වෙල්ගම ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාව වගේ කතාවලට තමයි කියන්නේ මසුරං කතා කියලා.

ඉස්සර අර කටේ රත්තරං දාන් ඕනි කියන්නේ ඔය වගේ කතාවලට වෙන්න ඇති.

වෙල්ගමට දේශපාලන වශයෙන් එකඟ නැති උනත් රටේ රාළට හිතුනා වෙල්ගමගේ කතාව ඇතුළේ තියෙන දේශපාලනය ටිකක් කතා කරන්න.

ඒකට වෙල්ගමගේ කතාවේ Key Points ටික මතක් කර ගන්න ඕනි.

වෙල්ගම ඉස්සෙල්ලා කිව්වේ පාස්කු ප්‍රහාරය කැරකිලා ඇවිත් මේ ආණ්ඩුවට පිස්සු වැටිලා කියලා. නීතියෙන් බේරුණත් උඩ ඉන්න දෙයියන්ගෙන්, විශ්වයෙන් බේරෙන්න බෑ කියලා.

ඇයි පාස්කු ප්‍රහාරය කරපු උන්ට කරන ජනතා සාපයෙන් බේරෙන්නත් බෑ. ඒක කියන්න වෙල්ගමට අමතක වෙන්න ඇති.

ඇත්තටම වෙල්ගම ඒ ගැන කියන කතාව ඇතුළේ බරපතල චෝදනාවක් තියනවා. දැන් සමාජයට කාන්දු වෙලා තියෙන පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ජනාධිපති ඉන්නවා කියන සැකය මේ කතාවෙන් තහවුරු වෙනවා. ඔයාලට මතක ඇති මීට ඉස්සර දවසක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිව්වා පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ජනාධිපති ඉන්නවා කියලා කියන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා. රටේ රාළට අහන්න තියෙන්නේ එතකොට මේ ඒ කුමන්ත්‍රණයේ කොටසක්ද? නෑත්තං මේක ඇත්ත කතාවක්ද කියලා විතරයි?

 

ඊළඟට වෙල්ගම දිගටම කියපු කතාවක් එයා ඊයෙත් මතක් කළා. ඇත්තටම වෙල්ගම දිගටම කිව්වා ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න එපා කියලා. ප්‍රාදේශීය සභාවක්වත් එයා කරලා නෑ කියන එක වෙල්ගම කියපු ප්‍රසිද්ධ කතාවක්. ඊයේ වෙල්ගම ඊටත් එහාට ගිහින් ජනාධිපතිතුමා ඇමරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක කම්පියුටර් ඔපරේටර් කෙනෙක් කියලා කිව්වා.


රටේ රාළ නං කියන්නේ අනික් සුදුසුකම් තියනවා නං එයා කරපු වෘත්තීය ප්‍රශ්නයක් නෑ කියලා. මොකද වෙනිසිව්ලාවේ ජනාධිපති උන මදුරෝ බස් රථ රියදුරෙක්. ලංකාවේ ජනාධිපති උන රණසිංහ ප්‍රේමදාස කියන්නේ බොහෝම අඩු අධ්‍යාපනයක් තිබුණ කෙනෙක්. හැබැයි ඔක්කොම බුද්ධිමත්තු අභිබවලා හොදින් හරි නරකින් හරි ඉස්සරහට එන්න බුද්ධියක් ප්‍රේමදාසට තිබුණා.

රටේ රාළ නං කියන්නේ ඒක නෙවෙයි ජනාධිපතිට රාජ්‍ය නායකයෙක් වෙන්න තියෙන්න ඕනි අනික් සුදුසුකම් තිබුණේ නෑ කියලා.


ඊළඟට වෙල්ගම ඥාණසාර හාමුදුරුවෝ එක රටක් එක නීතියක් වෙනුවෙන් හදපු ජනාධිපති කාර්ය සාධක බලකායට පත් කිරීම පිස්සු වැඩක් කියලා තමයි කිව්වේ. රටේ රාළ ඒ කතාවට නං අත් දෙකම උස්සලා සහයෝගය පළකරනවා. රාජපක්ෂලා බලයට එන්න පාවිච්චි කරපු හිරිකිත ජාතිවාදය මත තවමත් යැපෙනවා කියන්න හොදම උදාහරණය තමයි ඒ පත්කිරීම. රටේ රාළ දිගටම කිව්වේ ඥාණසාර කියන්නේ සිංහල සහරාන් කියලා. කට කෑවත් රටේ රාළ ඒ කතාව ඉදිරියටත් කියනවා.


