ඉස්සර මතකද චිත්‍ර පටියක් තිබුණා පාලිමන්ට් ජොක්ස් කියලා. බලපු අයත් ඇති. නැති අයත් ඇති.



ඉස්සර කට්ටිය පාලිමන්ට් එකට ජොක් කළේ ඔක්කොම එකට අරගෙන.

හැබැයි දැන් ඕන්නම් පාලිමන්ට් ජොක්ස් කියන එක කොටස් කරලා ගන්නත් පුළුවන්. විපක්ෂ ජෝක්ස් තියනවා. ආණ්ඩු පක්ෂ ජෝක්ස් තියනවා. ඔන්නං පිස්සු ජෝක්ස් වෙනමම තියනවා.

ඉස්සර පාතාලේ එකෙක් හිටියා වම්බොට්ටා කියලා. දැන් පාර්ලිමේන්තුවෙත් වම්බොට්ටා කියලා එකෙක් ඉන්නවා. මාර ජොක්ස් නෙවෙයිද මේවා?

මේ දවස්වල පාර්ලිමේන්තුවේ තනිකරම යන්නේ ආණ්ඩු පක්ෂ ජොක්ස්වලින්. චිත්‍රපටියක් හදනවා නං නියම නමක් දෙන්නං " වීදුරු ගෙවල් හා කුණු වලවල් "
 පෙරේදා පාර්ලිමේන්තුවේ ඔය දෙකම තිබුණා.

වීදුරු ගෙවල් බිදෙන සද්දෙත් අපට ඇහුණා. කුණු වලවල් හාරන හැටිත් අපි දැක්කා. ගදේ බෑ. ඇත්තටම දැන් ආණ්ඩුව ඇතුළේ ගැටුම උපරිම තැනට ඇවිත් තියෙන්නේ. පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි ඇරගන්නවා.

ආණ්ඩුවේ නම් දරාපු වලිකාරයෝ වෙච්චි විමල්ලා, ගම්මන්පිලලා ආයෙත් හැංගිලා. එයාලගේ වලිවලට කොහොමත් රාජපක්ෂලා බය නෑ. විමල්ලා, ගම්මන්පිලලා, වාසුලා ටිකක් උඩ පැනලා එක තැනකදී යථාර්ථය තේරුම් ගන්නවා. තේරුම් අරගෙන පරාජය බාර අරගෙන පිලිකන්නට යනවා. ඇත්තටම විමල්ලාට, ගම්මන්පිලලාට ආණ්ඩුවත් එක්ක වලි දාගෙන ඕනිවට වඩා දුර යන්න බෑ. එහෙම ගියොත් එයාලට පැවැත්මක් නෑ.

ඒක නිසා විමල්ලා දාන වලිවල යටත්වීම කියන එක අනිවාර්ය අංගයක්. ඒකටත් හේතුවක් තියනවා. විමල්ලාට එලියට බැස්සා කියලා එලියේ බලවේගයක් නෑ. විමල්ලාට, ගම්මන්පිලාට, වාසුලාට මනාපයක් දුන්නේ පොහොට්ටුකාරයෝම තමයි. ඒක නිසා විමල්ලා එලියට බැස්සොත් අනාථයි.



හැබැයි ශ්‍රීලනිපය තත්වය ඕයිට වෙනස්. එයාලට තියෙන්නේ ඕකේ අනිත්‍ පැත්ත. ශ්‍රීලනිපයට කොයි වෙලේ හරි කෙල වෙන්නේ ඇතුළේ ඉන්න එකෙන්. මොකද ශ්‍රීලනිපය නියෝජනය කරන බලවේගයක් එලියේ ඉන්නවා. ඒක ආසන්න වශයෙන් ලක්ෂ 17 ක් විතර ඇති. හරි දහයක් කියමුකෝ. හැබැයි ඒ ඡන්ද පදනම රටේ ජනාධිපති කවුද කියලා තීරණය කරන්න ඇති.



ඒ බලවේගය අද ඉන්නේ සම්පුර්ණයෙන්ම ආණ්ඩු විරෝධී තැනක. තමන්ගේ බලවේගය ශ්‍රීලනිපයට බල කරමින් ඉන්නේ දැන් එළියට බැහැපන් කියලා. එහෙම එන යෝජනා පහුගිය කාලේ ඔයාලත් දකින්න ඇති.

