ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අභ්‍යන්තර බිද වැටීම ගැන රටේ රාළ කතා කළේ මීට අවුරුදකට විතර උඩදී. එදා ඒක පිලිගන්න එකඟ නැති ගොඩ දෙනෙක්

හිටියා. හැබැයි දැන් ඒක ඇස් පනාපිට පේන්න පටන් අරන්.

පොදුජන පෙරමුණ ආණ්ඩුවට ඇතුළෙන් ගහපු පළවෙනි ප්‍රහාරය එල්ල කරන්නේ විජේදාස රාජපක්ෂ. ඇත්තටම එදා රටේ රාළගේ විග්‍රහයේ තිබුණේ ප්‍රහාරය හොඳයි ඒත් ළග වැඩී කියලා. ඒ ප්‍රහාරය ඉළක්කටම ගියා. රාජපක්ෂලාගේ සදළුතලයටම වැදුනා. පස්සේ ජනාධිපති ගෝඨාභය විජේදාස අමතලත් තිබුණා. හැබැයි එතනදී විජේදාසත් ඒ භාෂාවෙන්ම ජනාධිපතිවත් ඇමතුව බව තමයි විජේදාස කිව්වා.

කොහොම උනත් එදා විජේදාස Brand වෙලා තිබුණේ කළබලකාරී රාජපක්ෂ විරෝධියෙක් විදිහට. ඒ වගේම විජේදාසගේ තිබුණ යූ.එන්.පී සම්බවයත් නිසා විජේදාසගේ විරෝධයට පොදු පෙරමුණ ඇතුළෙන් ලොකු සහයක් හම්බ උනේ නෑ.

හැබැයි දැන් තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්. දැන් ප්‍රහාරය පටන් අරන් ඒ කියන්නේ පීඩනයට ඔරොත්තු දීමේ සීමාව පැනලා. බෝලය දැන් වතුර යට තවදුරටත් තියාගෙන ඉන්න බෑ. තවමත් ප්‍රහාරය තියෙන්නේ ආරම්භක අවධියේ බව ඇත්ත. හැබැයි ප්‍රහාරයක ආරම්භ අවධියක් එක්ක සන්සන්දනය කරද්දී ඇත්තටම මේක හරියට බෝ වෙන රෝගයක් වගේ. රටේ රාළ කියන්නේ මේක වසංගත තත්වයකට ලගා වෙනවා.

 

ඔය රාජපක්ෂ ලග තියෙන එන්තත් මේකට හරියන්නේ නෑ. මොකද මේ තියන තත්වය ළගදීම වෙනත් රූපාකාරයක් බවට පත්වෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේපාර ගල්ලෙන් බින්දේ සුසිල්. සුසිල් එක්ක රටේ රාළගේ කිසිම දේශපාලන එකඟතාවයක් නෑ. හැබැයි රටේ රාළලා දේශපාලන කරන කාලේ එජනිස මහ ලේකම් විදිහට හිටියේ සුසිල්. අද පොහොට්ටුවේ ඉන්න සාගරලට වඩා නං ගව් ගානක් ඉදිරියෙන් සුසිල්ලා එදාත් හිටියා.

 

සුසිල්ට හැදුණ ලෙඩේ ඊළඟට හැදුනේ ඩිව්ට. ඩිව් ටිකක්  වැඩිපුර රෝග ලක්ෂණ පෙන්නුවා. ඩිව්ගෙන් ආවේ අනුර ප්‍රියදර්ශන යාපාට. දැන් ඔන්න WDJ සෙනවිරත්නටත් ලෙඩේ හැදිලා.

සාමාන්‍යයෙන් ජොන් කියන්නේ දේශපාලනයේ එච්චර කළබලකාරයෙක් නෙවෙයි. හැබයි ජොන්ලට හරියට දිශාව පේනවා. රට හදන දිශාව නෙවෙයි. රට යන දිශාව. එදා මෛත්‍රීගේ ආණ්ඩුවේ හිටපු ජොන් අන්තිම මොහොතේ පොහොට්ටුවට High Jump එකක් දැම්මේ දිශාව තේරෙන හින්දා තමයි. ඒක නිසා ජොන්ගේ වචන ඩිවිගේ වචන තරම් සැර නොවෙන්න පුළුවන්. ඒත් ඒකේ තියන දේශපාලන ගැඹුර ගොඩක් වැඩී.

පහුගිය දවසක ජොන් YouTube නාලිකාවක් එක්ක තිබුණ සංවාදයකදී ආණ්ඩුවේ රෙදි ගැලෙව්වා. හැබැයි ඩිව් වගේ ඇදලා, ඉරලා විසිකලේ නෑ. ජොන් කළේ තමන්ගේ අධිනීතිඥ දැනුම පාවිච්චි කරලා රාජපක්ෂලාගේ කලිසමේ ඉලාස්ටික් එක හෙමීට කපලා දාන එක විතරයි. කලිසම ආයෙත් වැටුනා. හැබැයි රාජපක්ෂලාට ඒක තේරුණාද දන්නේ නෑ. ඒ තමයි ජොන්.

