සටනකදී ජයග්‍රහණය වගේම පරාජය උරුම වෙන්න පුළුවන්. ජයග්‍රහණය කල අය වීරයෝ වෙලා පරාජය උන අය ද්‍රෝහියෝ වෙලා තමයි සටන අවසන්

වෙන්නේ. ඒක තමයි ලෝක ස්වභාවය.

හැබැයි සටනක අවසන් විනිශ්චය දෙන්න ඒ සටනට සහභාගී වු කණ්ඩායම්වලට හරි බලා ඉන්න අයට හරි බෑ. ඒක දෙන්නේ ඉතිහාසය.

මේ කතාව කියන්නෙත් ඒ ඉතිහාසයට ඉඩ අහුරලා නං නෙවෙයි. ඉතිහාසය ඉතිහාසයේ විනිශ්චය ඒ වෙලාවට දෙයි. ඒකට යටත්ව මේ වෙලාවේ රටේ රාළ රටේ රාළගේ විනිශ්චය දෙනවා.

ඇත්තටම නායකයෙක්ගේ වගකීම තමයි සටනේ ජයග්‍රහණය දක්වා තමන්ගේ බලවේග මෙහෙයවීම. හැබැයි නායකයාට හා බලවේගවලට විතරක් සටනක ජයග්‍රහණය තීරණය කරන්න බෑ. ජය පරාජයට තවත් හේතු ගොඩක් බලපානවා.

කොහොම හරි පරාජයේදී තමන්ගේ බලවේග රැක ගනිමින් පසු බැසීම නායකයෙක් සතු වගකීමක්. ඒ ඊළග සටනට ලෑස්ති වීම සඳහායි. මේ යථාර්ථය හැම සටනකටම අදාලයි. සන්නද්ධ අරගලයේ සිට හැම දේශපාලන අරගලයක් දක්වාමත් හැම නායකයෙකුටමත් මේක අදාළයි.

එදා මේ රටේ සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන්න විජේවීරට වගේම අද රාජ්‍ය බලය හොබවන රාජපක්ෂලාටත් අදාළයි.

 

හැබැයි මෙතනදී ඒ සිද්ධාන්තය රාජපක්ෂලාට අදාළ වෙන්නේ විජේවීරට අදාළ උන විදිහටම නෙවෙයි. විජේවීර සටන මෙහෙව්වේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් බලය ගන්න. රාජපක්ෂලා බලවේග මෙහෙව්වේ පවුලක පැවැත්ම වෙනුවෙන් බලය ගන්න.

 

විජේවීර පැරදුණා වගේම තමන්ගේ බලවේගය ආරක්ෂිතව පසු බස්ස ගන්නත් බැරි උනා. බහුතරය හතුරාට කොටු උනා. අන්තිමට විජේවීරට තවත් සාමාජිකයන් 60000 ක් එක්ක ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ උනා.

 රාජපක්ෂලත් එක වෙලාවක පරාජය උනා. රාජපක්ෂලාට විජේවීරට වගේ රැකගන්න බලවේගයක් හිටියේ නෑ. එයාලට රැකගන්න තිබුණේ පවුල විතරයි. ආරක්ෂිතව පවුල පසු බස්සගන්න එක විතරයි. 2015 පරාජයේදී එයාලා ඒක ලස්සනට කළා. රාජපක්ෂලා පොඩි කට්ටක් කෑවා තමයි. ඒක රට වෙනුවෙන් කන කට්ටක් කියලා පෙන්නලා. මහා මිනිස් පලියක් මැදට වෙලා එදා පවුල රැකගන්න රාජපක්ෂලා දක්ෂ උනා.

ඇත්තටම එදා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක උනා නං ඔය කිසිම රාජපක්ෂ කෙනෙක් අද ඔය තැන්වල නෑ.

ඊට පස්සේ රාජපක්ෂලා නැවත වතාවක් පවුලේ ජයග්‍රහණය වෙනුවෙන් බලවේග මෙහෙයවලා පවුල වෙනුවෙන් ආයෙත් ජයග්‍රහණය අත්පත් කරගත්තා. ඒ ජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණයත් ඊයේ පෙරේදා සැමරුවා.

හැබැයි අවුරුදු දෙකක් ගිය තැන ආයෙත් රාජපක්ෂලාට පසුබැසීම ගැන හිතන්න බල කෙරෙන වටපිටාවක් නිර්මාණය වෙලා. හදිසි තත්වයකදී පවුල ආරක්ෂිතව පසු බස්සන විදිහ ගැන හිතන්න වෙලා.

