චින්දාඕ සීවින් බයෝටෙක් ගෲප් කියන චීන සමාගමට අයිති කාබනික පෝර මෙට්‍රික් ටොන් 20000 ක් පටවා ගත්ත නැවක් දැන් මාස කීපයක පටන් අපේ

මුහුදු සීමාවේ කරක් ගහනවා. ඒ වගේම ඒක එකපාරට අතුරුදහන් වෙනවා, ආයෙත් මතුවෙනවා. ඔන්න දැන් හරියටම බේරුවල මුහුදේ නැංගුරම් දාගෙන ඉන්නවා.

කොළඹ වරායෙන් ඊයේ එයාලා එළවළු වගයකුයි, පළතුරු වගයකුයි ඉල්ලලා ලිස්ට් එකක් එවලා තිබුනා. වැඩේ කියන්නේ මේ නැව කොළඹ වරායෙන් ඇපල් ඉල්ලගෙන එන්නේ ගාල්ල වගේම හම්බන්තොට වරායත් පහුකරගෙන.

ඇත්තටම මේක හරි ලැජ්ජා සහගත තත්වයක්. මේක දැන් කෝටි දෙකයි ලක්ෂ 25 ක් නිවටයෝ ඉන්න රටක් විදිහට ලෝකෙම Brand වෙලා ඉවරයි. මේ තත්වය උඩ පිටරටවල ඉන්න ටිකක් හරි දේශපාලනය තේරෙන උන් අපේ රටට නපුන්සකලන්තය වගේ නමක් දාන්න උනත් බැරි නෑ. මේකෙන් හෑල්ලු වෙන්නේ අර රාජපක්ෂලා පහුගිය කාලේ යටි ගිරියෙන් කෑගහපු රටේ ජාතික ආරක්ෂාව. ඒ ගැන කොහොම කයිවාරුවද මෙයාලා ගැහුවේ.

ඊළඟට හෑල්ලු වෙන්නේ අපේ නාවික හමුදාව. ඉන්දියාව වගේම චීනය අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරලා. අපේ මුහුදු සීමාවේම අපේ නාවිකයෝ ආගන්තුකයෝ කරලා. අනිත් වැදගත්ම දේ තමයි අපේ රටේ ස්වෛරීත්වය බල්ල මාක් ගානට වැටිලා. රාජපක්ෂලාගේ නිවට විදේශ ප්‍රතිපත්තියට ඒ හෑල්ලුව දැනෙන්නේ නෑ.

 

ඇත්තටම දැන් මේ පෝර ප්‍රශ්නය චීනය සහ අපි අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වෙලා ඉවරයි. රටේ රාළ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ තවත් මේක කෘෂිකර්ම අමාත්‍යාංශයයි, චීන සමාගමකුයි අතර ප්‍රශ්නයක් විදිහට හුවා දක්වන්න මෝඩ කතා කියන්න එපා. දැන් මේක චීනය හා අපි අතර බරපතල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක්.

 

ඇත්තටම මෙතන තියෙන භයානක තත්වය තමයි මේ ප්‍රශ්නයට කොයි වෙලාවේ හරි ඉන්දියාව පැටලෙන්න ඉඩ තියනවා. මේක යට ඉන්දියාව ඉන්නවා. ඒක ෂුවර්. එහෙම නොවෙනවා නං ඉතින් චීන - ඉන්දියා ප්‍රතිවිරෝධය කියන්නෙත් බොරුවක්.

හැබැයි තවමත් ඉන්දියාවේ ඉන්නේ මේ ප්‍රශ්නයේ බාහිර කොටස්කාරයෙක් විදිහට. හැබැයි අපේ ගොන් වහන්සෙලා තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා ඉන්දියාවත් මේ ප්‍රශ්නයේ කොටස් කාරයෙක් කර ගන්නවා.

රටේ රාළ මේ කියන දේශපාලනය පිලිගන්නේ නැති අය විද්‍යාව පිලිගන්නවා ඇතිනේ. චලිතය පිලිගන්නවා ඇතිනේ. එහෙනම් මෙහෙම හිතන්නකෝ. එක්තරා බලයක් ඔස්සේ යම් දිශාවකට ගමන් කරන වස්තුවකට විරුද්ධව බලයක් යෙදුවම ඒ වස්තුව ගමන් කරන දිශාව වෙනස් වෙනවා. ඒ තියරිය මෙතෙන්ට යොදගෙන හිතන්න.

ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් උනු ගමන් තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් තැනකට ගමන් කරනවා. ඇත්තටම මේක යුද තත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. දැන් කාලෙක ඉදන් රටේ රාළ කියන Port City යේ චීනයට අයිති කොටසට චීන නාවුක හමුදාව ගොඩවීමේ සංධිස්ථානය මේක වෙන්නත් පුළුවන්.