ඇත්තටම අද ශ්‍රීලනිපය කරමින් ඉන්නේ තමන්ගේ බලවේග ඉල්ලන දේට වඩා හාත්පසින්ම වෙනස් වැඩක්. ඒක නිසා ආණ්ඩුව ඇතුළේ සිටීම විසින් ශ්‍රීලනිප බලවේගය ශ්‍රීලනිපයෙන් ඈත් වෙමින් ඉන්නවා. සමහරවිට ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් එළියට බහින දවස වෙනකොට ඒ බලවේගය ජවිපෙ වගේ අතර මැද නවාතැනක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.



රටේ රාළ නං මෙතෙන්දී රාජපක්ෂලාට දොස් කියන්නේ නෑ. මොකද අද ලංකාවේ දේශපාලනයේ ම්ලේච්ඡතම කණ්ඩායම රාජපක්ෂලා කියලා Brand වෙලා ඉවරයි. ඉතින් එයාලගෙන් ශිෂ්ඨත්වය ඉල්ලන්නේ මොන මෝඩයද? එහෙම ඉල්ලන එක මෝඩ කණ්ඩායමක් තමයි ශ්‍රීලනිපය කියන්නේ. රටේ රාළ මෙතනදී විමල්ලාට, ගම්මන්පිලලාට කියන්නේ දේශපාලන වහල්ලු කියලා. ශ්‍රීලනිපයට කියන්නේ දේශපාලන මෝඩයෝ කියලා.

 

ඔයාලා උනත් පිලිගන්නවා ඇති ම්ලේච්ඡයෝ ළග ඉන්න පුළුවන් කණ්ඩායම් තුනක් ඉන්නවා. තවත් ම්ලේච්ඡයෝ පිරිසකට එතන ඉන්න පුළුවන්. ම්ලේච්ඡයින් වෙනුවෙන් වැඩකරන වහල්ලුන්ට එතන ඉන්න පුළුවන්. ඊළඟට ම්ලේච්ඡයින්ට රැවටුණු මෝඩයින්ට එතන ඉන්න පුළුවන්. මෙතනදී ම්ලේච්ඡයෝ සහ වහල්ලු එකිනෙකට හදුනනවා. ඒත් මෝඩයෝ ම්ලේච්ඡයෝවත්, වහල්ලුවත් හදුනන්නේ නෑ. මෝඩයෝ තියාගෙන ඉන්නේ බිලි පූජාවට.

ඕක ශ්‍රීලපනිප පාක්ෂිකයා තේරුම් අරගෙන තිබුණට අර මෝඩයෝ ටික තේරුම් අරගෙන නෑ. ඒක නිසා තමයි මෛත්‍රීගේ විදුරු ගෙට ගල් වදින්නේ. ඒක තමයි මෛත්‍රීට ගහන්න මහින්දානන්ද කුණුවලවල් අවුස්සන්නේ.

රටේ රාළ කියන්නේ රටේ නායකයෝ ඉන්න ඕනි වීදුරු ගෙවල්වල තමයි. හැබැයි ඒ මෛත්‍රී කියන ජාතියේ විදුරු ගෙවල්වල නෙවෙයි. ජනතාවට නායකයන් විනිවිද දකින්න පුළුවන් වීදුරු ගෙවල්වල. නායකයෝ කරන සියලු ගනුදෙනු වීදුරු වගේ පැහැදිලිව ජනතාවට පේන්න විදුරු ගෙවල්වල.

එහෙම වීදුරු ගෙවල්වල ඉන්න නායකයන්ට ගල් ගහන්න කාටවත් බෑ. එහෙම විදුරු ගෙවල්වලට ගල් ගහන එන අයට ජනතාව ගල් ගහනවා. එහෙම අය නෑ ඒකයි ජනතාවට තියෙන ප්‍රශ්නේ. එහෙම වීදුරු ගෙවල්වල ඉන්න නායකයෝ බය වෙන්න ඕනි නෑ.