සමහරවිට ඔයාලට මේක මුලදී අපබ්‍රංශයක් වගේ හිතෙයි. කමක් නෑ කියවගෙන යන්නකෝ. බලය රැකගැනීම වෙනුවෙන් රාජපක්ෂලා නොකරන දෙයක් නෑ කියලා රටේ රාළ මීට කලින් ලිපිවල උදාහරණ සහිතව පෙන්වා දුන්නා. ඒ ගැන ඊයේ රටේ රාළ ලියපු " විකල්ප නැතිදා" ලිපියෙන් කතා කරලා ඇති.

රාජපක්ෂලා විපක්ෂය තමන්ට අවශ්‍ය විදිහට කළමණාකරණය කරමින් ඉන්නවා කියලා රටේ රාළ ඒ ලිපියෙන් කිව්වා. ඒක බොරුවක් කියලා කවුරු හරි කියනවා නං එයාලා කතා කරන්නේ රාජපක්ෂලා ගැන නෙවෙයි වෙත්සන්තරලා ගැන වෙන්න ඕනි.

 

හැබැයි මෙතනදී රාජපක්ෂලාට විපක්ෂය කළමණාකරණය කරගන්න පුළුවන් වෙයි. ඒත් රාජපක්ෂලාට කළමණාකරණය කරගන්න බැරි දෙයක් තියනවා. රාජපක්ෂලාට මොනවා කලත් මේ පවතින අර්බුදය කළමණාකරණය කරන්න බෑ. රටේ ආර්ථික අර්බුදය පැත්තෙන් හිතද්දී රටේ රාළ කියන්නේ රාජපක්ෂලාට තව අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. රාජපක්ෂලා සහ අපි ඔක්කොම අර්බුදයේ ගිලෙනවා. අපි නං අර්බුදයේ ගොදුරු බවට පත්වෙලා අකාලයේ මැරෙන්න නියමිත පිරිසක්. ඒක අනිවාර්යයි.

 

අර්බුයෙන් නහයට උඩින් වතුර ගිය ගමන් අපි නං මැරිලා යයි. ඒත් අපි වගේ මැරෙන්න රජ පවුල සුදානම් නෑ. ඔන්න ඔතෙන්දී ආයෙත් රාජපක්ෂලාට අර තක්කඩි දේශපාලන උවමනාව ඇති වෙනවා. ඒ තමයි මේ අර්බුදයෙන් පවුල බේරා ගැනීමේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය වේගයෙන් එයලා ඉස්සරහට එනවා. ඇත්තටම පිමි විදිහට. දැන් ඒ ප්‍රශ්නය රාජපක්ෂලාට දැනෙන්න පටන් අරන් තියෙන්න ඕනි. රටේ රාළට දැනෙන දේ රාජපක්ෂලාට නොදැනෙන්න බෑ.

රටේ රාළ හිතන්නේ රාජපක්ෂලා ඒ ප්‍රශ්නය අපට පෙන්නුවේ නැති උනාට ඒ ප්‍රශ්නයට උත්තර හොයමින් ඉන්නවා කිය ලා.එයාලා ඉන්නේ අපට වැඩිය බයෙන්. එහෙම එකක් නෑ කියලා අහිංසක බයියෙකුට හිතෙන්න පුළුවන්. රටේ රාළ කියන්නේ නෑ නෙවෙයි එහෙම එකක් තියනවා .අර්බුදය ඇවිත් සියල්ල ගිලගන්න ඉස්සෙල්ලා රාජපක්ෂලාට එහෙම එකක් හිතෙන්න ඕනි.

රාජපක්ෂලා කියන්නේ අනාගය වෙනුවෙන් උපක්‍රමිකව පසු බහින්න දක්ෂ කණ්ඩායමක්. 2015 ජනවාරි 09 වෙනිදා මහින්දගේ ජාතියෙන් සමුගැනීම කියන්නේ ඒ ජාතියේ පරිපූර්ණ රංගනයක්. එහෙම එකක් තවම හිතිලා නැත්තං පවුල වෙනුවෙන්වත් දැන් එහෙම දෙයක් හිතන්න කියලා තමයි රටේ රාළ මේ කියන්නේ. මොකද රාජපක්ෂලාට එහෙම හිතුනොත් තමයි මේ රටේ ජනතාවගේ ජීවිතවලට අත්වෙන්ඩ නියමිත අකල් මරණයෙන් මාරාන්තික තුවාල සහිතව හරි බේරෙන්න පුළුවන් වෙන්නේ.

