් ඒවා පාවිච්චි කරන්නේ නෑ. කොච්වර වැඩි දියුණු කළත් ගල්කටස් එකෙන් එක උණ්ඩයක් පිට උනාට පස්සේ ආයෙත් ලෝඩ් කරන්න ඕනි. ඒකෙනුත් සජිත් වනලා තමයි වෙඩි තියන්නේ. මොකාට වදීද දන්නේ නෑ. 
 
ඔය දැන් එකක් හේෂාට වැදිලා තියෙන්නේ. සජබය ඇතුළේ තියන නායකත්ව පෞරුෂයන්වලින් සජිත් ප්‍රයෝජන ගන්නේ නෑ. ඒක තමයි රටේ රාළ කියන සජිත්ගේ අනවශ්‍ය දේශපාලන උන්නතිකාමය.
 
fonseka patali rajitha.psd s 
 
සජබයට රාජපක්ෂලාට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන් හොදම බර අවි දෙක තමයි පාඨළී හා ෆොන්සේකා. ඊළඟට ශ්‍රීලනිප බලවේග දිනා ගන්න ඕන්නම් වෙල්ගමත් පාවිච්චි කරන්න පුළුවන් හොදම අවිය. 
 
අනික තමයි විපක්ෂය එක තැනකට ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් දැනට ඉතිරි වෙලා තියන එකම අවිය රාජිත. හැබැයි දේශපාලන අර්ථයෙන් මේවා එකක්වත් Use වෙන්නේ නෑ. 
 
අද පාඨළී 43 සේනානායක හදාගෙන වෙන ගමනක් යනවා. රටේ රාළට දන්න විදිහට 43 හදන්න ඉස්සෙල්ලා පාඨළීලා තේරුවේ සජබය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල. ඒත් සජිත් පැහැදිලිවම එයාලා සජබයට එන දොර වැහුවා.
ඇත්තටම ඒ සජිත් පාඨළීට දක්වන බය නිසා වෙන්න ඇති.
 
මොකද සජිත් හිතනවා පාඨළීගේ වෙනම දේශපාලන බල ව්‍යාපෘතික් තියනවා කියලා. රටේ රාළත් එහෙම හිතනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔය සජිත් වැඩ කරන්නේ බල උවමනාව වෙනුවෙන් නෙවෙයිද? ඇයි එයා වෙස්සන්තරද? 
 
අනික තමයි රාජපක්ෂ කදවුරට ගහන්න සජබෙට තියන තවත් චරිතයක් තමයි ෆොන්සේකා. ඇත්තටම ෆොන්සේකා කියන චරිතය ගැන රාජපක්ෂලා හදලා තිබුණ මතය, ගොතලා තිබුණ ගොඩක් බොරු ප්‍රබන්ධ කතා අද ඉතිහාසය විසින් නිවැරදි කරලා තියනවා. 
 
දැන් ඔන්න කියයි රටේ රාළ ෆොන්සේකාටයි, පාඨළීටයි කඩේ යනවා කියලා. ඒකට කමක් නෑ. රටේ රාළ ගැන හොඳටම දන්නේ රටේ රාළ මිසක් ඔය ඇච්චෝ බැඩ්චෝ නෙවෙයි. 
 
ඇත්තටම පහුගිය කාලේ යුද්ධය නිමා කරන්න නායකත්වය දුන්න පස් වෙනි සෙන්පතියා තමන් කියලා නිතර දොඩවන අර සරත් වීරසේකරලා ඒක්ක සන්සන්දනය කරද්දී ෆොන්සේකා නියම රණවිරුවෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි. ෆොන්සේකා රටේ බලසම්පන්න දේශපාන චරිතයක් කරන්න පුළුවන් දේශපාලන විභවයක් රටේ නිර්මාණය වෙලා තියනවා.
 
ඒක ෆොන්සේකාට දැනෙනවා ඇති. ඒක සජිත්ට දැනෙනවා ඇති. ඒ දැනීම විසින් සජිත් හොඳටම බයවෙලා ඇති.
 
රටේ රාළ හිතන්නේ ෆොන්සේකා නිහඩව හිටියට මේ තත්වයන් ගැන සතුටින් ඉන්නවා වෙන්න නම් බෑ. ඊළඟට මංගලට තිබුණ හැකියාව දැනට ඉතුරු වෙලා ඉන්න අයගෙන් කාටද තියෙන්නේ කියන තක්සේරුවක් සජිත්ට නෑ. 
 
 
රටේ රාළ හිතන්නේ මේ වෙලාවේ බලවේග එකතු කිරීමේ මංගලට තිබුණ සුවිශේෂී හැකියා තියනවා කියලා යම් තරමකට හරි පේන්නේ රාජිතට විතරයි. ඒ අත්හදා බැලීම මේ වෙලාවේ කරලා බැලුවට කමක් නෑ.
 
 
ඇත්තටම විපක්ෂයේ සමගියට අද අතරමැදියෙක් අනිවාර්ය වෙලා තියනවා. සජබේ අර්ථයෙන් හිතනවා නං කරන්න ඕනි වැඩ තමයි ඕවා. හැබැයි දැන් මේවට සමහරවිට සජිත් පරක්කු වැඩි වෙන්නත් පුඵවන්. හැබැයි සජිත්ට තවමත් ඉතුරු වෙලා තියන කොටසක් මේකේ තියනවා.
 
ඒකත් කියන්නම්. නැත්නම් මේ ලිපිය අසම්පූරණයි. මේ තත්වය යටතේ සජිත් මොකද කරන්න ඕනි? රටේ රාළ හිතන විදිහට සජිත්ට ආය එජාපයට යන්න බෑ. එජාපයට මෙහේ එන්නත් බෑ. මේ දෙකට එකට එකතු වෙලා සන්ධානයක් හදන්නත් බෑ. ඒක නිසා සජිත්ට කරන්න තියෙන එකමදේ තමයි තමන් අතින් ඉතිහාසයේ වෙච්චි වැරැද්ද නිවැරදි කරන්න විපක්ෂයේ සියලු බලවේගය ආයෙත් නව සන්ධානයක් වටේට එකතු කරන්න දායක  වෙන එක.
 
ඒකට උත්තර දෙකක් තිබුණා. ඒකත් මංගල, අනික කරූ. ඒත් දැන් මංගල නෑ. ඒක නිසා 2024 ජනාධිපතිවරණ හීන දකින එක සජිත් දැන්වත් නවත්තලා කරූ වගේ කෙනෙකුගේ නායකත්වයෙන් විපක්යේ බලවේග සමගි කර ගැනීමේ තැනකට යන්න උත්සාහ කරන්න ඕනි. 
 
2024 ජනාධිපතිවරණය ගැන වෙන මම හිතන්න ඕනි. මොකද 2024 ජනාධිපතිවරණය කියන්නේ තනි පුද්ගලයෙක් මත ගොඩනැගෙන වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක සාමූහික වැඩපිළිවෙලක්. ඒක ගැන වෙනමම කතා කරමු.
 
 
එහෙනම් ගිහින් එන්නම්.
 
බුදු සරණයි. ජයවේවා.
 
 
මීට
රටේ රාළ
 
Priynatha witharana(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)
2021 - ඔක්තෝම්බර් 27
 
 
 
 
 
 

THE LEADER TV 
 
ගව තමෝ හමුවන්න ඉන්දියාවෙන් ගෞතම් ඇවිත් ! 
 
 
කක්කුස්සි පෝර නැව හම්බන්තොටට ! | අද ගොසිප් එක
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්