හැබැයි ඔය කියන ගෙවල්වල ඉන්න නං බය වෙන්න ඕනි. මොකද ඒවා ඇතුළට යනකං ජනතාව දැක්ක නායකයෝ ගියාට පස්සේ ජනතාවට පේන්න නෑ. ඒවා ඇතුළේ එයාලා කරපු ගනුදෙනු ජනතාව විනිවිද දැක්කේ නෑ. ඒවායේ ගනුදෙනු සිද්ධ උනේ වෙන විදිහකට.

ඒක තමයි ඔය මහින්දානන්ද කියන්නේ. මහින්දානන්ද අහන්නේ කුණු වල අවුසන්නද කියලා. දයාසිරි කියන්නේ හාරන්න හාරන්න තව ගද ගහයි කියලා. ඒක තමයි ඇත්ත. දැන්වත් මේ රටේ ඉන්න මෝඩ රැළ හිතාගන්න ඕනි මෙයාලා ගනුදෙනු කරලා තියෙන විදිහ. ඇත්තටම අපේ රටේ පාලකයෝ ගනුදෙනු කරලා තියෙන්නේ කුණුවලවල් සිස්ටම් එකට. හාරන්න හාරන්න ගද ගහනවා.



මහින්දානන්ද මෛත්‍රීට එහෙම අභියෝග කරනවා නං, නිකං හිතන්නකෝ රාජපක්ෂලාගේ කුණු වල කොහොම ඇද්ද? ඒක අපායටම දිග ඇති. මොකද අද තියෙන දේශපාලනයට සාපේක්ෂව මෛත්‍රී කියන්නේ දූෂිතයෙක් විදිහට Brand වෙච්චි නායකයෙක් නෙවෙයි. ඊළඟට රටේ රාළ හොදටම දන්නවා මෛත්‍රී දූෂිතයෝ ආරක්ෂා කළා කියලා. හරියට අද ගෝඨාභය වගේ.

 

ඇත්තටම දූෂිත රාජපක්ෂලාට යම් පමණකට මෛත්‍රී තමන්ගේ ආණ්ඩුව තියන කාලේ ආරක්ෂාව දුන්නා. ඊළඟට ඔය මහින්දානන්දලාට නීතිය ක්‍රියාත්මක කරන්න හරියට ඉඩ දුන්නේ නැත්තේ මෛත්‍රී. මහින්දානන්ද කියන්නේ ඒ කාලේ රාජපක්ෂලා හා මෛත්‍රීලා කොටමින් වැඩගත්ත මිනිස්සු. අද මෛත්‍රී හිතයි මේ මෛත්‍රී පස්සෙන් එළවන්නේ මෛත්‍රී එයාලට කරපු හොද කියලා. නෑ ඔය පස්සෙන් එන්නේ රාජපක්ෂලා, මහින්දාන්දලා ආරක්ෂා කරමින් මේ රටට කරපු නරක.

මෛත්‍රී කියන්නේ රටේ රාළගේ හොද යාලුවෙක්. ඒත් ඒ හැම දේටම වඩා රටේ රාළට වටින්නේ මේ රට. අදත් මෛත්‍රී දූෂිතයෙක් නෙවෙයි කියන්න රටේ රාළ බය නෑ. අද ජනාධිපති ගෝඨාභය මෛත්‍රීට, රනිල්ට වගේම යහපාලන ආණ්ඩුවේ කැබිනට් එක ඉලක්ක කරලා පාස්කු ප්‍රහාරයට වගකීමේ චෝදනාව එල්ල කරනවා. වැඩිය දැගලුවොත් ප්‍රජා අයිතිය අහෝසි කරන බවත් කියනවා.

ඇත්තටම ඒ ප්‍රකාශය ඇතුළේ බොහොම පැහැදිලි එක දෙයක් තියනවා. පස්කු ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා හොයන්ඩ එයාලා ලෑස්ති නෑ කියන සැකය එතනම මතු වෙනවා. ප්‍රහාරය ගැන දැනුවත් කරලා තියෙද්දී ඒක වලක්වා ගත්තේ නැත්නම් එකට දඩුවමක් තියෙන්න ඕනි. හැබැයි ප්‍රහාරය කාගේ වැඩක්ද කියන එකත් හරියට හොයලා කියන්න ඕනි. අද මේ තියෙන දියුණුවත් එක්ක ඒක කරන්න පුළුවන්.