 

ඇත්තටම රාජපක්ෂලාගේ පරම්පරාවේ සියලුම මොළටික එකතු කරලා මොළ ෆැක්ටරියක් දැම්මත් මේ අර්බුදයට උත්තර එයාලා ළග නෑ. ඒක නිසා රටේ රාළ රාජපක්ෂලාට යෝජනා කරනවා දැන් පහුබහින බංකරයක් ගැනත් හිතන්න කියලා. මේ යන විදිහට තව වැඩි දවසක් මේ රට දුවන්නේ නෑ. රට නවතිනවා. ස්ථිරවම ජනතා නැගිටීමක් ළග ළගම එනවා. එදාට පැනලා යනවාද නැත්නම් ආරක්ෂිත බංකරයක හැංගෙනවාද කියලා රාජපක්ෂලාට දැන් හිතන්න වෙනවා.

 

රටේ රාළ කියන්නේ දැන් රාජපක්ෂලාට තියෙන්නේ ඔය ප්‍රශ්නය විතරමයි කියලා. ඒ තරම් අර්බුදය දරුණුයි. එදාට පැනලා යන්න ඔක්කොම රාජපක්ෂලාටත් බෑ. එදාට රාජපක්ෂලා බාරගන්න කෙනෙක් හිටී කියලා රටේ රාළ නං හිතන්නේ නෑ. සමහරවිට දිත්ව පුරවැසියන්ට නං ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද රාජපක්ෂලා භුක්ති විදින විධායක බලයේ අත්තනෝමතික බලතල වෙන කෙනෙක් අතට ගියොත් රාජපක්ෂලාට අත්වෙන ඉරණම මොකක් වෙයිද?

මේ බය රාජපක්ෂලාට නොදැනෙන්න බෑ. ඒ ජනාධිපති කොයි පැත්තෙන් ආවත් රාජපක්ෂ විරෝධියෙක් වෙන එක නවත්තන්නත් බෑ. එයා කැමති උනත් අකමැති උනත් ජනතා බලය ඉස්සරහා රාජපක්ෂලාට එරෙහිව ක්‍රියාත්මක වෙන්න වෙනවා. ආය වංගු දාන්න බෑ. එදාට අද දාන චන්ඩිකම් බෑ. එදාට අප්පච්චිගේ කදුළුවලට 2015 දී කළා වගේ සටන අනිත් පැත්ත හරවන්න බෑ. ඕක ගැන රාජපක්ෂලා බයෙන් ඉන්න බව රටේ රාළ දන්නවා.

ඇත්තටම මේ රටේ මහජන දේපල හොරා කාපු සියල්ලට දඩුවම් කරන්න ඕනි. එතනට තමයි මේ ජනතා වෛරය පෙල ගැසෙන්නේ. ඇයි අපි බදු ගෙවමින් මෙහෙම පිරිසක් නඩත්තු කරන්නේ කියන ප්‍රශ්නය ලොකු දේශපාලනයක් නොතේරෙන මිනිහටත් දැන් දැනිලා ඉවරයි. සමහරවිට මේ කතාව කියන රටේ රාළ හෙට මරලා දායි. හැබැයි හෙට නෙවෙයි දැන් මැරුවත් රටේ රාළ ඔය කතාව කියනවා.

දැන් මෙතනදී රාජපක්ෂලා තල්ලු වෙන්න පුළුවන් තැන් කීපයක් තියනවා.

 

මෙතනදී තමයි විපක්ෂ දක්ෂ වෙන්න ඕනි රටට අවශ්‍ය තැන දක්වා මේ අර්බුදය තල්ලු කර ගන්න. ඊළග විධායක බලය තමන්ට එරෙහිව පාවිචිචි වෙන බව දන්න නිසාම රාජපක්ෂලා වෙන කෙනෙක් අතට ඒ බලය යනවාට බයයි. ඒක නිසා ඔන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සුදුසු විභවයක් ගොඩ නැගෙමින් තියනවා.

 

විපක්ෂය බැට් කරනවා නං ඔන්න රටේ රාළ පොයින්ට් දෙනවා. ඒක නිසා රාජපක්ෂලා ගේන්න හදන බහුබුත ව්‍යවස්ථාව හැදීමේ බලය පාර්ලිමේන්තුවට අරගෙන ගේම ගහන්න පුළුවන් වෙලාවක් එනවා.