රාජපක්ෂලාගේ පවුලේ බල උවමනාව වෙනුවෙන් අනෙක් නායකත්ව පෞරුෂයන් විනාශ කරපු හැටි, දේශපාලනයේදී අතිශයින්ම වැදගත් ජේෂ්ඨත්වය කියන එක බල්ලට දාලා ගෙදර කොල්ලට තැන දුන්න හැටි වෙල්ගම හරි ලස්සනට කිව්වා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ තවමත් ලැජ්ජා නැතිව දිනේෂ්ලා, ඩලස්ලා රාජපක්ෂලාට කඩේ යන එකයි.

කොහොම හරි රටේ රාළට මෙතනදී මතු කරන්න ඕනි මේ කතාවෙන් මතුවෙන දේශපාලනය. වෙල්ගම මේ ගැහිල්ල ගහන්නේ ඉතාමත් තීරණාත්මකව තැනකදී. ආණ්ඩුව ඇතුළේ ජේෂ්ඨයෝ ආණ්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරන තැනකදී. එතකොට කවුරු හරි කියයි වෙල්ගම සජබේනේ කියලා. ඔව් වෙල්ගම සජබේ තමයි. හැබැයි වෙල්ගම සජබෙන් නවතින්නේ රාජපක්ෂලා හින්දා. නැත්තං ඉස්සෙල්ලාම පොහොට්ටුව වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කය බාර අරගෙන සංවිධානය කටයුතු කළේ වෙල්ගම.

අනික වෙල්ගම කියන්නේ රාජපක්ෂලාගේ ළගම ඥාතියා. මෙතනදී රටේ රාළ වෙල්ගමට ගරු කරන්නේ ඒ ඥාතිකම පැත්තකින් තියලා රාජපක්ෂලාගේ පවුල්වාදයට විරුද්ධව, රාජපක්ෂලාගේ අත්තනෝමතිකත්වයට විරුද්ධ එලියට බහින්න වෙල්ගමට තිබුණ කොන්දට. ඒක නිසා වෙල්ගමගේ විවේචනය එළියෙන් එන එකක් උනාට එයා කතා කරන්නේ ඇතුළට.


ඒ කතාව සුසිල්, ඩිව්, අනුර ප්‍රියදර්ශන, ජෝන් කියන කතාවට සමාන්තරයි. එකම වෙනස වෙල්ගම අර කට්ටියට වැඩිය ඉස්සරහට ගිහින් රාජපක්ෂලා ගැන අදහාගන්න බැරි කතාවක් රටට කියන එක විතරයි. ඒ වෙල්ගම විපක්ෂයේ ඉන්න නිසා කියලා පිලිගන්නම්. හැබැයි රටේ රාළ හිතන්නේ නෑ වෙල්ගම සජිත්ගේ නායකත්වය පිලි අරගෙන සජබේ ඉන්නවා කියලා.

මේ වෙලාවේ ඒ කතාව කරන්න වෙල්ගමව මෙහෙව්වේ කවුරු උනත් ඒක දේශපාලන වශයෙන්ද පරිනත තීරණයක්. සමහරවිට චන්ද්‍රිකාද දන්නේ නෑ. කොහොම හරි නියම Point එකට, නියම Time එකේදී Attack කළා. ප්‍රහාරය දුන්න වෙලාව හරියටම හරි. දේශපාලන වශයෙන් Timing නං මරු. ඇත්තටම රාජපක්ෂලාගේ කිරුළ ඒ කතාවෙන් ගැලවිලා බිම වැටුණා.

සාමාන්‍යයෙන් සජබේ මේ අයවැයේදී ආණ්ඩුවට ගහන්න කථිකයෝ යොදා ගැනීමේ සංවිධානාත්මක බවක් තියනවා. ආර්ථිකයේ ලොකු කෑලි බේරගන්න එයාලා මැදිහත් කරගත්තේ හර්ෂ, පාඨළීවත් හොදටම නැතත් සැලකිය යුතු විදිහට Use කර ගත්තා. හොදම එක වෙල්ගමගේ මේ යොදා ගැනීම.