ඊළඟට ශ්‍රීලනිපය පොහොට්ටුව ඇතුළේ දේශපාලනය වරද්දාගෙන ඉවරයි. පළවෙනි එක ශ්‍රීලනිපය මන්ත්‍රී කණ්ඩායම එක මතයක නොසිටීම. ඒක එක්කෙනා තනි තනිව අල්ලන්න ඕනි කෙනෙකුට පුළුවන්. සමරු බැසිල්ට කියන්නේ සූර සරදියෙල් කියලා.


දැන් තුනෙන් දෙක තියෙන්නේ අපේ මන්ත්‍රීවරු 14 දෙනා හින්දා කියලා වැඩක් නෑ. දැන් එයාලා මේ ජනතා විරෝධී අයවැය දෙවෙනි වර කියවීමටත් අත උස්සලා ඉවරයි. තුන්වෙනි වර කියවීමටත් එයාලා නිවටයෝ වගේ අත උස්සනවා. අඩුම ගානේ තමන්ගේ 14 දෙනා නැතිව තුනෙන් දෙක නෑ කියලා අයවැය තුන්වෙනිවර කියවීමේදිවත් ඔප්පු කරලා පෙන්නන්න එයාලට කොන්දක් තියෙයි කියලා රටේ රාළ නං හිතන්නේ නෑ.

 


ආණ්ඩුව මෙච්චර තර්ජනය කිරීම කරද්දී ඒ නිවට වැඩේ කරනවා නම් ශ්‍රීලනිපය තමන්ගේ බලවේග අතර තවත් හැල්ලු වෙන එක නවත්තන්න බෑ. විරුද්ධව ඡන්දය නොදී අඩුම ගානේ ඡන්දයදීමෙන් වැළකී ඉන්න තරම්වත් කොන්දක් ශ්‍රීලනිපයට තියෙයිද කියලා බලමු. මෙතනදී ශ්‍රීලනිපය ආණ්ඩුව ඇතුළේ ඉන්න එකතු කරගන්න පුලුවන් සියලු බලවේග එකතු කරගෙන අයවැයේදී ජනතාවට සහන දෙන්න කියලා කේවල් නොකිරීමේ බරපතල දේශපාලන වරද කරලා ඉවරයි.

ඇත්තටම අවස්ථා කීපයකදී ආණ්ඩුව තුනෙන් දෙක නැති කරලා පෙන්නන්න ශ්‍රීලනිපයට ඕනි තරම් ඉඩ තිබුණා. 20 කියන්නේ එහෙම එක අවස්ථාවක්. ඒක කලා නම් අද ශ්‍රීලනිපය විශාල ජනතා ආයෝජනයක් කරගෙන. ඒක නිසා අද සමාජයේ පිලිගැනීම වෙලා තියෙන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවට බයේ ඕනි යෝජනාවකට අත උස්සනවා කියන එකයී.

ඇයි බය ඇහුවාම ගොඩක් දෙනෙක් කියන්නේ මෛත්‍රීගේ පාස්කු නඩුව ශේප් කර ගන්න, ඇමති කටු ටික ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එහෙම කරනවා කියලා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව දැනුමක් මෛත්‍රීට තිබුණද නැද්ද කියලා කියන්න රටේ රාළ දන්නේ නෑ. හැබයි රටේ රාළ එකක් දන්නවා එහෙම දැනුමක් තිබුණත් නැතත් රාජපක්ෂලා මෛත්‍රීව බිල්ලට දීලා අත පිහදාගන්න උපරිම උත්සාහ කරනවා. එතකන් ශ්‍රීලනිපයත් බලා ඉන්නවා. ඉතින් අපිට මොකද.


එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි ජයවේවා.

Priynatha witharanaමීට
රටේ රාළ

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්....)

 

 

 


THE  LEADER  TV

 

පී.බී ගේ පදයට නැටවෙන ජනාධිපති රූකඩයක් ! | Gossip
 

 
  
බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්