අනික තමයි මේ අර්බුදය ඇතුළේ රාජපක්ෂලා තල්ලු වෙන්න පුළුවන් ඊළඟ තැන තමයි ජාතික ආණ්ඩුව කියන තැනට. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ තියනවා. රනිල් වගේ කෙනෙක් අගමැති කරලා මහින්ද සෙරමෝනියල් ලීඩර් කරලා ඒ වැඩේ කරන්න රාජපක්ෂලාටත් සිතුවිලි පහල වෙන්න පුළුවන්. නැත්තං රනිල් යෝජනා කරන කෙනෙක් දාගෙන යන්න පුළුවන්.

හැබැයි මේ වෙලාවේ ඒ පන්නයේ ජාතික ආණ්ඩුවක් හැදීම තවත් දේශපාලන තක්කඩි වැඩක්. කොන්දේසි විරහිතව එහෙම එකක් එනවා නං ඒකට විරුද්ධ වෙන්න ඕනි. රනිල් නෙවෙයි රනිල්ගේ යෝජනාවකට අනුර දිසානායක අගමැති කලත් ඒකට විරුද්ධ වෙන්න ඕනි.

 

හැබැයි රටේ රාළ මෙහෙම යෝජනාවක් කරනවා. මේ අර්බුදයට තාවකාලිකව උත්තරයක් තියෙන යෝජනාවක් රටේ රාළට තියනවා. ඒ තමයි මේ අවුරුදු තුන, නැත්තං දෙක රට භාරකාර ආණ්ඩුවක් යටතේ තියන්න ඕනි. ඊළඟට ජනාධිපතිවරණයට හෝ මහා මැතිවරණයට යන කල් රට භාරකාර ආණ්ඩුව යටත් තැබීම ප්‍රායෝගිකයි. ගෝඨාභය තමයි ජනාධිපති. හැබැයි අගමැති රාජපක්ෂ කෙනෙක් වෙන්න බෑ. ඒක ඇතුලේ පොහොට්ටුව, සජබෙ, එජාපය, ජවිපෙ., දෙමළ සන්ධානය ඉන්න ඕනි. පුද්ගලයෝ විදිහට මෛත්‍රී, කරූ, පාඨළී, වෙල්ගම, ෆොන්සේකා, විජේදාසලා ඉන්න ඕනි.

 

ඔය උඩින් තියෙන නම් එක්ක ඔයාලට ප්‍රශ්න තියෙන්න පුළුවන්. රටේ රාළටත් තියනවා. හරි නං ලොකුම ප්‍රශ්නය තියෙන්න ඕනි රාජපක්ෂලා එක්ක. ඒත් රටේ රාළ මේ නම් යෝජනා කරන්නේ ජොලියට නෙවෙයි. ඇත්තටම මේක බැලනස් වෙන්න ඕනි නිසා. රටේ රාළ කියන්නේ ජාතිකව හා ජාත්‍යන්තරව රටේ ආරක්ෂාව වගේම සහයෝගය ගැනීම වෙනුවෙන් මේ තියන තත්වය යටතේ හදන්න තියෙන හොදම උත්තරය හාරකාර ආණ්ඩුව.

මොකද හොරකම මෙතන ඉදන් නැවතුනත් රට සැළකිය යුතු ගොඩයෑමක් යනවා.

චන්ද්‍රිකා මැතිනියගේ සහය ගැනීමත් මෙතනදී වරදක් විදිහට රටේ රාළ දකින්නේ නෑ. දැන් ඔන්න කට්ටිය රටේ රාළට දෙන්න පටන් ගනී උඩ දාගෙන. රටේ රාළගේ දේශපාලනය දැනුමට අනුව මේ තියන තත්වය යටතේ හදන්න පුළුවන් හොදම උත්තරය තමයි ඔය යෝජනා කළේ.

රටේ රාළට බනින සැදැහැවත් දේශපාලන බයියන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. බනින්න මහත්වරුනි ඇති තරම් ඒත් දවසක ඉතිහාසය විසින් රටේ රාළ නිදොස් කොට නිදහස් කරයි කියලා විතරයි. ඉස්සරහට තව විස්තර සහිතව කතා කරමු.

එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ
(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්)



THE  LEADER  TV
 
 
කඩුව වඳුරට දෙන්නෙ බලාගෙන!
 


හිටං ඔහේ නිකං හිටියා! | මොණරවිලගේ ලියමන
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්