ඔය තුන් හතර දෙනාම කළේ කලිසම ගැලවීම තමයි. ක්‍රමය විතරක් පොඩ්ඩක් වෙනස්.

 

ඒ සාකච්ඡාවේදී ජොන් රාජපක්ෂ පවුලට ඉළක්ක සහගතව ගැහුවා. ජනාධිපති, අගමැති, බැසිල් තමයි ටාගට් උනේ. එයාලාගේ බැරිකම කිව්වා. කොච්චර බැරි උනත් අර රාජපක්ෂලාගේ තියෙන බොරු උද්දච්චක ගැනත් කිව්වා. මහ මැතිවරණයේදී තමන් ළගට ආපු මිනිස්සුන්ට දෙකඩ බෙදලා සළකපු විදිහ කිව්වා. ජනාධිපතිගේ, අගමැතිගේ පත්‍රිකාවක් නොදෙන්න තරම් ඒ උද්දච්චකම උඩ ගිය හැටි කිව්වා. ජනාධිපතිතුමාගේ පෝර ප්‍රතිපත්තියට ගැහුවා. ඒක කරන්ඩ ඕනි විදිහත් කිව්වා. එක රටක් එක නීතියක් හදන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිකම ඥාණසාර හාමුදුරුවන්ට දීම වැරදී කියලා කිව්වා.

 

ඇත්තටම ඇත්ත දේශපාලන විග්‍රහයක් කළා.ඒ දේශපාලන විග්‍රහයේ කිසිම වරදක් නෑ. රටේ රාළත් ඒක අනුමත කරනවා. ඇත්තටම එදා සුසිල් පාර්ලිමේන්තුවේදී කරපු කතාව ගැන රටේ රාළ කිව්වේ පොදුජන පෙරමුණ ඇතුළේ ඉන්න මහජන නියෝජිතයාගේ හෘද සාක්ෂිය තමයි ඒ එළියට ආවේ කියලා. ඒ තර්කය අනුර ප්‍රියදර්ශනට වගේම ජොන් සෙනවිරත්නටත් සාධාරණයි.

ඇත්තටම මේ වෙලාවේ රාජපක්ෂ කදවුරේ ඉන්න දේශපාලන අදබාලයෙකුට මෙහෙම කියන්න පුළුවන්. ඔය ජොන්ගෙන් පිට වෙන්නේ ඇමැතිකමක් නැති වේදනාව කියලා. ඒ තර්කය සාධාරණ උන කාලපරිච්ඡේදයක් තිබුණා. හැබැයි දැන් ඒ කාලය පැනලා කියලා තමයි රටේ රාළට නං හිතෙන්නේ. මහජන මනස හරියට කියවාගත්ත මහජන නියෝජිතයෙකුට නං දැන් මේ ආණ්ඩුවේ තනතුරක් ගන්න කියන එක තරම් භායානක යෝජනාවක් තවත් තියනවද?

ඇත්තටම එහෙම අයත් ඉන්නවා. මෙතනදී ඒ වෙනස පෙන්නන්න තමයි රටේ රාළට ඕනි.

 

දැන් මේ ආණ්ඩුව ඇතුළේ කළකිරුණ ජේෂ්ඨයෝ වර්ග දෙකක් ඉන්නවා. කට්ටියක් එස්.බී පන්නයේ ජේෂ්ඨයෝ. ඇමතිකමක් වෙනුවෙන්ම බලා ඉන්න ජේෂ්ඨයෝ. ඇමතිකමක් වෙනුවෙන් තවමත් කිරි හට්ටි අරගෙන මැදමුලන වලව්වේ පිලිකන්නෙං ඇතුළ් වෙන ජේෂ්ඨයෝ. එස්.බීලා, ඩිලාන්ලා.... වගේ අය රටේ රාළ දාන්නේ ඒ ගොඩට. ඊළඟට ඉන්නවා ඔය සුසිල්, අනුර ප්‍රියදර්ශන, ජොන් පන්නයේ ජේෂ්ඨයෝ. මුලදී ඇමතිකමක් නොලැබීම කියන වේදනාව එයාලටත් තියෙන්න ඇති. අඩු වැඩි වශයෙන් තවමත් එහෙම ඇති. ජොන්ගේ කතාවෙන් ඒ ගැන කියවෙනවා. හැබැයි රටේ රාළ මේ උදාහරණයට ගත්ත චරිත තුනේ දේශපාලන හැසිරීම විශ්ලේෂණය කළොත්.එයාලගේ දේශපාලනය කැරකිලා තියෙන්නේ එයාලා වම කියලා විශ්වාස කරපු කදවුරක් වටේට.