මොකද මේ චීන නැව දැන් අපේ මුහුදේ රැදී ඉන්නේ බලහත්කාරයෙන්. සමහරවිට චීනය අපේ ආණ්ඩුව ඊට විරෝධයක් ප්‍රකාශ කරනකන් ඉන්නවා වෙන්නත් පුළුවන්. නැත්තං ඉන්දියාව පැත්තෙන් හරි එහෙම එකක් එනකං ඉන්නවා වෙන්නත් පුළුවන්. එතකොට එයාලට පුළුවන් එයාලගේ ඊළඟ ක්‍රියාමාර්ගවලට යන්න. නැව එක්කෝ Port City යට ගෙනියන්න පුළුවන්. නැත්තං හම්බන්තොට වරාය ඇතුළට ගන්න. එහෙම කළොත් අපට කරන්න දේකුත් නෑ.

රට අහිතකර පෝර තියෙන නැව අපේ පාලනයෙන් මිදිලා. ඒත් ලංකාවේ තැනකට සේන්දුවෙලා.එ හෙම අනතුරක් වලක්වා ගැනීමේ හැකියාව මේ ඔළමොට්ටල ආණ්ඩුවට නෑ. රාජපක්ෂලාගේ වැඩවසම් මනසට එහෙම සිතුවිලි එන්නෙත් නෑ.

 රටේ රාළ මේ අනතුරු ඇගවීම කරන්නේ නිකං නෙවෙයි. මොකද රාජපක්ෂලාට හිතෙන විදිහට නෙවෙයි මේ ප්‍රශ්නය දිහා ඉන්දියාවයි, චිනයයි බලන්නේ. එයාලා බලන්නේ පෝර ගැන නෙවෙයි එයාලගේ ජාත්‍යන්තර දේශපාලන උපායමාර්ගයට කොහොමද මේ ප්‍රශ්නය බලපාන්නේ කියලා. ඒකට මොකද්ද වෙන හානිය කියලා. ඒකට අනුව තමයි ඒ දෙගොල්ලම තීරණ ගන්නේ.

 

රාජපක්ෂලා මහ ලොකුවට නිතරම ලංකාවේ භූ දේශපාලනය ගැන කතා කරනවා. බම්බුව තමයි. මෙයාලට තේරෙන භූ දේශපාලනය. මෙයාලට තේරෙන රාජ්‍ය තාන්ත්‍රිකකමකුත් නෑ. මෙයාලා දන්නේ දේශපාලනයෙන් බිස්නස් කරන්න විතරයි. නැත්තං කොමිස් දේශපාලනය විතරයි. හැබැයි මේ පෝර ගනුදෙනුවෙන් ඒකත් හරියට තේරෙන්නේ නෑ කියලා මෙයාලා ඔප්පු කරලා ඉවරයි. දැන් මේ පාරවලලක් වෙලා තියෙන්නේ ඒ නොදන්නකම.

 

මේ ප්‍රශ්නයේදී රටේ රාළ මේ අමන මරි මෝඩ ආණ්ඩුවෙන් මොකුත් ඉල්ලීමක් කරන්නේ නෑ. හැබැයි රටේ රාළ චීන සමූහාන්ඩුවට කියනවා මේ ප්‍රශ්නය විසඳා ගැනීමේදී මිට වඩා රාජ්‍ය තාන්ත්‍රික බවකින් මැදිහත් වෙන්න කියලා. ඒ මේ කොමිස්කාර පාලකයන් ගැන හිතලා නෙවෙයි. චීනය හා අපි අතර තිබුණ ඓතිහාසික සම්බන්ධයේ ගරුත්වය ගැන කල්පනා කරලා.

ඇත්තටම චිනය හිතනවා මේ ප්‍රශ්නය යට ඉන්නේ ඉන්දියාව කියලා. මේ පෝර නැව ආපිට හැරෙව්වේ ඉන්දියාව සහ අපි දියත් කළ කුමන්ත්‍රණයකින් කියලා. ඒක නිසා තමයි දැන් එයාලා සමාගම හරහා අපේ ශාක නිරෝධායන සේවයට නඩු දාන්න හදන්නේ.

අපේ ශාක නිරෝධායන පනතට තියෙන බලතල අනුව චීනයට බෑ අපේ ශාක නිරෝධායන පනත අභිබවා යන්න. හැබැයි චීනයේ දේශපාලන බලය ඉස්සරහා අපිව දණගස්ලා පෙන්නන්න එයාලට පුළුවන්. එයාලට දැන් ඕනි ඒක. වැඩි හරියක්ම එයාලට ඕනි අපිව චීනය ඉස්සරහා දණ ගස්සලා ඒක ඉන්දියාවට පෙන්නන්න. මෙන්න බලාගනිල්ලා කියලා. මේක තමයි උඹලට කතා කරන චීන භාෂාව කියලා.