ඇත්තටම මෙතනදී ෆොන්සේකා, රාජිත කියන්නෙත් යොදා ගන්නවා නං ප්‍රහාරය ඉළක්කටම ගෙනි යන්න පුළුවන් චරිත දෙකක්.


ආණ්ඩුව ඇතුළේ මේ ආර්බුදය නිසා රාජපක්ෂලා ඊළඟට හැරෙන්නේ විපක්ෂය පැත්තට. ආණ්ඩුව ඇතුළ වගේම එයාලා විපක්ෂයත් කළමණාකරණය කරන්න බලනවා. ආණ්ඩුව ඇතුළේ ගැටුම් උග්‍ර වෙනකොට එයාලා ඊළගට අත තියෙන්නේ විපක්ෂයට. ඩීල් දේශපාලනයට. දැන් රාජපක්ෂලා ඒකටත් අත තියලා තියෙන්නේ. ඉතිහාසයේ පුරුද්දක් එක්ක.



මේ කිසිම දෙයක් රටේ රාළ ජොලියට කියන කතා නෙවෙයි. ඒක ගැන වෙනමම කතා කරමු. හැබැයි වෙල්ගමගේ, සුසිල්ලගේ, ඩිව්ගේ, අනුර ප්‍රියදර්ශනගේ, ජොන්ගේ, විජේදාසගේ කතාවලින් එක දෙයක් උනා. එයාලා ඇල්ලුවේ වෙන වෙනම මාතෘකා තමයි. ඒ ඔක්කොම එකට තියලා හිතුන කෙනෙකුට රාජපක්ෂලා කවුද කියන චිත්‍රය පාට කරන්න පුළුවන්.

ඊළගට මේවා අහලා දැන් ලැජ්ජා නැතිව රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද කියලා බලා ගන්නත් පුළුවන්.

විපක්ෂය එක්ක තියෙන ප්‍රතිවිරෝධය නිසා වැරැද්ද හරී කියන්න පෙලඹෙන සෙට් එක කවුද කියලා බලමු. දැන් සුළු පක්ෂ සන්ධානයට වෙන්නේ මොකද්ද කියලා බලමු. පුතාණෝ එක්ක තියෙන ඇරියස් නිසා සතානෝලා වෙනුවෙන් කඩේ යයිද බලමු. මෙතන නියම දේශපාලනය නම් පුතාණෝට එරෙහිව පෙනී සිටින ගමන් සතාණෝලටත් එරෙහිව පෙනී සිටීම.

පුතාණෝට ගැහුවා කියලා ජනතාවට රාජපක්ෂලා එල්ල කරලා තියෙන පීඩනය අහෝසි වෙන්නේ නෑ. මේ ප්‍රතිවිරෝධතා ටික එකතු කරගෙන අයවැයෙන් ජනතාවට යමක් දීනා දෙන්න මේ .... පුතානෝලාට තේරෙන්නේ නෑ. ඒක නිසා අයවැය අවසානයේ ආණ්ඩුව ජයග්‍රහණය කරයි. සමහරවිට තුනෙන් දෙකත් ගනී. ඔය ආණ්ඩුවට බනින අයත් ඒකට පක්ෂව ඡන්දය දෙයි.


හැබැයි ආණ්ඩුව අයවැය දිනුවත් එක දෙයක් නං දැනටමත් වෙලා ඉවරයි. ආණ්ඩුවේම කට්ටිය රාජපක්ෂලාගේ රෙදි ගලවලා ඉවරයි. රෙදි ගලවපු අය අයවැයට පක්ෂ උනාද නැද්ද කියන එක පස්සේ බේරගමු. දැනට වැදගත් බොරු බැටළු හම් පෙරවාගෙන ඉන්න වෘකයන්ගේ කෝට් එක ගැලවීමයි. එතකොට ජනතාවට පුළුවන් එයාලා වෘකයෝ කියලා හිතාගෙන එයාලත් එක්ක ගනුදෙනුවට බහින්න. ඊළග තැන එතන තමයි.



එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්)

 

 


 

LEADER TV

'ස' හෙළුවෙන් !!
 
 
 
 
 
මෙහෙමත් බූරුවෙක් ! | මොණරවිලගේ ලියමන
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්