 

ඇත්තටම ඒකේ වාමවාදය වගේම ජාතිකවාදයත් සැළකිය යුතු තරමකට තිබුණා. ඇත්ත වශයෙන්ම ජොන්ලා, සුසිල්ලා, අනුර ප්‍රියදර්ශන යාපාලා කියන්නේ ශ්‍රී ලංකාකාරයෝ. ඊට පස්සේ ශ්‍රීලනිපය කඩාගෙන හැදුණු පොහොට්ටුවට සෙට් උන එක ඇත්ත. ඒ දෙක අතර බලය වැඩි කදවුරට අවස්ථාව ආවහම එයාලා ගියා. මොකද පොහොට්ටුවේ නායක මහින්ද කලින් ශ්‍රීලනිප නායකයා. එහෙම උන්නතිකාමයක් නැති දේශපාලනඥයෝ අද ඔය කොයි පක්ෂේවත් නෑ.

හැබැයි මෙයාලා තනතුරු වෙනුවෙන් එස්.බීලා වගේ දේශපාලන දඩාවතේ ගියේ නෑ. එස්.බී නං තනතුරු වෙනුවෙන් එජාපයට ගියා. රටේ රාළ කියන්නේ තනතුරක් දෙනවා නං එස්.බී මුස්ලිම් කොංග්‍රසයට උනත් යනවා. ඇත්තටම ඕක තමයි රටේ රාළ කියන මේ ජේෂ්ඨයෝ වර්ග දෙක අතර වෙනස. ඒක නිසා එස්.බීගේ දුකට වඩා ජොන්ගේ දුකට බරක් තියනවා. ඒ පිපිරීම තමයි අතිශයින් දරුණු. ඒක දැන් දංවැලක් එකක් බවට පත්වෙමින් තියනවා.

රටේ රාළ කියන්නේ රාජපක්ෂ පාලනය දවසක ගැට ගහලා බිම දාන්නේ ඒ දංවැලෙන්ම තමයි. ඒ කතාව කවුරු හරි රාජපක්ෂ කෙනෙක් ලියලා තියා ගත්තත් කමක් නෑ. ඒක නිසා රටේ රාළ අනුර ප්‍රියදර්ශන කියන තර්කය පිලිගන්නවා.

ඇත්තටම අලුත් කදවුරක් ගොඩනැගෙමින් තියනවා. ඒකත් ස්වභාවයන් දෙකකින් වෙන්න පුළුවන්. මේ රට හරි පාරක ගෙනියන්න පුළුවන් දේශපාලන කඳවුරක් හැදෙන්න ඕනි. ඒත් ඊට ඉස්සෙල්ලා රාජපක්ෂලාගේ පවුල් පාලනය පන්නලා දාන කදවුරක් හැදෙන්න පුළුවන්. ඇත්තටම මේ හැදෙමින් තියෙන්නේ ඒ රාජපක්ෂ විරෝධී කදවුර. ඒක වෙන්නේ පක්ෂ, විපක්ෂ ජනමනස ඇතුළේ දවස ගානේ ගොඩනැගෙන රාජපක්ෂ විරෝධය හරහායි.

ඒක ජොන් හරි ලස්සනට ජොන් තමන්ගේ කතාවේ කියනවා. හැබැයි දැන් ජනතාව අතර තියෙන්නේ ජොන් කියන ජාතියේ කළකිරීමක් නෙවෙයි. ඒ කළකිරිම දැන් වෛරයක් බවට පත්වෙලා ඉවරයි. ඒක නිසා රාජපක්ෂලා එලවන කදවුර නං ඔය කාගේ හරි නායකත්වයෙන් හැදෙයි.

 

ඒත් රටේ රාළ කියන්නේ හැදෙන්න ඕනි මේ රට ගොඩදාන්න පුළුවන් සාමුහික වගකීම් දරන දියුණු වැඩපිළිවෙලක් සහිත කදවුරක්. ඒ කදවුර යටතේ රාජපක්ෂලා එලවනවා නම් තමයි ඇත්තටම වැඩේ සම්පුර්ණ වෙන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නෑ රාජපක්ෂලා ගෙදර යවන වැඩේට රටේ රාළ විරුද්ධයි කියලා. අඩුම ගානේ අවම එකඟතාවයක් ඇතුළේවත් ඒක වෙන්න ඕනි. මොකද දැන් ලොකුම දේ රට හදන එක නෙවෙයි. හදන්න රට බේරගන්න එක. රාජපක්ෂලාගෙන් රට බේරගන්න එක. අංක එක රට රාජපක්ෂලාගෙන් බේරගෙන ඉන්න ඕනි.

 

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)




ජෝන් සෙනවිරත්නගේ සම්මුඛ සාකච්ජාව පහතින්




සබැඳි පුවත :


'බැසිල් තියා කිසි රාජපක්‍ෂ කෙනෙකුට මම බය නෑ' - ජෝන් සෙනවිරත්නත් ගේමට එයි !

 


THE LEADER TV

 

මහින්දට කල දේ බැසිල්ට පල දේ !

 



සුසිල්ට ඇමතිකමෙන් අයින්වෙන්න කියලා!  | The Leader TV | Gossip



තවත් දොලවත්තලා ඉන්නවද ? බැසිල් හොල්මන් !!

 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්