අපේ නිවට පාලකයෝ දැනටමත් 75% ක් දණ ගහලා ඉවරයි.චීනය මේ ට්‍රයි කරන්නේ ඉතුරු 25% ට.

දැන් මේ පාලකයෝ අපේ රටේ ශාක නිරෝධායන සේවය ලෝකය ඉස්සරහා හෑල්ලු කරලා ඉවරයි. අර මහින්දානන්ද කිව්වේ පෝර සාම්පලය ශාක නිරෝධායන සේවයට පැමිණීම දක්වා කුමන්ත්‍රණයක් තියනවා කියලා. ශෂීන්ද්‍ර කිව්වේ අපේ පරීක්ෂණවල අඩුපාඩුකම් තියනවා කියලා. ඒක නිසා මෙතන තියෙන ඇත්ත කතාව රටේ රාළවත් රටට කියන්න ඕනි. ජීවිත අවධානම නොසලකා හරි ඒක කියන්න ඕනි.

මෙතන කුමන්ත්‍රණයක් තිබුණා නං ඒකට වගකියන්න ඕනි චින්ඩාවෝ සමාගමේ මේ රටේ දේශීය ඒජන්තයා. අර අගමැතිගේ ලේකම් ගාමිණී සෙනරත්ගේ ඥාති සහෝදරයා. එයා කොහොමද එකපාරට චීන සමාගමේ දේශීය නියෝජිතයා වෙන්නේ. ප්‍රශ්නය පටන් ගන්න ඕනි එතනින්. එකපාරට කොහොමද එහෙම සමාගමක් රෙජිස්ටර් කරන්නේ. ඒකෙන් කොහොමද පෝර ආනයනය කරන්නේ. කොහොමද එකපාරට ගිණුම් අරින්නේ. ඒ සමාගම වෙනුවෙන් මහජන බැංකුව කොහොමද ක්‍ෂණිකව ණයවර ලිපි නිකුත් කරන්නේ. මහජන බැංකුවේ සාමන්‍ය අධිකාරීලා බබ්බුද? හොරකම සහ කුමන්ත්‍රණය තියෙන්නේ ඔය අතර.

අද විදිමත් කියලා කරන ප්‍රසම්පාදන ක්‍රියාවලි ඇතුලේ වෙන හොරකම් ගැන අපි දන්නවා. ඉතින් මේවා ඇතුළේ වෙන වැඩ ගැන කවර කතාද?

 

හරි නං මේ රටේ අගමැති මේ ප්‍රශ්නය උඩ ඉල්ලා අස්වෙන්න ඕනි. ඊළගට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද වගේම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂත් ඉල්ලා අස්වෙන්න ඕනි. නැත්තං ජනාධිපති මැදිහත් වෙලා තුන්දෙනාම අයින් කරන්න ඕනි.

 

පෝර ගැන අපේ ශාක නිරෝධායන අංශ වාර්තාව එන්න ඉස්සෙල්ලා කොහොමද චීන නැව පළවෙනි පෝර තොගය අරගෙන පිටත් වෙන්නේ. නැවේ තියෙන පෝරවල සාම්පල්වල ශාක ව්‍යාධි ජනක බැක්ටීරියා තියන බව තහවුරු උන ගමන් ඊළඟට ගන්න ඕනි ක්‍රියාමාර්ගය කවුද ගත්තේ?

හැබැයි අපේ අය මොකද කළේ ඒ විදිමත් ක්‍රියාමාර්ගට යන්නේ නැතිව එක පාරටම ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පෝර ඕඩර් කළා. ඒවටත් පරීක්ෂණ නෑ. මොකද නැනෝ පෝර සම්බන්ධව ප්‍රමිතියක් අපේ රටේ නෑ. ඒක නිසා ඉන්දියාවේ සමාගම අලුතෙන්ම හදපු ඉන්දියාවේ පවා තවමත් අත්හදා බලන මට්ටමේ තියන නැනෝ නයිට්‍රජන් දියර පෝර ඉතාමත් වැඩි ගානට ගෙනාවා. ඒවායින් විශාල මුදලක් ගසා කෑවා.

දැන් ප්‍රමිතියක් දන්නේ නැති නැනෝ දියර පෝර අපේ පොලවට වැස්ස කාලේ ගහනවා. තව ටික දවසකින් ගොවියෝ කෘෂිකර්ම ඇමතිගෙන් අහනවා මේවද ගොනෝ ඔය කියන නැනෝ කියලා.

කොහොම හරි මේ ගනුදෙනුව සිද්ධ උන විදිහ ගැන සැකයක් ඕනි පොඩි දරුවෙකුට තියනවා.

 හැබැයි ඔයාලට තියෙන්නේ මේකෙන් කීයක් ගැහුවද කියන සැකය. නමුත් චීනට තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. තමන් ලංකාව ඇතුළේ අත්පත් කරගත්ත දේශපාලන බලය වගේම ආර්ථික මර්මස්ථාන ඉන්දියාව ආපිට හරවමින් ඉන්නවා. ඒවා අත්පත් කරගනිමින් ඉන්නවා. ඒක දැන් චීනෙට තියෙන සැකයක් නෙවෙයි තහවුරු කර ගත්ත ඇත්තක්.

චීනාටත් වැරදුනේ ඔතන. චීනා එක්ක මේ රටේ පාලකයන් කළේ බිස්නස්. හැබැයි මේ රටේ පාලකයන්ට බිස්නස්වලවත් කොලිටියක් නෑ. මේ පාලකයන්ට මේ රට ගැනවත් භූ දේශපාලනය ගැනවත් වැඩක් නෑ. එයාලට වැදගත් තමන්ට අතයට ගනුදෙනුව වැඩියෙන් හම්බ වෙන්නේ කොතනින්ද කියන එක විතරයි. ඒක චීනෙන් නං එහෙමයි. ඉන්දියාවෙන් නං එහෙමයි. ඇමරිකාවෙන් නං ඒත් එහෙමයි. වැඩිය එපා සිවාසිලන්තයෙන් නං ඒත් එහෙමයි.

එහෙම මිස් ෆයර් වෙච්චි ගනුදෙනුවකට තමයි චීනය දැන් මැදි වෙලා ඉන්නේ. එකම ප්‍රමාණයට දෙපැත්තකින් සල්ලි අරන්. දැන් ඒ පෝර තොගය රට ඇතුළට ගන්න බැරි විදිහට ජනතා විරෝධය ඇවිස්සිලා. දැන් චීනයට මේ රටට ආයෙත් පෝර ගේන්න බෑ. චීන පෝරවලට රටේ දැවැන්ත විරෝධයක් හැදිලා. ඒ වෙළදපොල දැන් ඉන්දියාව කඩාගෙන.

ඉතින් ඒකට චීනය දෙන උත්තරය යහපත් එකක් වෙන්නේ කොහොමද? ඒක තමයි මේ වෙමින් තියෙන්නේ.

 

අවසානයේ වෙන්නේ මෙච්චරයි. චීන පෝර නැවෙන් කොමිස් ගත්ත උන් ඒක තියා ගනී. අපට පෝරත් නෑ සල්ලි නෑ. නැවට සල්ලි ගෙවන්න වෙනවා. මේ නිවට පාලකයෝ චීන බලය ඉස්සරහා ඒ තීරණය ගන්නවා ගන්නවාමයි.

 

අනික මහජන බැංකුවේ තියෙන්නේ මෙයාලාගේ සල්ලි නෙවෙයි. ඒවා තියෙන්නේ පිටරට ගිණුම්වල. මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ දහඩිය මහන්සියේ වටිනාකම. දැන් මෙයාලා හදන්නේ චීන පෝරවලට ඒකෙන් ගෙවන්න. අපේ රටේ ඉන්න මහජන බැංකුවේ ගිණුම් හිමියන්ට ඊට විරුද්ධව වෙන්න සාධාරණ අයිතියක් තියනවා වගේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්.

චීනයට ගෙවන්න කියන්න ඕනි මෙයාලගේ සල්ලිවලින්. මොකද මේ වැඩේට චුදිතයෙක් ඉන්න ඕනි. චුදිතයෝ එකෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා. හැබැයි අන්තිමට චිනයට අපේ මහජන මුදල්වලින් සල්ලි ගෙවාවි.

දැන් චීනය ලංකාවත් එක්ක අකුරට වැඩ. ඒකේ ප්‍රථිපලයක් විදිහට තමයි Port City යට කොයි වෙලේ හරි චීන හමුදාව ගොඩ බහින්නේ. ඒකට දක්වන ඉන්දු ඇමරිකානු ප්‍රතිචාරය එදාට බලාගන්න පුළුවන්. එතකන් ඔයාලත් කට ඇරගෙන බලා ඉන්න.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.


Priynatha witharanaමීට
රටේ රාළ

(ප්‍රීයන්ජිත් විතානගේ ගේ ෆේස්බුක් පිටුවෙන්..)




 

THE LEADER TV


යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන
 

 
 
ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්